WFTW Body: 

තිමෝති එපීස සභාවේ තරුණයෙක් වූ අතර ඔහුට වඩා වයස්ගත බොහෝ සෙනඟ එම සභාවේ සිටියෝය. එනිසා ඔහුගේ තරුණකම හේතුවෙන් කිසිකෙනෙකුට ඔහුව සුළුකොට සළකන්නට ඉඩ නොතබන ලෙස පාවුලුතුමා ඔහුට පවසයි (1 තිමෝති 4: 12 ). තරුණ දේශකයෙකු ඔහුගේ සභාවේ වයස්ගත අයගෙන් තැතිගැන්වීමට (තර්ජනයට) භාජනය වියහැකිය, විශේෂයෙන්ම ඉන් සමහරෙකු ධනවත් හා බලපුළුවන්කාරකම් ඇත්තන් වන්නේ නම්. ඔහුව සුළුකොට සළකන්නට ඔවුනට ඉඩ නොදෙන අතර, ඔහුගේ දේව භක්තික කථාබහෙන්, තමන්ව හසුරවන ආකාරයෙන්, ඔවුන් කෙරෙහි ඔහුගේ ප්‍රේමයෙන්, ඔහුගේ සියළුම පීඩා මධ්‍යයේ ඔහුගේ ඇඳහිල්ලේ පැවතීමෙන්, ඔහුගේ ජීවිතයේ ඇති පවිත්‍රථාවයෙන් හා අන් සියලුම දේ තුළ, ඔහුගේ ජීවිතයෙන් ආදර්ශයක් වන ලෙස පාවුලුතුමා ඔහුට බලවත් පෙළඹවීමක් කරයි. මෙය පාවුලුතුමා (1 තිමෝති 4: 1-4) හි කියූ දේට සෘජුවම අසමානය. ව්‍යාජ ගුරුවරු හුදෙක් උගන්වන නමුදු, සැබෑ ගුරුවරු ආදර්ශමත්ව උගන්වති. ව්‍යාජ ගුරුවරු න්‍යායන් උගන්වන නමුදු, සැබෑ ගුරුවරු ඔවුන්ගේ ජීවිත තුළින් උගන්වති. ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීමට (1 තිමෝති 4: 13) හි අවධාරනය වන්නේ, ඒ කාලයේදී ඇඳහිළිවන්තයින්ට බයිබල් නොතිබුණ නිසාය. එබැවින් බයිබලයක් තිබුණාවු අයෙකුට විශාල පරිච්ඡේද කොටස් සියළු සෙනඟට ඇසෙන්න කියවන්නට සිදුවිය. අද, ඇඳහිළිවන්තයින්ට විශාල පරිච්ඡේද කොටස් නිවසෙහි කිය වියහැක.

“පාවුලුතුමා කරුණු දෙකක් සම්බන්ධව දැඩි සැළකිල්ලක් දක්වනමෙන් තිමෝතිට බලවත් පෙළඹවීමක් කරයි : එය නම් , ඔහුගේ ජීවය (ජීවත්වන ආකාරය) හා ඔහුගේ ඉගැන්වීම්ය”

