WFTW Body: 

සිරගෙදර සිටියදී පාවුළුතුමා පිලිප්පි වරුන්ට බොහෝ සෙයින් ප්‍රීතිය ගැන ලියනු දැකීම අභියෝගාත්මකය. අපගේ සියළු තත්වයන් පහසුවෙන් තිබෙන විට ප්‍රීතිය ගැන දේශනා කිරීම එක් දෙයකි. අපගේ තත්වයන් අසීරුව තිබියදී ඒ ගැන ලිවීම තවත් දෙයකි. පාවුළු තුමාගේ පිලිප්පි 1:4 ; 4:4 හි වචන වලින් අපට උගන්වන්නේ ක්‍රිස්තියානි අයට සියළු තත්වයන් යටතේ ප්‍රීතියෙන් සිටීමට හැකි බවයි. ක්‍රිස්තුස් වහන්සේගේ මනස හා ආකල්පය එයයි.

පිලිප්පි 1: 6, 7 පාවුළුතුමා පවසන්නේ " නුඹලා තුළ යහපත් වැඩක් පටන් ගත් දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්‍ණ කරන සේකැයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි. නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනා කරන්ට මට යුතුය මක්නිසාද නුඹලා මාගේ හදවතේ සිටී". ඔබ දේශකයෙක් නම් එසේම දෙවියන්වහන්සේගේ ජනතාව උදෙසා ඔබට අනාගතවාක්‍යමය වචනයක් අවශ්‍ය නම් එවිට සෑම විටම ඔබගේ හදවතේ කරුනු දෙකක් අනිවාර්‍යයෙන් තිබිය යුතුය. ඔබට ඔබගේ හදවත තුළ දේව වචනය සහ දෙවියන්වහන්සේගේ ජනතාව අනිවාර්‍යයයෙන් තිබිය යුතුය. ඔබට දේව වචනය පමණක් ඔබගේ හදවතේ තිබෙනවා නම් නමුත් උන්වහන්සේගේ ජනතාව කෙරෙහි ප්‍රේමයක් නැති නම්, එවිට ඔවුන් උදෙසා දෙවියන්වහන්සේ ඔබට වචනයක් නොදෙනු ඇත. මේ අයුරින්ම ඔබ දෙවියන්වහන්සේගේ ජනතාවට ප්‍රේමකරන්නේ නම් නමුත් ඔබගේ හදවත දේව වචනයෙන් පිරී නොමැති නම්, එවිට නැවතත්, උන්වහන්සේ ඔවුන් උදෙසා ඔබට වචනයක් නොදෙනු ඇත. පාවුළු තුමා එතුමාගේ හදවතේ ඇදහිලිවන්තයන් තබා ගත්තේ, හරියට ආරොන් තම පපු ආවරණයේ ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොලොසගේ නාමයන් තබා ගත්තාක් මෙනි. මනුශ්‍යයෙකු ලෙස, ලෝකයේ සියළුම ඇදහිලිවන්තයන් තම හදවතේ තබා ගැනීමට පාවුළු තුමාට නොහැකිය. පාවුළු තුමා දරා ගත්තේ දෙවියන්වහන්සේ එතුමාට වගකීමක් ලෙස දුන් අයව පමණි. අපට දෙවියන්වහන්සේගේ වචනය හා දෙවියන්වහන්සේ විසින් අපට බලා ගැණීමට වගකීමක් දුන් ජනතාව අපගේ හදවතේ තිබෙන විට, එවිට අප කතා කරන එක වාක්‍යයක් පවා ඔවුන්ව ආශිර්වාද කරනු ඇත.

පිලිප්පි 2:3 තුළ " කිසි දෙයක් ආත්මාර්ථ කමින් හෝ ආඩම්බර කමින් නොකරල්ලා"යි පාවුළු තුමා ඔවුනට අනුශාසනා කරයි. පිලිප්පි 2:5 පාවුළු තුමා "ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල තිබුණාවූ මෙම ආකල්පය(සිත) නුඹලා තුළත් වේවා" යි තවදුරටත් පවසයි. ඔබට ඔබගේ මුළු ජීවිතය පුරාවට මෙම එකම පදය තුළින් පමණක් ජීවත් විය හැකිය. වෙනසක් කිරීමට ඔබට බයිබලයේ වෙන කිසිදු පදයක් අවශ්‍යය නොවේ. සෑම අවස්ථාවකදීම ඔබගෙන්ම අසන්න "මට මෙහිදී ක්‍රිස්තුස්වහන්සේගේ සිත තිබෙනවාද?" ඔබගේ පසුගිය ක්‍රියාවන් මෙම ප්‍රශ්නය තුළින් විනිශ්චය කරන්න, "මට එහිදී ක්‍රිස්තුස්වහන්සේගේ සිත තිබුණාද?"

