WFTW Body: 

ආත්මවිමසීම

අප කාලවල අවසානයට ළඟා වෙත්ම, සභාව තුළ ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි වැඩියෙන් සිදුවනු ඇත. රැවටීමේ ආත්මයන් ද ලෝකයේ වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වනු ඇත. එබැවින් අප රවටනු ලැබීමෙන් වැළකී සිටීමට නම් පහත සඳහන් දෑ ගැන විමසිල්ලෙන් සිටිය යුතුය.

(1) ව්‍යාජවූ උද්වේගශීලී (ඉක්මණින් සිතේ බලවත් හැඟීම් ඇති කරන) (2) අන්තවාදී (3) පරිසිවාදී සහ (4) කල්ලිවාදී, ආකල්පයන්

ආත්මයාණන් ක්‍රියා කරන සෑම තැනම සතුරාද ක්‍රියා කරයි. එනිසා ඔබ දකින සහ අසන සියළු දේ නොවිසමා නොගිලින්න. වටහාගන්න. ශබ්දය සහ උද්වේගය ශුද්ධාත්මයාණන්ගේ සැරිසැරීම කැටුව එන්නට පුළුවන - එබැවින් එය සමහර මිනිසුන්ව තම මනුශ්‍ය වලකාලීම් සහ ඔවුන් මිනිසුන් කෙරෙහි ඇති බියෙන් නිදහස් කිරීමට පුළුවන. අප උද්වේගයන් අවතක්සේරු නොකරන්නෙමු මන්ද ඒවා අපගේ පෞරුෂයට දෙවියන්වහන්සේ දුන් කොටසකි. ඒ ලෙසටම අප ඒවා අධිතක්සේරු කිරීමද නොකළ යුතුය, මන්ද දෙවියන්වහන්සේ සිතෙහි බලවත් හැඟීම්(උද්වේගයන්) දෙස නොව හදවත දෙස බලනසේක. ඔබ යාඤා කරන විට හඬ එසවීම හොඳයි, මන්ද එවිට ඔබට ඔබ වටා සිටින්නන් ගැන අඩු අවධානයකින් සිටිය හැක. එය හරියටම ඔබ යාඤා කරන විට ඇස් වැසීම මෙනි, එවිට ඔබට අවට සිටින්නන්ගෙන් බාධාවට පත්නොවී වඩා හොඳ අවධානයකින් සිටිය හැක. එවැනි ක්‍රියාවන් ඔබගේ යාඤාවන් වඩා ආත්මික නොකරයි, නමුත් ඒවා ඔබ වටා තිබෙන දේ වලින් නිදහස් වීමට උපකාරීවේ. ශුද්ධාත්මයාණන්ගේ බලය ශබ්ධ කිරීම(කෑගැසීම) තුළින් ප්‍රකාශ නොවේ, නමුත් ශුද්ධ ජීවිතයක්, සභාව තුළ බලවත් සේවයක් සහ ඔබගේ සේවා ස්ථානයේ ස්වාමින් වහන්සේට ලජ්ජා සහගතනොවූ යහපත් සාක්‍ෂියක් තුළින් එය ප්‍රකාශ වේ.

මානව ප්‍රාණය තුල අතිවිශාල බලයක් ඇත(බුද්ධිමය බලය, උද්වේගකාරී බලය සහ අධිෂ්ඨාන ශක්තිය). එබැවින් බොහෝ දෙනා මෙම බොහෝ දෙනෙක් මෙම වික්‍රමයන් අයුතු ලෙස පාවිච්චි කර (යෝගා වලදී මෙන්) එය ආත්මයේ බලය යැයි සිතති. ඔබ එවැනි බලයන් තුලින් රැවටීමට පත් නොවිය යුතුය. මිනිසුන්ව හෝ අත් දැකීම් නොව, සෑම විටම ශුද්ධාත්මයාණන් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය මහිමයට පත් කරන සේක. එනිසා එය ඔබට ව්‍යාජ දේවල් සෝදිසි කළ හැකි(හඳුනාගත හැකි) විශ්වාසදායි මාර්ගයකි.

