WFTW Body: 

සම්පූර්ණ සුභාරංචිය පොතෙන්

බයිබලයෙහි අපේ කාලයට මහත්සේ අදාලවන ප්‍රතිවිරුද්ධ (අසමාන) වූ සේවාවන් දෙකක් අප කියවන්නෙමු.

දානියෙල්ගේ සේවාව

දානියෙල් ඔහුගේ පරම්පරාවේ නොඇඳහිළිවන්ත භූමියක දෙවියන් වහන්සේට පාවිච්චි කළහැකිවූ මනුෂ්‍යයෙකු විය. බබිලෝනියෙන් අල්ලාගත් අනිකුත් යුදෙව්වන් සමඟ ඔහු තරුණයෙකුව සිටියදී " අපවිත්‍ර (නොකෙලෙසී සිටීමට) නොවීමට ඔහු තම හදවතින් අදිටන් කළේය" (දානියෙල් 1: 8).

“දෙවියන් වහන්සේ , උන්වහන්සේගේ සභාව පවිත්‍රථාවයේ ආරක්ෂා කිරීමට ඊර්ෂ්‍යා වේ”

අල්ලාගත් යුදෙව්වන් අතර තවත් මනුෂ්‍යයන් තිදෙනෙකු වූ - හනනියා, මීශායෙල් සහ අසරියා - තරුණ දානියෙල් දෙවියන් වහන්සේ වෙනුවෙන් ගත් මෙම ස්ථාවරය දුටුවෝය. මෙය ඔවුන් වම, දෙවියන් වහන්සේ උදෙසා නිර්භීත වීමටත් සහ ස්ථාවරයක් ගැණීමටත් (නැඟී සිටීමටත්) සහ දානියෙල් සමඟ එකතු වීමට ද ධෛර්‍යමත් කළේය ( දානියෙල් 1: 11). දෙවියන් වහන්සේ උදෙසා ස්ථාවරයක් ගැණීමට ඔවුන්ටම ධෛර්‍යය නොතිබිණි. නමුත් දානියෙල් ස්ථාවරයක් ගැණීම ඔවුන් දුටුවිට ඔවුන්ද නිර්භීතවුණි. දෙවියන් වහන්සේ උදෙසා තනිවම ස්ථාවරයක් ගැණීමට නිර්භීතකමක් නොමැති එවැනි කිතුණුවන් බොහෝ දෙනෙක් ලෝකයේ සිටී. නමුත් යම් තැනක දානියෙල් කෙනෙකු ස්ථාවරයක් ගන්නා බව ඔවුන් දකිනවිට ඔවුන් ඔහු සමඟ එකතුවේ. එනිසා අද දවසේ දෙවියන් වහන්සේ දානියෙල්ලාව සොයන සේක.

ඔබ දෙවියන් වහන්සේ ට - එවැනි දානියෙල් කෙනෙකු වන්නේද? ඔබ "මම ගෝලකම ගැන දේව වචනයේ ඉගැන්වීම් (ලූක් 14: 26 – 33), හෝ යේසුස් වහන්සේ කළ කන්ද උඩ දේශනාව (මතෙව් 5 සිට 7 දක්වා), හෝ අලුත් ගිවිසුම ගැන (රෝම 6: 14), හෝ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගැන ( එපීස 4: 11-16), හෝ ඕනෑම දෙයක් ගැන, දේව වචනයෙහි ඉගැන්වීම් ගැන කිසිදා මධ්‍යම ප්‍රතිපදාවක් නොරකිමි. මම මධ්‍යම ප්‍රතිපදාව රකින පාස්ටර් කෙනෙකු හෝ වැඩිමහල් සහෝදරයෙකු හෝ ඕනෑම ඇඳහිළිවන්තයෙකු සතුටු කිරීමට බලාපොරොත්තු නොවෙමි. මම 100% ක් දෙවියන් වහන්සේගේ වචනය පවසන දෙය කෙරෙහි ස්ථාවර වෙමි (සිට ගනිමි) යි" පවසනවාද.

