WFTW Body: 

ද්වීතීය කථාව 11: 18-21 (KJV) පරිවර්ථනයෙහි ලියා ඇති පරිදි "ඔබ සැමගේ දවස් පොළොවෙහි ස්වර්ගීය දවස් මෙන් වන පිණිස, ඔබ සැම මාගේ මේ වචන ඔබ සැමගේ හදවතෙහි තැන්පත්කර (කාවද්දා) ගන්න​." මෙය කෙතරම් අගනා ප්‍රකාශණයක්ද : "ඔබ සැමගේ දවස් පොළොවෙහි ස්වර්ගීය දවස් මෙන් වන පිණිස.” ස්වර්ගීය දවස් කුමන ආකාර වේවිද කියා ටිකක් සිතා බලන්න. ස්වර්ගයෙහි ගැටීම් හා ආරවුල් නැති අතර, ඇත්තේ ප්‍රීතිය හා සමාදානය පමණි. ඒ සැමට වඩා ප්‍රේමය - සෑම තැනකම ය. සෑම දිනක්ම පොළොවෙහි ස්වර්ගය මෙන් වූ නිවසක් - අපට පවත්වා ගන්නට හැකිය. සෑම නිවසක් ම එයාකාර වීම දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වූවේ ය.

“දෙවියන් වහන්සේට අවශ්‍ය වූවේ යක්ෂයා ට විරුද්ධව උන්වහන්සේ ඔවුන්ගේ පැත්තේ සිටින බව ආදම් සහ ඒව දැනගැනීමට ය.”

බයිබලය ආරම්භ වන්නේ ආදම් සහ ඒවගේ විවාහය සමඟ වන අතර එය අවසන් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ සෙනඟ වන සභාව සමඟ විවාහයෙනි. දෙවියන් වහන්සේ ආදම් සහ ඒවගේ එනම් ඒ පළමු විවාහය පැවැත්වූ විට උන්වහන්සේට අවශ්‍ය වූවේ ඔවුන්ගේ පොළොවෙහි දවස් ස්වර්ගීය දවස් මෙන් වීමට ය. ඔවුන්ගේ පළමු නිවස පාරාදීසයක් වූයේය - ඒදන් උයන. නමුත් සාතන් ඇවිත් ඔවුන්ගේ නිවස අපායක් බවට පෙරළුවේය. අද අපට අපාය වැනි නිවෙස් ළොව පුරාම ඇත්තේ ය. නමුත් එම කථාවේ අවසානය එසේ නොවීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒදන් උයනේහිම දී, ආදම් පව් කළ මොහොතේදී ම, සාතන් විසින් ඇතිකළ එම ප්‍රශ්ණය විසඳීමට, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් එවීමට පොරොන්දු වූ බව බයිබලය අපට පවසන්නේ ය. එතැනයි අප මේ මහඟු සත්‍යය දකින්නේ : එනම් දෙවියන් වහන්සේ නිතරම සාතන්ට විරුද්ධව අපේ පැත්තේ සිටින බවය . සාතන්ගේ හිස පොඩි කරන්නා වූ, ස්ත්‍රිය (නම් ඉශ්‍රායෙල්‍ ය - උත්පත්ති 3: 15, එළිදරව් 12: 1-6 ) තුළින් බීජයක් (වංශයක්) එළිදකින්නේ ය කියා දෙවියන් වහන්සේ ආදම් සහ ඒවට පැවසුවේ, ආදම් කළ පාපය නිසා දෙවියන් වහන්සේ පොළොවට ශාප කිරීමටත් ප්‍රථමයෙන් ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ වරදට යුතු දඬුවම ප්‍රකාශ කර සිටියේ මෙයට පසුව පමණ ය. යක්ෂයා පැමිණ කාරණා අවුල් කර දැමුව ද, දෙවියන් වහන්සේට අවශ්‍ය වූවේ යක්ෂයා ට විරුද්ධ ව උන්වහන්සේ ඔවුන්ගේ පැත්තේ සිටින බව ආදම් සහ ඒව දැනගැනීමට ය. යක්ෂයා ඕනෑම නිවසක කුමණ දේ කළ ද දෙවියන් වහන්සේ එම නිවෙස් මිදීමේ ක්‍රියාවේ නිරත ව සිටින සේක. උන්වහන්සේගේ මූලාරම්භ සැලැස්ම වූ පොළොවෙහි ස්වර්ගීය දවස් මෙන් අපගේ දවස් වීමට අපගේ නිවෙස් නැවත ගෙන ඒමට දෙවියන් වහන්සේට අවශ්‍ය ය. එමෙන්ම දැන් ක්‍රිස්තුස් වහන්සේ පැමිණ මිදීමේ කාර්යය සම්පූර්ණ කර ඇති හෙයින් මෙය අප සැමදෙනාටම සැබැවින්ම හැකි වූ කාර්යයකි.

