WFTW Body: 

බීමට වතුර නොමැති ස්ථානයක් කරා ඉශ්‍රායෙල්වරු පැමිණීම නික්මයාම 17 වන පරිච්ඡේදයේ අපි දකින්නෙමු. පෙනෙන තෙක් මානයකවත් ලකුණක් නැති කළ, ඔවුහු නැවත කොඳුරන්නට පටන් ගත්හ. නැවත වරක්, මෙහිදී දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙනෙත් ඉදිරිපිටම උන්වහන්සේගේ විසඳුම පෙන්වා දුන් සේක. උන්වහන්සේ මෝසෙස්ට කියනසේක්, “නුඹ ඉදිරිපිට ඇති පර්වතය දෙස බලන්න, නුඹ එයට ගසා පන්න” (6 වන පදය). මෝසෙස් පර්වතයට ගැසූ විට වතුර ගලා එන්නට පටන් ගත්තේ ය. මා මේ පරිච්ඡේදය පළමුවරට කියවූ විට, මගේ මනසට ආ දර්ශනය වූයේ, කුඩා පර්වතයක් සහ කුඩා ජල ධාරාවක් ගලා ඒම තුළින් ඒ සියලු දෙනාම වතුර බීම ය. නමුත් එම වනාන්තරයේ කොපමණ දෙනෙක් පිපාසයෙන් සිටියාද කියා ඔබ දන්නේද? වයස අවුරුදු 20 ත් 60 ත් අතර මිනිසුන් පමණක් ලක්ෂ හයක් සිටියෝය. ඒ විතරක් නොවේ බොහෝ වයෝවෘද්ධ මිනිසුන්ද, තරුණ ළමයි හා ස්ත්‍රීන් ද සිටියෝය. අවම වශයෙන් ලක්ෂ 20ක පමණ සෙනඟක් එහි සිටින්නට ඇත. ලක්ෂ 20ක සෙනඟක් උදෙසා කොපමණ වතුර අවශ්‍ය වන්නේ දැයි ඔබ සිතන්නේද? එය කුඩා වතුර ගඟුළක් (කඩිත්තක්) ද? නැත! ඉතා ඉක්මනින් ඒ ලක්ෂ 20ක සෙනඟ වතුර බීමට නම් බොහෝ දිශාවලින් බොහෝ ගංගා ගැලිය යුතුය. කුඩා ජල ධාරාවකින් ඒ ලක්ෂ 20ක සෙනඟ බීම පිණිස පෙළ ගැසී සිටියේ නම්, පෝලිමේ ඉදිරියට යන්න කළින් බොහෝ දෙනෙක් පිපාසාවෙන් මිය යන්නට තිබුණේය! නැත. කාන්තාරයෙදී ගසන ලද පර්වතයෙන් වතුර ගංගාවන් ගැලුවේය. කුරුසිපත් වූ මනුෂ්‍යයෙකු තුළින් (“පහරකෑ පර්වතය”) ගලා යන්නා වූ ආත්මයෙන් පිරී ජීවිතය මෙයාකාරයෙන් යේසුස් වහන්සේ රූපා දර්ශනය කළ සේක (යොහාන් 7:37-39).


යේසුස් වහන්සේ කල්වාරියේ පහර කෑ විටදී, එය පෙන්තකොස්තයට මාර්ගය පිළියෙල කෙරිණි. කල්වාරිය සෑමවිටම පෙන්තකොස්තයට පෙරටුවෙන් ගමන් කරන්නේ ය. අප ශුද්ධාත්ම බෞතිස්මය ලැබූ විට ඒ ක්ෂණයෙන්ම ජීවනදායක වතුර ගංගා අප තුළින් ගලා යන්න පටන් ගන්නෙ නැත. අපි අවංක නම් අපි එය පිළි ගන්නෙමු. අන් අය ආශිර්වාද ලබන පිණිස අප තුළින් ගංගාවන් ගැලීම පටන් ගැනීමට පෙර, දෙවියන් වහන්සේට, අපව බිඳින පිණිස, අපහට පහරදීම හා අප තුළ කුරුසිපත් වීමේ, වැඩ පිළිවෙළක් කරන්නට අවශ්‍ය වේ. දෙවියන්වහන්සේ සොයන්නේ, පොළොව මතුපිට කෝටි ගණන් සෙනඟකට ආශිර්වාදයක් වන ලෙස, වෙනස් කළ (සෑදිය) හැකි ඔබත් මාත් වැනි සාමාන්‍ය, කිසි වැඩකට නැති, දුර්වල, අඥාන, සෙනඟක් ය. නමුත් එය රඳා පවතින්නේ අපට පහරදී, අපව කැඩීමට දෙවියන් වහන්සේ හට අප ඉඩ දෙන්නේද නැද්ද යන්න මතය.


