WFTW Body: 

මනුෂ්‍යයා සමග වාසය කිරීමට දෙවියන්වහන්සේ කැමති වන බව එළිදරව් කිරීම අප පළමු වතාවට දකින්නේ නික්මයාම 25:8 හිය. එහි උන්වහන්සේ පවසන්නේ " මා ඔවුන් අතර වාසය කරන පිණිස ඔවුහු මට ශුද්ධ ස්ථානයක් සාදත්වා" යන්නය​. එය දෙවියන් වහන්සේගේ ගින්න පතිතවූ මණ්ඩපය ගැන සඳහන් කරන්නේය - එය ඉශ්‍රායෙල් ජාතිය අන් සියලු දෙනාට වඩා වෙනස් ලෙස සලකනු ලැබූ බව පැහැදිලිකරන දෙවියන් වහන්සේගේ තේජසය. එම ශුද්ධස්ථානයේ අති වැදගත්ම දෙය නම් එය මත රැඳුනාවූ දෙවියන් වහන්සේගේ මහිමයයි - මෙය උන්වහන්සේගේ සෙනග අතර උන් වහන්සේ වාසය කිරීම පෙන්නුම් කළේය. අප කලයුතු අති වැදගත්ම දෙයනම් අපේ නිවස දෙවියන් වහන්සේ උදෙසා ශුද්ධ ස්ථානයක් ලෙස ගොඩනැගීමය - එකිනෙකා සතුටු කිරීමට සෙවීම කළයුතු දෙයක් වුවද, එකිනෙකා සතුටු කිරිමට සොයන්නා වූ ස්ථානයක් නොව ; අපේ නිවස අන් අයට ආශිර්වාදයක් විය යුතු වුවද, අන් අයට ආශිර්වාදයක් වන නිවසක් වත් නොව නමුත් මූලික වශයෙන් දෙවියන් වහන්සේට පැමිණ වාසය කිරීමට හැකි ස්ථානයකි. එමෙන්ම යේසුස් වහන්සේට උන්වහන්සේගේම නිවසෙහි මෙන් දැනෙන නිවෙසකි. "වාසය කරන පිණිස ස්ථානයක් ඔවුහු මා හට සාදත්වා" කියා දෙවියන් වහන්සේ පවසන සේක. කිතුනු නිවසක් අනිවාර්‍යයෙන්ම යේසුස් වහන්සේට උන්වහන්සේගේම නිවසෙහි මෙන් දැනෙන නිවසක් විය යුතුය. එහි අර්ථය නම් උන්වහන්සේ ඒ නිවස තුල දකින සෑම දෙයක් ගැනම සතුටු විය යුතුය. අප කියවන පොත්, අපට ලැබෙන සඟරා, ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව අතර සංවාදය, අප කතා කරන දේවල්, රූපවාහිනිය මත අප නරඹන වැඩසටහන් සහ අනෙකුත් සියල්ල ගැන උන්වහන්සේ සතුටු වීමය​. අපගේ ජීවිතයේ කේඳ්‍රස්ථානය යේසුස් වහන්සේ වන විට අපට වඩාත්ම ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැක.​ එමෙන්ම එවිට අපගේ නිවසේ සෑම දෙයක්ම තීරණය වන්නේ එය යේසුස් වහන්සේ සන්තෝෂයට පත් කරන්නේද නැද්ද යන්න මතය - අපි අපේ කාලය වැය කරන ආකාරය, අපේ මුදල් වියදම් කරන ආකාරය සහ අන් සියල්ලම අප කරන ආකාරයයි. අපි එසේ ජීවත් වෙමු නම්, එවිට අපි අපේ ජීවිතයේ අවසානයට පැමිනෙන විට හෝ ක්‍රිස්තුස්වහන්සේ ඊට පෙර පැමිනෙන්නේ නම්, උන්වහන්සේ ඉදිරියේ සිටින්ට යනවිට "යහපත් වූ විශ්වාසවන්ත වූ දාසය" යැයි උන්වහන්සේ අපට පවසන්නට යන සේක. අපේ නිවස මාළිගාවක් හෝ පැලක් වූවත් - බාහිර පෙනුම ද්විතීයව ගණන් ගැනේ. දෙවියන් වහන්සේ දකින්නේ අපගේ හදවතයි. එබැවින් අපගේ හදවත්ද දෙවියන්වහන්සේට වාසය කරන පිණිස ශුද්ධ ස්ථානයක් බව සහතික කරගන්න.

දෙවියන් වහන්සේ වාසය කරන්නේ කොහේද?

