WFTW Body: 

“මා ස්වර්ගයෙන් පොළවට බැස ආවේ මාගේ සිය කැමැත්ත කරන්ට නොව, නමුත් මා එවු තැනැන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය” (යොහන් 6:38).

 මෙහිදී ඔහුගේම වදන් තුලින් යේසුස්වහන්සේ පොළවට පැමිණීමට මූලික හේතුව පවසන්නේය. උන්වහන්සේ මේ පොළොවේ ගත කළ මුළු ජීවිත කාලය තුල දිනපතා ජීවත්වු ආකාරය මේ වදන් තුලින් අපට සනාථ වන්නේය.

 යේසුස්වහන්සේගේ ජීවිතයේ නාසරෙත්හි ගතකල මුල් අවුරුදු තිහ තුල සෑම දිනකම ඔහු කළ දේ යේසුස්වහන්සේ මෙතැනදී එළිදරව් කරන සේක ඔහු ඔහුගේම සිය කැමැත්ත ප්‍රතික්ෂේපකර ඔහුගේ පියාගේ කැමැත්ත කල බවයි.

 අතීතයේ ආරම්භය සිට යේසුස්වහන්සේ පියා සමඟ ස්වර්ගයේ වාසය කරන කළ, ඔහුගේම සිය කැමැත්ත කිසිවිටක ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වූයේ නැත, මන්ද ඔහුගේ සිය කැමැත්තත් පියාගේ කැමැත්තත් සමානවු බැවිනි. නමුත් ඔහු පොළවට අපගේම මාංශයෙන් පැමිණි කල, එම මාංශයට පියාණන්ගේ කැමැත්තට සෑම අතින්ම ප්‍රතිවිරුද්ධ ප්‍රබල සිය කැමැත්තක් තිබුණේය. එබැවින් යේසුස්වහන්සේට පියාගේ කැමැත්ත කිරීමට තිබුණ එකම ක්‍රමය නම්, තම සිය කැමැත්ත සෑමවිටම ප්‍රතික්ෂේප කිරීමෙනි. මෙයයි යේසුස්වහන්සේගේ භූගත ජීවිතය මුළුල්ලේම උසුලාගත් කුරුසිය - ඔහුගේ සිය කැමැත්ත කුරුසිපත් කිරීම - එබැවින් ඔහුව අනුගමනය කිරීමට අවශ්‍ය නම් අපටද එයාකාරයෙන් සෑමදාම සිය කැමැත්ත කුරුසිපත් කිරීමට ඔහු ආරාධනාකර සිටිනවා.බබබංංංංzz

 තම සිය කැමැත්ත දිනපතා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා යේසුස්වහන්සේ ආත්මික මනුෂ්‍යයෙක්වීමට හේතු විය. එබැවින් එලෙසම සිය කැමැත්ත ප්‍රතික්ෂේප කිරීමෙන් පමණි අපටද ආත්මික විය හැක්කේ.

සෑම දිනම අපි නොයෙකුත් දේ සම්බන්ධව බොහෝ තීරණ ගන්නවා. අපගේ මුදල් වියදම් කරන ආකාරය සම්බන්ධව හෝ අපගේ විවේක කාලය ගත කරන ආකාරය හෝ කෙසේ කථා කළ යුතුද හෝ යම් කෙනෙක් ගැන කථා කළ යුතුද හෝ යම්කිසි ලිපියක් ලියන්නේ කෙසේද හෝ තව කෙනෙකුගේ කි්‍රයාවකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද හෝ දේවවචනය උදෙසා කොතෙක් කාලය ගත කළ යුතුද හෝ යාච්ඤාවෙන් සිටිය යුතුද හෝ සභාවට සේවය කළ යුතුද වැනි බොහෝදේ ගැන අපි තීරණ ගන්නවා. අප වටා සිටින මිනිස්සුන්ගේ කි්‍රයාකලාපයට, වචනවලට සහ ඔවුන්ගේ හැසිරීම්වලට අනුව උදේ සිට රාති්‍රය දක්වා අපි ප්‍රතිචාර දක්වනවා. අපි මෙය ගැන නොදැන සිටියත්, අවම වශයෙන් දවසකට 100 වරක්වත් තීරණගන්නවා. මෙම සෑම තීරණයක් තුලම අපගේ තීරණය වන්නේ අපි අපවම සනසනවාද නැත්නම් දෙවියන්වහන්සේව සනසනවාද යන වගයි.

