WFTW Body: 

යේසුස් වහන්සේගේ ජීවිතය මේ ලෝකය මෙතෙක් දැක ඇති ලස්සණම, වඩාත්ම පිළිවෙලට සැකසුණු, සාමකාමී හා ප්‍රීතිමත්ම ජීවිතය යි. මෙයට හේතු වූවේ දෙවියන් වහන්සේගේ වචනයට උන්වහන්සේගේ සම්පූර්ණ කීකරු කම යි. දෙවියන් වහන්සේට පරිපූර්ණ කීකරුකම තිබෙන හැම තැනකම, පරිපූර්ණත්වය හා අලංකාරය පවතී - අපි, ග්‍රහලෝකවල හා තාරකාවල දකින පරිදි. "ස්වාමින් වහන්සේ කෙරෙහි භය වීම ජීවන උල්පතක් ය" (හිතෝපදේශ 14: 27) - “දවස පුරාම ස්වාමින් වහන්සේ කෙරෙහි ගරුබිය ඇතිව ජීවත් වන්න” යන ආඥාවට යේසුස් වහන්සේ කීකරු වූසේක (හිතෝපදේශ 23:17). යේසුස් වහන්සේ පොළොවෙහි ගමන් කරන විට මිනිසුන් උන්වහන්සේ තුළ ස්වර්ගීක ජීවිනය දුටුවෝ ය. උන්වහන්සේගේ දයාණුකම්පාව, අන් අය කෙරෙහි උන්වහන්සේ දක්වන සැළකිල්ල, උන්වහන්සේගේ පාරිශුද්ධභාවය, උන්වහන්සේගේ පරාර්ථකාමී ප්‍රේමය හා නිහතමානිකම යන සියල්ලම දෙවියන් වහන්සේගේම ජීවනයේ ප්‍රකාශයන් විය. ශුද්ධාත්මයාණන් වහන්සේ දැන් පැමිණ තිබෙන්නේ, දෙවියන් වහන්සේගේ මේ ජීවනය හා ස්වර්ගයේ වාතාවරණය අපගේ හදවත් තුළට ගෙන ඒමට ය. මෙම ස්වර්ගීය ජීවනය ලෝකයට ප්‍රකාශ කිරීම සඳහා අපව දෙවියන් වහන්සේ විසින් පොළොව මත තබා ඇත. දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ මෙම එළඹෙන වසරේදී ඔබගේ නිවසේ සහ ඔබගේ සභාවේ ස්වර්ගයේ ප්‍රීතිය, සාමය, ප්‍රේමය, පාරිශුද්ධභාවය සහ යහපත්කම පිළිබඳ පුරෝකථනයක් (කලින් රස විඳීමක්) ඔබ ලබා ගැනීම යි. යේසුස් වහන්සේ මේ පොළොවේ ස්වර්ගීය ජීවිතයක් ගත කළ සේක. ඔබ උන්වහන්සේ දෙස ඔබගේ නෙත් යොමු කර උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, මේ වසරේ සෑම දිනක්ම පොළොව මත ඔබට ස්වර්ගයේ දිනයක් මෙන් වන්නේ ය.

“දෙවියන් වහන්සේට ඔබව මේ වසරේදී ආශිර්වාද කරන්න අවශ්‍යව වන්නේ ඔබගේ කුසළානය පිරී උතුරා යන තරමට පටන් ගෙන එයින් තවත් බොහෝ අය ආශිර්වාද කරන ආකාරයට යි.

 