එකිනෙකාට ප්‍රේම කිරීම පිළිබඳ ව කරුණු තුනක් කීමට මට අවශ්‍ය ය.

1. ප්‍රේමය, අගය කොට සැළකීම ප්‍රකාෂ කරයි:

විවාහ ප්‍රේමය සම්බන්ධ ව, සම්පූර්ණයෙන්ම පොතක් දෙවියන් වහන්සේ බයිබලයෙහි ඇතුළත්කර ඇත් සේක. එය "සාලමොන්ගේ ගීතිකා" ය. සෑම විවාහ යුවළක් ම මෙම පොත එකිනෙකා හට කියවිය යුතුය! පුරුෂයකු හා භාර්යාවක් දෙදෙනා එකිනෙකා හට කථා කිරීමේදී සර්වබලධාරී දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන ආකාරය මෙහි දැකීම විශ්මය ජනකය! එමෙන්ම මෙම පොත බයිබලයේ ඇති අන් සෑම පොතක් මෙන්ම දේවානුභාවයෙන් ලියන ලද්දකි! පුරුෂයා හා භාර්යාව ලෙස එකිනෙකාව අගය කිරීමට අප සියලු දෙනාට ම ඉගෙන ගැනීමට හැකි වන පිණිස මෙම පොතෙන් උපුටාගත් කොටස් කිහිපයක් කියවීමට මට ඉඩ හරින්න. ඇගයීම ප්‍රකාශ කිරීමේදී අප සියලු දෙනාම මසුරු වන්නෙමු. අප විවේචනයට ඉක්මන් වුවද ඇගයීමේදී ඉතා ප්‍රමාද වන්නෙමු. අප මිනිසුන් දෙස බලා ඔවුන්ගේ බොහෝ වැරදි දකින්නෙමු ව. එය මනුෂ්‍ය ස්වභාවය වන්නේ ය. චෝදකයා වූ යක්ෂයා, අප තුළ යන්තමින් හෝ පය තබන්න අවකාශ ලබා ගන්නේ එයාකාරයෙන් ය. අනෙක් අතට අප අන් අය දෙස බලා ඔවුන් තුළ ඇගයීමට ඇත්තාවූ යම් දෙයක් සොයාගන්නා විට අප තුළ දෙවියන් වහන්සේ අවකාශය ලබා ගන්නා සේක. මෙහිදී අප එකිනෙකාට අපගේම හැසිරීම පරික්ෂා කළ හැක.

සාලමොන්ගේ ගීතිකාවල පුරුෂයා තම භාර්යාවට කියන්නා වූ දේ බලමු (Message Bible පරිවර්ථනයෙනි ): ඔබ හිස සිට පාද දක්වා ලස්සණය, මාගේ ආදරණීය පෙම්බරිය - ඔබ සැසඳීමෙන් ඔබ්බට වඩා ලස්සණය එමෙන්ම සම්පූර්ණයෙන් ම පරිපූර්ණය. ඔබ මාගේ හදවත ඉමහත් ප්‍රීතියෙන් කුල්මත් කරන මහත් ප්‍රමෝධමත් දර්ශන මෙන් සුන්දරය. ඔබගේ කටහඬ සැනසිලිදායක වන අතර ඔබගේ මුහුණ සිත (හදවත) කුල්මත් කරන්නේ ය. සොඳුරිය නුඹේ අලංකාරය කොපමණ ප්‍රියකරු ද. නුඹ පාරාදීසයකි. ඔබ මාගේ හදවත අල්ලාගත්තේ ය. ඔබ මා දෙස බැලූ විට, මම ආදරය කළෙමි. මා කෙරෙහි එක බැල්මෙන් අසරණව ප්‍රේම කළෙමි! මාගේ හදවත අධික ප්‍රීතියෙන් පිණා ගියේය. අහෝ ඔබ දකින විට මා හට ඇතිවන හැඟීම් එවගේම කැළඹෙන්නා වූ ආශාවන්! මා, වෙන කිසිවෙකු උදෙසා මාව නරක් කරගන්නෙමි. පොළොවෙහි ඔබ මෙන් වෙන කෙනෙකු නැත, කවදාවත් සිටියේ ද නැත, කවදාවත් සිටින්නේ ද නැත. ඔබව අන් කාන්තාවන් හා සැසඳිය නොහැක. දැන් භාර්යාව කියන දේද අසන්න. මෙයයි ඇගේ පිළිතුර: “එවිට ඔබ, ඔබ මාගේ ආදරණීය ඉතාමත් කඩවසම් පෙම්වතා ය! ඔබ මිළියනයකින් එක්කෙනෙකි. ඔබ මෙන් වෙන කෙනෙකු නැත! ඔබ රන් මෙන් ය - ඔබ රළු කන්දක් වැනි මනුෂ්‍යයෙකි. ඔබේ වඳන් උණුසුම් හා නැවත සහතික කරන්නේය. ඔබේ වඳන් සිඹීම වැනි මෙන් වන අතර ඔබේ සිඹීම් වඳන් ම වේ. ඔබ ගැන හැම දෙයක්ම මා අතිශයින් කුල්මත් කරන්නේ ය. ඔබ මා සහමුලින්ම තෘප්තියෙන් තෘප්තියට පත් කරන්නේය. මා, ඔබ ලබාගන්න මහත්සේ ආශා කරමි, කෙසේ හෝ මට ඔබව අවශ්‍යම ය. ඔබ ළඟ නොසිටී ම, මා හට වේදනාකාරී වේ. මා ඔබව දුටු විට, ඔබ වටා දෑත් යොමා ඔබ තදින් අල්ලා ගන්නෙමි. මා, ඔබට යන්න නොදෙන්නෙමි. මා ඔබගේ ම පමණි, ඔබ මාගේ එකම පෙම්වතා හා එකම මිනිසා ය."