ඉන්පසු යහපත් ජීවනයක් හා ශුද්ධ ලියවිලි-දැණුමට වඩා දෙයක් ඔහුට අත්‍යවශ්‍ය බව පාවුලුතුමා තිමෝතිට මතක් කර දෙයි. “යහපත් ආදර්ශයක් හා ශුද්ධ ලියවිල්ලට අවධානය දෙන්න” (1 තිමෝති 4: 12-13). එය යහපත් දෙයකි. නමුත් “ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනාව පැහැර (නොසළකා) නොහරින්න” (1 තිමෝති 4: 14). පාවුලුතුමා ඔහුට ආත්මික දීමනා ලැබෙන පිණිස අන් වැඩිමහල්ලන් සමඟ ඔහුගේ හිස මත අත් තබා යාච්ඤා කළ බව තිමෝතිට මතක් කර දෙයි. ස්වාමින් වහන්සේට සේවය කිරීමට අපට ආත්මික දීමනා ද අවශ්‍යය. අප අනාගතවාක්‍ය කීමට උනන්දුවෙන් අපේක්ෂා කළයුතුය (1 කොරින්ති 14: 1) - එනම්, පැරණි ගිවිසුමේ ප්‍රොපේතවරු මෙන්, දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මවන වඳන් කිසිවිට හිස්ව නොපැමිණෙන්නාක් සේ (යෙසායා 55: 11) අපගේ වඳන් මිනිසුන්ගේ හඳවතට ඊතළයක් වදින්නාක් මෙන් වියයුතුය. මෙයාකාරව සේවය කරන්නට අපට ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලේපය අවශ්‍යය. යේසුස් වහන්සේට එය අවශ්‍ය වුණි, සෑම මොහොතකම - අප සියල්ලටම ද එය අවශ්‍යය. මෙය මුළු ජීවිතයටම එක්වර ලබාගත හැකි දෙයක් නොව. සෑම අවස්ථාවකම ආලේපයෙන් සිටීමට අප සෙවිය යුතුය.

තරුණ මිනිසුනේ : ස්වාමින් වහන්සේට සේවය කිරීමට අවුරුදු 40 තෙක් ඔබ බලා සිටිය යුතුයැයි නොසිතන්න. මම අවුරුදු 19 වන විට නැවත උත්පාදනය වී, 21 වන විට බව්තීස්මය ලැබුවෙමි. එම මොහොතේදීම මම දේශනා කරන්න පටන් ගත්තෙමි. එවෙලේ මා වැඩි දෙයක් දැන සිටියේ නැත. නමුත් මා දැනගත් සුළු දෙයින් මා තරම් දැන නොගත් අයට කිතුණු ජීවිතයේ “අ, ආ, ඇ, ...” මට උගන්වන්නට හැකිවිය. මා වර්ධනය වූ කළ වැඩිපුර දෙයක් උගන්වන්නට පුළුවන්කම ලැබුණි. පළමුවැනි ශේණියේ සිසුවෙකුට හෝඩියේ සිසුවෙකුට ඉගැන්විය හැක. දේව වචනය දේශනා කිරීමට ආරම්භ කරන්න වයස්ගත වන තෙක් ඔබ සිටිය යුත්තේ මන්ද? ඔබ හැරුණු මොහොතේදීම, ඔබ තරම් දැන නොගත් අය සමඟ වචනය බෙදාගැනීම ආරම්භ කරන්න -

විශේෂයෙන්ම තවමත් නොහැරුණු අය සමඟ. දේව වචනය බෙදාගැනීමට නිතරම සූදානම්ව සිටිමින්, එය ඵලදායි ලෙස බෙදා ගැනීමට දෙවියන් වහන්සේගේ ආත්මයාණන්ගේ බලය ලබන පිණිස, උන්වහන්සේව සොයන්න.

1 තිමෝති 4: 15 හි “මෙම දේ ගැන ඇප කැපවීමෙන් (වෙහෙසවීමෙන්) යුක්තව ක්‍රියාකරන මෙන්” පාවුලුතුමා තිමෝතිට බලවත් පෙළඹවීමක් (තදින් අවවාද) කරයි. ව්‍යාපාරිකයෙකු මුදල් උපයන්ටත්,

ඔහුගේ ව්‍යාපාරය ස්ථිර ලෙස පිහිටුවන්න බොහෝ වෙහෙසක් දරයි. ඔබගේ කිතුණු ජීවිතය ගැන ඔබ දැඩි වුවමනාවක් දක්වන්නේ නම්, ඔබ දේව වචනය ඉගෙනගන්න දැඩි වෙහෙසක් දරයි, ආත්මයාණන්ගේ දීමනා සොයා අපවිත්‍ර සෑම දෙකින් ඔබව පවිත්‍ර කරගනී. මෙම පදයෙහි තව එක් පරිවර්ථනයක් නම්, “මෙහි තුළ නියැ ළී සිටින්න”. මේ දේ සමඟ නුඹ නියැළී සිටින විට නුඹේ වර්ධනය සෑම කෙනෙකුටම ප්‍රත්‍යක්ෂවේ.

