WFTW Body: 

සෑම යෞවනයෙක්ම අද හෙටම අපවිත්‍ර සිතුවිලිවලින් පරීක්‍ෂාවට ලක්වේ. කාන්තාවන්ට වඩා පිරිමින් තුළ ලිංගික ආශාව බලවත් හා කළහකාරී වන අතර, පළමුව සඳහන් අයට සාපේක්‍ෂව දෙවනුව සඳහන් අය මෙම ගැටළුවට වඩා අධික වශයෙන් මුහුණ දෙති. මාර්ක් 7: 21 හි, යේසුස් වහන්සේ මිනිසුන්ගේ හදවත්වලින් පිටවන පළමු දේවල් ලෙස නපුරු සිතුවිලි යැයි ලැයිස්තු ගත කළසේක. පරිවර්ත්‍යය නොවූ සියලුම මිනිසුන්ගේ හදවත් එක හා සමානව දුෂ්ඨ බැවින් යේසුස් වහන්සේ දුන් විස්තරය සියල්ලන්ටම සත්‍ය වේ. අවස්ථාව නොමැතිකම සහ සමාජයට ඇති බිය නිසා සදාචාරාත්මකව ධර්මිෂ්ඨ මිනිසාව ඇදහිළිවන්තයින් මාංසයේ කාමමිථ්‍යාචාරයේ යෙදීමෙන් වළක්වනු ලැබුවද, අපිරිසිදු සිතිවිලි සල්ලාලයාගේ මණස මෙන්ම සදාචාරාත්මකව ධර්මිෂ්ඨ මිනිසාගේ මණසටද පීඩා කරයි .

“අප දිනපතා අපගේ මණස දෙවියන් වහන්සේගේ වචනයෙන් පුරවා ගත යුතුය - මන්ද දෙවියන් වහන්සේගේ වචනයෙන් අපගේ මණස සංතෘප්ත කර ගැනීම නපුරු චින්තනයට එරෙහි ස්ථිර ආරක්ෂාවකි”.

 කෙසේ වෙතත් අප පරීක්ෂාව සහ පාපය අතර වෙනස හඳුනා ගත යුතුය. යේසුස් වහන්සේ පවා "සෑම අතින්ම අප මෙන්" පරීක්ෂාවට ලක් විය (හෙබ්‍රෙව් 4: 15). නමුත් උන්වහන්සේ කිසිවිටෙක එක් වතාවක්වත් පරීක්ෂාවට (උන්වහන්සේගේ මණසෙහි පවා) යටත් නොවූ අතර කිසිවිටෙකත් පව් කළේ නැත. පොළොවේ අපගේ ජීවිතයේ අවසාන දිනය දක්වා අපද පරීක්ෂාවට ලක් වනු ඇත. නමුත් අපට පව් කිරීමට අවශ්‍ය නැත. අප පව් කරන්නේ දුෂ්ඨ ආශාවන්ට අපගේ සිත් තුළ පිළිසිඳ ගැනීමට අවසර දී ඇති විට පමණි (යාකොබ් 1: 15), එනම්, අපගේ මණසට පැන නැඟුණු කාම සිතිවිල්ල අප පිළිගන්නා විට පමණි. අපි එසැණින් යෝජනාව ප්‍රතික්ෂේප කළොත් අපි පව් කරන්නේ නැත. පැරණි පියුරිටන් වරයෙකු පැවසූ පරිදි, “මට කුරුල්ලන් මගේ හිසට ඉහළින් පියාසර කිරීම වළක්වා ගත නොහැකි වුවද, මගේ හිසකෙස්වල කූඩුවක් සෑදීමෙන් මට වළක්වා ගත හැකිය”. නපුරු සිතිවිල්ලක් අප තුළ ඇති වූ විට, අපි එයට අපගේ මණසෙහි මොහොතකට හෝ අගය කළහොත්, අපි එයට එහි “කූඩුවක් සාදා ගැනීමට” ඉඩ දී පව් කරන්නෙමු.

