WFTW Body: 

අප නව වසරක් ආරම්භ කරන මොහොතේ, අප ඉදිරියේ ඇති තරඟය ඉවසීමෙන්, අපගේ ඇදහිල්ලේ කතෘවරයා සහ සම්පූර්ණ කරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම අපගේ ඇස් යොමු කරමින්, දිවීමට අධිෂඨාන කර ගනිමු (හෙබ්‍රෙව් 12: 1,2). අප උන්වහන්සේ දෙසම බලමින් දුවමු. අප නැවතී නොසිටිමු. ඇදහිල්ලේ තරඟය යනු ඔබට නැවතී සිටිය නොහැකි දෙයකි. කාලය කෙටිය එනිසා ඔබ දිවිය යුතුය. ඔබ වැටුනොත්, නැගිට නැවත නොනවත්වා දුවන්න. තරඟයකදී වැටුනමුත් නැවත නැඟිට දුවගොස් පළමුවෙනියා බවට පත්වූ බොහෝ තරඟ කරුවන් ඇත. එනිසා සමහර අවසථාවල ස්වාමින්වහන්සේ සමඟ ඔබගේ ගමන තුළ ඔබ වැටුනහොත් අධෛර්‍යයට පත් නොවන්න. එහි වැතිර සිටින්න එපා. නැගිටින්න ඔබගේ පාප නොසඟවා ප්‍රකාශ කොට දිවීම නැවත කරගෙන යන්න.

ඔබ උපදින්නටත් පෙර ඔබගේ ජීවිතයේ සෑම දවසක්ම දෙවියන්වහන්සේ සැලසුම් කළසේක. ගීතාවලිය 139: 16 – 18 (ජීවමාන බයිබලය) මෙලෙස කියවනු ලබයි: "ස්වාමින්වහන්ස මා උපදින්නට පෙර ඔබවහන්සේ මා දුටු සේක එසේම මාගේ ජීවිතයේ සෑම දවසක්ම මා හුස්ම ගැණීමටත් පෙර සැලසුම් කළසේක. සෑම දවසක්ම ඔබගේ පොතේ සටහන් විය. ඔබ නිත්‍ය ලෙසින් මා ගැන සිතන බව දැන ගැණීම කෙතරම් අනර්‍ගද ස්වාමිණී. දිනකට කෙතරම් වතාවක් ඔබගේ සිතුවිලි මා වෙත යොමුවේදැයි මට ගැණීමටවත් නොහැකිය. ඉතින් මා උදෑසන අවදිවනවිට, එවිටත් ඔබ මාගැන සිතමින් සිටී".

දෙවියන්වහන්සේගේ සිත තුළ ඔබගේ ජීවිතයේ සෑම දවසකටම උන්වහන්සේ සැලසුමක් පිළියෙල කර ඇත. මෙම නව වසරේදී ඔබට අනර්‍ග ආත්මික අධ්‍යාපනයක් දීම පිණිස ඔබ සඳහා සැලසුම් කර ඇති පරීක්‍ෂා උන්වහන්සේ තීරණය කර ඇත. එසේම ඔබ මෙම වසරේ මෝඩ කමින් කරගන්නාවූ වැරදි උන්වහන්සේ ඔබගේ යහපතට හරවන්නේ කෙසේදැයි කියාද උන්වහන්සේ ලියා ඇත. එසේම උන්වහන්සේ මෙම වසරේදී ඔබ කළයුතු දේ කුමක්ද යන්නද සැලසුම් කර ඇත. ඔබගේ මුළු හදවතින් එම සැලසුම සොයා ගැණීමට සොයන්න.

යේසුස්වහන්සේ පොළොවේ ගමන් කරන විට ජනයා ස්වර්ගීය ජීවනය උන්වහන්සේ තුළ දුටුවෝය. උන්වහන්සේගේ දයානුකම්පාව, අන් අය කෙරෙහිවූ උන්වහන්සේගේ සැලකිල්ල, උන්වහන්සේගේ පවිත්‍රභාවය, උන්වහන්සේගේ තමකමින් තොර ප්‍රේමය සහ උන්වහන්සේගේ යටහත් කම දෙවියන්වහන්සේගේම ජීවිතයේ සියළු ආකාර ප්‍රකාශ වීම් වූවේය. දැන් ශුද්ධාත්මයාණන්වහන්සේ මෙම දෙවියන්වහන්සේගේ ජීවනය සහ ස්වර්ගීය වාතාවරණය අප හදවත් තුළට ගෙන ඒමට පැමිණ තිබේ. දෙවියන්වහන්සේ විසින් එම ස්වර්ගීය ජීවනය ලොවට ප්‍රකාශ කිරීම පිණිස අපව පොළොවේ තබා ඇත. මෙම එළඹෙන නව වසරේදී සතුට, සමාදානය, ප්‍රේමය, පවිත්‍රභාවය, සහ ස්වර්ගීය යහපත් කම ගැන ඔබගේ නිවසේ සහ ඔබගේ සභාවේ කලින් රස විඳීමක් ලැබීම දෙවියන්වහන්සේට අවශ්‍යය වේ.

