කර්තෘ :   සැක් පූනන් වර්ග :   ගෝලයෙක්
WFTW Body: 

යොහාන් තම සුභාරංචිය හා පළමු යැවුම් පත ආරම්භ කරණුයේ පටන් ගැන්මේදී තිබුණා වූ දේවල් ගැන සඳහන් කරමිනි. පටන් ගැන්මේදී ධර්මය පිළිබඳ මතයන්, දේවස්ථාන නිදර්ශණයන්, බෞතීස්මයන් ආදී කිතුණුවන්, දැන් විවාද කරන්නා වූ දේ නොමැතිව තිබෙන විට දෙව් පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් පමණක් සිටිය දී, ඔවුන් අතර ජීවනය සහ සහභාගිත්වය පැවතුණි. (1 යොහාන් 1: 1-3) අන් ඕනෑම දෙයකට වඩා අප අගය කළ යුතු වන්නේ ජීවනය සහ සහභාගිත්වයයි. 1 යොහාන් 2 පරිච්ඡේදය තුළ යොහාන් සඳහන් කරන්නේ ආත්මික ජීවිතයේ මට්ටම් තුනක් ගැනය.
1. ළමයින් (1 යොහාන් 2: 12) : ළමයින්ගේ ප්‍රධාන චරිත ගුණය නම්, ඔවුන් තම පාප කමා කිරීම ගැන සතුටු වීමයි. ඔවුන් දැණුවත්ව ඇත්තේ ඔවුන්ට ප්‍රේම කරන, සහ ඔවුන්ට සළකන්නා වූ පියෙක් ඇති බව පමණය. අප පාප කමාවෙහි සහ පියාණන්ගේ ආශීර්වාදයෙහි පමණක් වෙළී සිටිනවා නම්, එයින් අප ආත්මික දරුවන් පමණක් බව පෙන්ණුම් කරයි.

2. තරුණයින් (1 යොහාන් 2: 13) : තරුණයින් ජවසම්පන්නය දේව වචනය ඔවුන් තුළ වාසය කරන මෙන්, ඔවුන් සාතන් ගෙන් ජය ගෙන ඇත. අප පාපයෙන් ජය ලබා තිබුණත්, දේව සේවය තුළ රැඳී සිටියත්, සාතන්ව ජය ගැනීමේ හැකියාව තිබුණාත්, අප ආත්මිකව තවමත් තරුණය.

3. පියවරුන් (1 යොහාන් 2: 14) : ආත්මික පියවරුන් වීම සඳහා වර්ධනය වුනා වූ අය මොවුන්‍ය. ඔවුන් ආරම්භයේ සිටම දෙවියන් වහන්සේ, ජීවනය සහ සහභාගිකත්වය තුළ සිටී බව දැනගෙන සිටීම, ඔවුන්ට වැදගත් වූ එකම කරුණවේ. අපගේ මහත් වූ කැඳවීම නම්, දෙවියන් වහන්සේගේ චරිත ගුණාංග සහ ජීවනය අප තුළ ප්‍රකාශ කිරීමයි (විඳහා දැක්වීමයි). ආරම්භයේ දී දෙවියන් වහන්සේ ප්‍රාතිහාර්‍යන් කිරීම හෝ යක්‍ෂයන් දුරු කිරීම නොකළමුත් දිව්‍යමය ජීවනය හා සහභාගිත්වය භුක්තිවින්ද සේක. අපහටද දෙවියන් වහන්සේගේ ජීවනය අත්දකිමින් එම ජීවනය ඇති අන් අය සමඟ සහභාගිකම් පැවැත්විය හැක.
බොහෝ අය සභාවට (පල්ලියට) යන්නේ දීමණාලත් දේශකයන්ට සවන්දීමට, හොද සංගීතයකට සවන්දීමට, සුවකිරීම් හා හාස්කම් බලන්නට, ලෞකික අවශ්‍යථාවයන් සඳහා උපකාර ලැබීම ආදියට වේ. මාර්ක් 6 : 20 හි අපට කියවීමට ලැබෙන්නේ යොහාන් බෞතීස්තගේ ගිනිමෙන් (දැඩි) දේශණා ඇසීමට ප්‍රිය කළ හෙරෝද් රජතුමා ගැන, නමුත් එය ඔහුව ආත්මිකත්වයට පත් කලේ නැත. දෙවියන් වහන්සේගේ ජීවනය, තම හද පතුළින්ම සොයන්නන්, උන්වහන්සේ වෙතට ඇදගන්නා සේක, සහ ඔවුහු, අන් අයට විශේෂිත දීමණා නොතිබුණත්, එම ජීවනය ඇති අය සමඟ සහභාගීත්වයෙහි යෙදෙන්නෝය. අප විශේෂ දීමණා ඇති අය වෙත පමණක්ම ඇදී යන්නේ නම්, අප හරියට හෙරෝද් වැනි කෙනෙක් මෙන් විය හැකි බවයි එයින් අපට පෙන්ණුම් කරන්නේ. දිව්‍යමය ජීවනය සහ යටහත් දේව භක්තික මිනිසුන් සමඟ සහභාගීත්වයට නොඑළඹී, දීමණාවලට ඇදී යන්නන් ඉක්මණින් වැටීයනු ඇත. නමුත් ජීවනය දෙසට ඇදී යන්නන් නොවැටෙනු ඇත.

