WFTW Body: 

තීතස් වැනි පාවුළුගේ සමහර ලඟම හවුල් සේවකයින් යුදෙව්වෝ නොවූහ. පාවුළු තුමාම පමණක් ඉතා දැඩි යුදෙව්වෙකු, පරිසීන්ගෙත් පරිසිවරයෙකු විය. නමුත් ඔහුගේ නිරන්තර ගමන් සගයා වූනේ ලූක් සුභාරංචිය සහ අපෝස්තුළු වරුන්ගේ ක්‍රියා ලිපි ලියූ ග්‍රීක වෛද්‍යවරයෙකුවූ ලූක්ය. ඉතා ලඟින් ඔහු වැඩ කළ අනෙක් පුද්ගලයා වූවේ තිමෝතිය. ඔහු අර්ධ ග්‍රීකයෙක් වූවේය, ඔහුගේ පියා ග්‍රීකයෙක් විය. තීතස්ද ග්‍රීකයෙක් විය. එබැවින් විවිධ ප්‍රජාවන්ට අයිතිවූ මෙම පුද්ගලයින් සිව්දෙනා එක්ව වැඩ කරන්නන් වුණි - පාවුළු, තීතස්, තිමෝති සහ ලූක් - විවිධ ජාතීන්ට අයත් අයට එක ලෙස වැඩ කළ හැකි නව ගිවිසුමේ ශුභාරංචියේ සජීවී නිරූපණයකි.

ඔබට ඔබගේම ජාතියේ සහ සංස්කෘතියේ අය සමග පමණක් වැඩ කළ හැකි නම් ඔබගේ ක්‍රිස්තියානිකමේ යම් වරදක් තිබේ. ඔබ මලයාලි නම් ඔබ වැඩ කරන්නේ මලයාලී අය සමග පමණක් නම් ඔබ සුභාරංචිය තේරුම්ගෙන නැත. සුභාරංචිය පාවුළුව වෙනස් භාෂා සහ වෙනස් ජාතීන්ගෙන් යුත් මිනිසුන් සමග වැඩ කිරීමට සැලැස්වීය. ඔවුන් චීන, අප්‍රිකානු, රුසියානු, දකුණු ඇමරිකානු හෝ උතුරු ඇමරිකානුවන් වේවා, ඔවුන් ලැජ්ජාශීලී හෝ සජීවීව මිත්‍රශීලී පුද්ගලයන් වේවා, ඔවුන් යේසුස් වහන්සේගේ ගෝලයන් නම් ඕනෑම ජාතියක හෝ ඕනෑම ස්වභාවයේ පුද්ගලයන් සමඟ වැඩ කිරීමට අප සූදානම් විය යුතුය. ස්වභාවය සහ ජාතිකත්වය යන සියල්ලම වෙනස් විය හැකි නමුත් ඔවුන් සමීප සම සේවකයින් විය හැකිය. අපගේම නිකායික, වාර්ගික, අපගේම ජාතිකත්වයේ සහ ස්වභාවයේ පුද්ගලයන් සමඟ පමණක් වැඩ කිරීම සැපපහසු වන ඔබට ඇති පක්‍ෂවාදී පටු චින්තනයෙන් අප ඉවත් විය යුතු අතර ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සිටින සියල්ලන් සමඟ වැඩ කිරීමට අප ඉගෙන ගත යුතුය.

සමහර ජාතීන් සහ සමාජයන් තුල තමුන්ටම ආවේනික ගතිලක්‍ෂණ තිබේ. නමුත් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට එනවිට එම ගති ලක්‍ෂණ වලින් නිදහස් විය හැක. තීතස් ක්‍රීතයේ සිටින විට පාවුළු තුමා පැවසුවේ ක්‍රීත ආගමික දේශකයෙකු පවසා ඇති පරිදි "ක්‍රීතයෝ නිතරම බොරුකාරයෝය, නපුරු මෘගයෝය, කම්මැලි කෑදරයෝය" කියාය( තීතස් 1:12 ). එය සැබෑව තිබුනා විය හැකියි. නමුත් එවැනි ක්‍රීතයෙකු ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ ශුද්ධාත්මයෙන් පිරුණුවිට, ඔහු බොරුකාරයෙකු හෝ නපුරු වන්නේ නැත, ඔහු මෘගයෙකු ලෙස හැසිරෙන්නට යන්නේ නැත, ඔහු කම්මැලි නොවන අතර කෑදරයෙකු වන්නේ නැත. එබැවින් අප කිසිවිට යමෙකුව ඔහුගේ ජාතිය අනුව හෝ සමාජීය තත්‍වය අනුව විනිෂ්චය නොකල යුතුය. අප ක්‍රිස්තියානි අයෙකු කෙරෙහි ඔහුගේ සමාජීය තත්‍වය නිසා අවිචාරවත් හැඟීමක් ඇති කරගන්නේ නම් අප ආත්මික දුගීභාවයෙන් සිටිනු ඇත.

