WFTW Body: 

යුදෙව්වරුන් ලෝකයේ අන් සියල්ලන් නොලත් දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් ට තිබූ සත්‍යථාවයෙහි පාරට්ටු කර ගත්තෝ ය. නමුත් ඔවුන් වචනයට අනුව ජීවත් නොවූවෝය; ඒත් අවසානයේදී දේව වචනයේ අනාවැකි පවසා තිබූණාවූ තැනැත්තා ඔවුන් මධ්‍යයට පැමිණිවිට ප්‍රතික්ෂේප කළෝය. නව ගිවිසුම තේරුම්ගෙන සිටින අපද ඒ ආකාරයටම අපව පාරට්ටු කරගැනීමෙන් අපව ම මුළා කරගත හැක.

පහත දැක්වෙන්නේ රෝම 2 වන පරිච්ඡේදයෙන් ගත් අනුවර්ථනයකි (The Living Bible පරිවර්ථනයෙන්) - අප මුහුණ දෙන අනතුර ගැන අනුවර්ථනයකි :

“අප බොහෝ පැහැඳිළි ලෙස තේරුම් ගෙන ඇති නව ගිවිසුම බොහෝ කිතුණුවන් තේරුම් නොගැනීම කෙතරම් කණගාටුදායකද” යැයි ඔබ කියන්නට පුළුවන.

එහෙත් පොඩිඩක් ඉන්න! ඔබේ ජීවිතය අලුත් ගිවිසුම තේරුම් නොගත්තා යැයි සිතන අන් කිතුණුවන්ගේ ජීවිත වලට වඩා හොඳ තත්වයකද තිබෙන්නේ කියා අවංකවම විමසා බලන්න. ඔබ සමහර විට නව ගිවිසුම ගැන න්‍යායාත්මක දැණුම ගැන පමණක් පාරට්ටු කරගන්නේ ද? එසේ නැතිනම් ඔබ සැබැවින්ම නව-ගිවිසුම් ජීවිතයට ඇතුලත්වී තිබේද?

දෙවියන් වහන්සේ සමඟ පක්ෂවාදිකම් නැතිබවත් උන්වහන්සේ ධර්මිෂ්ඨ බවත් අප දන්නෙමු. උන්වහන්සේ අනික් ක්‍රිස්තියානි අයව ඔවුන් කරන දේවල් නිසා වැරදි කරුවන් ලෙස සලකන බව සහ ඔබ එම දේවල්ම කරමින් "අළුත් ගිවිසුම් ක්‍රිස්තියානි අයකු" ලෙස අයිතිවාසිකම් කියන නිසා ඔබේ දොස් නොබලා සිටි යයි ඔබ සිතනවාද?

සැබැවින්ම දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි ඉවසිල්ලෙන් සිටින සේක. දෙවියන් වහන්සේගේ දැක්ම තුළ ඔබේ සැබෑ ස්වරූපය දකින්නට උන්වහන්සේ ඔබට කාලය දෙන සේක. ඔබ කෙරෙහි උන්වහන්සේගේ කරුණාවෙන් අදහස් වන්නේ ඔබව ස්වයං විනිශ්චයකට යොමුකර පසුතැවිල්ලට පත් කිරීමයි.

නමුත් ඔබ නව ගිවිසුම අවබෝධ කරගෙන සිටිනවා පමණක් නොව අන් අයටද එයපැහැඳි ළි කිරීමටත් හැකි නිසා, ඔබ ගැන සැමදෙයක්ම හොඳින් ඇතැයි කියා සිතනවා ඇති. එවිට ඔබ දේව විනිශ්චය ඉදිරියේ ඊටත් වඩා අනතුරක සිටී - මක්නිසාද ඔබ හිමිකම් දරණ, අන් අයට උගන්වන සත්‍යථාවයන්ට අනුව ජීවත් නොවන්නෙකු බැවින් ය.

දෙවියන් වහන්සේ විසින් සැමදෙනාගේම රහසිගත ජීවිත විනිශ්චය කරන දවස පැමිණෙන්නේය - ඔවුන්ගේ අභ්‍යන්තර සිතුවිලි, ආකල්ප සහ චේතනා (අභිලාෂයන්). එවිට උන්වහන්සේ එක් එක් අයට තම ක්‍රියාවන් වලට හරියටම යෝග්‍ය දේ දෙන්නේ ය - ඉවසීමෙන් උන්වහන්සේගේ කැමැත්ත කළාවූ අයට, සහ උන්වහන්සේගේ මහිමය සහ ගෞරවය සෙව්වාවූ අයට සදාකාල ජීවනය ලබා දෙනු ඇත. එසේම උන්වහන්සේ විසින් තමන් හුදෙක් නව-ගිවිසුම දැන සිටියා යයි පැවසූ නමුත් ආත්මාර්ථකාමිත්වය සහ ආත්මික උඬඟුව සහ රහසිගත පාපයන් තුළ ගමන් කළ අයව ප්‍රතික්ෂේප කරණු ඇත.

ඒ දවසේදී ඔවුන් පාපයේ නියැලී සිටියේ නම් නව-ගිවිසුම් කිතුණුවන්ට මෙන්ම අනෙකුත් කිතුණුවන්ට ද සදාකාලික දුක ඇතිවනු ඇත. නමුත් උන්වහන්සේට කීකරුවුනාවූ අයට ඔවුන් තමන්ව "නව-ගිවිසුම් කිතුණුවන්ට හෝ වෙනත් ආකාරයක කිතුණුවන් ලෙස හඳුන්වාගත්තත් දෙවියන් වහන්සේගෙන් මහිමය සහ ගෞරවය ලැබෙනු ඇත. දෙවියන් වහන්සේ සමඟ පක්ෂවාදිකම් නොමැත.

සත්‍යය නම් කොතැනක හමුවූවත් දෙවියන් වහන්සේ පාපයට දඬුවම් කරන සේක. උන්වහන්සේ ක්‍රිස්තියානි නොවන අය ඔවුන්ට බයිබලයක් නොමැතිවූවත් ඔවුන්ගේ පාප උදෙසා දඬුවම් කරන සේක, මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට කුමක් හරිද කුමක් වැරදිද යන්න පවසන හෘදසාක්ෂියක් දී තිබේ. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ඔවුන් තුළ ලියා තිබෙන අතර ඔවුන්ගේ හෘදසාක්ෂිය ඔවුනට චෝදනා කිරීම හෝ සමාව දීම කරනු ඇත.

නමුත් නව-ගිවිසුම් කිතුණුවන් පව් කළවිට දෙවියන් වහන්සේ ඔවුනට වඩාත් දඬුවම් කරනු ඇත, මක්නිසාද ඔවුන් උන්වහන්සේගේ ව්‍යවස්ථාව අන් අයට වඩා දැන සිටියෝය, නමුත් ඔවුන් එයට කීකරු නොවූවෝය. ගැළවීම, හුදෙක් කළයුතු දෙය දන්නාවූ අයට නොව, නමුත් සැබැවින්ම එය කරන්නාවූ අයට දී තිබේ. එසේ උන්වහන්සේ වඩාත් දීමණා ලබාදුන් අයගෙන් දෙවියන් වහන්සේ වඩාත් බලාපොරොත්තුවන සේක.

එනිසා ඔබ "නව-ගිවිසුම් කිතුණුවන්" උන්වහන්සේගේ සත්‍යථාවයන් අවබෝධ කර ඇති නිසා පමණක් ඔබ සහ දෙවියන් වහන්සේ අතර සියළු දේ හොඳින් ඇතැයි නොසිතන්න. ඔබ දෙවියන් වහන්සේගේ සුවිශේෂ වූ මිත්‍රයින් කියා ද සිතනවා වන්නට පුළුවන. මක්නිසාද ඔබ උන්වහන්සේට අවශ්‍ය කුමක්ද කියා දන්නා බැවිණි; වැරැද්දෙන් හරිදේ කුමක්ද කියා ඔබ දනියි එමෙන්ම ඔබ උන්වහන්සේගේ නව-ගිවිසුමේ කොන්දේසි මොනවාද කියා පැහැදිළිව දනියි. එසේම ඔබ සාමාන්‍ය මණසැති අයට දෙවියන් වහන්සේගේ ගැඹුරු සත්‍යථාවයන් වෙතට මඟ පෙන්වන්නාවූ ප්‍රදීපාගාර එළියක් ලෙස ඔබ සිතනවා විය හැකියි.