දිව්‍යමය ස්වභාවයට පංඟුකාර වීමට අපට වසර ගණනාවක් ගත විය හැක. නමුත් ආත්මික දීමණා ක්‍ෂණිකව අපට ලබා ගත හැකිවේ. දීමණා නම් හරියට, පැළඳ සිටින මනුෂ්‍යයා ඇතුළාන්තයෙන් වෙනස් නොකරන්නා වූ, පැළඳිය හැකි වස්ත්‍රයක් වැනිය. බාලාම්ගේ බූරුවාට අන්‍ය භාෂාවක් කථා කළ හැකි වූ නමුත්, ඌ තවදුරටත් බූරුවෙක්ම විය. බාලාම්ම ආළේපලත් තැනැන්වහන්සේ (මෙසියස්) ගැන ආනාගත වාක්‍යය කී නමුත්, ඉශ්‍රායේල්වරුන්ට පවු කිරීමට මඟපෙන්වූයේද ඔහුමය.
දෙවියන් වහන්සේ සභාවෙහි දීමණා ඇති බොහෝ අය නොතබා ඇත්තේ, ජීවනය සොයන්නන් සහ දීමණා සොයන්නන් අතරේ පෙරීමක් ඇති වන පිණිසය. යම් පුද්ගලයකුට, වැඩි දීමණා නොමැති දේව භක්තික සහෝදරයන් සමඟ කිසිම සහභාගීත්වයක යෙදීමට නොහැකි නම්, ඔහු සොයන්නේ ජීවනය නොවන බව ඉන් ප්‍රකාශ වන්නේය.
බොරු අනාගතවකතෘන් විසින් උන්වහන්සේගේ නාමයෙන් අනාගත වාක්‍ය කියන බවත්, ප්‍රාතිහාර්‍ය කරණ බවත්, සහ යක්‍ෂයින් දුරු කරන බවත් (මතෙව් 7: 22), නමුත් ඒ අය කිසි කළෙක උන් වහන්සේට හිමි (අයිතිව) නොවූ බව කියන්නට සිදුවේය කියා යේසුස් වහන්සේ පැවසූ සේක(මතෙව් 7: 23). බොහෝ අය තේරුම් ගන්නේ නැති කාරණය නම් එවැනි දීමණා ඇති අය සමහරවිට නැවත උත්පාදනය වෙලාවත් නැති බවයි. යේසුස් වහන්සේ අපට පවසන්නේ දීමණා ගැන නොව ඉවසීම, යහපත්කම, කරුණාව, අණුකම්පාව ආදී ඵල සොයන ලෙසයි. ඔබ බලවත් සේවකයෙකුට සවන් දෙන විට, ඔහුගේ පවුල් ජීවිතය ගැන, සහෝදර සේවකයන් සමඟ ඇති සම්බන්ධතාවය, මුදල් ගැන ඔහුගේ ආකල්පය හා තම ගෞරවය සෙවීම යනාදිය ගැන කිසිදු ආකාරයකින් ඔබ සොයා තිබෙනවාද? මෙයාකාරයෙණුයි අප සැබෑ සහ බොරු අනාගතවක්තෘවරුන් වෙන් කොට හඳුනා ගත යුතු වන්නේ.
බබිලෝනිය (භූමික ආශිර්වාදය පමණක් සොයන ව්‍යාජ වාණිජ්‍යමය සභාව) ගොඩනගන්නේ ප්‍රසාදයට ලක්වූ දීමණාවන් හට, බොහෝසේ අගය (වටිනා) කරන්නාවූ පදනම මතය, නමුත් සැබෑ සභාව වූ ජෙරුසෙලම ගොඩනගන්නේ ජීවනය සහ සහභාගීත්වය තුළිනි.