වෙනස් ජාතීන් සහ සමාජයන් - චීන, අප්‍රිකානු, වෙනස් වර්‍ගවලට අයත් ඉන්දියානුවන්, යුරෝපීයන් ඇමරිකානුවන් ආදීන් සමග සහභාගිත්‍වයන් පැවැත්වීම තුලින් දෙවියන්වහන්සේ මාව අති විශාල ලෙස ආත්මිකව පොහොසත් කර ඇත. මගේ හදවත නිතරම සියළුම සමාජයන් සහ ජාතීන්ගෙන් වන දෙවියන්වහන්සේගේ ජනතාව වෙත විවෘතව පවතී මක්නිසාද එක් විශේෂ ජාතියක් තුල දෙවියන්වහන්සේව සම්භ නොවන බව මම දනිමි. සමහර ධනවත් රටවල ජනතාව බොහෝ උඬගු බව මම දැක තිබෙනවා. නමුත් එම රටවල සැබෑ ඇදහිලිවන්තයන් යටහත්ය. එනිසා ක්‍රීතයන් බොරුකාරයන් විය හැකිය, නමුත් ක්‍රීතයේ ක්‍රිස්තියානි අය බොරුකාරයන් නොවේ. සමහර ජන කොටස්වල පවුල් වටිනාකම් ඉතා දුර්වලය. නමුත් එම සමාජවල ක්‍රිස්තියානි අය අනෙක් අය මෙන් වියයුතු නැත. අප කිසිවිට ක්‍රිස්තියානි අයෙකුව ඔහුගේ සමාජ තත්‍වය අනුව විනිෂ්චය නොකළ යුතුය. ඔහු අලුත් මැවිල්ලකි. පාවුළු තුමාට අනෙක් ජාතීන්ට අයත් අය ඔහුගේ ලඟම හවුල් සේවකයන් ලෙස සිටීම ප්‍රශ්නයක් නොවුනේ එනිසයි.

ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සිටින ඔබට වෙනස්වූ අය සමග වැඩ කිරීමට අකමැති නම්, ඔබගේ ජීවිතය උදෙසා දෙවියන්වහන්සේගේ ඇති පරිපූර්ණ අරමුණ ඉෂ්ඨ කරගැණීමට ඔබට නොහැකිවනු ඇත. එවිට දෙවියන්වහන්සේ ඔබගේ හවුල් සේවකයන් විය යුත්තේ කවුරුන්ද යන්න ඔබට පෙන්වා නොදෙනු ඇත - මක්නිසාද උන්වහන්සේගේ සැලැස්ම තුල, ඔබ වෙනස් ජාතියක හෝ ඉන්දියාවේ වෙනත් ප්‍රදේශයක අයෙකු සමග වැඩකිරීම උන්වහන්සේට අවශ්‍ය වන්නට පුළුවන, එවිට ඔබ උන්වහන්සේගේ සැලැස්ම පිළිගැණීමට අකමැති බව උන්වහන්සේට පෙනේ.

ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ අනෙක් අය සමග එක්ව වැඩකිරීමට පෙර කිසිදු වෙන් කිරීමක් හෝ වර්‍ග කිරීමක් නොමැතිව කැඩීමට ලක්විය යුතු බොහෝ වැරදි ආකල්පයන් අප තුල ඇත. අප මෙන්මවූ අය සමග වැඩ කිරීමට පමණක් අප වැඩි කැමැත්තක් දක්වන්නේ නම් දෙවියන්වහන්සේ විසින් අපට මඟ පෙන්වීම නොකරනු ඇත. අපම අපගේ හවුල් සේවකයින් තෝරාගෙන දෙවියන්වහන්සේ විසින් අපව ඔවුන් වෙතට මග පෙන්වූවායයි කීවත් - එය සත්‍ය නොවේ. එය අපගේම ලෞකික වැඩි කැමැත්ත විසින් මග පෙන්වීමක් විය හැක. අප ඔවුන්ව සොයා ගන්නේ ඔවුන් එකම බුද්ධිමත්භාවයේ, හෝ එකම සමාජ තලයේ, හෝ අපගේම ගති ලක්‍ෂණ ඇති නිසාය. එවැනි එකමුතු කමක් විවාහයකට සෑම අතින්ම සුදුසුය. නමුත් දෙවියන්වහන්සේ උදෙසා වැඩ කිරීමේදී, දෙවියන්වහන්සේ අපගේ හවුල් සේවකයන් ලෙස තෝරාදෙන ඕනෑම අයෙකුට විවෘත විය යුතුය.