කර්තෘ :   සැක් පූනන් වර්ග :   සභාව
WFTW Body: 

දානියෙල්, ඔහුගේ පරම්පරාවේ සිටි මනුෂ්‍යයන්ගෙන් දෙවියන් වහන්සේ ට පාවිච්චි කළ හැකිවූ එක් අයෙකි. ඔහු 17-වසරක තරුණයෙකුව සිටින විට "තමන්ව අපවිත්‍ර කර නොගැනීමට ඔහු අදිටන් කර ගත්තේය" (දානියෙල් 1: 8). එවිට හනනියා, මිශායෙල් සහ අසරියා තරුණ දානියෙල් දෙවියන් වහන්සේ උදෙසා ඉදිරිපත් වීම දුටු විට, ඔවුන්ද තමන්ට දෙවියන් වහන්සේ උදෙසා ඉදිරිපත්වීමේ ධෛර‍්‍යය ලබා ගත්තෝය (දානියෙල්. 1: 11). ඔවුන්ට ඔහුන්ගේම ශක්තියෙන් ඉදිරිපත් වීමට ධෛර‍්‍යය නොතිබිණි. නමුත් ඔවුන් ධෛර‍්‍යයමත් වූයේ දානියෙල්ගේ ඉදිරිපත්වීම දැකීම තුළිනි. තනිව දෙවියන් වහන්සේ උදෙසා ඉදිරිපත් වීමට ධෛර‍්‍යයක් නොමැති මෙවැනි බොහෝ අය අද දවසේ ඇත. නමුත් ඔවුන් දානියෙල් කෙනෙකු ඉදිරිපත් වීම ගැන බලා සිටිති. ඉන්පසු ඔවුන් ඔහුට එකතුවේ. ඔබ,“මම මාව අපවිත්‍ර කර නොගන්නෙමි” යැයි කියන, එවැනි දානියෙල් කෙනෙකු වන්නේද? මම රජු හෝ අණ දෙන නිලධාරියා හෝ පසුබටවූ වැඩිමහල්ලෙකු හෝ කිසිවෙකු සතුටු කිරීමට නොසොයන්නෙමි. මම 100% ක් දේව වචනය පවසන දෙය උදෙසා ස්ථාවරයක් ගන්නෙමි". “බොහෝ දෙනෙකුව ධර්මිෂ්ඨකම කරා ගෙන යන” - දානියෙල්-සේවාවේ යෙදෙන ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ අවශ්‍යථාවය අද අපේ දේශයට ඉතා අත්‍යවශ්‍ය ය (දානියෙල් 12: 3). එම පදය ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නාවූ දේශකයන්ට අදාල නොවේ, නමුත් වචනයෙන් සහ ආදර්ශයෙන් අන් අයව ධර්මිෂ්ඨ කමට මඟ පෙන්වන අයට පමණි.

දානියෙල්-සේවාවක අවශ්‍යථාවය අද අපේ දේශයට ඉතා අත්‍යවශ්‍යය”.

අප ලියවිල්ලේ තවත් සේවාවක් ගැන කියවන්නෙමු - එසේම මෙය හරියටම මෙම "දානියෙල්ගේ සේවාවට" විරුද්ධවූ දෙයයි - "ලුසිෆර්-සේවාව". එළිදරව් 12: 4 හි දෙවියන් වහන්සේ ට එරෙහිවූ ලුසිෆර්ගේ කැරැල්ල සඳහා මිලියන ගණනක්වූ දේවදූතයින්ව ඌව අනුගමණය කිරීමට ඇදගැනීම සාර්ථක වීම අප කියවන්නෙමු. දෙවියන් වහන්සේ බොහෝ දේවදූතයන්ව නොමඟ යැවීම සඳහා ලුසිෆර්ට අවසර දුන්නේ මන්ද? එවිට නොසතුටින් සහ කැරලිකාරව සිටින සියළු දේවදූතයින්ගෙන් ස්වර්ගය පවිත්‍ර කළ හැකි වන පරිදි ය. ලුසිෆර් කෙනෙකු ඔවුන් අතරේ නැඟීසිට දෙවියන් වහන්සේ ට එරෙහිව උන්ගේ කැරැල්ලට උන්ව මෙහෙය වූයේ නැතිනම්, උන්ගේ දුෂ්ඨ හදවත් අනාවරණය නොවනු ඇත.

