WFTW Body: 

යේසුස් වහන්සේ වරක් මහ සමූහයක් පෝෂණය කිරීමට රොටි 5 ක් භාවිතා කළසේක. උන්වහන්සේ මුලින්ම එම රොටි ආශිර්වාද කළසේක. නමුත් රොටි 5, තවමත් රොටි 5 ලෙසම පැවතුණි - එහෙත් සමූහයා පෝෂණය නොවුණි. සමූහයා පෝෂණය වූවේ රොටි 5 කැඩූ විටදී පමණි. එබැවින් ආත්මයාණන් විසින් ආශිර්වාද (ආලේප) වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ස්වාමින් වහන්සේ විසින් අප බිඳ දැමිය ද යුතු ය. එවිට අප අපගේ මුහුණ දූවිල්ලෙහි තබන අතර දෙවියන් වහන්සේගේ බලය බාධාවකින් තොරව අප තුළින් ගලණු ඇත.

නික්මයාම 4 හි දෙවියන් වහන්සේගේ සෙනඟගේ නයකයන් ලෙස මෝසෙස් හා ආරොන් එකම වෙලාවේ පත් කෙරුණි. ආරොන් දක්ෂ කථිකයෙකු වූ අතර මෝසෙස් එසේ නොවී ය (නික්මයාම 4: 10, 14.). එහෙත් දෙවියන් වහන්සේ පාවිච්චි කළේ මෝසෙස්ව මිස, ආරොන්ව නොව - මක්නිසාද මෝසෙස් බිඳුනු කෙනෙකු වූ අතර ආරොන් එසේ නොවූ නිසා ය. දෙවියන් වහන්සේ මෝසෙස්ව වනාන්තරයේ අවුරුදු 40ක් පුරා බිඳීමේ කාලයක ගෙන ගොස් තිබූසේක. දෙවියන් වහන්සේ ඔහුව, මාළිගාවක පාළකයෙකු සිට කාන්තාරයක එඬේරෙකු බවට පත් කිරීමෙන්, යටහත් කළසේක. තවද උන්වහන්සේ ඔහුව තම මාමණ්ඩි සමඟ අවුරුදු 40ක් නැවතී සිට ඔහුට වැඩ කිරීමටත් සැළැස්විය! ඔහුව තරයේ බිඳ දැමීමට එය ප්‍රමාණවත් විය. ආරොන්ව කවදාවත් එවැනි කැඬීමකට ලක් නොවීය. ඔවුන් දෙදෙනා අතර වෙනසට හේතු වූවේ එයයි.

නික්මයාම 32හි මෙම මිනිසුන් දෙදෙනාගේ සාර්ථකත්වය අතර වෙනස අපට දැකගත හැකිය. බිඳුණු මිනිසෙකු වූ මෝසෙස් ඔවුන් අතර සිටිතාක් කල් ඉශ්‍රායෙල් ජනයා ස්වාමින් වහන්සේව අනුගමනය කළෝය. නමුත් මෝසෙස් දින 40කට පමණක් ඔවුන්ගෙන් වෙන්ව ගිය කල ආරොන් තාවකාලිකව ඔවුන්ගේ නායකයා බවට පත් වූ විට, ඔවුහු රූප වන්දනාවට හැරී ගොස් රන් වසු පැටවාට නමස්කාර කිරීමට එසැනින්ම පටන් ගත්හ. ආරොන් දක්ෂ කථිකයෙකි. නමුත් දෙවියන් වහන්සේගේ සෙනඟ පවිත්‍රව ආරක්ෂා කිරීමට ඔහුට නොහැකි වූයේ ඔහු මිනිසුන් සතුටු කිරීමට උත්සහ කළ බැවිනි. නොබිඳුණු වැඩිහිටියන් සැමවිටම තමන්ගේ ගෞරවය ආරක්ෂා කරන අතර ඔවුන්ගේ සභාවේ ජනතාව සතුටු කිරීමට උත්සහ කරති. ඔවුන්ගේ සෙනඟ ස්වාමින් වහන්සේගෙන් දුරස්ථ වන්නේ එබැවිනි.