පිලිප්පි 3:8 තුළ, මනුශ්‍යය ධර්මිෂඨ කමද ඇතුළුව මේ ලෝකයේ සෑම දෙයක්ම, ක්‍රිස්තුස්වහන්සේට සැසඳීමේදී කුණු කසල මෙන් බව පාවුළු තුමා පවසයි. ඔබ විසින්ම එය දුටුවේද? ලෝකයේ සියළුම මුදල් ක්‍රිස්තුස්වහන්සේට සැසඳීමේදී කුණු ලෙස ඔබ දුටුවේද?. ක්‍රිස්තුස්වහන්සේට සැසඳීමේදී සියළුම මනුශ්‍යයයින් දෙන ගෞරවය කුණු මෙන් ඔබ දුටුවේද? පොළොවේ සුවපහසුව ක්‍රිස්තුස්වහන්සේට සැසඳීමේදී කුණුමෙන් ඔබ දුටුවේද? දේව කැමැත්ත ඉටු කිරීම, දෙවියන්වහන්සේට අවශ්‍ය ස්ථානයේ ඔබ සිටීම, ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයට වර්ධනය වීම සහ දෙවියන්වහන්සේ ඔබට සඳහා ඇති සේවය සම්පූර්‍ණ කිරීම - සදාකාලික දෘෂ්ටි කෝණයෙන් වැදගත් වන්නේ ඒවා පමණි. එතුමාගේ ජීවිතයේ ඉමහත් ආශාව ගැන පාවුළු තුමා තවදුරටත් කතා කරයි. එය ප්‍රසිද්ධ දේශකයෙක් වීම හෝ ප්‍රසිද්ද අයෙකු වීම නොවේ. ඒ සියල්ල එතුමාට කුණුමෙන් විය. එතුමාගේ අවංක වුවමනාව වූයේ ක්‍රිස්තුස්වහන්සේව වඩාත් දැන ගැණීම, උන්වහන්සේගේ උත්තාන වීමේ බලය වඩාත් දැන ගැණීම සහ උන්වහන්සේගේ විඳවීමට සහභාගිවීම වඩාත් දැන ගැණීමය(පිලිප්පි 3:10).

ඉන්පසු පාවුළු තුමා තවත් අභියෝගාත්මක දෙයක් පවසයි: "කිසිවක් ගැන කනස්සලු නොවෙල්ලා"(පිලිප්පි 4:6). එය නැඟීමට ඇති තවත් කඳු මුදුණකි. කනස්සල්ල ඉතා පහසුවෙන් අප සැම වෙත පැමිණේ. ඔබට මාසයේ අන්තිම වන තෙක් අවශ්‍යතා සදහා ප්‍රමාණවත් තරම් මුදල් නැතිවන විට එය පැමිණේ. ඔබගේ දරුවන් පාසලෙන් පැමිණීම ප්‍රමාද වනවිට, ඔබ කනස්සලු වීමට පටන් ගනී. ඔබ තරුණ අයෙක් නම්, වයස යමින්, නමුත් විවාහයක් ගැන සාර්ථකත්වයක් නොපෙනේ නම්, ඔබ කනස්සල්ලට පත්විය හැක. බොහෝ දේවලට අපව කනස්සල්ලට පත් කළ හැක. අප කිසිදා මෙළොවෙහි දී මෙම කඳු මුදුණට ලඟා නොවෙනු ඇත. නමුත් අප හඹා යායුතුය, එවිට දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල සහ විශ්වාසය වර්ධනය වනු ඇත, ඉතින් අප ඕනෑම දෙයක් ගැන කනස්සල්ලට පත්වන ව්ට, අප එය ස්තූති දීම සමඟින් දෙවියන්වහන්සේ වෙතට රැගෙන යායුතුය.

පාවුළුතුමා පිලිප්පි වරුන්ට අනුශාසනා කරන්නේ සැමවිටම අනර්‍ග දේ කෙරෙහි සිත යොමු කරන ලෙසයි (පිලිප්පි 4:8). ඔහුගේම ජීවිතය ගැන පාවුළුතුමා අපට පවසන්නේ, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාව තුල, තමන්ට දීමට තෝරා ඇති දේවල් ඕනෑම දෙයක් එනම් පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස තමන් ඉගෙන ගෙන ඇති බවයි(පිලිප්පි 4: 11,12). මෙය සැබැවින්ම රහසකි - මන්ද බොහෝ ක්‍රිස්තියානි අය මෙය ඉගෙනගෙන නොමැත. ඉන්පසු පාවුළුතුමා මෙම ජයග්‍රාහී ප්‍රකාශය කරයි: " මා බලවත් කරන ක්‍රිස්තුස්වහන්සේ තුළ මට සියළු දේ කළ හැක". (පිලිප්පි 4:13). ක්‍රිස්තුස්වහන්සේ අපව ශක්තිමත් කරන නිසා, අපට සැමවිටම කිසි දෙයක් ගැන කනස්සලු නොවී ප්‍රීති විය හැක(පිලිප්පි 4:7).