WFTW Body: 

දෙවියන් වහන්සේ අපගේ සමහර යාච්ඤාවලට පිළිතුරු ප්‍රමාද කරන්නේ මන්දැයි අපට නොතේරේ. නමුත් උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණය, නමුත් උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණය, උන්වහන්සේ අපගේ මාර්ගය සම්පූර්ණ කරන සේක. (ගීතාවලිය 18: 30, 32).

යේසුස් වහන්සේ ක්‍රියා 1: 7 හි : පියාණන් වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම අපට අයිති නැතිබව පැවසූ සේක.


සමහර කාරණා අයිති දෙවියන් වහන්සේට පමණය. උදාහරණයක් ලෙස, මිනිසාට අවසර නැත:

  1. නමස්කාරය ලැබීමට (මතෙව් 4:1 0);
  2. මහිමය ලැබීමට (යෙසායා 42: 8);
  3. පළිගැනීමට (රෝම 12: 19);
  4. සිදුවීම්වල වේලාව දැන ගැනීමට (ක්‍රියා 1: 7).

මේ හතරම දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයන්වේ. සියලුම කිතුණුවන් ඉහත (1) සහ (2) පහසුවෙන් පිළිගනු ඇත. බොහෝ දෙනෙකු (3) ද පිළිගනු ඇත. නමුත් ආත්මික මිනිසුන් අනෙක් තුනම පිළිගන්නා සේම (4) ද පිළිගනු ඇත. එබැවින් අපගේ සමහර යාච්ඤාවලට පිළිතුරු දීමට ස්වාමින් වහන්සේ දිගු කලක් ප්‍රමාද වන විට, අප යටහත් පහත්ව උන්වහන්සේගේ කැමැත්ත පිළිගත යුතුය.

දෙවියන් වහන්සේ තවමත් සිංහාසනය මත සිටින අතර උන්වහන්සේ සැමවිටම උන්වහන්සේට අයිති අයව මතක තබා ගන්නා අතර අපගේ යහපත සඳහා සියල්ල එකට වැඩ කිරීමට සලස්වන සේක.

 

දෙවියන් වහන්සේගේ පැත්ත ගන්නා තැනැත්තා සැමවිටම ජය ගනී - ඔහුට කිසිම අවස්ථාවක් අහිමි නොවේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔහුට වඩාත්ම මිහිරි වන්නේ එය ඔහුගේ මිලයෙන් ජයග්‍රහණය කරන විටය."

එබැවින්, අපි දිගටම "යාච්ඤාවට සහ වචනයේ සේවයට කැප වෙමු" (ක්‍රියා 6: 4). එවිට අපට "බාධාවකින් තොරව දෙවියන් වහන්සේගේ රාජ්‍යය දේශනා කිරීමටත් යේසුස් වහන්සේ ගැන ඉගැන්වීමටත්" හැකි වනු ඇත (ක්‍රියා 28: 31).

ජීවනදායක වතුර අපෙන් ගලා යයි :

නව ගිවිසුමේ ශුභාරංචිය ඇසීමට අවශ්‍ය ඇදහිළිවන්තයින් ලොව පුරා සිටිති. මේ දිනවල බොහෝ රටවල ඇදහිලිවන්තයින්ව ඔවුන්ගේ මුදල් පසුපස හඹා යන දේශකයින් සහ ඔවුන්ව පාලනය කරන ලබ්ධික නායකයින් විසින් ඔවුන්ව සූරාකනු ලැබේ. මේ සියලු වහල් ඇදහිළිවන්තයින්ට නිදහස ප්‍රකාශ කිරීමට අපව කැඳවනු ලැබේ.

යා යුත්තේ කොතැනටද යන්න දැන ගැනීමට, අප ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීමට සංවේදී විය යුතුය (යෙසායා 30: 21). බොහෝ ඇදහිළිවන්තයින් සත්‍යය ඇසීමට අකමැති වන කාලය ආසන්නයි. එබැවින් අප සෑම විටම වචනය දේශනා කිරීමට සූදානම්ව සිටිය යුතුය - එය අපට පහසු වන විට සහ එය පහසු නොවන විට (2 තිමෝති 4: 2, 3).

එසේ නම් අපි දෙවියන් වහන්සේගේ පොරොන්දුව පරිදි ඇදහිල්ලෙන් ඉල්ලා සිටිමු "අපගේ සභාව තුළින් ජීවනදායක වතුර සෑම දිශාවකටම - නැගෙනහිරට සහ බටහිර දෙසට - වසර පුරා ගලා යන ලෙසට" (සෙකරියා 14: 8).

නමුත් එම ජීවනදායක වතුර අපෙන් අන් අයට ගලා යන්නේ කෙසේද?

ගීතාවලිය 23: 5 හි, “අපගේ කුසළාන උතුරායයි” කියා අපි කියවමු. එහි "උතුරායයි" යන මුල් හෙබ්‍රෙව් වචනය "රෙවය්‍යහ්" වේ. මෙම වචනය භාවිතා කර ඇත්තේ (හෙබ්‍රෙව් භාෂාවෙන්) බයිබලයේ තවත් එක් ස්ථානයක පමණි - ගීතාවලිය 66:12 හි එය "බහුලත්වයේ ස්ථානය" ලෙස පරිවර්ථනය කර ඇත.

එබැවින් අපගේ “කුසළාන ජීවනදායක වතුර උතුරා යන” මෙම ස්ථානයට පැමිණීමට, අපට ගීතාවලිය 66: 12 ට පෙර පදවල සඳහන් අත්දැකීම් හරහා යා යුතු බව අපි නිගමනය කරමු - එනම් 10 සිට 12 දක්වා පද, එහි අපි මෙසේ කියවමු:

  • දෙවියන් වහන්සේ අපව රිදී මෙන් පිරිපහදු කරනසේක;
  • දෙවියන් වහන්සේ අපව දැලකට (දැඩි තත්වයන්) ගෙන එනු ඇත;
  • අන් අය විසින් අප මත පීඩාකාරී බර පැටවීමට දෙවියන් වහන්සේ ඉඩ දෙනු ඇත;
  • දෙවියන් වහන්සේ මිනිසුන්ට අපගේ හිසට උඩින් ගමන් කිරීමට ඉඩ දෙනු ඇත;
  • දෙවියන් වහන්සේ අපව ඇවිළෙන "ගින්නකට" (ගිනිමය පරීක්‍ෂාවන්) දමනු ඇත;
  • එවිට දෙවියන් වහන්සේ අපව "අයිස්-සීතල වතුරට" දමනු ඇත (උන්වහන්සේගේ අභිමුඛය පිළිබඳ 'හැඟීම්' නොමැතිව).

“දෙවියන් වහන්සේගේ මෙම ශික්‍ෂාවන් තම ජීවිත තුළ පිළිගන්නා අය අවසානයේ ඔවුන්ගේ කුසළාන අන් අයට ආශීර්වාද කරමින් පිරී ඉතිරී යනු දකිනු ඇත. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා” !!