තෘෂ්ණා සහගත සිතිවිලි වලින්, එක් වරක් තෘප්තිමත් වූ විට, පුද්ගලයෙකුව වඩ වඩාත් එහි වහළෙකු බවට පත් කරයි. කාලයත් සමඟ ගැළවීම එන්න එන්නම දුෂ්කර වේ. අපි ඉක්මණින්ම ගැළවීම සොයන තරමට එය පහසු වනු ඇත. නපුරු සිතුවිලි කෙරෙන් (අනෙකුත් සියලු පාපවලට එරෙහි ජයග්‍රහණය වැනි) ජයග්‍රහණය පැමිණෙන්නේ අසාර්ථකත්වය පිළිබඳ අවංක පාපොච්චාරණයක්, ගැළවීම සඳහා සැබෑ ආශාවක්, ක්‍රිස්තුස් වහන්සේ සමඟ අපගේ මරණය පිළිබඳ සත්‍යය පිළිගැනීම සහ අපගේ ශරීරය සහ මණස ස්වාමින් වහන්සේට සම්පූර්ණයෙන්ම යටත් වීමෙනි (රෝම 6: 1-14).

අප අඛණ්ඩ ජයග්‍රහණයක් භුක්ති විඳීමට නම්, අප “ආත්මය තුළද ගමන් කළ යුතුය” සහ අපගේ ජීවිත හික්මවීමේදී උන්වහන්සේ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය (ගලාති 5: 16-19). අපගේ ඇස් සහ කණ් හික්මවීමට අපොහොසත් වුවහොත් (කාමුකවූ සියලු කියවීම්, දැකීම් සහ ඇසීම් අත්හැර නොදැම්මොත්), අපගේ සිතුවිලි ද හික්මවීමට අපට නොහැකි වනු ඇත (මෙය මතෙව් 5: 28-30 හි සැබෑ ඇඟවුමයි). කාම සිතිවිලිවලින් මිදීම සඳහා ශරීරයේ හික්මීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රේෂ්ඨතම ශුද්ධවන්තයින් පවා පාපොච්චාරණය කර ඇත්තේ ඔවුන්ගේ සිත් තුළ ලිංගික පරීක්ෂාවන් සමඟ නිරන්තරයෙන් සටන් කිරීමට සිදු වූ බවයි. ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ශරීරය දැඩි ලෙස හික්මවීමට ඔවුන්ට සිදු විය.

දරුවන් දස දෙනෙකු සිටින විවාහක පුරුෂයෙකු වුවද, තෘෂ්ණාවෙන් මිදීමට නම්, තම දෑස් පාලනය කළ යුතු බව යෝබ් හඳුනා ගත්තේය. ඔහු පැවසුවේ, "ගැහැණු ළමයෙකු දෙස රාගයෙන් නොබලන ලෙස මම මාගේ ඇස්වලින් ගිවිසුමක් ඇති කර ගත්තෙමි" කියාය (යෝබ් 31: 1). පිරිමින්ට, විශාලතම පෙළඹවීම් ඇස් හරහා පැමිණේ. මෙහිදී සැළකිල්ලක් නොදක්වන්නේ නම් සහ අපවිත්‍ර සිතුවිල්ලක් හෝ පින්තූරයක් ඇසේ-දොරටුවෙන් අපගේ මණසට ඇතුළු වීමට ඉඩ හැරියහොත්, එය එතැනින් ඉවත් කිරීම කිසිසේත් කළ නොහැකි වියහැක.

