WFTW Body: 

පාවුලුතුමා ලියූ වඩාත්ම ආත්මික ලිපිය බොහෝ විට එපීස පොත වියහැකිය , එයින් සනාථ වනුයේ එපීසයේ තිබූ සභාව එම වකවානුවේ ඉතා ආත්මිකව තිබූ බව යි. එය ඉතා හොද සභාවක් විය. එහි පාවලුතුමා ට නිවැරදි කිරීමට කිසිවක් නොතිබුණේ ය. එපීස පොතෙහි සඳහන් වන්නේ ස්වර්ගික ජීවිතයක් පොළොවෙහි ගතකරන ආකරය ගැනය. සභාවකට හා කිතුණුවෙකු ට පොළොවෙහි ඔවුන්ගේ කාර‍්‍යය සම්පූර්ණ කළ හැකි වන්නේ ඔවුන් ස්වර්ගීක-මණසැති අය නම් පමණි. ඔබ ස්වර්ගික-මණසැති වන තරමට ඔබට දෙවියන් වහන්සේගේ අරමුණ පොළොවෙහි සම්පූර්ණ කළ හැකිය, ඔබට භූමික-මණසක් ඇතිතාක් කල්, ඔබ මිය යන විට ස්වර්ගයට යන වග පැවසුවද, පොළොවෙහි දෙවියන් වහන්සේගේ අරමුණු ඉටු කිරීමෙහි ඔබ වඩාත් ම නිෂ්ප්‍රයෝජන වනු ඇත. ඔබේ නිවසට දෙවියන් වහන්සේ වෙනුවෙන් එහි කාර‍්‍යය ඉටු කළ හැකි වන්නේ එය ස්වර්ගික-මණසැති නිවසක් වන්නේ නම් පමණි. අප කෙරෙහි ස්වාමින් වහන්සේගේ කැමැත්ත වන්නේ, “අපගේ පොළොවෙහි දවස්, පොළොව මත ස්වර්ගයේ දවස් මෙන් “ විය යුතුයි කියාය (ද්වීතීය කථාව 11: 21 – KJV පරිව ර්ථනයෙන්). පැරණි ගිවිසුම යටතේ මෙය කළ නොහැකි විය. නමුත් නව ගිවිසුම යටතේ අප මෙසේ ජීවත් විය යුත්තේ කෙසේ දැයි එපීස පොත අපට පවසයි.

එපීස 1: 3,4 පවසන්නේ “අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.........උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.” මේ සියලු ආශීර්වාද භෞතිකමය ඒවා නොව ආත්මික ඒවා බව එහිදී සැළකිල්ලට ගන්න. පැරණි ගිවිසුම යටතේ ඉශායෙල්වරුන්ට පොරොන්දු වී තිබුණේ භූමික ආශීර්වාද ය. අපට එය ද්වීතීය කථාවේ 28 හි කියවිය හැක. මෝසෙස් ගෙනා ව්‍යවස්ථාවෙන් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා අනුග්‍රහය පැහැදිලි ලෙස වෙන් කර දක්වන්නනේ මෙය යි. මෙවැනි පදයක් පැරණි ගිවිසුමෙහි තිබුණා නම්, එය මෙසේ කියවිය හැකිවනු ඇත: “මෝසෙස් තුළ භූමික ස්ථානවල සෑම භෞතිකමය ආශීර්වාදයකින් ම අපට ආශීර්වාද කළ සර්වබලධාරි දෙවියන් වහන්සේට (අපගේ පියාණන් නොව) ආශීර්වාද වේවා.” එබැවින් මූලික වශයෙන් ශාරීරික සුවය හා භෞතිකමය ආශීර්වාද අපේක්ෂා කරන ඇදහිළිවන්තයන් සැබෑවින් ම පැරණි ගිවිසුම වෙත ආපසු යති. එවැනි “ඇදහිළිවන්තයන්” සැබෑවින්ම ඊශ්‍රායලිතයන් මිස කිතුණුවන් නොවේ, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ නොව, මෝසෙස්ගේ අනුගාමිකයන් ය.

එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ අද දින ඇදහිළිවන්තයින් ට භෞතිකමය වශයෙන් ආශීර්වාද නොකරන බවද? උන්වහන්සේ කරන සේක - නමුත් වෙනත් ආකාරයකින්ය. ඔවුන් මුලින් ම උන්වහන්සේගේ රාජ්‍යය හා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන විට, ඔවුන්ගේ සියලු භූමික අවශ්‍යථාවන් ඔවුන්ට සපයනු ලැබේ. පැරණි ගිවිසුම යටතේ මිනිසුන් මෙම භූමික දේ පමණක් සෙවූ අතර ඔවුන්ට එය බොහෝ සේ ලැබුණි - බොහෝ දරුවන්, බොහෝ දේපළ, මුදල් විශාල ලෙස, සතුරන්ට එරෙහිව ජයග්‍රහණය, ගෞරවය, පොළොවෙහි තානාන්තරය යනාදි ය. නමුත් නව ගිවිසුම යටතේ අප ආත්මික ආශීර්වාද සොයන්නෙ මු - ආත්මික දරුවන්, ආත්මික ධනය, ආත්මික ගෞරවය, ආත්මික ජයග්‍රහණ (සාතන්ට සහ අපගේ මාංශයට එරෙහිව මිස පිලිස්තිවරුන් හා මනුෂ්‍යයින් ට එරෙහිව නොවේ). අප දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට අවශ්‍යය. එවිට ශාරීරික සුවය හා මුදල්, අපගේ භූමික අවශ්‍යථාවයන් ලෙස අපට එකතු කරණු ලැබේ. දෙවියන් වහන්සේ අපව විනාශ නොවේයැයි උන්වහන්සේ දන්නා තරමට අපට මුදල් දෙනු ඇත. පැරණි ගිවිසුම යටතේ දෙවියන් වහන්සේ සමහරු මිනිසුන් ප්‍රකෝටිපතියන් බවට පත් කරන්නට ඇත. නමුත් උන්වහන්සේ අද අප වෙනුවෙන් එසේ නොකරයි, මක්නිසාද එය, ඉහළින් ඇති දේ සෙවීමෙන් අපව වළක්වා - මෙලෙස අපව විනාශ කරයි යන නිසාවෙනි.

