WFTW Body: 

දිනපතා දෙවියන් වහන්සේට සවන් දීමට කාලය ගන්න.

කථාකළ මැනව ස්වාමීනි, ඔබවහන්සේගේ මෙහෙකරු සවන් දෙමින් සිටී” කී, සාමුවෙල්ට තිබූ ආකල්පය අප සියල්ලන්ටම තිබිය යුතුය”.

 

බයිබලයේ පළමු පරිච්ඡේදයේම නිතර දක්නට ලැබෙන වාක්‍ය ඛණ්ඩයක් වන්නේ මෙයයි: "එවිට දෙවියන් වහන්සේ පැවසූ සේක්".

දෙවියන් වහන්සේ අවුල්සහගත පෘථිවිය ප්‍රතිනිර්මාණය කළ විට, එම පළමු දින හයේ සෑම දිනකම යමක් පැවසූ සේක. දෙවියන් වහන්සේ කථා කළ සෑම අවස්ථාවකම පෘථිවිය වඩා හොඳ තැනක් බවට පත් විය.

එමනිසා, බයිබලයේ මුල් පිටුවේදීම අපි ඉතා වැදගත් සත්‍යයක් ඉගෙන ගන්නෙමු සෑම දිනකම අප හට - දෙවියන් වහන්සේට පැවසීමට අවශ්‍ය දේ අප ඇසිය යුතුය. තවද දෙවියන් වහන්සේ අපට දිනපතා පවසන දෙයට අප යටත් වුවහොත්, අප වඩා හොඳ සහ වඩා ප්‍රයෝජනවත් කිතුණුවන් බවට පරිවර්ථනය වනු ඇත.

දෙවියන් වහන්සේ අපට පවසන දේ ඇසීම සහ බයිබලය කියවීම අතර විශාල වෙනසක් ඇත. ස්වාමින් වහන්සේව කුරුසියේ ඇණ ගැසුවේ තම බයිබලය දිනපතා අධ්‍යයනය කළ අය බව මතක තබා ගන්න. ඔවුන්, ඔවුන්ගේ බයිබල් අධ්‍යයනය කළ නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ හදවත්වලට කථා කරන බව කිසිවිටෙක ඔවුන්ට ඇසුණේ නැත (ක්‍රියා 13: 27 බලන්න). අපිත් මුහුණ දෙන අනතුර එයයි. ඉන් පසු අපටත් ඔවුන් අන්ධවූ තරමටම අන්ධ විය හැකිය.

දෙවියන් වහන්සේට දිනපතා අපට කථාකිරීමට අවශ්‍ය බවද උප්පත්ති 1හි අපට උගන්වයි. නමුත් බොහෝ කිතුණුවෝ දෙවියන් වහන්සේට දිනපතා ඇහුම් කණ් දෙන්නේ නැත. ඔවුන් මිනිසුන් විසින් ලියූ දේ පමණක් කියවති !

උත්පත්ති 1 හි, දෙවියන් වහන්සේ කථා කරන සෑම විටම ආශ්චර‍්‍යමත් දේවල් සිදු වූ බව අපි කියවන්නෙමු. දෙවියන් වහන්සේ මුලින්ම අපගේම හදවත්වලට පැවසූ දේ දේශනා කළහොත් අපගේ දේව සේවයේදී පවා එය එසේම විය හැකිය.

පාවුල්තුමා තිමෝතිට පැවසුවේ තමා සහ අන් අයව ගළවා ගැනීමට අවශ්‍ය නම්, ඔහුගේ ඉගැන්වීමට පෙර පළමුව තම ජීවිතය ගැන සැලකිළිමත් වන ලෙසයි (1 තිමෝති 4: 16). ස්වයං-මුළාවීමෙන් බේරීමට ඇති එකම මාර්ගය දෙවියන් වහන්සේ අපට පවසන දේ ඇසීමයි.

යේසුස් වහන්සේ වරක් මාර්තාට තරවටු කළේ උන්වහන්සේගේ කථාවට සවන් දුන් මරියා මෙන් නොවී බොහෝ වැඩවල කාර්යබහුල වීම ගැනයි. අපගේ ස්වාමින් වහන්සේ තවදුරටත් පැවසුවේ මරියා කළ දේ ජීවිතයේ අවශ්‍ය එකම දෙය බවයි (ලූක් 10: 42). කථාකළ මැනව ස්වාමීනි, ඔබවහන්සේගේ මෙහෙකරු සවන් දෙමින් සිටී” කී, සාමුවෙල්ට තිබූ ආකල්පය අප සියල්ලන්ටම තිබිය යුතුය.

බයිබලයේ මුල් පිටුවේ අප දුටුවේ කුමක්ද? දෙවියන් වහන්සේ කථා කළ ඕනෑවිටක, යමක් වහාම ඉටු විය: ආලෝකය නිපදවන ලදී, පෘථිවිය ජලයෙන් මතු විය, ගස්, මාළු සහ සතුන් මවන ලදී යනාදිය.

 

යෙසායා 55: 10, 11 අපට පවසන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචනය දෙවියන් වහන්සේ ආශා කරන දේ ඉටු නොකර එය කථාකළ කාරණය සාර්ථක නොවී කිසිදා හිස්ව ආපසු හැරී නොඑන බවයි.

ලෝකයේ සියලුම මිනිසුන් විසින් මෙම පදවල ඇති ඉතා අගය කරන වචන දෙකක් සැළකිල්ලට ගන්න - “ඉටුකරගැනීම” සහ "සාර්ථකත්වය"

අපි සැවොමගේම ජීවිතයේ යම් දෙයක් ඉටුකරගැනීමට අවශ්‍ය වන අතර, අප සියල්ලන්ටම අවශ්‍ය වන්නේ සාර්ථක වීමටයි. නමුත් ජීවිතය කෙටි වන අතර සාර්ථකත්වය සහ ඉටුකරගැනීම සඳහා විවිධ ක්‍රම අත්හදා බැලීමට අපට කාලය නැත - නිසැකවම ආත්මික කාරණාවලදී. අප ස්වාමින් වහන්සේගේ කාර‍්‍යය කිරීමට යම් ක්‍රමයක් අත්හදා වසර 20කට පසුව දෙයක් කිරීමේදී එය දෙවියන් වහන්සේගේ ක්‍රමය නොවන බවත්, අප සිටියේ වැරදි මාර්ගයේ බවත් සොයාගැනීම නොකළ යුතුය! දෙවියන් වහන්සේ කියන වචනයට සවන් දෙන්නේ නම්, කාලය නාස්ති කිරීමෙන් අපට ගැළවෙන්නට පුළුවන. එය සැමවිටම සාර්ථකත්වය ඉටුකරගැනීමට අප ගෙන එනු ඇත.