WFTW Body: 

( කරුණාකර සියලුම ශුද්ධ ලියවිලි වල යොමු දෙස බලන්න )

අලුත් අවුරුදු යාච්ඤාවක්: "ස්වාමීනි, ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව එවිට අපට ප්‍රඥාවෙන් පිරි හදවතක් ඔබට පිිලිගැන්වීමට හැකිවේ" (ගීතාවලිය 90:12).

“ටිකෙන් ටික දිනෙන් දින ; හැම අතින්ම ටිකෙන් ටික , මගේ යේසුස් මාව වෙනස් කරනවා

ආත්මික වර්ධනය සහ ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයට පරිවර්තනය වීම එක රැයකින් සිදු නොවේ. එය සෙමින් සිදු වේ - දිනෙන් දින සහ ටිකෙන් ටික. අපි ගීතිකාවක ගායනා කරන මෙන්: “ටිකෙන් ටික දිනෙන් දින; හැම අතින්ම ටිකෙන් ටික, මගේ යේසුස් මාව වෙනස් කරනවා; මම ගිය වසරේ මෙන් නොවනමුත්; පින්තූරය තවමත් පැහැදිලි නැතත්, උන්වහන්සේ මාව වෙනස් කරන බව මම දනිමි. එය මන්දගාමී වුවද, මම මෙය දනිමි - කවදා හෝ උන්වහන්සේ මෙන් මම වනු ඇත. එබැවින් උන්වහන්සේට අප තුළ එම පරිවර්ථනය කිරීමේ කාර‍්‍යය කිරීමට හැකි වන පිණිස, අපි මේ වසරේ සෑම දිනකම ස්වාමීන් වහන්සේට යටත් වෙමු .

.

ශුද්ධාත්මයාණන් සහ දේව වචනය මගින් පරිවර්තනය කරනු ලැබීම

ශුද්ධාත්මයාණන්ට අපගේ ජීවිත තුළ ස්වාමින් වහන්සේ වීමට ඉඩ දුන් විට, උන්වහන්සේ මුලින්ම - පාපයේ බලයෙන්, මුදලට ඇති ප්‍රේමයෙන්, දේව වචනයට පටහැනිවූ මිනිසුන්ගේ සම්ප්‍රදායන්ගෙන් සහ මිනිසුන්ගේ මතවල වහල් වීමෙන් අපව නිදහස් කරනු ඇත (2කොරින්ති 3:17). එවිට ශුද්ධාත්මයාණන් වහන්සේ අපට ශුද්ධ ලියවිල්ල තුළ යේසුස්වහන්සේගේ මහිමය පෙන්වා දෙන අතර, අපගේ සිතීමේ ක්‍රමය වෙනස් කිරීමෙන්, යේසුස්වහන්සේ සිතූ ආකාරයටම අපටද සිතීමට පටන් ගැනීමට සලස්වමින් ‍ ටිකෙන් ටික උන්වහන්සේගේ එම ස්වරූපයටම අපව වෙනස් කිරිමට වෙරදරන සේක (2කොරින්ති 3:18; රෝම 12:2). ශුද්ධාත්මයාණන්ට මේ වසරේ අප තුළ එම කාර්‍යය කිරීමට අවශ්‍යයි. එබැවින් උන්වහන්සේට යටත් වන්න.

ප්‍රශංසාව සහ ස්තුති දීම මගින් පරිවර්තනය කරනු ලැබීම

“ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගී වලින්ද එකිනෙකාට කථා කරමින් ආත්මයෙන් පූර්ණ වන්න (එපීස 5 : 19-20). ශුද්ධාත්මයාණන්ට අවශ්‍ය වන්නේ සියලු ඕපාදූප, අපහාස, තිත්තකම සහ කෝපයෙන් අපව නිදහස් කරන ස්තුතිපූර්වක ආත්මයක් අපට ලබා දීමටයි. එළිදරව් පොතේ අපට පෙනෙන ස්වර්ගයේ දසුන් හත තුළ, ස්වර්ගයේ වැසියන් නිරන්තරයෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන බව අපට පෙනී යයි. ස්වර්ගයේ වාතාවරනය කිසිදු චෝදනා කිරීමකින් හෝ මැසිවිලි නැඟීමකින් තොරව නිරන්තර ප්‍රශංසාවෙන් යුක්තය. ශුද්ධාත්මයාණන්ට මේ වසරේ මෙම වාතාවරණය අපගේ හදවත් තුළට සහ අපගේ නිවෙස්වලට ගෙන ඒමට අවශ්‍යයි. එබැවින් උන්වහන්සේට යටත් වන්න.

දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් පරිවර්තනය කරනු ලැබීම

"දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අපට, දේව අභක්තිකකම සහ ලෞකික ආශාවන් ප්‍රතික්‍ෂේප කිරීමටත්, මෙම නපුරු ලෝකයේ ධර්මිෂ්ඨ, දේවභක්තික මාර්ගයක ජීවත් වීමටත්, හැකියාව ලබාදෙන්නේය" (තීතස් 2:11-13). දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය තුළින් අපගේ සිතුවිලි-ජීවිතය පරිවර්තනය කිරීමට සහ අපගේ කථාව කෙතරම් කරුණාවන්ත කිරීමටදයත්, මෙම වසරේ අපට හමුවන සෑම කෙනෙකුටම එය ආශීර්වාදයක් වන තරමටම වන බවයි (කොලොස්සි 4:6). මෙම වසරේ ස්වාමිපුරුෂයන් සහ භාර්‍යාවන් එකිනෙකා කෙරෙහි හැසිරෙන ආකාරය වෙනස් කිරීමට දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට අවශ්‍ය වේ (1පේතෘස් 3:7). තවද මෙම වසරේ අප මුහුණ දෙන සෑම පරීක්‍ෂාවකදීම, අවශ්‍යතාවය සපුරාලීමට ප්‍රමාණවත් වන අනුග්‍රහය දෙවියන් වහන්සේට අපට ලබා දිය හැක (2කොරින්ති 12:9). එබැවින් මේ වසරේ සෑම අවස්ථාවකදීම යටහත් වන්න - මන්ද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනුග්‍රහය ලබා දෙන්නේ යටහත් අයට පමණි (1පේතෘස් 5: 5).

කීකරුකම මගින් පරිවර්තනය කරනු ලැබීම

යේසුස් වහන්සේ "උන්වහන්සේ තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්" බව අපට කියනු ලැබේ (හෙබ්‍රෙව් 5:8). තම පියා “එපා” කී ඕනෑම දෙයකට යේසුස්වහන්සේද “එපා” කියා කීසේක. එයට සෑම විටම උන්වහන්සේගේ ස්ව-කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීමේ දුක් වේදනා ඇතුළත් විය. වසර ගණනාවක් තිස්සේ එවැනි ස්ව-කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීමකින් පසු, "යේසුස් වහන්සේ පරිපූර්ණ කරන ලදී" (හෙබ්‍රෙව්5:9). මෙහි "පරිපූර්ණ" යන්නෙන් අදහස් වන්නේ "සම්පූර්ණ" යන්නයි.වෙනත් වචන වලින් කිවහොත්, යේසුස් වහන්සේ කීකරුකමේ පාසලෙන් උපාධිය ලබා ගත්සේක. අප ද ලබා ගන්නවාට ශුද්ධාත්මයාණන් වහන්සේ කැමති වන උපාධිය මෙයයි. එබැවින් උන්වහන්සේ අපව බොහෝ පරීක්‍ෂා හරහා ගෙන යනු ඇත. අපි කිසියම් පරීක්‍ෂණයකින් අසමත් වුවහොත්, උන්වහන්සේ එය නැවත කිරීමට අපට අවස්ථාවක් ලබා දෙනු ඇත! උන්වහන්සේට අවශ්‍ය වන්නේ අපද යේසුස් වහන්සේ ලැබූ “උපාධියම” ලබාගෙන අපව ජයග්‍රහකයන් බවට පත් කිරීමටයි (එළිදරව්ව 3:21)! මෙය අපට ලබා ගත හැකි වැදගත්ම උපාධියයි. එබැවින්, මේ වසරේ, අපි සෑම අවස්ථාවකදීම, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් අපගේම කැමැත්තට "නැත" සහ දෙවියන් වහන්සේගේ කැමැත්තට "ඔව්" කියමු.

දෙවියන් වහන්සේගෙන් ලද දිරිගැන්වීමෙන් පරිවර්තනය වීම

"දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ සියලු පරීක්‍ෂා වලදී අපව දිරිමත් කිරීමටයි, එවිට අපගේ පරීක්‍ෂාවලදී උන්වහන්සේ අපට දෙන දිරිගැන්වීම් වලින්ම අන්‍යයන්ව දිරිමත් කළ හැකිය" (2කොරින්ති 1:3,4). අපි වටේ ඉන්නේ නොයෙකුත් පීඩාවලට සහ ප්‍රශ්නවලට මුහුණ දෙන අයවෙති. ඔවුන්ට ජය ගැනීමට උපකාර කිරීමට අපට අවශ්‍ය නම්, පළමුව අපම බොහෝ පරීක්‍ෂාවන් සහ ගැටලු තුලින් ගොස් ඒවායින් ජය ගත යුතුය. අපගේ පරීක්‍ෂාවන් ජය ගැනීමට දෙවියන් වහන්සේ අපට ලබා දෙන ශක්තිය සහ දිරිගැන්වීම එවිට අපට අන් අයට පිරිනැමිය හැකිය. මේ වසරේ අපට හමුවන සෑම පුද්ගලයෙකුටම සහ සෑම පවුලකටම අපව ආශීර්වාදයක් කිරීමට දෙවියන්වහන්සේට අවශ්‍යයි (බලන්න ගලාති 3:8, 9, 14). උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප මේ වසරේ සෑම දිනකම කවුරු හෝ කෙනෙකු දිරිමත් කිරීමයි (හෙබ්‍රෙව් 3:13 කියවන්න). එය එසේම වේවා.

ඔබට ඉතා ආශිර්වාදලත් නව වසරක් වේවා.

©Zac Poonen – [email protected]

කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.

ඔබටමෙයආශීර්වාදයක්වූයේනම්, තවසහෝදර/සහෝදරියකටකොපියක්ලබාදීමෙන්සුභාරංචියේපංඟුකාරයකුවන්න.