යේසුස්වහන්සේ පොළොවේදී ස්වර්ගීය ජීවිතයක් ගත කල සේක. ඔබ ඔබගේ ඇස් උන්වහන්සේ දෙසම යොමු කරමින් සහ උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, එවිට මෙම වසරේ සෑම දවසක්ම ඔබට පොළොව මතුපිට ස්වර්ගයේ දවසක් මෙන් වනු ඇත. යේසුස්වහන්සේ මෙම පොළොව මත ගමන් කළාවූ ප්‍රීතිමත්ම මනුශ්‍යයා වූසේක. උන්වහන්සේගේ ප්‍රීතිය පැමිණියේ පියාණන්ගේ කැමැත්ත ඉටු කිරීමෙන් මිස ජීවිතය පුරා පහසුවූ මාර්ගයක ගමන් කිරීමෙන් නොවේ. උන්වහන්සේ පියාණන්ගේ සම්පූර්ණ ප්‍රේමය දැන සිටි අතර පියාණන් තම මාවතට එවූ සියළුම දේවලට සන්තෝෂයෙන් යටත්වූ සේක. උන්වහන්සේගේ ජීවිතයේ රහස එය විය. ඇදහිල්ල ඇතුව සිටීම නම් ප්‍රේමය තුළ සම්පූර්ණවූ දෙවි කෙනෙක්ව සහ උන්වහන්සේගේ සියළු සැලසුම් අපගේ යහපතට වන බව විශ්වාස කිරීමයි.

ගීතාවලිය 16:8 පවසන්නේ, " ස්වාමීන් නිතර මා ඉදිරියේ තබා ගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තේ සිටින බැවින් නොසෙල් වන්නෙමි." ඒ යේසුස්වහන්සේ ජීවත්වූ ආකාරයයි (ක්‍රියා 2:25). උන්වහන්සේ කිසිවිට නොසෙල්වුණි මක්නිසාද නිතරම උන්වහන්සේ තම පියාණන් අභිමුඛයේ ජීවත්වූ සේක. එහෙයින් උන්වහන්සේ නිතරම ප්‍රීතියෙන් පිරී සිටිසේක (ගීතා: 16:11). දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපද ඒ ආකාරයටම ජීවත්වීමයි. යේසුස්වහන්සේ පියාණන්ට උන්වහන්සේගෙන් අවශ්‍ය අඩුම දෙය ගැන නොව, නමුත් උන්වහන්සේට පියාණන් වෙනුවෙන් කළ හැකි උපරිමය ගැන සැලකිලිමත් වූසේක.

අපගේ ආකල්පය විය යුත්තේද " මෙම පැමිණෙන්නාවූ වසරේදී මගේ මේ එකම භූමික ජීවිතයෙන් ස්වාමින්වහන්සේට ගතහැකි උපරිමය කුමක්ද? යන්නයි." සැබෑ ආත්මිකත්‍වය පැමිණෙන්නේ දවසින් දවස අපගේම කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීමෙන් සහ ස්ථීර ලෙස දෙවියන්වහන්සේගේ කැමැත්තට කීකරු වීමෙනි. යේසුස්වහන්සේට පියාණන්ට ඉතා සතුටු විය හැකි ලෙස බලය ලැබුණේ සෑම දිනකම පියාණන්ගේ කැමැත්තට ස්ථීර ලෙස කීකරු වීමෙනි. මෙම නව වසරේ අප එම මාර්ගයම තෝරා ගන්නේ නම් අපටද දෙවියන්වහන්සේට සතුට ගෙන දීමට හැක.

අන් අයට ආශිර්වාදයක් ලෙස ඔබගේ කුසලානය ඉතිරී යන ලෙස ඒ ආකාරයට ඔබගේ හිස තෙලින් ආලේප කර ආහිර්වාද කිරීමට දෙවියන්වහන්සේට අවශ්‍ය වේ. එලිෂාගේ කාලයේදී , දෙවියන්වහන්සේ දුගී වැන්දඹුවගේ භාජනය තෙලින් පිරවූ විට, ඇය එම තෙල් ඇගේ අසල්වාසීන්ගේ භාජන වලට වත් කළාය (2 රාජාවලිය 4:1 – 7). මෙම වසරේදී ඔබ ඉදිරියට එන්නාවූ සෑම එක් අයෙකුවම ආශිර්වාද කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බලය සහ ආශිර්වාදය දෙවියන්වහන්සේගේ ආලේපය තුළ ඇත. මෙම වසරේදී අර වැන්දඹුව කළාක් මෙන් ඔබගේ අසල්වාසීන් ආශිර්වාද කිරීමට ඔබට පුළුවන. ඉතිං අන් අයගේ ජීවිත වලට වත්කිරීම දිගටම කරන්න. අන් අයට වත්කරන්නාවූ / පැන් ඉසින්නාවූ අයව දෙවියන්වහන්සේ විසින්ම වත් කරනු ලබයි (හිතෝප 11: 25).

යොහාන් අපෝස්තුළු වරයා "ආත්මයාණන් තුළ සිටිනවිට ", ඔහු ස්වාමින්වහන්සේගේ හඬ හොරණෑවක් වැනිවූ ශබ්දයක් මෙන් ඇසුවේය (එළි. 1:10). පැමිණෙන වසරේ සෑම දිනකම ඔබ ආත්මයාණන්තුළ ජීවත් වන්නේ නම්, ඔබද ස්වාමින්වහන්සේගේ හඬ ඔබට මඟ පෙන්වමින් සහ ඔබව ධෛර්‍යමත් කිරීම සෑම දිනකම පැහැදිලිව අසනු ඇත. දවසින් දවස පාපයට සංවේදී වෙමින් සහ දෙවියන්වහන්සේ අභිමුඛයෙහි යටහත්ව ඇවිදිමින් ඔබව ආත්මයාණන් තුළ දිනපතා තබන්න.

දෙවියන්වහන්සේ ඔබව මෙම වසරේදී උසස් ලෙස ආශිර්වාද කරත්වා.