අප දිනපතා අපගේ මණස දෙවියන් වහන්සේගේ වචනයෙන් පුරවා ගත යුතුය - මන්ද දෙවියන් වහන්සේගේ වචනයෙන් අපගේ මණස සංතෘප්ත කර ගැනීම නපුරු චින්තනයට එරෙහි ස්ථිර ආරක්ෂාවකි. දාවිත් පැවසුවේ, "මම ඔබගේ වචන ගැන බොහෝ දේ සිතුවෙමි, ඒවා මා පාපයෙන් වළක්වන පිණිස ඒවා මගේ හදවතේ ගබඩා කර ඇත" (ගීතාවලිය 119: 11 - TLB). බයිබලයේ මෙසේද පවසන්නේ ය, "ඔබ දෙවියන් වහන්සේගේ අනුමැතිය අගය කරන්නේ නම්, ශුද්ධ වූ, හරිවූ, නිර්මලවූ, ලස්සණ හා යහපත් දේ කෙරෙහි ඔබේ මණස යොමු කරන්න" (පිලිප්පි 4: 8 - JBP).

අප අවට ලෝකයේ පවතින සදාචාර ප්‍රමිතිය කෙතරම් පහත්ද යත් අපවිත්‍ර සිතිවිලිවලින් සම්පූර්ණයෙන්ම නිදහස් වීම අපහසු බව ඇතැමුන් පැවසිය හැක. නමුත් මෙම තත්වය විසිවන සියවසට ආවේනික නොවේ. පළමු ශතවර්ෂයේ කොරින්තිය අනාචාරයේ සහ දුරාචාරයේ මධ්‍යස්ථානයක් විය, නමුත් දෙවියන් වහන්සේගේ ආත්මය කිතුණුවන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ සෑම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකමට වහල්භාවයට ගෙන යන ලෙසයි (2 කොරින්ති 10: 5). අදත් ඒ දේම කරන මෙන් උන්වහන්සේ අපට පවසයි. ජීවනයට යන මාර්ගය පටු සහ දුෂ්කර විය හැක, නමුත් ශුද්ධාත්මයාණන් වහන්සේට එම මාර්ගයේ ගමන් කිරීමට අපව ශක්තිමත් කළ හැක. මෙසේ අපගේ ජීවිත හික්මවා ගැනීම යනු විරුද්ධ ලිංගයේ අය කෙරෙහි පිළිකුලක් ඇති කර ගත යුතු බව නොවේ. නැත, එයින් බොහෝ දුරස්ථය! විරුද්ධ ලිංගයේ අය ආකර්ශනීය ලෙස අපට දක්නට ලැබීම පව්කාර දෙයක් නෙවෙයි. එය ඉතා ස්වභාවිකයි. දෙවියන් වහන්සේගේ ලස්සණ මැවිල්ලේ කොටසක් ලෙස අපි ලස්සණ මුහුණක් අගය කිරීම වරදක් නොවේ. නමුත් පාපයෙන් වැටුණාවූ සත්වයන් වන අපි පරිස්සම් නොවන්නේ නම්, අපි ඉතා ඉක්මණින් සුන්දර ස්වරූපය දැක පසුව තෘෂ්ණාවට වැටෙන්නෙමු. මේ අනුව විරුද්ධ ලිංගයේ අයගේ ආකර්ශනීයභාවය, එය තුළම පවිත්‍ර වුවද, අපට අපවිත්‍රව සිතීමේ අවස්ථාවක් බවට පත්විය හැකිය.

අපගේ ආරක්ෂාව පවතින්නේ අප තුළ ඇති ශුද්ධාත්මයාණන්ගේ හඬට එනම් උන්වහන්සේ අපව පරීක්ෂා කර අපගේ ඇස් සහ අපගේ සිතුවිලි වෙනත් දිශාවකට හැරවීමට අපට පවසන විට ක්ෂණිකව කීකරු වීම තුළය. “ස්වාමීනි, මට ජයගත නොහැකි පරීක්ෂාවකට (මේ ක්ෂේත්‍රයේ) මුහුණ දීමට මට ඉඩ නොදෙන්න” යනුවෙන් අප නිතර යාච්ඤා කළ යුතුය. බොහෝ යෞවනයින් එවැනි යාච්ඤාවක් අවංකව යාච්ඤා කිරීමෙන් ජයග්‍රහණය සොයාගෙන ඇත.