අද එවැනි දානියෙල් ගේ - සේවාව මෙන් සේවාවක ට ලෝකයේ මහත්වූ අවශ්‍යථාවයක් ඇත - "බොහෝ දෙනා ධර්මිෂ්ඨ කමට යොමු කරන්නාවූ" පුරුෂයින් සහ ස්ත්‍රීන් අවශ්‍යය ( දානියෙල් 12: 4). එම පදය ධර්මිෂ්ඨ කම ගැන දේශනා කරන්නා වූ දේශකයින්ට අදාල නොවේ - නමුත් තම වචනයෙන් සහ ජීවිතයෙන්, අන් අය ධර්මිෂ්ඨකමට යොමු කරන්නා වූ සාමාන්‍ය ඇඳහිළිවන්තයින් හටවේ.

ලුසිෆර්ගේ (යක්ෂයාගේ ) - සේවාව

මෙම "දානියෙල්ගේ සේවාව" ට හාත්පසින් ම ප්‍රතිවිරුද්ද වූ තවත් සේවාවක් අප ශුද්ධ ලියවිලෙහි කියවන්නෙමු. ඒ "ලුසිෆර්ගේ - සේවාවයි".

එළිදරව් 12: 4 හි, ලුසිෆර් (සාතන් බවට පත්වූ - යෙසායා 14: 12 – KJV ) ඔහු සමඟ තුනෙන් එකක් වූ ස්වර්ගයේ දේවදූතයින් (තාරකා) ඇදගෙන ගිය බව අප කියවන්නෙමු. (යෝබ් 38: 7 දේවදූතයින් "තාරකා" ලෙස හැඳින්වේ සහ ලුසිෆර් "උදෑසන තාරකාව" ලෙස හැඳින්වේ යෙසායා 14: 12). දෙවියන් වහන්සේට විරුද්ධව ඔහුගේ කැරැල්ලේදී - මිළියන ගණනක් වූ දේවදූතයින්ගෙන් තුනෙන් එකක් ඔහු සමඟ සම්බන්ධ කරගැණීමේදී ඔහු සාර්ථකවිය. කැරළිකාර සියළුම දේවදූතයින් ලුසිෆර් විසින් එකට එකතුකරගන්නා තුරු දෙවියන් වහන්සේ ඉවසූ සේක. ඉන්පසු උන්වහන්සේ ඒ සියළු දෙනා උන්වහන්සේගේ අභිමුඛයෙන් එකවිටම පන්නා දැමූසේක. මොවුන් දැන් ලොවපුරා සැරිසරමින් මිනිසුන් අත්පත් කරගන්නා (ආවේස කරගන්නා) පිශාචයෝ වේ.

දෙවියන් වහන්සේ ලුසිෆර්ට බොහෝ දූතයින් නොමඟ හැරීමට ඉඩ හැරියේ ඇයි? ඒ අසන්තෝෂයෙන් (බලවත් අමනාපයෙන්) කැරළි ගසමින් සිටින දේවදූතයින්ගෙන් ස්වර්ගය පවිත්‍ර කිරීම සඳහාය . එම දේවදූතයන් තුළ පැවතුණා වූ කැරළිකාර ආත්මය, ලුසිෆර් නැගිට ඒ දේවදූතයින්ට කථා නොකළේ නම් සහ ඔවුන්ව දෙවියන් වහන්සේට විරුද්ධව කැරල්ළකට නොපෙළඹුවේ නම්, අනාවරණය නොවන්නට තිබුණි.

මෙලෙස ම අද දවසේ ද, දෙවියන් වහන්සේ සභාවෙහි ලුසිෆර්-සේවායක් කිරීමට සහෝදරයන්ට සහ සහෝදරියන්ට ඉඩ හරින්නේය. සභාවෙහි අධිකාරියට එරෙහිව එහේ මෙහේ ඇවිද විවිධ ඇඳහිළිවන්තයන් හමුවීමට, ඊ මේල් යැවීමට, කේලාම් කීමට, චෝදනා කිරීමට, බොරු කියමින් නපුරුදේ කථා කිරීමට (පැරණි ලුසිෆර් වැනි) සභාවෙහි සිටින කැරළිකාර හා අසන්තෝෂයෙන් (බලවත් අමනාපයෙන්) සිටින ලෝකාකාර "ඇඳහිළිවන්තයින්" හඳුනා, නිරාවරණය වන පිණිස දෙවියන් වහන්සේ අවසර දෙන සේක. එවිට ඔවුන් එක්කෙනා බැගින් එක්කෙනා හෝ එක්ව සියළු දෙනා සභාවෙන් පිටව යති. මෙලෙස තම තමන්ගේ සභාව ක්‍රිස්තු ශරීරයෙහි වඩාත් පවිත්‍ර ප්‍රකාශයක් (ස්වභාවයක්) වනු (ස්වර්ගය පවිත්‍ර වූවාසේ ම) ඇත.

