WFTW Body: 

ලූක් 18 : 13 හි (NASB පරිවර්ථනයට අනුව) "දෙවියන් වහන්ස පව්කාරයා වූ මා හට අනුකම්පා කළ මැනව" කියා පවසමින් සුංගම් අයකරන්නා දෙවියන් වහන්සේට යාච්ඤා කළේය. ඔහු ඔහුවම ආමන්ත්‍රණය කළේ පව් කරුවා කියාය. ඔහු වටා ඉන්නා වූ අන් සෑම කෙනෙක් හා සමඟ තමාව සංසන්දනය කළ විට ඒ හැම කෙනෙක්ම ශුද්ධවන්තයෙක් බව, ඔහු එසේ පැවසීමෙන් අදහස් කළේ ය! ඔහුගේ දැක්මට අනුව මුළු පොළොව මතුපිට ඉන්නා වූ එකම පව් කරුවා ඔහු ලෙස දුටුවේය! ඒ මනුෂ්‍යයා නිර්දෝෂී (ධර්මිෂ්ඨ) කොට ගණන් ගනු ලැබ තමාගේ ගෙදරට ගිය වග යේසුස් වහන්සේ පැවසුසේක. දෙවියන් වහන්සේ විසින් නිර්දෝෂී (ධර්මිෂ්ඨ) කරනු ලබන්නේ එවැනි මනුෂ්‍යයන් පමණි.

අප එකිනෙකා නිර්දෝෂී ( ධර්මිෂ්ඨ ) කරනු ලබන්නේ - අප අතරේ යහපත් ම තැනැත්තා වුවද , සියලු දෙනා විනිශ්චය කරන දෙවියන් වහන්සේ ය​. දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිම කෙනෙකුට කිසි විට පාරට්ටු කිරීමට නොහැකිය.”

මෙම "ධර්මිෂ්ඨ කරනු ලැබීම" යන වචනයෙහි සැබෑ අර්ථය ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි. එය ඉතා අලංකාර සහ විමුක්තිය (නිදහස) ගෙනෙන්නා වූ වචනයකි. (ලූක් 18: 14). ඕනෑම පොතක පිටු දෙස බැලුවොත් පිටුවේ දකුණු සහ වම් පසේ ඇති හිස් තීරු එක සමානව කෙළින් ඇත​. පරිඝණක භාෂාවෙන් මෙය හඳුන්වනු ලබන්නේ "ධර්මිෂ්ඨ කරනු ලැබීම​"! යනුවෙනි. හැම පේළියකම එන වචන ප්‍රමාණය එක හා සමාන නොවුවත්, පරිඝණකය මගින් පිටුව දෙපසේ ඇති තීරු එක හා සමානව කෙළින් තිබෙන්ට සළස්වයි. ධර්මිෂ්ඨ කරනු නොලබා ඔබ පරිඝණකයකට ඇතුල් කරන දත්ත, දකුණු පස කෙළවර දැති මෙන් ඔබට දක්නට ලැබේ. පෙර දවස් වලදී යතුරු ලියනයකින් ලත් පිටුවක අකුරු එළෙස අප දැක්කෙමු. පිළිවෙලට තිබූ පේළි යුත් එක් පිටුවක්වත් ලිවීම ඉතාම අසීරු කරුණක් විය. නමුත් දැන් මෑත කාල වලදී පරිඝණක තුළින් පොතක් සකස් කිරීමේදී "ධර්මිෂ්ඨ කරනු ලැබීම​" යන ක්‍රමවේදය තුළින් අලංකාරව සහ පිළිවෙලකට වචන පිටුවක් තුළට ඇතුල් කළ හැකිය​. එක් වචනයක් ගතහොත් එයින් කොටසක් එක පේළියකටත් අනික් කොටස තව පේළියකටත් ඇතුල් වන්නේ නැත​. පේළියක අවසානයේදී ඇති වචන සම්පූර්ණ ලෙස එම ස්ථානයේම තිබෙන ලෙස පරිඝණකය තුළින් ක්‍රියාත්මක වේ. පරිඝණකය තුළින් වචන අතරේ ඇති ඉඩ ප්‍රමාණය වෙනස් තරමින් පේළියකට එන සියලුම වචන සම්පූර්ණයෙන් ඇතුළත් වීමට සළස්වයි. මෙයට පරිඝණක භාෂාවෙන් "ධර්මිෂ්ඨ කරනු ලැබීම​" ලෙස හඳුන්වයි. ඔබ පේළි ගණනාවක් ලියා පරිඝණකයට ඇතුළත් කර, නියෝගයක් දුන් පසු සියලු අකුරු සහ පේළි හරි ආකාරයට පිටුව තුළ සකස් වී දෙපස හිස් තීරුද එකම මිම්මකට සෑදී පිළිවෙලකට පිටුව සම්පූර්ණ වේ. පරිඝනකයේ එක බොත්තමක් තද කිරීමෙන් පිටුවේ සියලුම පේළි ක්‍රමානුකූලව සකස් වේ. මෙය පරිඝණකය මගින් "ධර්මිෂ්ඨ කරනු ලැබීම​" වේ !!

