WFTW Body: 

2 ලේකම් 3: 1හි, "ස්වාමින් වහන්සේගේ ගෘහය මොරියා කන්දෙහි සාලමොන් විසින් ගොඩනැඟීම ආරම්භ කළබව" අප කියවන්නෙමු. මොරියා කන්ද යනු ආබ්‍රහම් තම පුත්‍රයාවූ ඊසාක් දෙවියන් වහන්සේට පූජාකළ ස්ථානයයි (උත්පත්ති 22). එතැන එම කන්දෙදී දෙවියන් වහන්සේගේ මාර්ගය (ජීවන රටාව) කැපකිරීමේ මාර්ගය යි බවට අවබෝධ කරගත් ආබ්‍රහම් එයට කීකරු විය. දෙවියන් වහන්සේ එම ස්ථානය වෙන් කොට උන්වහන්සේගේ ගෘහය එතැනම අවුරුදු 1000 කට පසු ගොඩනැඟෙන බවට අදිටන් කරගත්සේක. එසේම අදපවා දෙවියන් වහන්සේ තම ගෘහය ගොඩනඟන්නේ මෙතැනදීම ය - උන්වහන්සේට ආබ්‍රහම්ගේ ආත්මය සහ ඇදහිල්ල ඇති අය සම්බවන ඕනෑම තැනක. මොරියා කන්දෙදී ආබ්‍රහම් සංඛේථාත්මකව පැවසූ දෙය ඒදන් උයනේදී ආදම් සහ ඒව දෙවියන් වහන්සේට පැවසූ දෙයට හරියටම විරුද්ධවූ දෙයයි.

“මෙම පූජාකිරීමේ ප්‍රතිපත්තිය මත ජීවත්වන සියළු දෙනාට දෙවියන් වහන්සේ ගරු කරණසේක”.

ඒදන් උයනේදී, ආදම් සහ ඒව එලෙස, තහනම් පළතුරු කෑමේ තම ක්‍රියාවෙන් දෙවියන් වහන්සේට පැවසුවේ ඔවුනට සතුට ගෙනආ මැවිල්ල මැවුම් කරුවාණන්ට වඩා ඉතා අගනා බවයි. එබැවින් බිළියන ගණන් මිනිසුන් අදපවා දෙවියන් වහන්සේට පවසන්නේ හරියටම ඒ දේම ය. "ඔවුන් මැවුම්කරුට වඩා මැවිල්ලට නමස්කාර කර සේවය කරති"( රෝම 1: 25). නමුත් මොරියා කන්දෙදී, ආබ්‍රහම් විරුද්ධ දෙය පැවසුවේය: එනම් ඔහුගේ දෙවියන් වහන්සේ සහ ඔහුගේ මැවුම්කරු ඔහුගේ පොළොවේ ආදරණීය හිමිකමට (ඊසාක්ට) වඩා වටිනා බවයි. එබැවින් එය ඔප්පු කිරීමට ඔහු ඊසාක්ව පූජා කිරීමට සූදානම්ව සිටියේය. මෙම පූජාකිරීමේ ප්‍රතිපත්තිය මත ජීවත්වන සියළු දෙනාට දෙවියන් වහන්සේ ගරු කරණසේක. සැබෑ දේවගෘහය අද දවසේ පවා ගොඩනැඟෙන්නට යන්නේ මෙම මාර්ගයේ (ජීවන රටාවේ) දැඩිව බැඳී සිටින අය තුළිනි.

