WFTW Body: 

නෙහෙමියා පොත අපට පෙන්වා දෙන්නේ යුදෙව්වරුන් අතර දේවභක්තික මිනිසුන් දෙදෙනෙකුගේ - එස්රා සහ නෙහෙමියා, බලපෑම තුළින් දෙවියන්වහන්සේ ගෙනආ අතිවිශාල පිබිදීමයි.

නෙහෙමියා 8 වන පරිච්ඡේදය තුළ, එස්රා තුළින් දෙවියන්වහන්සේ කළ දෙය අපට දැකගත හැක. ඔහු දේවවචනය රැගෙන අවබෝධ කරගැණීමේ වයසට වැඩි මිනිසුන් සහ ස්ත්‍රීන් සහ ළමුන් එක්රැස් කලේය. ඉන්පසු ඔහු ඔවුන් උදෙසා පැය - 6 ක බයිබල් පාඩමක් කළේය! ඉන්පසු එය පවසන්නේ "සියළුම ජනතාව ව්‍යවස්ථා පොතට ඇහුම්කන් දුන් බවයි"( නෙහෙ.8:3 ). ඔවුන් තම රැස්වීම දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම සමඟින් ආරම්භ කළෝය( නෙහෙ.8:4 ). ඉන්පසු එස්රා ඔහු බයිබලයේ කියවන ලද සියළුම දේවල තේරුම ජනතාවට විස්තර කිරීමට වෙහෙස දැරීය( නෙහෙ.8:8 ). නිසැකවම එස්රා ඔවුන්ට එය ඉතා පැහැදිලිව තේරුම් කර දීම පිණිස මාස සහ අවුරුදු ගණනාවක් තමන්ම වචනය අධ්‍යනය කිරීමෙහි යෙදෙන්නට ඇත. මෙම කාලය සඳහා දෙවියන්වහන්සේ ඔහුව රහසේ සූදානම් කර ඇත.

පිබිදීම පැතිරුණි එවිට ජනතාව තම පාප උදෙසා වැලපෙන්නට පටන් ගත්තෝය( නෙහෙ.8:9 ). ඉන්පසු දෙවියන්වහන්සේ ඔවුනට දුන්නාවූ යහපත් දේ අන් අය සමග බෙදා ගැණීමට උපදෙස් ලැබුවෝය. මෙසේ කිරීමෙන්" ස්වාමින්වහන්සේගේ ප්‍රීතිය ඔවුන්ගේ ශක්තිය වූවේය"( නෙහෙ.8:10 ). ජනතාව පිටතට ගොස් එම උපදේශයට යටත් වූවෝය. ඊලඟ දවසේදී එස්රා නායකයින්ට බයිබල් අධ්‍යනයක් පැවැත්වීය(නෙහෙ.8:13). සෑම වසරකම සත්වන මාසයේදී "කූඩාරම් මංගල්ලය" පවත්වන ලෙස දේවවචනය ඉශ්‍රායෙල්වරුන්ට නියෝග කර ඇතිබව ඔවුන් දුටුවිට, ඔවුන් ක්‍ෂණිකව එයට කීකරු වූවෝය. අවුරුදු 900 ක කාලයක් තුළ මෙම උත්සවය පවත්වන ලද පළමු වතාව මෙය විය, මක්නිසාද මෙම නියෝගයට යෝෂුවාගේ දවස් වලට පසුකාලයේ සිට කීකරුවී නොතිබිණ( නෙහෙ. 8:14 – 17 ). දෙවියන්වහන්සේගේ හදවත වැනි හදවතක් ඇතුව සිටි දාවිත් පවා මෙම නියෝගයට ඉශ්‍රායෙල් වරුන්ව කීකරු කර තිබුණේ නැත. එස්රා ජනතාව උදෙසා ඊලඟ දින හත සඳහා බයිබල් පාඩම් දිගටම කරගෙන ගියේය( නෙහෙ. 8:18 ).

9 වන පරිච්ඡේදයේ අප කියවන්නේ නෙහෙමියා තුලින් දෙවියන්වහන්සේ කළ දෙයයි. පරිච්ඡේදය ආරම්භ වන්නේ ඉශ්‍රායෙල්වරු නිරාහාරව සිටීම, තම පාපෝච්චාරණය සහ තමන් විසින් නොඇදහිලිවන්තයන් වෙතින් වෙන්වීම සමඟිනි( නෙහෙ.9:1,2 ). ඉන්පසු ඔවුන් පැය තුනක බයිබල් අධ්‍යනයක් සහ පැය තුනක දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමේ කාලයක් සහ තම පාපෝච්චාරන කාලයක් පැවැත්වූවෝය. එය නැවතත් පිබිදීමක් විය ( නෙහෙ. 9:3 ). ඉක්බිති ලෙවීවරු නැඟිට සිට මහත් හඬින් ස්වාමින්වහන්සේට මොරගැසුවෝය( නෙහෙ.9:4 ). නෙහෙමියා 9:6 සිට 31 පදය දක්වා මුළු බයිබලයේම අපට වාර්ථා වෙන දීර්ඝතම යාඤාව හමුවේ. ඉන්පසු ලෙවීවරු ආබ්‍රහම්ගේ කාලයේ සිට ඉශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය කියවමින් සහ ඔවුන්ගේ වසර හතලිහක කාලය තුළ වනාන්තරයේ මංමුලාවීම සහ විනිෂ්චයකාරයන්ගේ සහ රජවරුන්ගේ කාලයේදී දෙවියන්වහන්සේ පැමිනෙවූ සියළුම විනිෂ්චයන් සාධාරණ සහ නිවැරදි බව සිහිපත් කළෝය. ඔවුන් පසුතැවිලි වූවෝය එසේම දෙවියන්වහන්සේ ඉදිරියේදී ලියවිල්ලක් අත්සන් කළෝය, නෙහෙමියා සියල්ලන්ට පළමුව අත්සන් කලේය( නෙහෙ.10:1 ).

මේ සියල්ල දෙවියන්වහන්සේට බියවූ මිනිසුන් දෙදෙනෙකුගේ - එස්රා සහ නෙහෙමියාගේ බලපෑම කරණකොටගෙන සිදුවුණි. ඔවුන්ගේ හවුල් සේවය වැඩිමහල්ලන් දෙදෙනෙකුගේ මඟපෙන්වීමෙන් ක්‍රියා කෙරෙන අලුත් ගිවිසුම් සභාවක ක්‍රියාකාරිත්වයට ඉතා කිට්ටු සමාන කමක් තිබේ. මෙය අද අපි සියලු දෙනාටම අනුකරණය කිරීමට මොනතරම් ආදර්ශයක්ද?