WFTW Body: 

වසරක් අවසානයට අප පැමිණ තිබෙන විට, පසුගිය ජීවිත කාලය අතරතුර තමන් පව් කර දෙවියන්වහන්සේගේ බලාපොරොත්තු කඩ කර ඇති නිසාවෙන් දැන් තමන්ගේ ජීවිත සඳහාවූ දෙවියන්වහන්සේගේ පරිපූර්‍ණ සැලැස්ම ඉෂ්ට කිරීමට තමන්ට නොහැකි යැයි හැඟෙන අය සිටින්නට පුළුවන.

අපගේම අවබෝධයන් හා තර්කානුකූල හැඟීම් වලට නැඹුරු නොවී ශුද්ධ ලියවිල්ලට මේ කාරණය සම්බන්‍ධව පැවසීමට ඇත්තේ කුමක් දැයි අප බලමු. සියල්ලට ප්‍රථමව බයිබලය ආරමිභවන්නේ කෙලෙසදැයි බලන්න. ආරම්භයේදී දෙවියන්වහන්සේ ස්වර්ගය සහ පොළොව මැවූ සේක(උත්ප. 1: 1) . එබැවින් ස්වර්ගය සහ පොළොව ඒවා දෙවියන්වහන්සේ විසින් මවනු ලැබූ මොහොතේ අංග සම්පූර්‍ණව තිබෙන්නට ඇත, මන්ද කිසිම දෝෂ සහිත හෝ අසම්පූර්‍ණවූ දෙයක් උන්වහන්සේගේ හස්තයෙන් කිසිදා පැමිණෙන්නට නොහැක. නමුත් උන්වහන්සේ මැවූ යම් දේව දූතයින් පිරිසක් වැටී ගියෝය. මෙය යෙසායා 14:11-15 සහ එසකියෙල් 28: 13 – 18 හි විස්තර කෙරේ. පොළොව, උත්ප. 1: 2 හි "පාළුව හිස්ව, අන්ධකාරව තිබුණි" යන ලෙස විස්තර කෙරෙන තත්වයට පැමුණුනේ එවිටය. උත්පත්ති 1 ඉතිරි කොටසින් විස්තර කෙරෙන්නේ දෙවියන් වහන්සේ හැඩයක් නැති, හිස්, ව්‍යාකූල වූ අඳුරු කොටසින් යම් අලංකාර දෙයක් සාදා තමන් වහන්සේම අවසානයේදී එය "ඉතා යහපත්" (උත්ප. 1:31) ලෙස ප්‍රකාශ කළ ආකාරයයි.

උත්පත්ති 1: 2 සහ 3 පදවල, (a) දෙවියන්වහන්සේගේ ආත්මය පොළොව මත සැරිසැරූ බවත්, (b) දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය කතා කළ බවත්, අප කියවමු. මෙම සාධක දෙක සියලු වෙනස්කම් ඇති කළේය. අද දවසේ එය තුළින් අපට ඇති පණිවිඩය කුමක්ද? ඉතා සරලව මෙයයි අප කොතරම් අසමර්ථ වූවත් හෝ කොතරම් අප යම් දේවල් අවුල් කරගන ඇතත් කිසි ගැටළුවක් නැහැ, දෙවියන්වහන්සේට අපගේ ජීවිත තුළින් තවමත් යම් මහිමාන්විත දෙයක් කළහැකි බවයි. පොළොව හා ස්වර්ගය මැවූ මොහොතේ ඒවා කෙරෙහි දෙවියන්වහන්සේට පරිපූර්‍ණ සැලැස්මක් තිබුණි. නමුත් මෙම සැලැස්ම ප්‍රධාන දූතයාගේ අසමර්ථවීම නිසා පැත්තකින් තැබීමට සිදුවිය. එසේවී නමුත් දෙවියන්වහන්සේ ස්වර්ගය සහ පොළොව නැවත සාදා ඉතා යහපත් දෙයක් එතුළින් නිර්මාණය කළ සේක.

