කර්තෘ :   සැක් පූනන් වර්ග :   ගෝලයෙක්
WFTW Body: 

පැරණි ගිවිසුම යටතේ, දෙවියන් වහන්සේ යුදෙව්වන්ට සබත් වර්ග රාශියක් ලබා දුන්සේක. සතිපතා සබත් දිනය ප්‍රසිද්ධය. කෙසේ වෙතත්, එතරම් ප්‍රසිද්ධ නැති සබත් කිහිපයක් ද විය. එකක් නම් සෑම වසර හයක් අවසානයේ පැමිණෙන සබත් අවුරුද්දයි (ලෙවී කථාව 25: 2- 4). තවත් එකක් නම් සෑම සබත් අවුරුදු හතක් අවසානයේ (සෑම වසර 49 කටම පසුව) පැමිණි පනස්වන අවුරුදු සබතයි. මෙම පනස්වන වසරේ සබත "ජුබිලි වර්ෂය" ලෙස හැඳින්වේ (ලෙවී කථාව 25: 8-12).

" අපේ මුළු ජීවිතයම දැන් ගත කළ යුත්තේ කල්වාරි කුරුසියේදී ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් කළ සියල්ල වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමක් ලෙසයි."

ජුබිලි වර්ෂයේදී, ඉශ්‍රායෙල්වරුන් " ණයබරින් වහල්වූ සියලු ණයකරුවන්ට දේශය පුරා නිදහස ප්‍රකාශ කිරීමට" නියමිතව තිබූ අතර, එය "සියලු ණය අවලංගු කිරීමේ කාලයක්" විය ( ලෙවී කථාව 25: 10 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය ).

ස්වාමීන් වහන්සේ සෑම හත්වන වසර අවසානයේ දී ද සියලු ණය අවලංගු කිරීමට අණ කර ඇති අතර, "සෑම ණයහිමියෙක්ම තමා සතුව ඇති ඕනෑම පොරොන්දු පත්‍රයක, ' සම්පූර්ණයෙන් ගෙවා ඇත' යනුවෙන් ලියා තැබිය යුතුය..... මන්ද ස්වාමීන් වහන්සේ සෑම කෙනෙකුම තම වගකීමෙන් නිදහස් කර ඇත" (ද්වීතීය කථාව 15: 1-10 වුවමනාවෙන් කියවන්න).

සබත් අවුරුදු ඉමහත් ආශීර්වාද හා ප්‍රීතියේ කාලයක් වන්නට නියමිතව තිබුණි. "ජුබිලි" යන වචනයේ තේරුම "ප්‍රීති ඝෝෂාවක්" යන්නයි. ජුබිලි වර්ෂය ප්‍රීති ඝෝෂාවලින් පිරුණු වසරක් වීමට නියමිතව තිබුණි - මක්නිසාද යත්, සෑම ණයක්ම සමාව දී, සෑම ණයගැතියෙකුම නිදහස් කර ඇති බැවිණි. එබැවින්, ස්වාමීන් වහන්සේ එම වසර සම්බන්ධයෙන් ඉශ්‍රායෙල්වරුන්ට පැවසුවේ,එම වසර ඔබට ඉතාමත්ම ප්‍රීතිමත් වසරක් වේවි” මෙම වසර ඔබට එතරම්ම ප්‍රීතිමත් වසරක් වනු ඇත කියාය (ලෙවී කථාව 25: 11 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය).

දැන්, නව ගිවිසුම යටතේ අපි සතියේ සෑම දිනකම සබත් දිනය සමරන්නෙමු, මන්ද සෑම දිනක්ම ස්වාමින් වහන්සේට ශුද්ධය.