දෙවියන් වහන්සේ, අපව ධර්මිෂ්ඨ කරනු ලැබීමේදී මේ ආකාරම දෙයක් සිදු වේ. සමහර විට ඔබගේ ජීවිතය අවුල් තත්වයකට පත්කරගෙන පසුගිය ජීවිත කාලයේ හැම දවසක්ම පිළිවෙලක් සහ ක්‍රමානුකූල ස්වභාවයක් නොමැති අවස්ථාවක තිබෙන්නට ඇත​. නමුත් ඔබ ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණෙන විට එක මොහොතකින් උන්වහන්සේ ඔබව නිර්දෝෂීභාවයට ( ධර්මිෂ්ඨකමට) පමුණුවනවා ඇත!​. ඔබගේ මුළු ජීවිතය තුළ කිසි දිනක පව් නොකළ කෙනෙක් ලෙස ඔබගේ පසුගිය ජීවිතයේ පිටුවල හැම පේළියක්ම විධිමත්ව සැකසී, ජීවිතය නැමැති පිටුව වරදක් හෝ අඩුවක් නැතිව සම්පූර්ණවූ, අලංකාරව තිබෙන අවස්ථාවකට පැමිණෙන්නේය​.

මෙය විශ්මයට පමුණුවන කරුණක් නොවේ ද? පරිඝණකය මගින් අකුරු යෙදවූ පිටුවලට කරන දෙය, දෙවියන් වහන්සේ අපගේ ජීවිතයටත් සිදු කරන සේක​. මෙයින් “ධර්මිෂ්ඨ කරනු ලැබීම” යන වචනයෙහි 20 වන ශත-වර්ෂයේ නිදර්ශණයක් අප දකින්නෙමු.

මම, මින් ඔබ්බට දෙයක් ඔබට කියන්නෙමි. අප පරිඝනකයට “ධර්මිෂ්ඨ කරනු ලැබීම” ට නියෝගයක් දුන් කළ ඉන් පසු ලියන සෑම පේළියක්ම ස්වයම්ප්‍රවර්තක ව ධර්මිෂ්ඨ කරනු ලබා අන් පේළි සමඟ පූර්ණ වූ එකම පොදු පේළියක්වේ. ධර්මිෂ්ඨකම අපගේ අතීතයට බලපෑ ආකාරයෙන් අපගේ අනාගතයටත් එයාකාරයෙන් ම බලපාන්නේය. මෙය සැබවින්ම විශ්මයට පමුණුවන ශුභාරංචියක් ය!

දෙවියන් වහන්සේ දැන් අපව දකින්නේ , ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින අය ලෙසයි. තවත් පුරසාරම් කීමට තරම් ධර්මිෂ්ඨකමක් අප තුළ නැත​. දෙවියන් වහන්සේ අපව ධර්මිෂ්ඨ කරන කළ, ක්‍රිස්තුස් වහන්සේ ම අපගේ ධර්මිෂ්ඨකම වන අතර අපගේ මුළු ජීවිතය මුළුල්ලේම කිසිම පාපයක් හෝ එකම වරදක් හෝ සිදු කළ නොමැති අය මෙන් සළකුණු වන්නේ ය. එළෙසම අප ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුළින් දිගටම ධර්මිෂ්ඨ කරනු ලබමුව - මන්ද අප ආලෝකයේ ගමන් කරන විට ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුළින් අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරනු ලබන සියලු පාපවලින්, අපව නිරන්තරයෙන් පවිත්‍ර කරන්නේය.

