WFTW Body: 

මතෙව් 25: 1-13හි යේසුස් වහන්සේ කන්‍යාවෝ දස දෙනෙකු ගැන කතා කළ සේක. ඔවුන්ගෙන් කිසිවෙකු වෛශ්‍යාවන් නොවන බව සැලකිල්ලට ගන්න (ආත්මික වෛශ්‍යාකම ගැන අර්ථ දැක්විමකට යාකොබ් 4 : 4 බලන්න). ඔවුන් සියල්ලන්ම කන්යාවන් විය. වෙනත් වචන වලින් කියතොත් මනුෂ්‍යයන් ඉදිරියේ ඔවුන් හට හොඳ සාක්‍ෂියක් තිබිණි. ඔවුන්ගේ පහන් සියල්ල දැල්වෙමින් තිබුණි ( මතෙව් 5:16 ). ඔවුන්ගේ යහපත් ක්‍රියා අන් අය දුටුවෝය. එසේ වුවද මේ කන්න්‍යාවන් සියල්ලන්ගෙන් පස් දෙනෙකු පමණක් ම නුවණ ඇත්තියෝ වූහ. එහෙත් ආරම්භයේදි මෙය කිසිවෙකුට පැහැඳිළි ලෙස නොපෙනුනේය. ඔවුන්ගේ බඳුන්වල තෙල් ගෙන ගියේ පස් දෙනෙක් පමණය ( මතෙව් 25:4 ).

ආලෝකය මෙන්, බඳුන්වල එම තෙල් රාත්‍රී කාළයේදි ද්‍රෂ්‍යමාන නොවීය. මෙය, මේ ලෝකයේ අන්ධකාරයේ මනුෂ්‍යයන්ට දැකිය නොහැකි එනමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ සැඟවුණු ඇතුළාන්ත ජීවිතය ගැන කතා කරයි. අප සියලු දෙනාටම තෙල් තුලාවක් ඇත. ප්‍රශ්නය වන්නේ අපට එම තෙල් තුලාව තුළ තෙල් තිබේද නැද්ද යන්නය.

තෙල් ශුද්ධාත්මයාණන්ගේ සංකේතයක් ලෙස ශුද්ධ ලියවිල්ල පුරා යොදා ගනී. මෙහි දී එය සඳහන් කරන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ ආත්මයට සන්නිවේදනය කරන දