WFTW Body: 

ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන විට එය කෙසේ වේද යන්න ගැන පාවුලුතුමා 1 තෙසලෝනි 4: 13-18 හි ප්‍රකාශ කර යි. “ස්වාමින් වහන්සේ තුළ සැතපුණ අය ගැන ඔබ නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව.” එය ක්‍රිස්තුස් වහන්සේ තුළ සැතපුණ අය ගැන සඳහන් කරයි. යේසුස් වහන්සේ මිය ගොස් නැවත නැගිටුනු සේක; ක්‍රිස්තුස් වහන්සේ තුළ සැතපුණාවූ අය ද නැවත නැගිටින්නෝය. යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට ජීවත්ව සිටින අපව, අපට පෙර ක්‍රිස්තුස් වහන්සේ තුළ සැතපුණාවූ අයට පෙර, ඔසවා ගනු නොලබන්නෙමු. ඔවුහු සොහොන් ගෙවලින් නැගිට එන්නෝය. එය පළමු උත්ථානය වන්නේ ය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. නොඇදහිළිවන්තයින් තවත් අවුරුදු දහසකට නොනැඟිටින්නෝ ය. ඔවුහු දෙවන නැවත උත්ථානයේ දී නැඟිටින්නෝ ය.

අග්‍ර දේවදූතයාගේ හඬින්, සහ දෙවියන් වහන්සේගේ හොරණෑ හඬත් සමඟ, අපගේ ස්වාමින් වහන්සේ මහ හඬක් නගමින්, උන්වහන්සේගේ නැවත පැමිණීමේදී බැස වඩින සේක. එවිට සියළු සාන්තුවරයන් ස්වාමින් වහන්සේව වළාකුළු අතරේ මුණගැසීමට ඔසවා ගනු ලැබේ. උන්වහන්සේගේ නැවත පැමිණීම ගැන තම ගෝලයන්ට කථා කළ විට, මෙම කාරණා ගැනම යේසුස් වහන්සේ පැවසූසේක. “උන්වහන්සේ එහි සිටී’ හෝ ‘උන්වහන්සේ මෙහි සිටී’ හෝ ‘උන්වහන්සේ රහසින් පැමිණ සිටී’ යැයි පවසන අයව විශ්වාස නොකරන මෙන්” උන්වහන්සේ කීසේක ( මතෙව් 24: 26 ). උන්වහන්සේ පවසා සිටියේ, අද බොහෝ දෙනා විශ්වාස කරන ලෙස, උන්වහන්සේ රහසින් නොපැමිණෙන බව යි. උන්වහන්සේ නැවත පැමිණෙන විට නැගෙනහිරෙන් බටහිර ට විහිදෙන විදුලි කෙටීම මෙන් සෑම ඇසකට ම උන්වහන්සේව දැකගන්නට හැකි ය.

ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම කවදා සිදු වේවි ද? යේසුස් වහන්සේ එයටද පිළිතුරු දුන් සේක: “පීඩා පසුවූ කෙණෙහිම” ( මතෙව් 24: 29). බොහෝ අය විශ්වාස කරන්නේ පීඩාවට පෙර ක්‍රිස්තුස් වහන්සේ තම සාන්තුවරයන් ඔසවා ගනු ඇති බව යි. නමුත් එය උගන්වන කිසිම පදයක් ශුද්ධ ලියවිල්ලේ කොතැනකවත් නැත. එය මිනිසුන්ගේ ධර්ම මතයකි. යේසුස් වහන්සේ පැහැදිලිවම කියා සිටියේ උන්වහන්සේගේ පැමිණීම පීඩාවෙන් පසුව වන බව යි. 1 තෙසලෝනි 4: 16, 17 හි සඳහන් මෙම සිදුවීම් හරියටම මතෙව් 24: 30,31 හි යේසුස් වහන්සේ සඳහන් කළ ආකාරයම ය: යේසුස් වහන්සේ දේවදූතයින් හා හොරණෑ හඬ සමඟින් වළා කුළු මධ්‍යයේ පෙනී සිටීම එවිට සාන්තුවරයන් උන්වහන්සේ හමුවීමට ඔසවණු ලැබීම.