 අපගේ බොහෝ කි්‍රයාවන් හිතාමතා ගත් තීරණවල ප්‍රතිඵලයක් නොවුනත් මේ ක්‍රම දෙකෙන් එක ක්‍රමයකට අපි කරනවා. එක්කෝ අපව සතුටු කරන්නට හදනවා නැතහොත් දෙවියන්වහන්සේව මහිමයට පත්කරන්නට හදනවා. අපගේ හෘද සාක‍ෂිය රහිතව කරන කි්‍රයාවන් බලපාන්නේ අපගේ හෘද සාක‍ෂිය සහිතව කරන කි්‍රයාවන් මතය. අවසානයේදී මෙම තීරණවල එකතුව මත අපි ආත්මිකද, මාංශික මනුෂ්‍යයන්ද යන වග තීරණය වේ.

 අප මුලින්ම වෙනස්වුවාට පසුව ගත් දස ලක‍ෂවන් තීරන ගැන සිතන්න. තමාගේ හෘද සාක‍ෂියට එකඟව දිනපතා නොයෙක් වාරයක් නිරන්තරයෙන්ම සිය කැමැත්ත ප්‍රතික්ෂේපකොට දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්න තෝරාගත් අය ආත්මික බවට පත්වී ඇත. අනෙක් අතට තමාගේ පව් කමාව උදෙසා පමණක් සතුටුවී එබැවින් තමාම සතුටු කරගන්න බොහෝවිට තෝරාගත් අය මාංශික ලෙසම පවති. එක එක්කෙනා ගත්තාවු තීරණවල බලපෑම ඔවුන්ගේ අවසාන තත්වයේ හේතුවයි.

 අද දින ඔබ කොතෙක් යටහත්ද, කොතෙක් ශ+ද්ධවන්තද, කොතෙක් ප්‍රේමනීයද යන වග, පසුගිය වසරවල නොයෙකුත් අවස්ථාවල්වලදී ඔබ ගත් දසදහස් තීරණවල ප්‍රතිඵලයවේ. ආත්මිකත්වය වනාහි දෙවියන්වහන්සේ සමග එක් හමුවීමකින් ලැඛෙන දෙයක් නොව සිය කැමැත්ත ප්‍රතික්ෂේපකර, දෙවියන්වහන්සේගේ කැමැත්ත, දවසින් දවස, සතියෙන් සතිය, වසරින් වසර කිරීමට නිරන්තරයෙන්ම තීරණය කිරීමෙනි.

 එකම දිනයේදී කි්‍රස්තුස්වහන්සේ වෙතට හැරී කැපවුණු සහෝදරයන් දෙදෙනෙකුගේ ආත්මිකත්වය කැපවී දස වසරකින් පසුව සලකන්න. එක්කෙනෙක් ආත්මික විමසීම් තුල සෙරු සහෝදරයෙකු බවට දැන් පත්වී ඇති බැවින්, දෙවියන්වහන්සේට සභාවේ බොහෝ වගකීම් පැවරීමට පුළුවන. අනෙක් සහෝදරයා තාම ආත්මික විමසීම් නැති ළදරුවෙක් බැවින්, ඔහුට නිතරම අන්අයගෙන් ආත්මික පෝෂණය සහ ධෛර්යය අවශ්‍යය.

 මේ දෙදෙනා අතර මෙතෙක් මහඟු වෙනසක් ඇතිකිරීමට හේතුවුයේ කුමක්ද?

 පිළිතුර නම් දස වසර තුළ ඔවුන්ගේ කිතුණු ජීවිතය තුළ දිනපතා ඔවුන් ගත් කුඩා තීරණ නිසාය.

 මොවුන් මෙයාකාරයටම පැවතුනොත්, තව දස වසරකින් ඔවුන් අතර වෙනස ප්‍රගුණවන්නේය. එබැවින් සදාකාලය තුල ඔවුන් අතර මහිමයේ වෙනස්වීමේ ප්‍රතිශතයේ වෙනස වොට් 2000 බල්බයක් සහ වොට් 5ක බල්බයකින් නික්මෙන එළියක් වන්නේය.

