WFTW Body: 

විවිධ කාරණා සම්බන්ධයෙන් සෑමදාම අපි තීරණ ගන්නෙමු. අපගේ මුදල් පාවිච්චි කරණ ආකාරය, අපගේ විවේක කාලය, හෝ යම් කෙනෙකු සම්බන්ධව හෝ ඔහුට කථා කළ යුතු ආකාරය, හෝ විශේෂ ලිපියක් ලියනා ආකාරය, හෝ තව කෙනෙකුගේ හැසිරීමට ප්‍රතිචාර දැක්වීමට, හෝ දේව වචනය අධ්‍යනය කිරීමේ හෝ යාච්ඤාවේ හෝ සභාවට සේවය කිරීමට කොපමණ කාලයක් ගත කළ යුතුද, යනාදි ය.... උදේ සිට රාත්‍රිය දක්වා අප අවට සිටින අයගේ හැසිරීමට ද අපි සමහර ක්‍රමවලින් ප්‍රතිචාර දක්වන්නෙමු. අප එය වටහා නොගන්නට පුළුවන, නමුත් දිනපතා අවම වශයෙන් තීරණ සියයක්වත් ගන්නෙමු - මෙම සෑම තීරණයකදීම අපි අපවම හෝ දෙවියන් වහන්සේව සතුටු කිරීමට තීරණය කරන්නෙමු.

අපගේ බොහෝ ක්‍රියා හෘද සාක්‍ෂියට දැනුවත්ව (සචේථනික ව) ගත් තීරණවල ප්‍රතිඵලයක් නොවේ. නමුත් එසේ වුවද, අපි ඒවා මේ ආකාර දෙකෙන් එකකින් කරන්නෙමු - එනම් අපවම සතුටු කරණ පිණිස හෝ දෙවියන් වහන්සේව මහිමයට පත් කරණ පිණිස. අපගේ හෘද සාක්ෂියට සචේථනිකව නොවන ක්‍රියා අපගේ හෘද සාක්ෂියට සචේථනික ව ගත් තීරණ මත බළපායි. අවසාන වශයෙන්, අප ආත්මිකද ලෞකිකද යන්න තීරණය වන්නේ මෙම තීරණවල එකතුව යි.

අප පළමුව හැරුණාට පසුව ගත් මිළියන ගණන් තීරණ ගැන සිතන්න. සෑම දිනකම බොහෝ විට තමන්ගේ කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීමට සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට දැනුවත්ව හා නිරන්තරයෙන් තෝරාගෙන ඇති අය ආත්මික භාවයට පත්ව ඇත. අනෙක් අතට, හුදෙක් තමන්ගේ පාප කමාවෙහි ප්‍රීති වී, එබැවින් බොහෝ විට තමන්ව ම සතුටු කිරීමට තේරීමෙන් තවමත් ලෞකිකව රැදී පවති. සෑම පුද්ගලයෙකුගේ ම තීරණ අවසානයේ ඔහු කවරෙකු වී ඇත් ද කියා තීන්දුවේ.

පසු ගිය වසරවල ජීවිතයේ විවිධ අවස්ථාවන් හි ඔබ විසින් ම ගනු ලැබූ දහස් වර තීරණ තුළින්, ඔබ අද මෙන් යටහත් ය (නිහතමානි ය), ශුද්ධ ය, ප්‍රේමනීය ය. පරිවර්ථනය වී (හැරී) වසර දහයකට පසු සහෝදරයන් දෙදෙනෙකුගේ ( දෙදෙනාම එකම දවසේ ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරුණු) ආත්මික තත්ත්වය ගැන සළකා බලමු. යමෙක් දැන් දෙවියන් වහන්සේට සභාවෙහි වගකීම් පැවරිය හැකි ආත්ම විමසීමේ දීමනාව ඇති පරිණත සහෝදරයෙකි. අනෙක් සහෝදරයා ආත්ම විමසීමේ දීමනාව නැති තවමත් අනුන් විසින් කවා (පෝෂණය කර) නිතරම ධෛර‍්‍යයමත් කිරීමට අවශ්‍ය දරුවෙකි. මේ දෙදෙනා අතර මෙතරම් වෙනසක් කළේ කුමක් ද? පිළිතුර නම් මෙසේ ය : ඔවුන්ගේ දස අවුරුදු කිතුණු ජීවිතයේ සෑම දිනම ඔවුන් ගත් කුඩා තීරණ ය.

ඔවුන් දිගටම ඒ ආකාරයෙන් ම පැ වතුණොත්, තවත් වසර 10 කින් ඔවුන් අතර වෙනස ඊටත් වඩා නිශ්චිතව කැපී පෙනෙණු ඇත. තවද සදාකාලයේ දී ඔවුන්ගේ මහිමයේ වෙනසේ ප්‍රමාණය වොට් 2000 ක බල්බයකින් නිකුත්වන ආලෝකයේ සහ වොට් 5 ක බල්බයකින් නිකුත්වනු ලබන ආලෝකය මෙන් වේ!! “එක් තාරකාවකින් තව තාරකාවක් මහිමයෙන් වෙනස් වේ” (1 කොරින්ති 15: 41). එබැවින් දුර්වල කැමැත්තක් ඇති කෙනෙකු නොවන්න. දෙවියන් වහන්සේව නිතරම සතුටු කරණ පිණිස ඔබගේ කැමැත්ත ක්‍රියාත්මක කරන්න. මේ දක්වා ඔබගේ අතීත ජීවිතයේ ඔබ කොතරම් අසමත් වී තිබුණත් කම් නැත, ඔබ මෙතැන් සිට විශ්වාසවන්ත වන්නට අධිෂ්ඨාන කරන්නේ නම්, සදාකාලයේදී ඔබට සන්ථාපය (ශෝකය) නැති වන්නේ ය. මුළු හදවතින් ම විනය ගරුක එවැනි ජීවිතයක ළැඳිකමක් නැති ඇදහිළිවන්තයින් ඕනෑවටත් වඩා ඔබ වටා ඔබට හමුවිය හැක. ඔවුන්ව විනිශ්චය නොකරන්න. පරිසිවරයෙකු වී ඔවුන්ව හෙළා නොදකින්න. අනුන්ගේ දේවලට ඇඟිළි නොගසා ඔබේ ම වැඩක් බලාගන්න. නමුත් වෙනස් වන්න. යේසුස් වහන්සේ ම පමණක් ඔබගේ ආදර්ශය වන්නට ඉඩ හරින්න. ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියේ දී ඔබගේ ජීවිතය පිළිබඳ ගණන් දීමේ දිනය ගැන නිතරම සිතන්න.