දෙවියන් වහන්සේ මුල් ලුසිෆර්ව වසර මිළියන ගණනකට පෙර ස්වර්ගයේ එහේ මෙහේ යෑමෙන් නොවැළැක් වූවා සේම, අද දවසේ ද එවැනි ලුසිෆර්-සේවාවක යෙදෙන අයව සභාවේ එහේ මෙහේ යෑමෙන් නොවළකන සේක. එය සභාව පවිත්‍ර කරන, දෙවියන් වහන්සේගේ ක්‍රමයයි.

නමුත් එවැනි ලුසිෆර්-සේවාවේ යෙදෙන අය ගැන අප ඇඳහිළිවන්තයින්ට අනතුරු ඇඟවිය යුතුය. පාවුල්තුමා මෙලෙස පවසමින් ඇඳහිළිවන්තයින්ට අනතුරු ඇඟවූවේය "සහෝදරයෙනි නුඹලා ට ඉගැන් වූ ධර්මයට පටහැනි (විරුද්ධ) වූ දේ උගන්වා, භේද (බෙඳීම්), හා බාධාවට හේතුවූ දේවල් උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. මක්නිසාද එබඳු අය අපගේ ස්වාමීවූ ක්‍රිස්තුස් වහන්සේට නොව තමුන්ගේ ම බඩට සේවය කරමින්, චාටු බස් දොඩමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අහිංසක මිනිසුන් මුළා කරති (රෝම 16: 17,18 – NLT).

අප එවැනි මිනිසුන් හට කළහැකි දේ ගැන බිය නොවෙමු. එනිසා අප ඔවුන් සමඟ සටන් නොකරන්නෙමු. ඔවුන්ට සභාව දූෂණය කළ නොහැකිය. ඔවුහු, දෙවියන් වහන්සේගේ උද‍්‍යානයෙන් වල්පැලෑටි උඟුල්ලනවා පමණි. එබැවින් ඔවුහු සැබවින්ම සභාව පවිත්‍ර කිරීමෙන් අපට සේවය කරති! දෙවියන් වහන්සේගේ සභාව උන්වහන්සේ ම ආරක්ෂා කරනසේක.

යොහාන් අපෝස්තුළුවරයා පවසන ලෙස "නමුත් ඔවුන් අපගේ සහෝදරත්ව සහභාගිකමට අයිතිව සිටියේ නැත. ඔවුන් අපගේ සහෝදරත්ව සහභාගිකමට අයිතිව සිටියේ නම්, අප සමඟ රැදෙන්නට (සිටින්නට) තිබුණි. නමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශ වන පිණිස ඔවූහු අපෙන් අහක්ව ගියෝය" (1 යොහාන් 2: 19- TEV).

දෙවියන් වහන්සේගේ සභාව විනාශ කිරීමට උත්සහ කරන සියළු දෙනා උන්වහන්සේ විනාශ කරන සේක. (1 කොරින්ති 3: 17). එහෙත් කිසිවෙකුගේ විනාශය දෙවියන් වහන්සේගේ අරමුණ නොවේ. අපත් එසේමය. දෙවියන් වහන්සේ විනිශ්චය කිරීමට පෙර බොහෝ වේදනා විඳිමින් ඉවසන සේක, මක්නිසාද කිසිවෙකු විනාශවීම උන්වහන්සේ ට අවශ්‍ය නොවේ. උන්වහන්සේ ට අවශ්‍ය වන්නේ සියළු දෙනා පසුතැවිළිවීම ය . අපත් එසේමය.