අවුරුදු 40ක් වනාන්තරයේ දෙවියන් වහන්සේගේ මාර්ගයේ මිළියන දෙකක මිනිසුන් ආරක්ෂා කළේ එක් බිඳුනාවූ මිනිසෙකු වූ මෝසෙස්ය. සියවස් ගණනාවක් පුරා සභා ඉතිහාසයේ පැවැත්මද එලෙසම වී ඇත. දෙවියන් වහන්සේගේ සභාව, උන්වහන්සේගේම ක්‍රියා මාර්ගයේ රක්ෂාකර ගැනීමට උන්වහන්සේ බිඳුනාවූ මිනිසුන් යොදාගෙන ඇත.

අපට අපගේ වැඩිමහල්ලන්ට යටත් වන ලෙස අසා සිටීමෙන් දෙවියන් වහන්සේ අපවබිඳීමට ලක් කරන සේක. දේවභක්තික මනුෂ්‍යයෙකුට යටත් වීමෙන් බොහෝ අඥාන දේ කිරීමෙන් අපව ආරක්ෂා කෙරෙනවා පමණක් නොව, ඔහුගෙන් විශාල ප්‍රඥාවක් ඉගෙන ගැනීමටද අපට හැකි වේ. ඔහුම මුහුණ දුන්, අප නොදැන සිටිය හැකි අන්තරායන් ගැන අපහට අනතුරු ඇඟවීමට ඔහුට හැකිවන්නේ ය. එබැවින්, අප අධ්‍යාත්මික අධිකාරිය යටතේ සිටීම, දරුවන් තම දෙමවුපියන් යටතේ සිටීමේදී ඇති ආරක්‍ෂාව හා සමානවම, ආරක්‍ෂිතය. 1 පේත‍්‍රැස් 5: 5හි යෞවනයන් ඔවුන්ගේ වැඩිමහල්ලන්ට යටත් විය යුතු ය, මක්නිසාද දෙවියන් වහන්සේ උඬඟු අයට විරුද්ධ වන නමුත් යටහත් අයට අනුග්‍රහය දක්වන සේකැ යි අපි කියවන්නෙමු. මෙහිදී දෙවියන් වහන්සේගෙන් ආත්මික ආධිපත්‍යය ලබාගැනීමේ විශාල රහසක් අපට පෙනේ. දෙවියන් වහන්සේ විසින් එකම එක හේතුවක් නිසා කිසිවිටෙකත් ආත්මික ආධිපත්‍යයක් ලබානොදුන් බොහෝ යහපත් සහෝදරයන් මා දැන සිටියෙමි : ඔවුන්ගේ ජීවිත කාලය පුරාම කිසිවෙකුට යටත් වීමට ඔවුන් ඉගෙන ගත්තේ නැත. එම නිසා ඔවුන්ගේ දැඩි සිය-කැමැත්ත කිසිවිටෙකත් බිඳුණේ නැත. නොබිඳුනාවූ මිනිසෙකුගේ අතේ අධිකාරිය තිබීම ඉතා භයානක දෙයකි. මුලින්ම ඔබ නොකැඬී මිනිසුන් කෙරෙහි ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන්නේ නම්, ඔබ ඔවුන්ව විනාශ කර දමන අතර එම කියාවලියේදී ඔබවත් විනාශ කර ගන්නේය. අප ඕනෑම කෙනෙකුට ආත්මික ආධිපත්‍යය දීමට පෙර දෙවියන් වහන්සේ හට අපගේ දැඩි උඬඟු ශක්තිය බිඳ දැමිමට සිදුවේ.