 එක් තාරකාවක් තවත් තාරකාවකගේ තේජසයෙන් වෙනස්ය - (1 කොරින්ති 15:41)

 අපි මෙවැනි අවස්ථාවක් ගැන සලකමු ඔබ නිවසකට ඇතුල්වන විට, එතන නොසිටින සහෝදරයෙකු ගැන අසුභවාදී ප්‍රශ්ණයක් කිරීමට ඔබව පරීක‍ෂාවට ලක්වු විට (ඔබ අකමැති සහෝදරයෙක්) ඔබ කුමක් කරන්නේද? ඔබ ඒ පරීක‍ෂාවට භාරවී ඒ සහෝදරයාව කෙලෙසනවාද නැතහොත් සාමාන්‍යයෙන් කරන්න පි්‍රයමනාප දේ පහකර ඔබේ කට වහගන්නවද? කිසිකෙනෙක් කිසිවිටක අන් කෙනෙකුට නපුරක් කථාකළ පලියටම දෙවියන්වහන්සේගෙන් ලාදුරුවක්, පිළිකාවකින්වත් පෙලෙන්නේවත් නැත. එබැවින් බොහෝ දෙනෙකුගේ වැටහීම නම් මෙවැනි පාප ඔවුන්ගේ ජීවිතවලට විනාශයක් නොවන බවයි. කණගාටුදායක කරුණ වන්නේ, ඔවුන් තමන්ව සතුටු කළ සෑම අවස්ථාවකදීම, ඔවුන් තමන්ව ටිකක් විනාශ කළ බව බොහෝ සහෝදර සහෝදරියන්ට අවබෝධ වෙන්නේ සදාකාලට තුළ පමණි. එවිට ඔවුන් පොළවේදී ඔවුන්ගේ ජීවිත නාස්ති කල ආකාරය ගැන කලකිරීමකට පත්වෙයි.

 යේසුස්වහන්සේද නාසෙරෙත්හිදී ගතකල වසර තිහ තුල මෙවැනිම අවස්ථාවලට පරීක‍ෂණයට භාජනය වූහ. එමස සැඟවෙච්ච වසර ගැන සඳහන් වන්නේ “ඔහු කිසිවිටක ඔහුව සතුටු කළේ නැති බවයි” (රෝම 15:3). ඔහු සැමවිටම ඔහුව සතුටු කිරීම ප්‍රතික්ෂේප කළා, එබැවින් ඔහු සැමවිටම පියා සතුටු කලා.

 යමෙකුට තම ජීවිතයේ තමන්ම සතුටු කිරීම විවිධ අංශ= තුල කල හැකිය. උදාහරණයකට කෑම සම්බන්ධයෙන් ඔබට බඩගින්නක් නොතිබුණත්, ඔබ යම් මුදලක් වැයකර රස ආහාරයක් මිළදී අනුභව කරන්න තීරණය කරන අවස්ථාවක් පිළිබඳ සලකන්න. මෙහි කිසිදු වැරැද්දක්වත් පාපයක්වත් නැත. නමුත් මෙය ජීවිතයේ යම්කිසි මාර්ගයක් ගැන සනාථ කරයි. ඔබට මුදල් ඇති බැවින් ඔබ කැමති දෙයක් මිලදී ගන්නවා, එය ඔබට අත්‍යවශ්‍ය වුවත් නොවූවත්, ඔබට සතුටු දේ ඔබ කරත්වා. ඔබට යම් දෙයක් ගන්න හිතුනොත් ගන්නවා, යම් තැනකට යන්න ආස නම් යනවා. ඔබට දවල් වෙනකන් නිදාගන්න හිතුනොත් නිදාගන්නවා. මෙවැනි ජීවිතයක අවසාන ප්‍රතිඵලය කුමක්ද? ඔබ නිතිපතා සබා රැස්වීම්වලට ගියත්, දිනපතා බයිබලය කියෙව්වත්, ඔහුගේ ගැළවීම නැතිනොවෙන්න පුළුවන්, නමුත් දෙවියන්වහන්සේ ඔහු වෙනුවෙන් ජීවත්වන්නට ඔබට දුන් එක් ජීවනය ඔබ නිරන්තරයෙන්ම නාස්ති කරගන්නේය.