විනය

"දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයේත් හික්මවීමේත් ආත්මයක්ය(2 තිමෝති 1:7). ශුද්ධාත්මයාණන් ඔබගේ ජීවිතයෙන් සියළු බය සහ බයාදුකම් ඉවත් කර ඒ වෙනුවට බලයත්, ප්‍රේමයත් විනයත් තබනු ඇත. කිසිවෙකුට විනය නැතිව සැබෑ ලෙස ආත්මික විය නොහැක. ආත්මයාණන්ගේ ඵල නම් තමන්ව පාලනය කරගැණීමයි(ගලාති 5:23). විනයානුකූල නොවූ ජීවිතයක් හිල්වූ භාජනයක් බඳුය. එය කෙතරම් පිරෙව්වත්, එය නැවත හිස්වීමට ලක්වේ. එයට නැවත නැවතත් පිරවීමක් විය යුතුය. ඔබ විසින් වඩ වඩාත් විනයානුකූල විය යුතු අංශ තුනක් නම් : (1) ඔබේ ශරීරය, (2) ඔබේ කාලය, (3) ඔබේ මුදල් භාවිතා කිරීම්වේ.

රෝම 8: 13 පවසන්නේ අප විසින් ශරීරයේ ක්‍රියා ආත්මයාණන් කරණකොට නැසිය යුතු බවයි. මෙම ක්‍රියා හදවතින් කරන ඒවා නොවේ - මන්ද එවැනි ක්‍රියා සිතාමතා කරන පාපවේ. මෙම ක්‍රියා ශරීරය තුළින් එන්නාවූ ඒවා වේ, මක්නිසාද අප ශරීරයට විනයානුකූල නොවීමට ඉඩ හරින්නෙමු - උදාහාරණයක් ලෙස ප්‍රමාණයට වඩා ආහාර ගැණීම, ප්‍රමාණයට වඩා නිදා ගැණීම, කම්මැලි කම, හෝ වාචාල කම ආදිය....., ශුද්ධාත්මයාණන්ට විශේෂයෙන්ම අපගේ දිව පාලනය කිරීමට අවශ්‍ය වේ.

එපීස 5: 16 අපට පවසන්නේ කාලය ඉතා හොඳට පාවිච්චි කරන ලෙසයි. ඔබ විනය ගරුක නම් බොහෝසේ අපතේ හරින්නාවූ කාලය ආරක්‍ෂා කර ලියවලි අධ්‍යනය කිරීමට පාවිච්චි කළ හැකිවේ. ඔබ නිදහසේ නොසිටිය යුතුයි හෝ ක්‍රීඩා නොකල යුතුයැයි මම අදහස් නොකරමි. ඔබ කිසිසේත් තාපසයෙකු නොවිය යුතුය, මන්ද තවුස්දම ඔබව බන්ධනයට ලක් කරනු ඇත. “කිසිවක් නැති නොවන පිණිස” ( යොහාන් 6: 12 )ග‌ෝලයෝ රොටි කැබලි එක්‍ රැස් කරගත් ලෙස, කාලයේ පොඩි පොඩි කැබලි (අවස්ථාවන්) එකතු කර ගත හැකි අවස්ථා සලකා බලන්න. ඔබේ වේලාව නිරන්තරයෙන් ආරක්‍ෂා කරගැණීමට විනයානුකූල වන්න නමුත් ඒ සම්බන්ධව උන්මන්තකයෙක් (සීමාව ඉක්මවා උනන්දු වන්නෙකු)නොවන්න! නිස්කලංක වන්න.

දෙවියන්වහන්සේ, මුදල් සම්බන්ධව අවිශ්වාස වන්ත අයෙකුට සැබෑ ආත්මික වස්තුව නොදෙන බව ශු:ලූක් 16:11තුළ යේසුස්වහන්සේ පැවසූ සේක. මුදල් සම්බන්ධව ධර්මිෂ්ඨව සිටීම ප්‍රතම පියවරයි - සොරකම් නොකිරීම, සියළු ණය පියවීම, යනාදිය...ඊලඟ පියවර විශ්වාසවන්ත කමයි - නාස්තිය වැලැක්වීම, ප්‍රමාණයට අනුව ජීවත්වීම, අනවශ්‍ය සුඛෝපබෝගී බව, එසේම සියළු අනවශ්‍ය වියදම් කිරීම්. කිතුණු ජීවිතයේ දෙවියන් වහන්සේගේ උපරිමය ලබා ගන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේට තම ජීවිත හික්මවීමට ඉඩ දෙන අය බව මතක තබා ගන්න.