අප දේව වචනය කියවන කළ සිදු විය හැකි බරපතළ වරදක් වන්නේ, ගණිත ශාස්ත්‍රයේ විසඳුම් සොයන ආකාරයට තර්කානුකූළව ඒ දෙස බැලීමය. දෙවියන් වහන්සේගේ සිතුවිළි මේ ආකාරයෙන් දැන ගත නොහැකි වන්නේ, උන්වහන්සේ ගණිත ශාස්ත්‍රයේ තර්කානුකූළ ක්‍රම අනුව ක්‍රියා නොකරන නිසාය!! ​පසුගිය කාලවලදී අප අතින් බොහෝ වැරදි සිදු වුවත්, අපගේ ජීවිතයට උන්වහන්සේගේ පූර්ණ සැළැස්ම කුමක්ද කියා දැන ගැනීමට ක්‍රියා කරද්දී, එය තර්කානුකූළව කිරීමට කොහෙත් ම නොහැකිය​. මන්ද ගණිත ශාස්ත්‍රයේදී පිළිතුරු සපයන විට කොතැනක හෝ එක් පියවරක් වත් මඟදි වැරදුනහොත් අවසාන උත්තරය ද, අනිවාර්යෙන් ම වැරදි වන්නේ ය​. ඔබ එම ගණිත ශාස්ත්‍රයේ තර්කය භාවිතා කරන්නේ නම්, කොතැනක හෝ අතීතයේ දී (ඔබ වයස අවු: 2දී හෝ 52දී හෝ වේවා, එය සැබවින්ම වැදගත් නැත), ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් මඟ හැරුනේ නම්, දැන් ඔබට දෙවියන් වහන්සේගේ පූර්ණ කැමැත්ත ඉෂ්ඨ කිරීමට කිසිවිට නොහැකි බව කියන්න ට සිදුවන්නේ ය, ඔබ කොතෙක් තදින් වෑයම් කරත්, ඔබ කොතෙක් පසුතැවිළි වුවත් - මන්ද ගණිත ශාස්ත්‍රයේ ඔබ කුමණ පියවරක (අවස්ථාවක) වරදක් කළේද කම් නැත (පියවර 2දී හෝ 52දී හෝ වේවා​) ඔබගේ අවසාන පිළිතුර තාමත් වැරදි මය!! “මාගේ මාර්ග නුඹලාගේ මාර්ග නොවේය​" යි ස්වාමින් වහන්සේ පවසන සේක (යෙසායා 55 : 8,9). අපගේ ජීවිත සම්බන්ධව ඇති උන්වහන්සේගේ සැළැස්ම ගණිත තර්ක අනුව සිදු නොවන නිසා උන්වහන්සේට ස්තුති වේවා. එසේ වූවේ නම්, කිසිම මනුෂ්‍යයෙකුට (අපෝස්තළු පාවුල්තුමා ට පවා) දෙවියන් වහන්සේගේ පූර්ණ සැළැස්ම ඉෂ්ඨ (සම්පූර්ණ) කර ගැනීමට නොහැකි වන්නේය​. මන්ද අප සෑම කෙනෙක්ම ජීවිතයේ මොන යම් අවස්ථාවකදී හෝ අසමත් වී ඇත​. අප ඇඳහිළිවන්තයන් වූ පසුවත් බොහෝ වර අසමත් වී ඇත. අප ඇඳහිළිවන්තයින් වූ පසුව ද, දැනගෙනම පව් කර ඇත​. අවංක සියල්ලෝම, මේ තත්වය තිබෙන බව එක හෙළාම පිළිගනු ඇත​. නමුත් විශ්මයට පමුණුවන සත්‍ය වන්නේ අප හැම කෙනෙකුට ම බලාපොරොත්තුවක් තිබෙන බවය​.