 කෙසේ වෙතත් තව සහෝදරයෙක් වෙනස් ආකාරයෙන් කි්‍රයාකරන්නේය. ඔහු තම ශරීරය පාලනය කරන්න තීරණය කරන්නේය. ඔහුට බඩගිනි නැතිවිට අනවශ්‍ය දෙයක් කෑමෙන් වළකින්නට ඔහු තීරණය කරන්නේය. දිනපතා විනාඩි 15ක් කලින් අවදිවී දෙවියන්වහන්සේ සමඟ කල්ගත කරන්න ඔහු තීරණය කරන්නේය. යමෙක් වියරුවෙන් ඔහුට සැලකූ විට මෘදුව පිළිතුරක් දීමට ඔහු තීරණය කරනවා. යහපත්කමින් සහ ප්‍රේමයෙන් නිතරම වෙසෙන්ට ඔහු තීරණය කරනවා. ඔහු පුවත්පතක් කියවද්දී ඔහුගේ තෘෂ්ණාවන් පිනවන ප්‍රවෘත්ති නොකියවන්න ඔහු තීරණය කරනවා. සියලූම අවස්ථාවන්හි ඔහු යටහත්වී ඔහුගේ නිර්දෝෂභාවය ඔප්පු නොකරන්න ඔහු තීරණය කරනවා. ඔහුව ලෝකය කරා බලපෑම් කරන යම් මිත්‍රකම් අත්හැරීමට ඔහු තීරණය කරනවා. නිතිපතා ඔහුගේ සිය කැමැත්ත (ඔහුව තෘප්තිමත් කරන) ප්‍රතික්ෂේප කිරීමට තීරණය කිරීමෙන්, ඔහුගේ කැමැත්ත තුළ ශක්තිමත් වෙනවා දෙවියන්වහන්සේව පමණක් සතුටු කරන පිණිස අර අනවශ්‍ය දේ නොගැනීමෙන් ඔහුට නැතිවුණේ කුමක්ද, හෝ විනාඩි 15ක් කලින් අවදිවීම තුලින් හෝ මිනිස් හැඟීම් තුල පවතින ඔහුගේ ආත්ම ගරුත්වය අහිමිකොට සමාව අයදිමින් කිසිවක්ම නැත. නමුත් ඔහු අත්පත් කරගත්තු දෙය ගැන සිතන්න.

 පොඩි දේවල් තුල නිරන්තරයෙන්ම විශ්වාසවන්තව සිටින මෙවැනි මනුස්සයෙක් වසර කීපයක් තුල දෙවියන්වහන්සේට විශ්වාසවන්ත මනුෂ්‍යයෙක් වන්නේය. ඔහු සන්තක ඔහුගේ බයිබල් දැනුම නිසා නොව, නමුත් ඔහුව සතුටු නොකර දෙවියන්වහන්සේව සතුටු කරන පිණිස ගත් කුඩා තීරණ තුල ඔහු විශ්වාසවන්තව සිටින නිසාය.

 එබැවින් දුර්වල සිත් ඇත්තෙක් නොවන්න, ඔබගේ කැමැත්ත සැමිවිටම දෙවියන්වහන්සේ සතුටු කරන පිණිස කි්‍රයාවට නංවන්න. මේරූ කිතුණුවන් නම් කි්‍රයාවට නැංවීම තුල (වසර ගණනාවක් තුල සිය කැමැත්ත නිවැරදි මාර්ගය ඔස්සේ යොමු කරමින්) ලබපු පුහුණුව නිසා නපුර සහ යහපත විමසා බලන්ට ඔවුන්ගේ ඉන්ද්‍රියන් පුරුදු වු අයයි (හෙඛෙව්්‍ර 5:14).

 නිදර්ශනයක් සලකමු. තරබාරු මිනිසුන් දෙදෙනෙක් ඔවුන්ගේ තරබාවය ඉවත් කරගන්නා පිණිස වෛද්‍යවරයෙක් හමුවෙති. වෛද්‍යවරයා ඉදිරි මාස දොළහට ව්‍යායාම් මාලාවක් ඔවුන්ට දුන් කල, එක් අයෙක් නිතිපතා විනයානුකූලව දිනපතා ඒ ව්‍යායාම් කිරීමෙන් ඔහුගේ තරබාවය අඩුකිරීමෙන් ශක්තිමත් වෙනවා. අනෙක් මිනිසා මුල් දවස් ටිකේදී එය පිළිපැදලා, පසුව යම් කාලයකට එය ගැන තැකීමක් (විනයක්) නැතිව අවසානයට එය සම්පුර්ණයෙන්ම අතහැර දමනවා. විනය නැතිකම නිසා ඔහුගේ බඩ තවතවත් වැඩිවී මැරෙන්නට යුතු කාලයට ප්‍රථම මැරනෙවා. මෙය අපි දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට, අපේ කැමැත්ත ශක්තිමත් කරගැනීමට හෝ දුර්වලවී යක‍ෂයාට අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩහැරීමේ කදිම නිදසුනකි.