ගංගා ගලා යෑම ආරම්භ කළ සැනින් ම "එවිට අමලේක්වරු පැමිණියෝය" කියා (8 වන පදයේ) අපි කියවන්නෙමු. මුළු පරණ ගිවිසුම පුරාම අමලේක්වරු යන්න අපේ මාංශයට රූපාදර්ශයකි. ආත්මය සහ මාංශය නිරන්තර අරගලයක යෙදී සිටී. ගංගා ගලා යෑම ආරම්භ වූවත් සමඟම දෙවියන් වහන්සේගේ සෙනඟ සමඟ සටන් කිරීමට අමලේක්වරු පෙනී සිටියෝය. යේසුස් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ආලේප ලත් විගසම සාතන් උන්වහන්සේව පරීක්ෂාකිරීමට පැමිණියේය (ලූක් 3:22; 4: 1,2). මෝසෙස් සහ යෝෂුවා එක්ව ක්‍රියාකිරීම කරණකොටගෙන අවසානයේදී අමලේක් වරුන්ව පරාජය කරනු ලැබීය. මෝසෙස් කඳු මුදුනේ අත් ඔසවා යාච්ඤා කරන අතර යෝෂුවා මිටියාවතේ අමලේක් වරුන්ට එරෙහිව සටන් කළේය. මාංශය ජය ගැනීමට අපට හැකියාව ලැබෙන්නේ මේ දෙපාර්ශවය එකට එක් වීමෙන් පමණි. එනම් අපේ දෑත් ඔසවා දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම (අපේ අසරණ භාවය හා දුර්වලතාවය පිළිගැනීම) සහ ආත්මයාණන්ගේ කඩුව නමැති දේව වචනය සතුරාට එරෙහිව සෘජුව පාවිච්චි කිරීම (වනාන්තරයේ දී යේසුස් වහන්සේ පාවිච්චි කළා සේම).


මෝසෙස්ගේ දෑත් බර වූ විට ආරොන් සහ හූර් ඔහුගේ දෑත් උසුලා සිටියෝය (නික්මයාම 17: 12). අප දුර්වලව හා විඩාවට පත්ව සිටින සෑම මොහොතකම අපහට පිහිටවන පිණිස ආරොන්ලා සහ හූර්ලා අපට ද අවශ්‍ය වන්නේ ය. මගේ කිතුණු ජීවිතයේ සොයා දැනගත්තා වූ මහත් සත්‍යතාවයන් ගෙන් එකක් නම් : මට මෙය තනිව කළ නොහැක. ක්‍රිස්තු ශරීරයේ මගේ අනිකුත් සහෝදරයන් මට අවශ්‍ය වන්නේ ය. බොහෝ වර්ෂ ගණනාවකට පෙර මඟ අසල මා නොවැටී අද මා මේ ස්ථානයේ කෙලින් සිටින්නේ නම් සහ මා අවබෝධ කරගත් සත්‍යතාවයන් ගෙන් නොහැරී මධ්‍යස්ථ ප්‍රතිපදාව අනුගමනය නොකර සිටීමේ එක හේතුවක් නම් මට නිරන්තරයෙන්ම අනුශාසනා කරන්නා වූ මා උදෙසා යාච්ඤා කරන්නා වූ සහ මාව දිරිගන්වන්න සහෝදර සහෝදරියන් මා සමඟ සිටීමය. වර්ෂ ගණනාවක් තිස්සේ මගේ දෑත් උසුලාගත් බොහෝ ආරොන්ලා සහ හූර්ලා මට සිටිති. මම ඒ අයව මහත් ලෙස අගය කරන්නට ඉගෙන ගතිමි. ආරොන් සහ හූර් දීමනාවලින් පිරී සිටි අයවලුන් නොවූවද එමෙන්ම මෝසෙස් දෙවියන් වහන්සේව දැනගත් ආකාරයටම ඔවුන් දෙවියන් වහන්සේව දැනගෙන නොසිටියෝය. එසේ වුවත් මෝසෙස්ට ඔවුන්ව අවශ්‍ය විය. ආරොන් අඩුම ගණනේ නායකයකු ව සිටියේය. නමුත් මේ හූර් කිසිවකු නොහඳුනන්නාවූ මනුෂ්‍යයෙකි දේව වචනයේ නැවත ඔහු ගැන කිසි සඳහනක් නැත! නමුත් දෙවියන් වහන්සේගේ මහත්වූ මනුෂ්‍යයා වන මෝසෙස්ට මේ කිසිවකුත් නොදන්නා වූ මනුෂ්‍යාගේ උපකාරය පවා අවශ්‍ය විය. ක්‍රිස්තු ශරීරයේ ඉන්නා වූ දුර්වල හා කිසිවකු නොහඳුනන්නාවූ සහෝදරයන් කිසිවිටකත් සුළු නොකරන්න. ඔබ ලොවෙහි සිටින්නා වූ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වූවත් ඔබට ඔවුන්ව අවශ්‍ය වන්නේ ය. යේසුස් වහන්සේ පවා ගෙත්සෙමනයෙදී පැකිලෙන්නාවු පේදුරු යාකොබ් සහ යොහාන්ගෙන් උන්වහන්සේගේ දෑත් ඔසවන මෙන් අසා සිටි සේක. "නුඹලා මට ඕනෑ නැතැයි පාදවලට (ශරීරයේ පහත්ම අවයව වලට) කියන්නට හිසටවත් (ක්‍රිස්තුස් වහන්සේ) නුපුළුවන (1 කොරින්ති 12: 21).