නෝවාගේ කාලයේ දෙවියන් වහන්සේ අවුරුදු 120 ක් ඉවසූසේක. නමුත් දෙවියන් වහන්සේ විනිශ්චය කරන කළ උන්වහන්සේගේ විනිශ්චය ඉතා දරුණු ය.

බෙදීම් වලදී දෙවියන් වහන්සේගේ අරමුණ

ඕනෑම සභාවක කිසිදා කිසිම බෙඳීම් නොවුනි යැයි පාරට්ටු කරගැනීම අඥාන කමකි. අප දකින ලෙස ආරම්භයේ සිට ම ස්වර්ගයේ පවා දේවදූතයන් අතර බෙඳීමක් විය. එවැනි බෙඳීම් අවශ්‍යවේ. දෙවියන් වහන්සේගේ අනුමැතිය ලත් අය ප්‍රකාශයට පත්වන පිණිස (1 කොරින්ති 11:19), ශුද්ධාත්මයාණන් වහන්සේ පවසන්නේ "නුඹලා අතරේ (සභාවෙහි) බෙඳීම් තිබීම අවශ්‍ය” බවය.

පළමු දවසේ දෙවියන් වහන්සේ ආලෝකය මැවූ විට "උන්වහන්සේ ආලෝකය යහපත් බව දුටු සේක" ඊළග මොහොතේ ම උන්වහන්සේ කළ අනිත් දෙය නම් "උන්වහන්සේ ආලෝකය අන්ධකාරයෙන් වෙන් කිරීම ය" (උත්පත්ති 1: 4). එතැන් සිට මේ දක්වා උන්වහන්සේගේ සභාවෙහි, දෙවියන් වහන්සේ එය කරමින් සිටී - මක්නිසාද ආලෝකයට අන්ධකාරය සමඟ කිසිදු සහෝදරත්වයේ සහභාගිකමක් පැවැත්වීමට නොහැකිය. එවැනි වෙන්කිරීමක් නොමැති කළ, පොළොවේ දෙවියන් වහන්සේගේ සාක්ෂිය සභාවෙහි දූෂණය (කිළිටි) වේ. එනිසා අප පසුපසට වී අපට වඩාත් පවිත්‍ර වූ සභාවක් ඇතිවන පිණිස, මිනිසුන්ට ඔවුන්ගේ ලුසිෆර්-සේවාව කිරීමට ඉඩ හරින්නෙමු! සැබැවින්ම දෙවියන් වහන්සේගේ මාර්ග මවිත කරවනවන සුළුය.

අප සැමටම දානියෙල්-සේවාවක් (සභාව තුළ එකමුතුභාවය සහ සහභාගිත්වය ඇතිකරන) හෝ ලුසිෆර්-සේවාවක් (විසංවාදය වපුරණ) කිරීමට පුළුවන. දෙවියන් වහන්සේ විසංවාදය වපුරණ සියල්ලන් පිළිකුල් කරනසේක (හිතෝපදේශ 6: 16 – 19). නමුත් මේ කාරණයේදී අපට මධ්‍යස්තව සිටිය නොහැක, මන්ද යේසුස් වහන්සේ සමඟ රැස් නොකරන්නා අය, මිනිසුන්ව උන්වහන්සේගෙන් පළවාහරින බව යේසුස් වහන්සේ පැවසූ සේක. සභාවෙහි ඇත්තේ සේවාවන් දෙකක් පමණි - රැස්කිරීම සහ විසුරුවා හැරීම ය ( මතෙව් 12: 30).

අපගේ සභාවන් හි, ගෞරවය සහ තණතුරු බලාපොරොත්තු වූ අය, හෝ විවාදාත්මක (මතබේදකාරී) ආත්මයන් ඇති අය, හෝ තමන්ට වඩා ආත්මිකව ඉදිරියට යන තරුණ සහෝදරයන්ට ඊර්ෂ්‍යා කරන අය, ස්වාමින් වහන්සේ විස්මිත සහ දක්ෂ (නිපුණ) ලෙස එළිදරව් කර අප මධ්‍යයෙන් ඉවත් කිරීම පිණිස නොයෙක් සිදුවීම් සකස්කර තිබේ. දෙවියන් වහන්සේ එවැනි "ප්‍රඥාවන්ත" මනුෂ්‍යයන් "ඔවුන්ගේ උපායන් වලින්ම" අසුකරගෙන ( 1 කොරින්ති 3: 19) සහ සභාව කොල්ල කෑමේ (පැහැරගෙන යාමේ) ඔවුන්ගේ රහසිගත සැළසුම් නිෂ්‍ඵල කර ඇත! එය ස්වාමින් වහන්සේ ගේ නාමයට පවිත්‍ර වූ සාක්ෂියක් අප සභාවන් තුළ පැවැත්වීමට, උන්වහන්සේගේ අධිකතර අභිලාෂයෙන් අප කෙරෙහි දක්වන ආරක්ෂාවෙහි සංකේතයක් ය.

