WFTW Body: 

උන්වහන්සේ අප හට කර ඇති සියළු දේ ගැන සැලකීමේදී දෙවියන් වහන්සේට ප්‍රමාණවත් වූ ප්‍රතිචාරයක් යනු කුමක්ද? උන්වහන්සේට කෘතඥථාවය පළකිරීමේ වචන පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම ප්‍රශ්ණයට පිළිතුර නම් රෝම 12 (සම්පූර්ණ පරිච්ඡේදයයි). "දෙවියන් වහන්සේගේ කරුණාවන් " ගැන බැලීමේදී, මේ ඔබ කළ යුතු දෙයයි: “ නපුර පරාජය කළ හැක්කේ යහපතට පමණකි, මක්නිසාද යහපත නපුරට වඩා බලගතු ය. යේසුස් වහන්සේ කල්වාරියේදී ප්‍රදර්ශනය කළේ මෙය යි.” 1. පළමුකොටම, ජීවමාන පූජාවක් ලෙස ඔබගේ ශරීරය දෙවියන් වහන්සේට පිළිගන්වන්න (රෝම 12: 1). "පූජා කිරීම" යන වචනය හඟවන්නේ ඔබගේ ශරීරය ස්වාමින් වහන්සේට භාරදීමට, ඔබට යම් මිළයක් ගෙවීමට සිදුවන බවයි. යම් දෙයක් පූජා කිරීමට අවශ්‍යව ඇත - එය වන්නේ, ඔබගේ ශරීරයේ අවයවයන් වන - ඇස්, දෑත්, දිව, ආශාවන් සහ ඔබගේ අනෙකුත් සියළුම සංවේදීථාවන් (හැඟීම්) ආදිය - ඔබවම සතුටු කිරීම පිණිස පාවිච්චි කිරීමට කැමැත්තැති - ඔබගේ දැඩි (ශක්තිමත්) ස්ව-කැමැත්තයි. 2. ඔබගේ මණස (සිත) (රෝම 12: 2) අලුත් කරගන්නා පිණිස පිළිගන්වන්න - එනම්, මනුෂ්‍ය‍යින් සහ අවස්ථාවන් දෙස දෙවියන් වහන්සේ බලන ආකාරයට බැලීමට යි. ඔබ ගැහැණු ළමයි දෙස කාමික තෘෂ්ණාවෙන් (දුරාචාරයෙන්) බලන ආකාරයෙන්, ඔබට හානි කළ අය දෙස තික්තකමින් බැලීමෙන්, ඔබ කැමති සහ අකමැති අය දෙස පක්ෂපාතීභාවයෙන් බලන ආකාරයෙන්, අවිශ්වාසවන්ත කමින්, සහ අවස්ථාවන් හෝ අනාගතය කෙරෙහි ඔබ කණස්සළ්ලෙන් හා බියෙන් බලන ආකාරයෙන්, මේ ඔබ විසින් ඔබව ම පවිත්‍ර කරගත යුතු අවස්ථාවන් කිහිපයකි. "දෙවියන් වහන්සේ මෙම පුද්ගලයා හෝ අවස්ථාව දෙස බලන්නේ කෙසේ ද කියා ඔබ හැම විටම ඔබගෙන්ම අසන්න?" ඒවා දෙස බලන අනිත් සෑම ආකාරයකින්ම ඔබව ම පවිත්‍ර කරගන්න. 3. නුඹ ගැන සුදුසු තරමට වඩා උතුම්කොට නොසිතන්න (රෝම 12: 3). ඔබගේ ආත්මිකභාවයේ සැබෑ මිම්ම වන්නේ, ඔබගේ දැණුමේ හෝ ජ්වලිතකමේ (අඛණ්ඩ හා කැපවූ උද්‍යෝගයේ) ප්‍රමාණය නොව - නමුත් ඔබගේ ඇදහිල්ලේ ප්‍රමාණයයි. 4. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඬනැඟීම උදෙසා ඔබට දී ඇති කුමණ හෝ තළෙන්ත සහ දීමණා වලින් ඔබගේ සේවය සම්පූර්ණ කරන්න (රෝම 12: 4-8). එක් තළෙන්තයක් තිබූ මිනිසා කළාක් මෙන් එය පොළොවේ (ලෝකයෙහි) නොවළලන්න. දෙවියන් වහන්සේට සේවය කිරීමේදී ජ්වලිත කමින් සේවය කරමින් (රෝම 12: 11), නිතර යාච්ඤා කරන්න (දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙමින් උන්වහන්සේට කථා කරන්න) (රෝම: 12: 12). 5. නපුර පිළිකුල් කොට යහපතට ඇළුම්වන්න (රෝම 12: 9), එවිට එහි පසුවට කී දේ (යහපතට ඇළුම්වන්න), කිරීමෙන් ඔබට පෙර කී දෙය (නපුර පිළිකුල්) කිරීම වඩාත් පහසුවනු ඇත. 6. සියළුම සහෝදරයන්ට ප්‍රේමකොට ගෞරව කරන්න මන්ද ඒ සියළු දෙනා යේසුස් වහන්සේගේ බාළ සහෝදරයින් වේ (රෝම 12: 9,10). ඒ අයට යහපත් වන්න (රෝම 12: 13). යමෙකුගේ ප්‍රීතියේදී ප්‍රීතිවන අතර දුක්වන අය සමඟ කණගාටුවන්න (රෝම 12: 15). සියල්ලන් කෙරෙහි යටහත් ආකල්පයකින් සිටින්න - විශේෂයෙන් ම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීයෙහි දුඟී සහ අඩු තළෙන්ත ඇති අය කෙරෙහි (රෝම 12: 16). 7. සියළු මිනිසුන්ට ප්‍රේම කොට ආශිර්වාද කරන්න විශේෂයෙන් ඔබට නපුරු කම් කරණ අය උදෙසා (රෝම 12: 14, 17 – 21). හැකි උපරිමයෙන් සියළු දෙනා සමඟ සාමයෙන් සිටින්න. ඔබ ට නපුරුකම් කළ අයගෙන් පළිගැනීමක් හෝ නරක දෙයක් අභිප්‍රාය නොකරන්න. ඔවුන්ට යහපත කරන්න එලෙස නපුර යහපතින් පරාජය කරන්න. මුළු ලෝකයම නපුරෙන් ජය ගැනීම පිණිස වෑයම් කරන වඩා නපුරු කම් කරන්නන්ගෙන් පිරී ඇත. නමුත් කිසිවිට නපුර නපුරෙන් ජයගත නොහැක. නපුර පරාජය කළ හැක්කේ යහපතට පමණකි, මක්නිසාද යහපත නපුරට වඩා බලගතු ය. යේසුස් වහන්සේ කල්වාරියේදී ප්‍රදර්ශනය කළේ මෙය යි. ඔබගේ දිවි ගමනේ දෙවියන් වහන්සේ ඔබ වෙත එවන පීඩාවේදී දැඩි වීර‍්‍යයෙන් (නොසැළී) සිට, ඒ සියල්ල ඔබව ක්‍රිස්තුස් වහන්සේ මෙන් වීම පිණිස නිර්මාන කර ඇතැයි යන බලාපොරොත්තුව තුළ ප්‍රීතිවන්න (රෝම 12: 12). උන්වහන්සේ අප හට කර ඇති සියල්ල ගැනත්, එමෙන්ම අපවෙත නැවත නැවතත් කමා කරන්නාවූ උන්වහන්සේගේ කරුණා බහුලත්වය ගැනත් දෙවියන් වහන්සේට සැබවින්ම අපගේ කෘතඥථාවය පළකිරීම සහතික කෙරෙන්නේ මේ අකාරයෙනි.