ගණිතයේදී කුඩාම වරදක්වත් කරන සියල්ලන්ටම කිසිදු සමාවක් නැත. කුඩාම වරදටවත් කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නැත. 2+2 සමාන වන්නේ 3.9999999 ට නොව. උත්තරය 4 ම, විය යුතුය​. අඩුවක් හෝ වැඩියක් නැත​. නමුත් දෙවියන් වහන්සේගේ සැළැස්ම ක්‍රියාත්මක වන්නේ ගණිත ක්‍රමය අනුව නොව, උන්වහන්සේගේ සැළැස්මේදී අසමත් වීම අවශ්‍ය වන්නේය​. කෙනෙකු කැඩුණු බිඳුණු තත්වයකට පැමිණීමට හැකි එකම මාර්ගය අසමත් වීම තුළින් පමණය​. එමනිසා අසමත් වීම, අපගේ ආත්මික අධ්‍යන විෂය නිර්දේශයෙහි අත්‍යවශ්‍ය කොටසක් බව අපට කිව හැක. කිසිවිටෙක අසමත් නොවී සිටියාවූ එකම තැනැන්වහන්සේ යේසුස් වහන්සේ පමණි. නමුත් අන් සියලු දෙනා (අප අතරේ හොඳම අය පවා) අසමත් වීම තුළින් කැඩුණු බිඳුණු තත්වයකට ගෙන ඒමට දෙවියන් වහන්සේ ට සිදුවිය. පේදුරුට සහ පාවුල්ට පවා නිතර අසමත් වීම තුළින් කැඩුණු බිඳුණු තත්වයකට, පැමිණීමට සිදු විය​.

එමනිසා ශුභාරංචි පණිවිඩයෙහි ප්‍රීතිමත් වන්න​. දෙවියන් වහන්සේගේ කරුණාවන්තකම - ඔබ පසුතැවිල්ලට ගෙන එත් වා. මෙම ශුභාරංචි පණිවිඩය ඔබව දෙවියන් වහන්සේ තුළ ප්‍රීතිමත් ජීවනයකට හා විශ්‍රාමයකට [සබතකට (සියලු පාප ජයගැනීමෙන්, විශ්‍රාමයට)] ගෙන එත් වා. - එය “උන්වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් තුළ, දෙවියන් වහන්සේ ඔබව පිළිගෙන (ස්ථීරවම) තිබෙන බව” දැන ගැන්මෙන් ලැබෙන විශ්‍රාමයක් ය (සබතක් ය) (එපීස 1: 6). දිනපතා අප තුළින් කිහිප වතාවක් වැරදි සිදු වේ - වැරදීමෙන් හෝ හෘද සාක්ෂියට නොදැනුවත්ව අප ලිස්සා ගොස් පාපයට වැටේ. සමහර අවස්ථාවලදී අපට එන පීඩන ඉතා බලවත් වන බැවින් කණස්සල්ලට හා අසහනයට පත් වේ. එවිට අප තවදුරටත් පව් කිරීමේ පරික්ෂාවට ලක් වේ. දෙවියන් වහන්සේ අපට එන පීඩන තේරුම් ගෙන අනුකම්පා සහගත වන සේක. අපගේ දැරීමේ ශක්තියට (පුළුවන්කමට) වඩා පරික්ෂා කරනු ලබන්ට, උන්වහන්සේ ඉඩ නොදී ඒ සමඟම ගැළවීමේ මාර්ගයද සාදා දෙන සේක​. අප එකිනෙකාගේ ජීවිතයේ සෑම දෙයක්ම පිළිවෙලකට ගෙන ඒමට උන්වහන්සේට පුළුවන​. කිතුණු ජීවිතය ක්‍රියාත්මක වන්නේ, මනුෂ්‍යයාගේ තර්ක හෝ සිතුම් පැතුම් අනුව නොව​, එය ක්‍රියාත්මක වන්නේ හාස්කම් කිරීමේ-බලය ඇති ස්වර්ගීක පියෙකුගේ පූර්ණ වූ ප්‍රේමය​, සහ පූර්ණ වූ ප්‍රඥාව අනුවය.

​කිසිම කෙනෙකුට තමන්ගේ ජීවිතය තමන්ට ඕනෑ හැටියට ගෙන ගොස් යහපත් වූ සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිය​. අප එකිනෙකා නිර්දෝෂී (ධර්මිෂ්ඨ) කරනු ලබන්නේ - අප අතරේ යහපත් ම තැනැත්තා වුවද, සියලු දෙනා විනිශ්චය කරන දෙවියන් වහන්සේ ය​. දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිම කෙනෙකුට කිසි විට පාරට්ටු කිරීමට නොහැකිය.

එමනිසා අප​, ජීවිතය සමඟ පොර බදා අසමත්වූ අය ගැන අනුකම්පාවෙන් ක්‍රියා කරමු. මන්ද අප සියලු දෙනාම අසමත් වී තිබෙන අතර​, සෑම දෙනාම දෙවියන් වහන්සේගේ කරුණාව ලැබ සිටිමුව​.