පියාණන් සමඟ සහෝදරත්ව සහභාගිකම යේසුස් වහන්සේගේ වටිනාතම සම්පත වූවේ ය. ඊට සාපේක්ෂව උන්වහන්සේ විශ්වයේ වෙන කිසිවක් අගය කළේ නැත. යේසුස් වහන්සේ සදාකාලික නිරයේ පැය තුනකට නැතිවූ මනුෂ්‍යත්වය උදෙසා මාරාන්තික පීඩාවේ වේදනාව විඳදරාගෙන යෑමේදී නැතිවන්නට යන සහෝදරත්ව සහභාගිකම මෙය බව උන්වහන්සේ දැන සිටී සේක (මතෙව් 27: 45). එවිට පියාණන් වහන්සේට, යේසුස් වහන්සේව අත් හරින්නට සිදුවන අතර, පියාණන් වහන්සේ සමඟ උන්වහන්සේ සදාකාලීව භුක්ති විඳි සහෝදරත්ව සහභාගිකම පැය තුනකට කැඩී යනු ඇත. එම සහෝදරත්ව සහභාගිකම කැඩීම උන්වහන්සේව කොතෙක් භයංකාර කරේද කිවහොත්, උන්වහන්සේ ගෙත්සමනියේදී බොහෝ ලේ දහඩිය බිඳු හෙලූසේක. උන්වහන්සේගෙන් ඉවත්කරන ලෙස උන්වහන්සේ යාච්ඤා කළ කුසළානය සරලව මෙය යි: තම පියාණන් සමඟ ඇති සහෝදරත්ව සහභාගිකම බිඳ දැමීම යි. යේසුස් වහන්සේව අනුගමනය කිරීම යනුවෙන් අදහස් කරන්නේ පියාණන් වහන්සේ සමඟ සහෝදරත්ව සහභාගිකමට යේසුස් වහන්සේ දැක්වූ වටිනාකම ම දැක්වීම යි. එවිට පාපය අපට අතීශයෙන්ම පව්කාර වනු ඇත. මන්ද එය පියාණන් වහන්සේ සමඟ ඇති අපගේ සහෝදරත්ව සහභාගිකම බිඳ දමන නිසා, අන් මනුෂ්‍යයෙකු කෙරෙහි ප්‍රේමණීය නොවන ආකල්පයක් වත් රැස්සන්නේ නැත, මන්ද එය පියාණන් වහන්සේ සමඟ ඇති අපගේ සහෝදරත්ව සහභාගිකම බිඳ දමයි.

බයිබලය තේරුම් ගැනීමේ රහස නම්, පළමුව ස්වාමින් වහන්සේ සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම යි. ශුද්ධාත්මයාණන් වහන්සේට දේව වචනයෙහි දේවාණුභාවයෙන් උන්වහන්සේ අදහස් කළ තේරුම පැහැදිළි කළ හැකි ය. ඒ නිසා මුල් ගෝලයන් කළාක් මෙන් යේසුස් වහන්සේ සමඟ ගමන් කරමින් උන්වහන්සේ ඔබට කථාකිරීම ඇසීමට උද්‍යෝගිමත්ව බලා සිටින්න. එවිට ඔබගේ දෑස් ඔවුන්ගේ මෙන් විවෘත වී ඔබේ හදවත් ඔවුන්ගේ මෙන් ගින්නක් මෙන් ඇවිළෙණු ඇත. පසුගිය වසර 61 තුළදී මම ස්වාමින් වහන්සේ සමඟ ගමන් කරමින් සොයා ගත් දේ මෙය වේ.

අප ඉප දෙන්නටත් පෙර දෙවියන් වහන්සේ අපගේ ජීවිතය සැළසුම් කළ සේක. මා ඉපදීමට පෙර ඔබවහන්සේ මාව දැක, මාගේ ජීවිතයේ සෑම දිනක්ම සැළසුම් කළේ මම හුස්ම ගැනීමටත් පෙර යැයි” දාවිත් පවස යි. සෑම දිනක්ම ඔබවහන්සේගේ පොතෙහි සන් කර තිබුණි. ස්වාමීනි, ඔබවහන්සේ මා ගැන නිරන්තරයෙන් සිතන බව වටහා ගැනීම කොතරම් වටිනවා ද! ඔබවහන්සේගේ සිතුවිළි දිනකට කී වතාවක් මා වෙත යොමුවේ දැයි මට ගණන් කිරීමටවත් නොහැක. මා අළුයම අවදී වූවිට, ඔබවහන්සේ තවමත් මා ගැන සිතමින් සිටී!” (ගීතාවලිය 139 : 16-18 ජීවමාන බයිබලයේ පරිවර්ථනයකි).

