WFTW Body: 

1 සාමුවෙල් 30ස් වන පරිච්ඡේදයෙහි, සිත්ගන්නා සුළු කරුණු කීපයක් අපි දකින්නෙමු. දාවිත්ට අසීරු තත්වයකට මුහුණ දෙන්න සිදුවිය. ඔහු සහ ඔහුගේ මිනිසුන් යුද්ධයට ගිය විට, අමලෙක්වරු පැමිණ ඔහුගේ මිනිසුන්ගේ පවුල් නවාතැන් ගෙන සිටි නගරය විනාශ කර ඔවුන්ගේ පවුල් වහල්භාවයට ගෙන ගොස් තිබුණි. තත්වය කෙතරම් උග්‍රද කිවහොත්, සියළු මිනිසුන් වැළපෙන්නට ගෙන ඔවුන්ගේ විපැත්තියට දාවිත්ට දොස් පවරන්නට පටන් ගත් හ. ඔහුව ගල් ගසා මරන්න ඔවුන්ට අවශ්‍ය විය (1 සාමුවෙල් 30: 6). එවිට අපි මෙම සුන්දර වචන කියවන්නෙමු : “නමුත් දාවිත් ස්වාමින් වහන්සේ තුළ ධෛර‍්‍යයමත් වී (තමාව ම ශක්තිමත් කරාගත්තේ ය) (1 සාමුවෙල් 30: 6). අපගේ මිතුරන් පවා අපට විරුද්ධ වන විට අපට අනුගමනය කළ හැකි කෙතරම් ආදර්ශයක්ද.

දාවිත් ස්වාමින් වහන්සේ ගෙන් විමසූ විට අමලෙක්වරු පසු පස ලුහුබැඳ යන ලෙසත් සියල්ල නැවත ලබා දෙන බවට උන්වහන්සේ ඔහුට සහතික කළසේක (1 සාමුවෙල් 30: 8). නමුත් මෙම අමලෙක්වරු සොයාගන්නා පිණිස යා යුත්තේ කුමණ දිශාවට දැයි දාවිත් දැන සිටියේ නැත. දෙවියන් වහන්සේ ඔහුව ඔවුන් වෙතට ගෙන ගිය ආකාරය දැකීම පුදුම සහගතය. එය මිය යන ආගන්තුකයෙකුට කරුණාව දැක්වීමේ සරල ක්‍රියාවකිණි. දාවිත් සහ ඔහුගේ මිනිසුන් අධිමුර්ච්ජාවෙන් (කෝමාවකින්), අඩක්-මියගොස් සිටි ඊජිප්තු ජාතිකයෙකු දැක, ඔව්හු ඔහු ගැන සැළකිලිමත් වී ඔහුට කෑමට සහ බීමට යමක් දුන්හ. ඔහු යථා තත්වයට පත් වූ විට, ඔහු අසනීපව සිටි නිසා අමලෙක්වරුන් විසින් කාන්තාරයේ දී ඔහුව අත හැර දමා ඇති බව ඔවුහු සොයා ගත් හ (1 සාමුවෙල් 30: 11-13 ). එවකට දාවිත්ව අමලෙක්වරුන් වෙතට ගෙන ගියේ ඔහුය. ආගන්තුකයෙකුට කරුණාවන්ත වන විට දෙවියන් වහන්සේ අපට විපාක දෙන ආකාරය මෙයින් අපට උගන්වයි. මේ අනුව දාවිත් අමලෙක්වරුන් සොයා ඔවුන්ව පරාජය කළේ ය. අමලෙක්වරුන් විසින් සොරකම් කරන ලද “සියල්ල දාවිත් නැවත ලබා ගත්තේ ය” (1 සාමුවෙල් 30: 18-20 ) - මෙය සාතන් අපෙන් සොරකම් කළ සියල්ල යේසුස් වහන්සේ නැවත ලබා ගන්නා ආකාරය පිළිබඳ ලස්සණ පිංතූරය කි !

යුද්ධය අවසන් වී දාවිත් නැවත කඳවුරට පැමිණ කළ, එහි දාවිත්ගේ බඩු බාහිරාදිය රැක බලා ගත් යුද්ධ කරන්නට ඔහුව අනුගමනය කළ නොහැකි තරමට විඩාවට පත් වූ ඔහුගේ මිනිසුන් 200ක් වූහ. එවිට දාවිත්ගේ වැදගැම්මකට නැති මිනිසුන් ගෙන් සමහරෙක් කියා සිටියේ, සටන් නොකරපු මේ මිනිසුන් සමඟ කොල්ලය බෙදා නොගත යුතු බව යි. නමුත් එහි දී දාවිත්ගේ හදවතේ විශාලත්වය අපට පෙනේ. ඔහු කියා සිටියේ බඩු බාහිරාදිය රැක බලා ගැනීම සඳහා නතරවූ අයට යුද්ධයට ගොස් සටන් කළ අය මෙන් යුද්ධයේ කොල්ලය සමාන විය යුතු බව ය. මෙය එදා සිට ඉශ්‍රායෙලයේ නීතියක් බවට පත් විය.

දාවිත් මුහුණ දුන් ඒ සියළු දුෂ්කරථා හා පීඩා තුළින් (අවුරුදු 13 ක පමණ කාලයක් පුරා) අවසානයේදී ඔහු දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙකු සහ සාර්ථක රජෙක් බවට පත් විය. අවුරුදු ගණනාවකට පසු ඔහු මෙම වචන ලිවීය : දෙවිඳුනි ඔබවහන්සේ මාව පරීක්ෂා කළසේක. රිදී පිරිපහසු කළ පරිදි ඔබවහන්සේ මා ශෝධනය කළසේක. ඔබවහන්සේ මාව දැල්වල කොටු වෙන්නට ඉඩ හැර, මාගේ පිට මත ඉවසිය නොහැකි තද පීඩා හා බර තැබීමට සැළසූසේක. මනුෂ්‍යයන්ට මාගේ හිස පාගන්නට ඉඩ හැර, මා දැවෙන ගින්නෙන් හා පසුව අයිස් මෙන් සිසිල් ජලය තුළින් ඔබවහන්සේ මා ගෙන ගිය සේක. නමුත් අවසානයේ, ඔබවහන්සේ මාව ආත්මික බහුලත්වයේ හා ආලේප ලත් ස්ථානයකට රැගෙන විත්, දැන් මාගේ කුසලානය මනුෂ්‍යයන් බහුතරයකට ආශිර්වාදයෙන් පිරී ඉතිරී තිබේ. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා” ( ගීතාවලිය 66: 10-13 - නිදහස් අනුවාදය).