මාගේ අත්දැකීම් ඔබට කෙටියෙන් කියන්නට ඉඩ හරින්න. මගේ වයස අවුරුදු 20ත් 30ත් අතර ජීවිත කාලය තුළ, මගේ දේවසේවයට ඊර්ෂ්‍යා කළ වැඩිමහල්ලන් විසින් එක් සභාවකට වඩා වැඩි ගණනක මාව පහත් කොට ප්‍රසිද්ධියේ නින්දාවට පත්කිරීමට දෙවියන් වහන්සේ ඉඩ සැළසූ සේක. මේ සෑම අවස්ථාවකදීම, දෙවියන් වහන්සේ මට පැවසුවේ මාගේ කට වහගෙන එම වැඩිමහල්ලන්ගෙන් ප්‍රශ්ණ නොකර යටත් වන ලෙසයි. මම එය කළෙමි. ඔවුන්ගේ සභාවල සිටියදීත්, ඔවුන්ගේ සභා හැර ගිය පසුවත් මම ඔවුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පැවැත් වුවෙමි. අනාගතයේදී දෙවියන් වහන්සේ මා වෙනුවෙන් තබා ඇති සේවාව කුමක් දැයි මම දැන සිටියේ නැත, නමුත් දෙවියන් වහන්සේ අවුරුදු ගණනාවක් තුළ මාව බිඳීමට ලක් කොට, ආත්මික ආධිපත්‍යය ක්‍රියාකිරීමෙහි පිළියෙල කළසේක. උන්වහන්සේ මාව බිඳී මේ ක්‍රියාවලිය තවම ඉවර නැත. පසුගිය අවුරුදු කීපය තුළ, මීට පෙර කිසි දිනක අත්විඳ නැති - ආගමික පුද්ගලයන් විසින් මාව උසාවියට ගෙනයාම සහ අවුරුදු 10ක් තිස්සේ එහි බොරු චෝදණාවලට ලක් කිරීම වැනි අත්දැකීම් තුළින් දෙවියන් වහන්සේ මාව ගෙන ගොස් තිබේ. නමුත් මගේ ජීවිතයේ උන්වහන්සේගේ පරමාර්ථය එලෙසම පවති - එනම්, උන්වහන්සේගේ ජීවනයත් උන්වහන්සේගේ ආධිපත්‍යයත් මා කෙරෙහි වැඩියෙන් බාර කළ හැකි වන පිණිස මාව තව තවත් බිඳීමය.

අපගේ නායකයන් තුළින් අපව නිවැරදි කිරීමෙන් දෙවියන් වහන්සේ අපගේ ශක්තිය හා උඬඟුකම බිඳදමන සේක. සෑම ඇදහිළිවන්තයෙකුටම පාහේ නිවැරදි කිරීම් ලැබීමට අපහසුථාවයක් දැනේ. විශේෂයෙන් ප්‍රසිද්ධියේ නිවැරදි කිරීමක් ලබා දෙන්නේ නම්, අවුරුදු දෙකක දරුවෙකුට වුවද එය බාර ගැනීම පහසු නැත. අවසන් වරට ඔබ ප්‍රසිද්ධියේ නිවැරදි කිරීමක් ප්‍රීතියෙන් බාර ගත්තේ කවදාද? ඔබේ ජීවිතයේ එක් වරක්වත් ඔබ එය පිළිගෙන තිබේද? එසේ නොවේ නම්, ඔබට ආත්මික ආධිපත්‍යයක් නැති වීම පුදුමයක් නොවේ. නොබිඳුනාවූ මිනිසුන් හුදකලා මිනිසුන් වේ. ඔවුන් කිසිවිටෙක කිසිවිවෙකුට යටත් නොවේ. ඔවුන්, ඔවුනට යන්නට අවශ්‍ය තැනට යන්නන්, සහ ඔවුනට කරන්න ඕනෑ දේ කරන්නන් ය. එවැනි නොබිඳුණු ඇදහිළිවන්තයින්ට වැඩ කළ හැක්කේ ඔවුන්ට කීකරු වන සහ ඔවුන් කියන සියල්ල පිළිගන්නා අය සමඟ පමණි. එවැනි “හුදෙකලා අයට” දෙවියන් වහන්සේට කිසිවිටෙකත් ආත්මික ආධිපත්‍යයක් ලබා දිය නොහැක, මක්නිසාද උන්වහන්සේ ශරීරයක් මිස, පුද්ගලවාදී ඇදහිළිවන්තයින් සමූහයක් ගොඩනඟනවා නොවේය.