උන්වහන්සේ සාතන්ගේ පහරදීම් වලින් අප ආරක්ෂා කිරීම පිණිස නිරන්තරයෙන් අප දෙස බැලීම ගැන අප ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්නෙමු. "ස්වාමින් වහන්සේ නුවර ආරක්ෂා නොකරන සේක්නම්, රැකවලා නිකරුණේ අවදිව සිටියි" ( ගීතාවලිය 127: 1). ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ ආශිර්වාද වලට අණ කළ හැකි වන්නේ සහෝදරයින් එකට එක්සිත්ව වාසය කිරීමේ දී පමණකි (ගීතාවලිය 133: 1, 3). නිරයේ දොරටුවලට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබිය හැකි වන්නේ, එක්සිත් වූ සභාවකට පමණකි. ශුද්ධාත්මයාණන් වහන්සේ අප මධ්‍යයේ බලවත් ලෙස ක්‍රියා කරමින්, එම එක්සිත්කමට බාදා කරන සියළු දෙනා ඉවත් කර, අපගේ සියළුම සභාවන් තුළ එක්සිත් වූ ශරීරයක් ලෙස අපව ආරක්ෂා කරයි.

අනාගතයේදී ද පවා ස්වාමින් වහන්සේ අප මධ්‍යයේ දිගටම මෙම ක්‍රියාව කරන පිණිස අප යාච්ඤා කළයුතුය - මක්නිසාද අප මධ්‍යයේ ඕනෑම අවස්ථාවක මනුෂ්‍යයන්ට උඩඟුවීමට සහ තමුන්ගේ දේ (කැමැත්ත) සෙවීමට ඉඩ ප්‍රස්ථාව තිබේ. කෙසේ නමුත් අපට දෙවියන් වහන්සේගේ පොරොන්දුව නම් "මම නුඹලා මධ්‍යයෙන් උඩඟු උසස් වෙන්නා වූ අය ඉවත් කරන්නෙමි........සහ මම නුඹලා අතරෙහි ස්වාමින් වහන්සේගේ නාමයෙන් රැකවරණය ලබන යටහත් වූ දිළිදු වූ සෙනඟක් ඉතිරි කරන්නෙමි" ( ෂෙපනියා 3: 11,12). සභාව එකත්වයෙන් ගොඩනැඟිය හැක්කේ, එවැනි යටහත්, දිළිඳු සෙනඟක් සමඟ පමණි.

දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සභාව පවිත්‍රථාවයේ ආරක්ෂා කිරීමට ඊර්ෂ්‍යා වේ, උන්වහන්සේ නිසි වේලාවට දේවමාලිගාවෙන් මුදල් මාරු කරන්නන් පන්නා දැමුවාසේ ම, තම (සිය) කැමැත්ත සොයන්නන් උන්වහන්සේගේ ම ක්‍රම අණුව සහ උන්වහන්සේගේ ම වේලාවේදී එළිදරව් කොට ඉවත් කරන සේක.

මෙම අන්තිම කාලයේ දී දෙවියන් වහන්සේට අවශ්‍ය ආකාරයට අප ජීවත් වී - දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා, ක්‍රිස්තුස් වහන්සේගේ සභාව පවිත්‍ර සාක්ෂියක් ලෙස සෑම තැනකම ගොඩනැඟීමට, අප සියල්ලන්ටම අනුග්‍රහය (කරුණාව) සහ ප්‍රඥාව ලැබේවා. ආමෙන්.