එපීස 1: 3හි “ආත්මික ආශීර්වාද” යන වචන, “ශුද්ධාත්මයාණන්ගේ ආශීර්වාද” යනුවෙන් පරිවර්ථනය කළ හැක. ක්‍රිස්තුස් වහන්සේ තුළ ශුද්ධාත්මයාණන්ගේ සෑම ආශීර්වාදයක්ම දෙවියන් වහන්සේ දැනටමත් අපට ලබා දී ඇත. අපට යේසුස් වහන්සේගේ නාමයෙන් එය අත්පත් කර ගන්නට පමණක් අවශ්‍යය. පාර අද්දර සිඟමින් සිටින සිඟන කෙල්ලක් ගැන සිතන්න. ධනවත් කුමාරයෙක් පැමිණ ඇයව විවාහ කර ගැනීමට තීරණය කර රුපියල් මිළියන ගණනක් බැංකු ගිණුමකට දමයි - ඇයට අවශ්‍ය ඕනෑම වේලාවක නිදහසේ මුදල් ලබාගත හැකි ගිණුමකි. ඇය මොන තරම් වාසනාවන්ත ගැහැණු ළමයෙක් ද! වරක් ඇයට කාසි කිහිපයක් තිබූ ටිං එකක් හැර වෙන කිසිවක් තිබුණේ නැත. නමුත් දැන් ඇය විශිෂ්ඨතම වස්ත්‍රවලින් සැරසී අග්‍ර ගණයේ ජීවිතයකට එළඹී ඇත. කුමාරයා විසින් අත්සන් කර ඇති හිස් චෙක්පත් බොහොමයක් ඇය සතුව ඇති හෙයින් ඇයට බැංකුවෙන් ඕනෑම මුදලක් ලබා ගත හැකි ය. ආත්මිකව කථා කරන කළ, අපගේ පිංතූරය මෙය යි. අපට දැන් ස්වර්ගයේ බැංකුවට ගොස් ශුද්ධාත්මයාණන්ගේ සෑම ආශීර්වාදයක්ම ඉල්ලා සිටිය හැකිය, මන්ද ඒ සියල්ලම ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපේ ය. “ස්වාමීනී ඔබවහන්සේගේ මනාළිය ලෙස පොළොවෙහි මාගේ මුළු කාලය පුරාම ඔබවහන්සේට සත්‍යවාදී (අවංක) වීමට මට අවශ්‍ය ය” යනුවෙන් පැවසිය හැකිනම්, උන්වහන්සේ සමඟ මෙම යුග දිවි සම්බන්ධථාවයේ රැදී සිටින්නේ නම්, ස්වර්ගයේ සෑම දෙයක් ම ක්‍රිස්තුස් වහන්සේ තුළ අප සතු ය. එවිට ශුද්ධාත්මයාණන්ගේ සෑම ආශීර්වාදයක්ම අප සතු ය. අපි මෙම කිසිවකට සුදුසු යැයි දෙවියන් වහන්සේට ඒත්තු ගැන්වීමට උත්සහ කළ යුතු නැත - මන්ද අප එය කිසිවක් ලබන්න සුදුසු නැත. එම යාචිකාව (සිඟන කෙල්ල) තමාට ලැබුණු සියලු ධනය ලැබීමට සුදුසු යැයි සිතමින් සිටියා කියා ඔබ සිතන්නේ ද? කිසිසේත් ම නැත. අපට සියල්ල ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ දයාව හා අනුග්‍රහය කරණකොටගෙන ය. අපට ස්වර්ගයේ සියලු දේම ලබා ගත හැකි වන්නේ ඒවා සියල්ලම ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට නොමිළේ ලබා දී ඇති බැවිණි. අපගේ උපවාසයෙන් හා යාච්ඤාවෙන් අපට ඒවා උපයා ගත නොහැක. බොහෝ දෙනෙකුට ශුද්ධාත්මයාණන්ගේ ආශීර්වාදය නොලැබෙන්නේ ඔවුන් මෙයාකාරයට උපයා ගැනීමට උත්සහ කරන බැවිණි! අපට ඒවා එලෙස ලැබිය නොහැක. අප ඒවා සියල්ලම පිළිගත යුත්තේ ක්‍රිස්තුස්ගේ කුසලතාවයෙන් පමණි.