ඒ වගේම අද දවසේද, සහෝදරයන් සහ සහෝදරියන්ට සභාවෙහි ලුසිෆර් සේවයක් කිරීමට දෙවියන් වහන්සේ ඉඩ හරිනු ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය පවිත්‍ර කරන පිණිස, සභාවේ නොසතුටින් සිටින, කැරලිකාරවූ, ලෝකාකාරවූ ඇදහිළිවන්තයින් සියළු දෙනා හඳුනාගෙන - අනාවරණය කර, එකට එක් කරමින් සභාවෙන් එළියට නෙරපා දමන පිණිස දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට තැනින් තැන හා ගෙයින් ගෙට යමින් ඕපදූප කියමින්, චෝදනා කරමින්, බොරු කියමින් දුෂ්ඨ දේවල් කථා කරමින් යන්නට ඉඩහරින සේක. දෙවියන් වහන්සේ මුල් ලුසිෆර්ව නොනැවැත්වූ ලෙස ම සභාවේ ගැවසෙමින් එවැනි ලුසිෆර් සේවයේ යෙදී සිටින අයව නොනවත්වන සේක. එය දිව්‍යමය ප්‍රඥාවයි.

අප එවැනි සහෝදර සහෝදරියන් සමඟ කිසිවිට දබර කළයුතුද නැත. දෙවියන් වහන්සේ ම සභාව ආරක්ෂා කරමින්, නිසි වේලාවේදී, උන්වහන්සේ සභාව අපවිත්‍ර කළාවූ අයව විනාශ කරනු ඇත (1 කොරින්ති 3: 17). නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ විනිශ්චයට පෙර බොහෝ කාලයක් විඳදරා ගනිමින් සහ වසර ගණනාවක් ඉවසීමෙන් සිටින සේක - මක්නිසාද කිසිවෙකු විනාශ වනවාට උන්වහන්සේ කැමති නැත, නමුත් සියල්ලන් පසුතැවිලිවීම උන්වහන්සේ අනිවාර‍්‍ය කරයි. නෝවාගේ කාලයෙහිදී උන්වහන්සේ වසර 120 ක් ඉවසූ සේක. නමුත් දෙවියන් වහන්සේ විනිශ්චය කරන කළ උන්වහන්සේගේ විනිශ්චය ඉතා දැඩිවනු ඇත. එනිසා සභාවේ කිසිම බේදවීමක් නොතිබුණා යැයි පාරට්ටු කර ගැනීම මෝඩ කමකි. ආරම්භයේදීම ස්වර්ගයේද දේවදූතයන් අතර බේදවීමක් ඇතිවුණි. "මන්නිසාද නුඹලා අතරේ දෙවියන් වහන්සේගේ අනුමැතිය ලත් අය ප්‍රකාශ විය හැකි පිණිස එවැනි බේදවීම් අවශ්‍යය " (1 කොරින්ති 11: 19). ආලෝකය අන්ධකාරයෙන් වෙන්විය යුතුව තිබේ. එය බෙදීමක් නොවේ. එය පවිත්‍ර කිරීමකි. එය නොමැතිව ලෝකයේ දෙවියන් වහන්සේ ගේ සාක්ෂිය දූෂිතවනු ඇත.

අප සෑම කෙනෙකුටම සේවාවන් දෙකකින් එකක් කළ හැකිය, එක්කෝ දානියෙල් සේවාවක් - එක්සත්කම සහ සහභාගීකම සභාවෙහි ගොඩනැඟීම හෝ ලුසිෆර් සේවාවක් - බේද වැපිරීම. අපට ස්වාධීන විය නොහැක. උන්වහන්සේ සමඟ එකතු නොවන අය මිනිසුන්ව තමන් වෙතින් විසුරුවා හරින බව යේසුස් වහන්සේ පැවසූ සේක. සභාවෙහි ඇත්තේ සේවාවන් දෙකක් පමණකි - එකතු කිරීම සහ විසුරුවා හැරීම (මතෙව් 12: 30).

දෙවියන් වහන්සේ ගේ නාමයට මහිමය ගෙනෙන පවිත්‍ර සාක්ෂියක් ලෙස සභාව සෑම තැනකම ගොඬනැඟීම පිණිස, දෙවියන් වහන්සේ ට, අප ජීවත්වීමට අවශ්‍ය පරිදි, මේ අන්තිම දවස්වල ජීවත් වීමට අපට කරුණාව හා ප්‍රඥාව ලැබේවා.