 මට මතකයි එක් තරුණ දේව සේවකයෙක් ගැන කියවන්ට ලැබීම පමණට වඩා රූපවාහිනිය නරඹන බව ඔහුට වැටහී (පවිත්‍ර වැඩසටහන් පමණක් ඔහු නැරඹුවත්) රූපවාහිනිය විකුණන්ට පමණක් නොව ඒ කාලය දිනපතා යාච්ඤාවෙන් නිරතවන්න ඔහු එක් දවසක තීරණය කළා. ඔහු ගත් ඒ කුඩා තීරණය සහ එය නොකඩවා පැවැත්වීමේ ප්‍රතිඵලය වූයේ, දෙවියන්වහන්සේ ඔහුට දහස් ගණනාවකට ආශිර්වාද ලත් සේවාවක් පිරිනැමීමයි.

 රූපවාහිනියේ පවිත්‍ර වැඩසටහන් නැරඹීමේ කිසිදු වරදක් නොදකින අය, දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් දේ භාර නොදෙන බවද වටහාගන්නේය. මන්ද ඉතා ඕනෑකමින් ඔහුව සොයන අයට ඔහු විපාක දෙන්නේය, (හෙඛෙව්්‍ර 11:6) සහ ඔහු තුළ කිසිම පක‍ෂපාතකමක් නොමැත.

 කෑම, මුදල්, නින්ද, කියවීම් ආදි කරුණු තුල, ඔබ ඔබවම සතුටු කරනවාද, එය ප්‍රතික්ෂේප කරනවද යන සුළු තීරණ මත අද දින ඔබ කුමන කෙනෙක්ද යන වග ස්ථාපිත වෙනවා.

 කාලය ඉතා සීඝ්‍රයෙන් ගෙවී යනවා. තම ජීවිතය තමන් සතුටු කරමින් ජීවත්වු අවුරුදු හතලිහ ඉක්මවාපු අයට දැන් දෙවියන්වහන්සේට මහඟ =දෙයක් කිරීමට බලාපොරොත්තුවක් තබාගත නොහැක, මන්ද ඔවුන් සතුව තිබු හොඳම කාලය නාස්තිකර ඇති බැවිනි. ඒ අතීත කාලය දැන් පහව ගොස් - සඳහටම නැතිවී ඇත. සර්වබලධාරි දෙවියන්වහන්සේට පවා එය නැවත ඔබට දිය නොහැක. එහෙත් මේ මොහොතේදීවත් ඔබ පසුතැවිලි වුවහොත්, ඔබගේ ජීව්තයේ ඉතුරු කාලය තුල දෙවියන්වහන්සේට යම් ප්‍රයෝජනවත් දෙයක් කරන්න හැකි වන්නේය.

 නමුත් යෞවනයේ සහ අවුරුදු විසිගණන්වල පවතින අයට මට මූලිකව කථාකිරීමට අවශ්‍යය. අන් අයට ආශිර්වාදයක් වන පිණිස දෙවියන්වහන්සේට ඔබව ආශිර්වාද කිරීමට අවශ්‍ය බව මම ඔබට අඟවනවා. ඔබට අවුරුදු තිහ හෝ තිැ්පහ වනවිට උන්වහන්සේගේ සභාවේ විශිෂ්ඨ සේවයක් ඔබට පිරිනැමීමට ඔහුට අවශ්‍යය. නමුත් ඔබගේ ජීවිතයේ ඉදිරි දස වසර තුල පමණ ඔබ විශ්වාසවන්ත කෙනෙක් ලෙස ඔහුට සොයාගන්න හැකිවේවිද? එහෙයින් ඔබගේ ජීවිතය තුල ඔහුගේ කැමැත්ත ඉෂ්ඨ කරන්න පුළුවන් වන පිණිස.

 මේ මොහොතේ සිට ඔබ විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨාන කලොත් සදාකාලයේදී ඔබට කිසිදු කලකිරීමක් ඇතිනොවන්නේය. ඔබගේ පැරණි ජීවිත කාලය සිට මේ මොහොත දක්වා කොතෙක් අසාර්ථක වුවත්. එබැවින් ජීවිතය ගැන වගකීමකින් යුක්තව සිතන්න. යේසුස්වහන්සේ මාංශයෙන් යුක්තව නාසෙරෙත්හිදී ගතකරපු ජීවිතය ගැන සිතා, ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න. “මම මේ පොළවට ඉපදී තිඛෙන්නේ මගේ සිය කැමැත්ත එපාකොට මගේ ස්වර්ගික පියාගේ කැමැත්ත කරන පිණිසය” යනුවෙන් ඔබටම කියාගන්න.