ඉන්පසු දෙවියන්වහන්සේ ආදම් සහ ඒව සාදා සියල්ල නැවත ආරමිභ කළ සේක. ඔවුන් කෙරෙහිද, නිසැකවම ඔවුන් යහපත සහ අයහපත ගැන දැනුමෙන් යුත් ගසින් කෑම, ඇතුලත් නොවූ, පරිපූර්‍ණ සැලැස්මක් තිබෙන්නට ඇත. නමුත් ඔවුන් දෙවියන්වහන්සේට අකීකරු වූහ එසේ ඔවුන් කෙරෙහිවූ දෙවියන්වහන්සේගේ මුල් සැලැස්ම නිෂ්‍ඵලභාවයට පත් කළෝය. දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම තවදුරටත් ඉටු කිරීමට ඔවුන්ට නොහැකි බව අපේ තර්කනය දැන් අපට කියනු ඇත. නමුත් ඔවුන්ට දැන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ජීවත් වීමට සිදුවන්නේ උන්වහන්සේගේ දෙවන හොඳම දේ මත පමණක් ය කියා දෙවියන් වහන්සේ ඔවුන්ට කීවේ නැත. නැහැ. උත්පත්ති 3:15 හි උන්වහන්සේ ස්ත්‍රියගේ වංශය සර්පයාගේ හිස පොඩි කරන බවට පොරොන්දුවූ සේක. එම පොරොන්දුව නම් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ පාප උදෙසා කල්වාරියේදී මරණයට පත්වී සාතන්ව පරාජය කිරීමයි.

ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සදාකාලයේ සිට තිබූ දෙවියන්වහන්සේගේ පරිපූර්‍ණ සැලැස්මේ කොටසක්වූ බව අප දන්නෙමු. "ලෝකය පටන් ගැන්මේ සිට බැටළු පැටවාණන් මරණයට පත් කෙරුණි"(එළි: 13: 8). නමුත් ක්‍රිස්තුස් වහන්සේ මිය ගියේ ආදම් සහ ඒව පව් කොට දෙවියන් වහන්සේ කෙරෙහි අසමත් වූ නිසා පමණක් බව අපි දනිමු. ඉතින් තර්කානුකූලව, ක්‍රිස්තුස්වහන්සේව ලෝකයේ පාප උදෙසා මරණයට පත්වීම පිණිස එවීමේ දෙවියන්වහන්සේගේ පරිපූර්‍ණ සැලැස්ම ඉටු වූයේ ආදම්ගේ අසාර්ථකත්වය නොතකා නොව ආදම්ගේ අසාර්ථකත්වය නිසාය කියා අපට කිව හැකිය ! ආදම් සහ ඒව පව් නොකර තිබුණා නම් කල්වාරි කුරුසියේදී පෙන්වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට දැනගැන්මට නොහැකි වන්නට තිබුණා.

එසේ නම් බයිබලයේ ආරම්භක පිටුවල සිට දෙවියන්වහන්සේ අප වෙත ගෙන ඒමට උත්සහ කරන පණිවිඩය කුමක්ද? ඒ මෙයයි. එනම් දෙවියන්වහන්සේ කෙරෙහි අසමත්වූ මනුශ්‍යයෙකු රැගෙන, ඔහු තුළින් යම් මහිමාන්විත දෙයක් කර ඔහුගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම ඔහු තුළින් ඉටු කරවීමට උන්වහන්සේ හට තවමත් හැකි බවය. කෙසේ වෙතත් ඔබ කියනවා නම්" මම මගේ ජීවිතය නරක ලෙස අවුල් කරගෙන තිබෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ දෙවියන්වහන්සේට මාව උන්වහන්සේගේ පරිපූර්‍ණ සැලැස්මට ගෙන ඒමට පුළුවන් කියා" එවිට දෙවියන්වහන්සේට උන්වහන්සේගේ සැලැස්ම සම්පූර්‍ණ කිරීමට නොහැකි වේ. ඒ උන්වහන්සේට බැරි නිසා නොවේ නමුත් උන්වහන්සේට ඔබ වෙනුවෙන් කළ හැකිදේ ඔබ විශ්වාස නොකරන නිසයි.

අප විශ්වාස කරන්නේ නම් පමණක් - අප වෙනුවෙන් දෙවියන් වහන්සේට කළ නොහැකි කිසි දෙයක් නැති බව යේසුස් වහන්සේ පැවසූ සේක. "ඔබගේ විශ්වාසය ලෙස ඔබට වේවා", යනු සියළු කාරනා ගැන දෙවියන්වහන්සේගේ නීතියයි(මතෙව්. 9:29). අප විශ්වාසය කරන දේ අප ලබා ගනු ඇත. අප විශ්වාස කරනවා නම් යම් දෙයක් අප වෙනුවෙන් කිරීමට දෙවියන්වහන්සේට නොහැකි බව, එවිට ඒ දෙය අප ජීවිත තුළ කිසිවිට සම්පූර්‍ණ නොවනු ඇත. අනෙක් අතට, ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය අසුනේදී ඔබට වඩා විශාල අවුල් ජාලාවක් කළ තවත් ඇදහිලිවන්තයෙක් ඔහුගේ ජීවිතය පිළිබඳ දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම ඉටු කළ බව ඔබට වැටහෙනු ඇත. එසේ වූයේ දෙවියන් වහන්සේට තම ජීවිතයේ බිඳුණු කොටස් රැගෙන එයින් හොඳ දෙයක් කළ හැකි බව ඔහු විශ්වාස කළ නිසාය.