“ස්වාමින් වහන්සේගේ දිනය රාත්‍රියේ සොරෙකු මෙන් පැමිණෙන බව” අප 1තෙසලෝනි 5: 2 හි කියවන්නෙමු. සොරෙකු ඔහුගේ පැමිණීම නිවේදනය නොකරනමුත් අනපේක්ෂිත ලෙස පැමිණේ. එලෙස, ස්වාමින් වහන්සේ නැවත පැමිණෙන විට සෑම නොඇදහිළිවන්තයෙකුම පුදුමයට පත් වනු ඇත. කෙසේවෙතත්, ආලෝකයේ දරුවන් වන අප අපගේ ස්වාමින් වහන්සේගේ පැමිණීම බලා සිටිමුව (1 තෙසලෝනි 5: 4). අප අන්ධකාරයේ ජීවත් නොවෙමු. එම නිසා අප ආත්මිකව නිදා නොගෙන, අවදියෙන් සිටිය යුතුය (1 තෙසලෝනි 5: 6).

අප අවදිව ද නින්දේද යන්න දැන ගන්නේ කෙසේ ද? මිනිසෙකු නිදා සිටින විට, ඔහු අවට කාමරයේ ඇති සැබෑ දේවල් ඔහුට අදෘශ්‍යමානය; නමුත් තාත්වික නොවූ ඔහුගේ සිහින තුළ දේවල් තාත්වික බවට පෙනෙන්නේය. මේ ආකාරයටම, සදාකාලයේ සත්‍යයවූ දේවල් ඔහුට අතාත්වික ලෙස පෙනෙන්නට ගන්නා විට සහ මේ ලෝකයේ අසත්‍යවූ දේ ඔහුට සත්‍යය ලෙස පෙනෙන විට ඇදහිලිවන්තයෙකු ආත්මිකව නිදා සිටියි. ස්වර්ගය හා සදාකාලයට සාපේක්ෂව, මේ මුළු ලෝකයම මනඃකල්පිත සිහිනයක් මෙනි. සැබෑවින්ම සදාකාලික දේවල් ස්වර්ගික දේවල් ය. නිදා සිටින ඇදහිළිවන්තයින් උදෙසා, ස්වාමින් වහන්සේ නිසැකවම රාතියේ සොරෙකු මෙන් පැමිණෙනු ඇත. පාවුල්තුමා පවසන්නේ අපි ඒ දවස එනතුරු බලා සිටින බවත් උන්වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බවත් ය.


සෑම දෙයක්ම සාමකාමී හා ආරක්ෂිත යැයි අප වටා සිටින අය සිතනු ඇත ( 1 තෙසලෝනි 5: 3). එහෙත් හදිස්සියේම ඔවුන් වෙත විනාශය පැමිණෙන්නේ ය. මේ විනාශය, “ගර්‍බනියට විලිරුජාව පැමිණෙන්නාක් මෙන්” හදිස්සියේම පැමිණෙනු ඇතැයි මෙහි සඳහන් කර යි. ( 1 තෙසලෝනි 5: 3 ). අන්තිම දවස් ගැන කථා කිරීමේදී යේසුස් වහන්සේ එම ප්‍රකාශයම භාවිතා කළසේක ( මතෙව් 24: 8). දරුවෙකු බිහි කිරීමට පෙර ඇයට පැය ගණනාවක් පැවතිය හැකි ප්‍රසව වේදනා කාලයක් ඇති බව සෑම කාන්තාවක්ම දනී. (සමහර ම්ව්වරුන් පවසන්නේ එය කෙතරම් වේදනාකාරීද යත් මිය යන්නා සේ හැඟුණු බවයි) ඒ සියල්ලට පසුවයි දරුවා ඉපදෙන්නේ. මෙය ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමට පෙර පැමිණෙන වේදනාකාරි අවසන් මහත් පීඩා කාලයේ රූපාදර්ශයකි. මෙම වේදනාකාරි විලි රුදාවෙන් තොරව කිසිම දරුවෙකු ඉපදෙන්නේ නැති අතර ස්වාමින් වහන්සේගේ පැමිණීම මේ වේදනාකාරි පීඩාවට පෙර සිදු නොවේ. අප එම කාලයට බිය නැත. උන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස මෙහි සිටීමටත් සුභ-ආරංචිය උදෙසා අපගේ ජීවිත පූජා කිරීමටත් ස්වාමින් වහන්සේ අපට ඉඩ දෙන්නේ නම්, එය අපට මහත් ගෞරවයක් වනු ඇත.