 ඔබ සිතනවාද මම දැන් කියන මේ කාරනා අති වැදගත් දෙයක් හැටියට භාරගන්න යක‍ෂයා ඔබට ඉඩදෙයි කියා? නැහැ. ඌ තව ඇතිවෙන්න කල් තියෙනවා කියා ඔබට පවසයි. මෙවැනි මමත්වයට පිටුපා ජීවත්වීම මහඟ =පීඩනයක් බව ඔබට පවසයි. ඔබ ඔබව සතුටු කරගන්නවාට හෝ ඔබගේ ආශාවන් අතන මෙතන ටිකක් පිනවන විට දෙවියන්වහන්සේ එතරම් විරුද්ධ වන්නේ නැතැයි ඔබට පවසයි. ජීවිතේ ගැන සුළුකොට සිතන්න වැනි වදන් ඔබට පවසයි. මන්ද? ඔබ ජීවිතයේ කිසිම අරමුණකින් තොරව ඊළඟ අවුරුදු විස්ස තුළදී නිකරුණේ පාවෙලා අවසානයේදී අවදිවීමයි ඌගේ අවශ්‍යතාවය. තරුණයිනි සාතන්ට ඔබව රවට්ටන්න දෙන්න එපා. දෙවියන්වහන්සේ ඔබට එක් ජීවිතයක් පමණයි දී තිඛෙන්නේ. කාලය සීඝ්‍රයෙන් ගෙවෙනවා. එය නාස්ති කරන්න එපා.

 ඔබ අවට අප්‍රමාණ ඇදහිලිවන්තයින් (අලූත් හා ජීවමාන මාර්ගය අවබෝධ වු අය අතර පවා) මෙවැනි විනයානූකූල, මුළු හදවතින්ම ජීවත්වෙන්ට කිසිදු උවමනාවක් නැති අය සොයාගන්න පුළුවන්. ඔවුන්ව විනිශ්චය නොකරන්න. පරිසියෙකු වී ඔවුන්ව පිළිකුල් කරන්න එපා. ඔබ ඔවුන්ගේ දේවල් ගැන ඇඟිලි ගසන්නේ නැතුව, තමුන්ගේ වැඩක් බලාගන්න. ඔවුන් ගැන හොඳම දේ විශ්වාස කරමින්, ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. එහෙත් ඒ අතරම ඔවුන්ගේ ආදර්ශය අනුගමනය නොකරන්න. ඔබ වෙනස් කෙනෙක් වෙන්න. යේසුස්වහන්සේ පමණක් ඔබගේ ආදර්ශය කරගන්න. ඔබට ඔබගේ ජීවිතය පිළිබඳ කැඳවීමක් තිඛෙනවා, එබැවින් මේ පොළොවේ මොන දේ අහිමිවුවත්, ඒ දේ අහිමි කරගන්න කිසිසේත් පුළුවන්කමක් නොමැත. කි්‍රස්තුස්වහන්සේගේ විනිශ්චයේ සිංහාසනයේදී, ඔබට ඔබගේ ජීවිතය ගැන ගණන් දෙන දවස ගැන නිතරම සිතන්න. 

 එනිසා ඔබගේ ජීවිතයේ සිදුවුණ අතපසුවීම් අමතක කරන්න. ඔබගේ පාප ගැන අන්තගාමී ලෙස පශ්චාත්තාපවී, පැමිණෙන දවස් තුල, මුළු හදවතින් උන්වහන්සේ වෙනුවෙන් ජීවත්වෙන්න. දෙවියන්වහන්සේ ඔබට සමාව දීලා, ඔබගේ අතීතය මකා දමන සේක. ඔබගේ අසාර්ථකකම් පිළිබඳ කලකිරෙන්නට එපා, නැතිනම් ඔබගේ අනාගතයේදී පවා සැබෑ දෙවියන්වහන්සේගේ කැඳවීමෙන් (සැලැස්මෙන්) ඉවතට පාවී යන්න පුළුවන. ඔබගේ අසාර්ථකකම් ගැන මතකය, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන ඔබ අද දින කවරෙක් බවට පත්වී ඇත්දැයි දැනගැනීමට උපකාර වන්නේය. එසේම ඔබගේ මුහුණ දෙවියන්වහන්සේ ඉදිරියේ දූවිලි තුල පවත්වන්නට ඔබට ඉඩ සලස්වන්නේය. ඔබ සැබෑ දේව මිනිසෙක්$කාන්තාවක් වීමට තරයේම අධිෂ්ඨාන කරන්න. අසන්නට කන් ඇති තැනැත්තා අසත්වා.