1. සාමය ඇති නිවසක් : මුලින්ම සාමය ඇති නිවසක දෙවියන් වහන්සේ වාසය කරන සේක. යේසුස් වහන්සේ සිය ගෝලයන් දේශනා කිරීමට විවිධ ස්ථාන වෙත පිටත් කර හැරිය විටදී, සාමය ඇති නිවසක් සොයාගැනීම සඳහා ලූක් 10: 5-7 හිදී ඔවුන්ට පැවසුසේක. ඔවුන් එවැනි නිවසක් සොයාගත් විට තවත් නිවසක් සොයන්නේ නැතුව ඔවුන් එහි පමණක්ම සිටිය යුතුයැයිද උන්වහන්සේ පැවසූ සේක. උන්වහන්සේ එසේ පැවසුවේ ඇයි? සාමය ඇති බොහෝ නිවෙස් සොයා ගැනීමට නොහැකි බව උන්වහන්සේ දැන සිටි නිසාය. දෙවියන් වහන්සේ සන්ඩු දබර නොමැති නිවසක වාසය කරනසේක. ස්වාමිපුරුෂයන් හා භාර්‍යාවන් කුමන කාරණයක් සම්බන්ධයෙන් සටන් කරන්නේද? වැඩිපුරම ද්‍රව්‍යමය දේවල් ගැනය - යම් භූමික කාරණයක් වැරදුන අවස්ථාවලදීය. මේ ලෝකය තුළ කාරණා වැරදීමට හැකිය. යමක් වැරදී ගිය විට, බරපතළමවූ එකම කාරණය වන්නේ පාපය බව මතක තබාගන්න. අනෙක් සියලු කරුණු ද්විතීය සහ නොවැදගත් ඒවාය. ඕනෑම වේලාවක භූමික ගැටලු නිසා එකිනෙකා සමඟ කතා නොකරන ලෙස අපට තිත්තකමක් තිබේ නම්, එය දෙවියන් වහන්සේගේ හදවත රිදවනු ඇත. පාපයට ද්වේෂ කරන්න - මන්ද අපගේ විවාහය විනාශ කළ හැකි එකම දෙය එයයි. අපේ ගෙදර දෙවියන් වහන්සේහට ශුද්ධස්ථානයක් වියයුතු බව මතක තබා ගන්න. අපේ ගෙදර සාමය බාධා කරන ඕනෑම දෙයක් මතු වුවහොත් එය තවදුරටත් ශුද්ධ ස්ථානයක් ව නොපවතිනු ඇත. අප කරන සෑම දෙයකම, අපි මෙසේ පවසමු " ස්වාමීනි මිනිසුන් අප ගැන සතුටට පත් වන්නේද නැද්දැයි අපි නොසොයමු. නමුත් ඔබවහන්සේ අප ගැන සතුටු ද? අපගේ ජීවිතයේ, අපගේ සිතුවිලිවල හෝ එකිනෙකා කෙරෙහි ඇති අපගේ ආකල්පය තුලින් ඔබ වහන්සේ අසතුටට පත්කරන යම් දෙයක් අප තුළ ඇත්තේ ද ස්වාමීනි? අපේ අවශ්‍යතාවය වන්නේ ඔබ වහන්සේ අපගේ නිවස තුළ සතුටින් සිටීමය”. මෙම ප්‍රශ්නය තුළින් අපගේ ජීවිතයේ සෑම දෙයක්ම ඇගයීමට ලක් කරමු : මෙය දෙවියන් වහන්සේට ප්‍රසන්නද? දෙවියන් වහන්සේ පිහිටුවන ලද මුල්ම නිවසේ සිදු වූ දේ මතකද? යක්‍ෂයා ආදම් සහ ඒව අතරට පැමිණීමට උත්සහා කරමින් මග බලාගෙන සිටියේය. එහිදී ඔහුගේ අදහස් සඵල විය. යෝබ් සහ ඔහුගේ බිරිඳ අතරට පැමිණීමටද ඔහු සමත් විය. එමෙන්ම ඊසාක් සහ රෙබෙකා අතරට පැමිණීමටද ඔහු සමත් විය. ස්වාමි පුරුෂයා සහ භාර්‍යාව අතර සාතන් පැමිණීම කිසිලෙසත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. ඒ නිසා අපට මෙය කවදාවත් සිදු නොවේවා. සෑම විටම දෙවියන් වහන්සේ අපේ නිවස ගැන සන්තෝෂ විය යුතු අතර සෑම අවස්ථාවකදීම අපට සාමය දෙන සේක්වා.

2. ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව යටහත් වූ සහ බිඳුණු සිත් ඇත්තන් වූ නිවසක් : දෙවනුව මට පැවසීමට අවශ්‍ය දේ යෙසායා 57:15 හි සඳහන්වේ : උසස් වූ ශුද්ධ ස්ථානයේ වාසය කරන දෙවියන් වහන්සේ තැලුනාවු යටහත් ආත්මයක් ඇත්තා සමඟද වාසය කරන සේක. තැලුනාවු බිදුනාවු ආත්මයක් ඇති අය සමඟ දෙවියන් වහන්සේ වාසය කරන සේක. බිඳුණු පුද්ගලයෙක් යනු අන් කිසිවෙකු ගැනට වඩා තමාගේම හිඟකම හා අසාර්ථකත්වය පිලිබඳව දැනුවත්ව සිටින කෙනෙකි. අනිත් අයගේ අසාර්ථකත්වය ගැන දන්නා මිනිසුන්ගෙන් ලෝකය පිරී තිබේ. අද සාමාන්‍යයෙන් නිවසේදී, අනෙක් අය හා ඔවුන්ගේ පවුල්වල අසාර්ථකත්වය ගැන කතා කිරීමට වැඩි අවධානයක් යොමු වී තිබේ. අනිත් අයගේ අසාර්ථකත්වය ගැන දැනගැනීමට අපි ඉක්මන් වන්නෙමු. නමුත් බොහෝ විට අප, එම පුද්ගලයන් තුළ තිබෙන හොඳ ලකුණු දකින්නේ නැත. අපි දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ගැලවීම ලැබූ පව්කාරයන් වන නිසා කිසිවෙකුට ගල් ගසන්නට අපට අයිතියක් නැත. කෙසේ වෙතත්, අප නැවත නැවතත් එකම පාපය දිගටම කරගෙන යාමට අවශ්‍ය නොවන අය වෙමු - විශේෂයෙන්ම අනෙක් මිනිසුන්ගේ වැරදි ගැන කතා කිරීමේ පාපය. නාන කාමරයක ඇති කැඩපත සහ වාහනයක රියදුරු දර්පණ අතර වෙනස අපි හැමෝම දනිමු. නාන කාමරයේ කැඩපතකින් අපට අපේම මුහුණ පෙනෙනවා. රියදුරු දර්පණවලදී අපි තවත් කෙනෙකුගේ මුහුණ දකින්නෙමු. දෙවියන් වහන්සේගේ වචනය කැඩපතක් වගේ බව යාකොබ් 1: 23-25හි පවසනවා. නමුත් එය නානකාමර කැඩපතක්ද එසේ නැතිනම් රියදුරු දර්පණයක් වේද? අප එය තුළ දකින්නේ කාගේ මුහුණද? වෙන කෙනෙකුට දේශනා කරන්න වචනයක් එය තුළ අපට දකින්න පුළුවන්ද? නැතහොත් අපි නොපිළිපදින්නාවූ දෙයක් එය තුළ දකින්නෙමුද? හෙබ්‍රෙව් 10: 7 හි මෙසේ පවසයි. "පොතෙහි මා ගැන ලියා තිබේ."

3. ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව ශුද්ධව සිටින නිවසක් : දෙවියන් වහන්සේ, ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව දිනපතා ශුද්ධව සිටිමින් ජීවත්වන නිවසේ වාසය කරනසේක. එසකියෙල් 43: 12 හි මෙසේ පවසයි. මෙය දෙවියන් වහන්සේගේ ගෘහයේ නීතියයි - මුළු ප්‍රදේශයම අතිශුද්ධස්ථානය විය යුතුය. මණ්ඩපයේ කොටස් තුනක් තිබුණි - පිටත මළුව, ශුද්ධස්ථානය හා අතිශුද්ධස්ථානයයි. මේ කොටස් තුනෙන්, අතිශුද්ධස්ථානය වඩා කුඩා විය. නමුත් මේ අලුත් ගිවිසුමට අනුව පිටත මළුව හෝ ශුද්ධ ස්ථානයක් නැත. මුළු ප්‍රදේශය අතිශුද්ධස්ථානය වනු ඇත. එමනිසා අලුත් ගිවිසුමට අනුව දෙවියන් වහන්සේගේ තේජස කූඩාරම තුළ එක කෙළවරක රැඳුනා නොව, මුළු මළුව පුරා විහිදෙන බවයි. අපේ ජීවිතයට එයින් අදහස් කරන්නේ අප සැමවිටම ශුද්ධව සිටිය යුතු බවයි - ඉරිදා පමණක් නොව සෑම දිනකම. අපි බයිබලය කියවන විට පමණක් නොව අන් ඕනෑම දෙයක් කරන විටදී ශුද්ධව සිටීමට නියමිතයි. අපේ ජීවිතයේ හා අපේ නිවසේ සෑම පැත්තක්ම ශුද්ධ වනු ඇත. ශුද්ධකම යනු ඇතැම් ආගමික චාරිත්‍ර අනුගමනය කිරීම නොව, දෙවියන් වහන්සේව අමනාප කරන සියල්ලෙන් වැළකී සිටීමයි - අපට ඇති ආලෝකයට අනුව.