WFTW Body: 

ලෝකයේ සියලුම මිනිසුන් සතුට පසුපස හඹායමින් සිටිති. නමුත් ඔවුන් සියල්ලෝම එය අනුගමනය කරන්නනේ වැරදි මාර්ගයකිනි. ඔවුන් සිතන්නේ අනිසි ලිංගික තෘප්තියක් ලැබීමෙන් හෝ ඕනෑතරම් මුදල් ලැබීමෙන් හෝ කීර්තිය, ගෞරවය, තනතුර සහ බලය ආදියෙන් සතුට සොයා ගත හැකි බවයි. මේ සියල්ල තුළ යම් තරමක සංවේදීය තෘප්තියක් ඇති බවට සැකයක් නැත. නමුත් ඒ සතුට පවතින්නේ නැත.

තම මාං යේ දුර්වලකම වටහාගෙන, උපකාරය පතා දෙවියන් වහන්සේ නිරන්තරයෙන් මොරගසන තැනැත්තා වැටෙන්නේ නැත .”

දෙවියන්වහන්සේටත් අවශ්‍යය වන්නේ අපි සතුටින් සිටීමය. නමුත් උන්වහන්සේ පවසන්නේ,"පවිත්‍ර හදවත් ඇති අය සන්තෝෂවන්නෝය" (මතෙව්. 5: 8 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය ) කියාය. අපට සැබවින්ම සතුටු වියහැක්කේ ශුද්ධව සිටීමෙන් පමණි. ඔබ ශුද්ධව සිටින නිසා, ඔබ අතිශයින් සතුටින් සිටින බව අවට ලෝකයට පෙන්වීමට කිතුනුවකු ලෙස ඔබව කැඳවා තිබේ. තවද ඔබව සතුටු කිරීමට, දෙවියන්වහන්සේ තහනම් කර ඇති පව්කාර දේවල් කිසිවක් ඔබට අවශ්‍ය නොවන බව, ඔබ අන් අයට පෙන්විය යුතුය.

විවාහය හෝ රැකියාව වැනි නීත්‍යානුකූල දේවල් පසුපස හඹායාමෙන් පවා අපට අපගේ සතුට සොයාගත නොහැක. අපට මේවා තිබිය හැකි නමුත් ඒවා තුළින් අපට සතුටුවිය නොහැක. අපට සතුටුවිය හැක්කේ ස්වාමින්වහන්සේ තුළ පමණි. ශුභාරංචියේ සත්‍යය සඳහා අපට ඵලදායී සාක්‍ෂිකරුවන් විය හැක්කේ එවිට පමණි.

යේසුස්වහන්සේ පැමිණියේ පාපයෙන් පමණක් නොව මේ ලෝක ක්‍රමයෙන්ද අපව ගලවා ගැනීමටය. මේ ලෝකයේ පාලකයා සාතන්ය. ඔහු මේ ලෝකයේ අප දකින විලාසිතා, විනෝදාස්වාදය, අධ්‍යාපන ක්‍රමය සහ තවත් බොහෝ මධ්‍යස්ථ ලෙස පෙනෙන දේවල් පිටුපස සිටී. නිදසුනක් වශයෙන්, අප අපගේ විවේක කාලය හොඳ ක්‍රිස්තියානි සංගීතයට සවන්දීමට ගතකරන්නේනම්, එය දෙවියන්වහන්සේගේ හඬට සවන්දීමට ප්‍රමාණවත් තරම් නිශ්චලව සිටීමෙන් අපව වළක්වන සාතන්ගේ මාර්ගය විය හැකිය. එවිට යහපත, වඩාත්ම යහපතේ සතුරා බවට පත්වේ !

ස්වාමින්වහන්සේ අපව මේ ලෝකයෙන් ඉවතට ගන්නේ නැත. උන්වහන්සේ යොහන් 17:15 හි පියාණන්වහන්සේට යාච්ඤා කළේ තම ගෝලයන් ලෝකයෙන් ඉවතට ගන්නා ලෙස නොව, නපුරෙන් ඔවුන්ව ආරක්‍ෂා කරන ලෙසටය. ශුද්ධව සිටීමට අපව පුහුණු කළ හැක්කේ ලෝකය තුල පමණි. නැවක් එහි ජල කාන්දු වීම් පරීක්‍ෂාකරනු ලබන්නේ මුහුද මැද මිස ජලය රහිත නෞකාගාරයක නොවේ!

යේසුස්වහන්සේ පැවසුවේ නෝවා සහ ලොත්ගේ දවස්වලදී මිනිසුන් කෑමෙන් බීමෙන්, මිලදීගැනීම, විකිණීමෙන්, ගොඩනැඟීමෙන්, වගා කිරීමෙන්, විවාහවීමෙන් සහ විවාහ කර දීමෙන් (ලූක්.17:26-28) - සියලු නීත්‍යානුකූල ක්‍රියාකාරකම්වල නිරතවෙමින් සිටි බවයි. අපටත් දෙවියන් වහන්සේ උදෙසා වේලාවක් නැතිවන තරමට, මෙම පැවසූ " ලෝකයෙහි කණස්සල්ලන්" සමඟ කොතෙකුත් දුරටත් පැටලී නිරතවිය හැකිය. අන්තිම දවස්වල භයානක කම එයයි. ඒවගේම අපි දැන් ජීවත්වෙන්නේ ඒ දවස්වලය. අපි මූල්‍යමය වශයෙන් සමෘද්ධිමත්වූවිට සහ සුඛෝපභෝගී ලෙස ජීවත්වීමට පටන් ගත්විට, අපව පහසුවෙන් දෙවියන්වහන්සේගෙන් ඈත්වී යාහැකිය. බයිබලය පවසන්නේ, " ලද පමණින් සතුටු වීම සමඟ දේව භක්තිය මහත්වූ ලාබයක්මය" (1තිමෝ. 6:6 ).

දැන් ගැලවීමේ දවසය. දෙවියන්වහන්සේම හැර වෙනත් දේවල් කෙරෙහි අපගේ අවධානය යොමුකිරීම ගැන අප පසුතැවිලි විය යුතුය. අපේ හදවත අපවිත්‍ර වූවිට, අපට සැබවින්ම සතුටුවිය නොහැක. රහසිගත පාප සහ අන් අය කෙරෙහි ඇති වැරදි ආකල්ප අපව, දෙවියන්වහන්සේ විසින් "නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාදැයි" ඇසු කායින්ගේ මෙන්, කඩා වැටිච්ච මුහුණක් සහිත කිරිමට හැකිය (උත්පත්ති4:6). දෙවියන්වහන්සේ කායින්ට ඔහු මුහුණ දෙන අනතුර ගැන අවවාද කළ සේක. පාපය ඔහුගේ හදවතේ දොරකඩ ලගිමින් ඔහුව ගිල දැමීමට බලාසිටි අතර එය මැඩ පවත්වන ලෙස දෙවියන්වහන්සේ ඔහුට කීසේක.

පාපය සෑම විටම අපිට බොහෝ සමීපව සිටී. මෙය සැමවිටම අවබෝධ කරගන්නා අය භාග්‍යවන්තයෝය - මන්ද ඔවුන් පරීක්‍ෂාවේ පැයේදී අවදියෙන් සහ සුපරීක්‍ෂාකාරීව සිටිනු ඇත. තම මාංසයේ දුර්වල කම වටහාගෙන, උපකාරය පතා දෙවියන්වහන්සේට නිරන්තරයෙන් මොරගසන තැනැත්තා වැටෙන්නේ නැත.

©Zac Poonen – [email protected]