වසර ගණනාවක් අපතේ යැවූ නාස්තිකාර පුත්‍රයාගේ කථාව අපට පෙන්වා දෙන්නේ අසමත් වූවන්ට පවා දෙවියන්වහන්සේ තම හොඳම දෙය දෙන බවයි. තමන්ව මහත්සේ වැටෙන්නට සැලැස්වූ කෙනා වෙත "ඉක්මණින් හොඳම වස්‍ත්‍රය ගෙන එන්න"යි පියා පැවසුවේය. ශුභාරංචියේ පණිවිඩය මෙයයි - මිදීම සහ අලුත් ආරම්භයක්, එක් වරක් නොව නමුත් නැවත නැවතත් - මන්ද කිසිවෙකු ගැන දෙවියන්වහන්සේගේ අත්හැර දැමීමක් නැත. කුලී කරුවන් සොයා ගිය වතු හිමිකරුගේ උපමාව ද (මතෙව්.20:1 – 16) අපට උගන්වන්නේ එම දෙයමයි. පැයක් පමණක් වැඩ කළ කම්කරුවන්ද සම්පූර්‍ණ වැටුප ලබා ගත්තෝය. වෙනත් වචන වලින් කිවහොත්, තම ජීවිත වලින් 90% ක් අපතේ යැවූ අයට (12 පැයකින් 11 ක්) තවමත් තම ඉතිරි 10% ක්වූ ජීවිත කාලයෙන් දෙවියන්වහන්සේ උදෙසා යම් මහිමාන්විත දෙයක් කළ හැකිය. මෙය, අසමත්වූ සියළු දෙනාට අති විශාල දිරි ගැන්වීමකි.

ඔබේ ජීවිතය තුළ අසමර්ථවීම් ගැන ඔබට දේව භක්තික තැවුලක් තිබේ නම්, එමෙන්ම ඔබ දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ නම් එවිට ඔබේ අසමර්ථ කම් බොහෝ වූවත්, දෙවියන්වහන්සේ "ඔබේ පාප තවදුරටත් සිහි නොකරන බවට" පොරොන්දුවන සේක (හෙබ්‍රෙව්. 8:12). ඔබගේ නොසැලකිලිකම් හෝ අසමර්ථ කම් කෙසේ වුවත්, ඔබට දෙවියන්වහන්සේ සමඟ අලුත් ආරම්භයක් ගත හැක. ඔබ පසුගිය කාලයේ අලුත් ආරම්භයන් 1000 ක් රැගෙන අසමර්ථව සිටියත්, තවමත් ඔබට 1001 වන අලුත් ආරම්භය ගත හැක. ඔබේ ජීවිතය තුළින් යම් මහිමාන්විත දෙයක් කිරීමට දෙවියන්වහන්සේට පුළුවන. ඉතින් දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට අසමත් වෙන්න එපා. උන්වහන්සේගේ දරුවන් උදෙසා බොහෝ බලවත් දේ කිරීමට දෙවියන්වහන්සේට නොහැක. මක්නිසාද ඔවුන් උන්වහන්සේව අතීතයේදී නිෂ්ඵළ භාවයට පත් කර ඇති නිසා නොව, නමුත් දැන් ඔවුන් උන්වහන්සේව විශ්වාස නොකිරීම නිසාවෙනි. එසේ නම් පැමිණෙන්නට ඇති දවස් වලදී අද වනතෙක් අපට කිසිසේත් නොහැකියැයි සැලකූ දේවල් උදෙසා "උන්වහන්සේව විශ්වාස කරමින් අප ඇදහිල්ලේ ශක්තිමත්ව සිටීමෙන් දෙවියන්වහන්සේට මහිමය දෙමු"(රෝම 4:20). සියළු ජනතාවට - තරුණ සහ මහළු දෙකොටසටම - ඔවුන් අතීතයේ කෙතරම් අසමර්ථවී සිටියත් ඔවුන් ඔවුන්ගේ අසමර්ථවීම් සිහිපත් කර යටහත්වී දෙවියන්වහන්සේව විශ්වාස කරනවා නම් බලාපොරොත්තුවක් තබා ගත හැකිය.