තවද අපි සෑම වසරකම සබත් අවුරුද්ද සමරන්නෙමු - සෑම වසරක්ම ජුබිලි වසරක් වන බැවින් - අපට හානි කළ සහ අපට වංචා කළ සියල්ලන් නිදහස් කර සමාව දෙන ප්‍රීතිමත් වසරකි. මෙසේ, අපගේ ජීවිතයේ සෑම වසරක්ම ප්‍රීතිමත් විය හැකිය - මන්ද සෑම වසරකම අපට ජුබිලි වසරක් වීමට නියමිතව තිබූ නසාය.

අපගේ කැඳවීම නම් දෙවියන් වහන්සේ අපට දයාණුකම්පා කර ඇති ආකාරයටම අන් අයට දයාව දැක්වීමයි. " දෙවියන් වහන්සේ අපට දැක්වූ ආකාරයටම" යන වාක්‍ය ඛණ්ඩය සියලු මනුෂ්‍යයන් සමඟ කරන ගනුදෙනු වලදී අප සැම විටම මතක තබා ගත යුතු ආදර්ශ පාඨයයි.

ස්වාමීන් වහන්සේගෙන් අපට බොහෝ දේ නොමිළේ ලැබී ඇත. එවිට අපි අන් අයටද නොමිළයේ දෙමු (මතෙව් 10: 8) - මසුරු හෝ ලෝභ ආකාරයෙන් නොව, නමුත් නිදහස්ව සහ පුළුල් හදවතකින්.

ස්වාමීන් වහන්සේ අපට මෙතරම් නිදහසේ ලබා දී ඇති සමාව පිළිබඳ අසිරිය අප කිසිවිටෙකත් නැති කර නොගත යුතුය. කල්වාරි කුරුසයේදී ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් කළ සියල්ල වෙනුවෙන් අපගේ මුළු ජීවිතයම දැන් ගත කළ යුත්තේ ස්වාමින් වහන්සේට කෘතඥතාව ප්‍රකාශ කිරීමක් ලෙසය.

ශුභාරංචියේ යහපත් පණිවිඩය නම් දුක්ඛිත පැවැත්මකින් අපට ගැළවිය හැකි බවයි. අපට දැන් ජීවමාන ජල ගංඟාවන් නිරන්තරයෙන් අප හරහා ගලා යන අතර අපට හමුවන සෑමපවුලකටම ආශීර්වාදයක් විය හැකිය.

දෙවියන් වහන්සේ අපට අනුකම්පා කර ඇති ආකාරයටම අපට අන් අයට දයාව පෙන්විය හැකිය.

දෙවියන් වහන්සේ අපව නිදහස් කර ඇති ආකාරයටම අපට අන් අයව නිදහස් කළ හැකිය.

දෙවියන් වහන්සේ අපට ආශීර්වාද කර ඇති ආකාරයටම අපට අන් අයට ආශීර්වාද කළ හැකිය.

දෙවියන් වහන්සේ අපට නොමිළයේ ලබා දී ඇති ආකාරයටම අපට අන් අයට නොමිළයේ ලබා දිය හැකිය.

දෙවියන් වහන්සේ අපට වූවාක් මෙන්. අපට අන් අය කෙරෙහි පුළුල් හදවත් ඇත්තන් විය හැක.

අපට ණයගැති, හෝ අපට යම්කිසි ආකාරයකින් රිදවූ හෝ හානියක් කළ සෑම කෙනෙකුම නිදහස් කළහොත් මේ වසර - සහ සෑම වසරක්ම - අප සැමට ප්‍රීතිමත් වසරක් විය හැකිය. එම අමනාපකම් සදහටම වළලා සියලු මිනිසුන්ට දයාව දක්වන්න, ඒ අනුව අද දින ස්වාමීන් වහන්සේ සමඟ නව ආරම්භයක් කරන්න.

©Zac Poonen – [email protected]

කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.

ඔබටමෙයආශීර්වාදයක්වූයේනම්, තවසහෝදර/සහෝදරියකටකොපියක්ලබාදීමෙන්සුභාරංචියේපංඟුකාරයකුවන්න.