කල්වාරි කන්දේදී, ලෝකයේ පාප උදෙසා යේසුස් වහන්සේ මැරුණු බව පමණක් සත්‍ය නොවේ, එහිදී දෙවියන් වහන්සේ තම සෑම ක්‍රියාවක්ම කරන්නාවූ කැපකිරීමේ මූලධර්මයද යේසුස් වහන්සේ විසින් ප්‍රදර්ශණය කළසේක. වෙනත් කිසිම ආකාරයකින් කිසිවෙකුට දෙවියන් වහන්සේට සේවය කළ නොහැකිය. මෙම ලෝකයේ සුවපහසු දිවියක් සොයන අතරදීම දේවගෘහය ගොඩනැඟීමට ඕනෑකමක් ඇති සියළු දෙනාම තමන්වම රවටා ගන්නවා පමණි. මෙම ලෝක දෙකෙහිම හොඳම දෙය සොයන අය සාතන් විසින් දැඩිලෙස රවටා ඇත. බොහෝ අය කැපකිරීමක් නැතිව දෙවියන් වහන්සේට සේවය කිරීමට උත්සහ ගෙන ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ ශ්‍රමයේ ඵළය අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට පැමිණ ඇත!!

"ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඈ උදෙසා තමන්වම පූජා කළසේක" (එපීස 5: 25). සභාව ගොඩනැඟීමට, අපටද ඒ ආකාරයටම සභාවට ප්‍රේම කිරීමට අවශ්‍ය වන්නේය. අපගේ මුදල් හෝ කාලය පූජා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. අපට අපවම පූජා කිරීමට අවශ්‍ය වන්නේය - අපගේම තම-ජීවනය (තමකම).

දෙවියන් වහන්සේට තම ප්‍රේමය මනුෂ්‍යයාට පහදා දීමට අවශ්‍ය වූ විට, උන්වහන්සේට එකම භූමික නිදසුනකින් පමණක් එය සැසඳීමට හැකිවිය - එනම් තම අලුත-උපන් දරුවාට මවකගේ ඇති ප්‍රේමයයි (යෙසායා 49: 15). ඔබ මවක් ගැන විමසා බලන්නේ නම්, දරුවාට ඇති ඇගේ ප්‍රේමය කැපකිරීමේ ආත්මයෙන් පිරී ඇති බව ඔබට දැකගත හැකියි. හිමිදිරි උදෑසන සිට රෑබෝවන තුරු සහ රෑ පුරාවටම, මව තම දරුවා උදෙසා කැපකරයි, කැපකරයි, කැපකරයි. එසේම ඇගේ එම කැපවීමට කිසිදු විපාකයක් ඇයට නොලැබේ. වසරක් පාසා තම දරුවා වෙනුවෙන් වේදනාව සහ අපහසුථාවයන් විඳ දරා ගනිමින් ඇගේ කැපවීමට කිසිදු විපාකයක් බලාපොරොත්තු නොවී ප්‍රීතියෙන් එය කරන්නේ ය. මවක් තමා වටා සිටින අනෙක් අය තම දරුවා වෙනුවෙන් යමක් කැප කළත් නැතත් ගණන් ගන්නේ නැත. ඇය සතුටින් තම සියළු දෙය ඇයම කැපකරයි. එලෙසම සභාව තමාගේම බිළිඳා ලෙස දුටු කෙනෙකුට තමා වටා සිටින අනෙක් අය සභාව උදෙසා යමක් කැප කළත් නැතත් කරදර වන්නේ නැත.

දෙවියන් වහන්සේ අපටත් ප්‍රේම කරන්නේ එලෙස ය. තවද උන්වහන්සේ අපට ලබා දීමට කැමති ස්වභාවය එයයි. නමුත් ඔවුන් සියලු දෙනාම එකිනෙකාට ඒ ආකාරයටම ප්‍රේම කරන බව අවංකව කිව හැකි සභාවක් ලොව කොතැනකවත් සොයා ගත නොහැක. බොහෝ ඇදහිළිවන්තයන් දන්නේ තමන් සමඟ එකඟ වූ සහ තම කණ්ඩායමට සම්බන්ධ වන අයට ප්‍රේම කිරීම පමණි. ඔවුන්ගේ ප්‍රේමය මනුෂ්‍යාකාර වන අතර මවුවරුන්ගේ පරිත්‍යාගශීලී ප්‍රේමයෙන් බොහෝ දුරස් ය !!