2. ප්‍රේමය සමාව දීමට ඉක්මන් වන්නේය :

ප්‍රේමය දොස් පැවරීමට ඉක්මන් නොවන අතර ක්ෂණිකව සමාව දෙනු ලබන්නේ ය. සෑම විවාහකම පුරුෂයා හා භාර්යාව අතර ප්‍රශ්ණ හට ගනී. නමුත් ඔබ එම ප්‍රශ්ණ සැළකිල්ලට නොගෙන පසු-උඳුනෙහි තැබුවහොත්, ඒවා අනිවාරයෙන්ම රත්වී උතුරා යන්නේ හුය. එබැවින් සමාව දෙන්නටත් එමෙන්ම සමාව අයදින්නටත් ඉක්මන් වන්න. එසේ කිරීමට සවස දක්වාම බලා නොසිටින්න. උදය කාලයේ දී ඔබේ කකුළේ කට්ටක් ඇණුනා නම් ක්ෂණයකින් ඔබ එය එළියට ඇද දමන්නේ ය. එය කරන්නට හවස් වනතුරු ඔබ බලා සිටින්නේ නැත. ඔබ ඔබේ සහකරු හෝ සහකාරියට රිදවූවා නම්, ඔහුට / ඇයට ඔබ කට්ටකින් ඇන්ණේ ය. ක්ෂණයකින් එය එළියට ඇඳ දමන්න. ඉක්මනින් ම සමාව අයදින අතර කමා කරන්නට ද ඉක්මන් වන්න.

3. ප්‍රේමය වනාහි කෙනෙකුගේ සහකාරිය සමඟ කාරණා එක්ව​ එකට කිරීමට ඉතා උත්සුක වන අතර - තනි වම ම නම් නොවේ:

උයනේදී, ඒව ව පරීක්ෂා කරන්න සාතන් පැමුණු විටදි "මම තීරණයක් ගැනීමට පෙර මාගේ ස්වාමි පුරුෂයාගෙන් විමසන්න මට ඉඩ දෙන්න" කියා ඇය කීවේ නම් මිනිස් ඉතිහාසය කෙතරම් වෙනස් වන්නට තිබුණේ ද. අහෝ එවිට එය කෙතරම් වෙනස් කථාවක් වන්නට තිබුණේ ද. ලෝකයෙහි ඇති සියලු ගැටළු පැණ නැඟී ඇත්තේ එක් කාන්තාවක්, ඇයට අනුශාසණා ලබන්ට සහකාරයකු දෙවියන් වහන්සේ දී ඇති විටදී ත්, ඇය ම (තම තීරණය මත) තීරණයක් ගත් හෙයින් බව මතක තබා ගන්න. සැබෑ ප්‍රේමය කාරණා එක්ව එකට කරන්නේ ය. එක් කෙනෙකු ට වඩා දෙදෙනකු සැමවිටම හොඳය.