WFTW Body: 

යොහාන් බව්තීස්ත පැවසුවේ ස්වාමින් වහන්සේගේ මාර්ගය පිළියෙළ කිරීම සඳහා දෙවියන් වහන්සේ කරුණු හතරක් කිරීමට ඔහුව එවූ බවයි (ලූක් 3:5):

“එක් භාජනයක පතුළෙහි මණ්ඩි තැන්පත්වූ පසු, දෙවියන් වහන්සේ අපව තවත් භාජනයකට වත් කරනු ඇත”

(1) නිම්න (පහත් තැන්) ඉහළ නැංවීමට;

(2) කඳු සහ උස්තැන් පහත හෙළීමට;

(3) ඇද මාර්ග සෘජු කිරීමට; හා

(4) රළු තැන් සුමට කිරීමට.

ශුද්ධාත්මයාණන් අපගේ ජීවිත තුළද කිරීමට උත්සාහ කරන්නේ මෙයයි.

(1) උන්වහන්සේට පහත් තැන් - ලිංගිකත්වය, මුදල්, මානව ගෞරවය සහ කීර්තිය වැනි භූමික දේවලින් අපව පාලනය කරන ප්‍රදේශ එසවීමට ඇත.

(2) උන්වහන්සේට අපගේ උඩඟුකම, මාන්නය සහ අහංකාරකමේ කඳු (අපේ හැකියාවන් නිසා ඇතිවන) සහ අන් අයට වඩා ශේෂ්ඨ බවට හැඟෙන කුඩා කඳු පවා (උදාහරණයක් ලෙස, අප යම් දෙයක් හොඳට කළ විට) පහත් කිරීමට ඇත.

(3) උන්වහන්සේට අප තුළ ඇති සියලු තක්කඩි, වංකකම් සහ වංචාව ඉවත් කළ යුතුය.

(4) උන්වහන්සේට අපගේ දැඩිබව, රළුබව සහ කර්කෂකම මෘදුකළ යුතුය.

එවිට පොරොන්දුව නම්, දෙවියන් වහන්සේ අපගේ ජීවිත තුළ කර ඇති ගැළවීම සෑම කෙනෙකුම දකිනු ඇත (ලූක් 3: 6); අපගේ මාංශයේ සෑම කොටසක්ම දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරනු ඇත (යෙසායා 40:3-5සමඟ සසඳන්න). තණබිම් ගින්නක් මෙන්, දෙවියන් වහන්සේට අවශ්‍යවන්නේ උන්වහන්සේගේ මහිමය අපගේ මාංසය පුරා, ටිකෙන් ටික, ප්‍රදේශයෙන් ප්‍රදේශය පුරා පැතිරී, එහි සෑම කොටසක්ම විනාශකිරීමයි.

යෙරෙමියා 48: 10හි, එය පවසන්නේ, "ස්වාමින් වහන්සේගේ කාර‍්‍යය (අපගේ මාංසයේ සෑම ප්‍රදේශයකම යේසුස් වහන්සේව ස්වාමීන් බවට පත්කිරීමේ කාර‍්‍යය) නොසැළකිලිමත් ලෙස කරන තැනැත්තාට ශාපවේවා , සහ තම කඩුව ලෙයින් වළක්වන්නා (එනම්, ඔහුගේ මාංසයේ ඇති ආශාවන් සමඟ මෘදු ලෙස (අනුකම්පා විරහිතව වෙනුවට) කටයුතු කරන කෙනාට ශාප වේවා යනුවෙනි. මෝවබ් භාජනයෙන් භාජනයට හිස්කර නැති නිසා ඔහුගේ සුගන්ධය වෙනස්වී නැතිබව ඊළඟ පදයේ සඳහන්වේ.

' භාජනයෙන් භාජනයට හිස්කළා ' යන මාතෘකාවෙන් යුත් ලිපියක, ජෝන් ෆොලෙට් අපගේ මණ්ඩි ඉවත්කිරීම සඳහා දෙවියන් වහන්සේ අපව වත්කරන විවිධ භාජන ගැන කථා කරයි - වරදවා වටහාගැනීම්, සමච්චල්කිරීම, බොරු චෝදනා සහ අඳුරු නඩු විභාග යනාදිය. අපගේ ජීවිතයෙන් මණ්ඩි ඉවත් කිරීමේ පුදුමාකාර ක්‍රමයක් මෙම සියලු භාජනවලට ඇත්තේ, මුද්‍රිකපානය නිෂ්චලව පවතීනම් ("විශ්‍රාමයෙන් පවතීනම් ") පමණි. එවිට මණ්ඩි ඉක්මණින් පතුළේ තැන්පත් විය හැකිය. එක් භාජනයක පතුළෙහි මණ්ඩි තැන්පත්වූ පසු, දෙවියන් වහන්සේ අපව තවත් භාජනයකට වත් කරනු ඇත. එබැවින් අපගේ සුවඳ වඩ වඩාත් මිහිරිවේ. නමුත් අපි නිෂ්‍චලව, විශ්‍රාමයෙන් සිටීමට ඉගෙන ගත යුතුය - කිසිවිටෙකත් අපවම සාධාරණීකරණය නොකොට, අපගේ නිවැරදිභාවය නොරැකගනිමු. එසේ නොවුවහොත්, නිරන්තර කැළඹීම් හරහා, මුද්‍රිකපානය එහි මණ්ඩිවලින් නිදහස් නොවේ. දෙවියන් වහන්සේගේ සෙනඟ අතර අපතේ යන දුක්වේදනා රාශියක් ඇත, මන්ද ඔවුන් තමන්ව සාධාරණීකරණය කරන අතර ඔවුන්ගේ කාරණය දෙවියන් වහන්සේට පමණක් භාර නොදී එය උන්වහන්සේ මත නොතැබීම නිසාය.

සෙකරියා 2: 13 හි, අපි කියවන්නේ "ස්වාමින් වහන්සේ ඉදිරියෙහි සියලු මාංසයන් නිෂ්චලව (විශ්‍රාමයෙන් සිටිය යුතුය) , මන්ද උන්වහන්සේ ස්වර්ගයෙන් අප අතර වාසය කිරීමට පැමිණ ඇත" (10 පදය බලන්න). එය සැමවිටම අප තුළ පැවතිය යුත්තේ මේ ආකාරයටය.

©Zac Poonen – [email protected]