යම් දෙයක් තුළ “නියැළී යන්නෙහි” ඍණාත්මක ආදර්ශයක් මම ඔබට පැහැඳිළි කරන්නම්. එක් පවුලක් ඔවුන්ගේ නිවසෙහි ප්‍රසිද්ධ රූපවාහිණි වැඩසටහනක් බලමින් එහි සම්පූර්ණයෙන්ම නියැළී (ඇලී ගැලී) සිටියේය. එම පවුල මෙලෙස නියැළී සිටින බව දැනගත් යම් හොරු කණ්ඩායමක්, ඔවුන්ගේ නිවසට ඇතුල්වී ඔහුන්ට ගතහැකි දේ සොරකම් කළෝය! රූපවාහිණි වැඩසටහන අවසන් වනතෙක් සොරකම ගැන පවුල කිසිත් නොදැන සිටියෝය.

එලෙසම, නමුත් ධනාත්මක හැඟීමකින්, මේ ලෝකයේ පරික්ෂාවන් අපව ඇද නොගන්නා පිණිස අපට ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේගේ වචනය සමඟ නියැළී සිටීමට පුළුවන. බොහෝ දේ පසුපස හමායන ලෝකාකාර මිනිසුන් මෙන් අප හමා නොයමු. ඔබ එවැනි “නියැළුණු” ජීවිතයක් ගතකරතොත් ඔබ නිරන්තරයෙන්ම වර්ධනය වන්නේය. සෑම අවුරුද්දකම ඔබ වඩාත් යහපත් කිතුණුවෙක් සහ ස්වාමින් වහන්සේට ඵළදායි සේවකයෙක් වන්නේය.

1 තිමෝති 4: 16 හි පාවුලුතුමා කරුණු දෙකක් සම්බන්ධව දැඩි අවධානය යොමු කරන මෙන් තිමෝතිට බලවත් පෙළඹවීමක් කරයි : එය නම්, ඔහුගේ ජීවිතය (ජීවත්වන ආකාරය) හා ඔහුගේ ඉගැන්වීම්වලටය. අප නිතරම දැඩි අවධානයෙන් සිටිය යුතු වන කරුණු දෙක වන්නේ මෙයයි. අපගේ ජීවිතය (ජීවත්වන ආකාරය) හා අපගේ ඉගැන්වීම් යන දෙකම පවිත්‍ර වියයුතුයි. මෙම කරුණු දෙක කෙරෙහි අපගේ දැඩි වීර්යය යොදනවා නම්, අප අපවම හා අන් අයවද ගලවාගන්නේයැයි පාවුලුතුමා පවසන්නේය. ප්‍රථමයෙන්ම අප අපව ගලවා ගතයුතුය. අන් අයව ගලවා ගත හැකිවන්නේ එවිට පමණකි. එහි තේරුම නම්: ඔබ යම් පාපිෂ්ඨ පුරුද්දකින් ඔබම ගැලවී නැති කළ වෙන අයව එයින් ගලවන්නේ කෙසේද යන්නය? ඔබ, ඔබගේ ජීවනයට (ජීවත්වන මට්ටමට) වඩා ඔබ දේශනා කළහොත්, ඔබ කුහකයෙක් (කෛරාටිකයෙක්) වන බැවින් දෙවියන් වහන්සේ ඔබගේ වඳන්වලට සාක්ෂි නොදරයි. ව්‍යාපාරිකයන් ඔහුන්ගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයන ආකාරය ගැන දැඩි අවධානයක් යොමුකරන ලෙසටම අපද, අපගේ කිතුණු ජීවිතය ගැන දැඩි අවධානයක් යොමුකළ යුතුය. ඔවුහු ලාභ ලබන්නට මුළු හදවතම යොමු කරන්නෝය. එළෙසම දැඩි අවධානයෙන් අපිද දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත්වී, උන්වහන්සේට සේවය කිරීමට සම්පූර්ණයෙන්ම භාරවියයුතුය.