ඔබේ ජීවිතයේ සෑම දිනකටම දෙවියන් වහන්සේගේ මණසෙහි සවිස්තරාත්මක සැළැස්මක් ඇති බව එයින් අපට උගන්ව යි. ඔබ ඉපදීමට වසර මිළියන ගණනකට පෙර, ඔබේ දෙමව්පියන් කවුරුන් වන්නේද යන්නත්, ඔබ ඉප දෙන්නේ කුමණ රටකට ද යන්නත්, සහ ඔබව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන ඒමට උන්වහන්සේ පිළියෙල කරන අවස්ථාවන් උන්වහන්සේ දැනටමත් ලියා හමාර ය. ඔබට ආත්මික අධ්‍යාපනයක් ලබා දෙන පිණිස ඔබව ගෙන යා යුත්තේ කුමණ පීඩා තුළින් ද යන වග එහි ලියා තිබේ; තවද ඔබගේ වැරදි හා අතපසුවීම් පවා උන්වහන්සේගේ මහිමය උදෙසා ක්‍රියා කරවන්නේ කෙසේද, කියා ද ලියා තිබේ.

සභාවක වටිනාතම සහෝදරයා සහ සහෝදරිය වන්නේ එම සභාවට ස්වර්ගයේ වාතාවරණය ගෙනැවිත් එහි සහෝදරත්ව සහභාගිකම ගොඩනගා ගත හැකි අයයි. එවැනි කෙනෙකු වැඩිමහල් සහෝදරයින්ගෙන් කෙනෙකු වියයුතු ම නැත. එවැනි වටිනා සහෝදරයන් සහෝදරියන් වීමට අප සැමට අවස්ථාව තිබේ. සභාවක සිටින සහෝදරයෙක් / සහෝදරියක් ගැන සිතන්න, ඔහු / ඇය රැස්වීමකට හෝ නිවසකට පැමිණෙන සෑම විටම ස්වර්ගයෙන් කාමරය පුරා හමා යන පවිත්‍ර සුළඟක් මෙනි. එවැනි පුද්ගලයෙක් මොන තරම් වටිනා අනර්ඝ සහෝදරයෙක් ද ! ඔහු / ඇය නැවතී විනාඩි පහක් ඔබ බැලීමට ගියත් ඔබට නැවුම් ප්‍රබෝධයක් දැණේ. ස්වර්ගය ඔබේ නිවසට මිනිත්තු පහකට පැමිණියාක් මෙන් ඔබට දැණේ.

දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට මෙසේ පැවසූ සේක : “මම ඔබට ආශිර්වාද කරමි ... එවිට ඔබ පොළොවේ සියළු පවුල්වලට ආශිර්වාදයක් වනු ඇත” (උත්පත්ති 12 2,3). එම ආශිර්වාදය ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන අපගේ ද උරුමය යි (ගලාති 3: 14 ට අනුව). දෙවියන් වහන්සේට ඔබව මේ වසරේදී ආශිර්වාද කරන්න අවශ්‍යව වන්නේ ඔබගේ කුසළානය පිරී උතුරා යන තරමට පටන් ගෙන එයින් තවත් බොහෝ අය ආශිර්වාද කරන ආකාරයට යි. මේ වසරේ ඔබගේ මාවත හරහා පැමිණෙන සෑම පුද්ගලයෙකුටම ආශිර්වාද කිරීම උදෙසා දෙවියන් වහන්සේගේ ආළේපයේ අවශ්‍ය තරමටත් වඩා බලය හා ආශිර්වාදය ඇත. ඒ නිසා ඔබට ලැබෙන ආශිර්වාද අන් අයගේ ජීවිතවලට නොකඩවා වත් කරන්න. කෙසේ වෙතත්, ඔබ ආත්මාර්ථකමින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ වෙණුවෙන් පමණක් තබා ගන්නේ නම්, එ‍ය එක් රැයක් එළිවෙන්න තබපු මන්නා වගේ ගඳ ගසන්නට පටන් ගනී. කෙසේ වෙතත්, අන් අයට වතුර වත් කරන අයට දෙවියන් වහන්සේ විසින් වතුර වත් කරණු ඇත (හිතෝපදේශ 11: 25). ඔබගේ ජීවිතයේ එය එසේ ම වේවා.