නමුත් පළමුව ඔබව ම විමසා බලන්න. සමහර විට ඔබ අන් අයට සොරකම් නොකරන ලෙසට පවසනවා ඇති - නමුත් කිසිවිටක ඔබ නොකළාවූ දෙයකට ගෞරවය සොරකම් කර තිබේද? කාමමිත්ථ්‍යාචාරයේ යෙදීම වැරදි යයි ඔබ කියනමුත් - ඔබ ලස්සණ තරුණියන් කෙරේ තෘෂණාවෙන් සිටිනවාද? ඔබ "රූප නමස්කාරය නොකරන්නැයි" කියන නමුත් ඔබ මුදල් ඔබගේ දෙවියන් ලෙස සළකනවාද?

ඔබ දෙවියන් වහන්සේගේ නව ගිවිසුම දැනගැණීම ගැන ආඩම්බර (උඬඟු) වෙනවාද, නමුත් ඔබ ජීවත්වන ආකාරයෙන් උන්වහන්සේට අගෞරව කරනවාද? නව ගිවිසුම යම් වටිනාකමක් දරන්නේ ඔබ එයට අනුකූලව ජීවත් වන්නේ නම් පමණි. නමුත් ඔබ එයට අනුකූලව ජීවත් නොවන්නේ නම් එවිට ඔබ අන් කිසිවෙකුට වඩා හොඳ කෙනෙකු නොවේ. එසේම ඔබ විසින් හෙළා දකින අනෙක් කිතුණුවන් දෙවියන් වහන්සේගේ පණත් පවත්වන්නේ නම්, එවිට දෙවියන් වහන්සේ ඔවුන් නව ගිවිසුම නොදැන සිටියත් ඔවුන්ට විපාක දෙනු ඇත. ඔවුන් විනිශ්චය දවසේදී දෙවියන් වහන්සේ ගැන සහ උන්වහන්සේගේ පොරොන්දු ගැන බොහෝ දේ දැන එනමුදු එයට අනුව ජීවත් නොවුනාවූ ඔබට වඩා පොහොසත් වනු ඇත.

ඔබ හුදෙක් නව-ගිවිසුම් සභාවකට අයිති වූ හෝ ඔබ එහි සත්‍යථාවයන් අවබෝධ කර සිටිය පළියට ඔබ නව-ගිවිසුම් කිතුණුවෙකු නොවේ. නැත. සැබෑ නව-ගිවිසුම්-කිතුණුවෙකු යනු තම හදවත සැමවිටම දෙවියන් වහන්සේ සමඟ නිවැරදිව තිබෙන අයෙකි මක්නිසාද ඔහු නිතර තමන්වම විනිශ්චය කරගගන්නා බැවින් සෑම දිනකම ජයග්‍රාහි ජීවිතයක් ගත කරයි. දෙවියන් වහන්සේ තම මතවාද නිවැරදිව තිබෙන අය දෙස නොව, නමුත් තම හදවත් සහ මණස වෙනස් කිරීමට ශුද්ධාත්මයාණන්ට ඉඩහරිමින් දිනපතා යේසුස් වහන්සේගේ අඩිපාරේ සැබෑ ගමන් කිරීමක් කරන්නාවූ අය දෙස බලන සේක. තම ජීවිත තුළ එවැනි වෙනස් කමක් ඇති අය පමණක් අවසන් දිනයේදී දෙවියන් වහන්සේගෙන් ඔවුන්ගේ පැසසුම ලබනු ඇත.

අසන්නට කණ් ඇත්තෝ අසාවා.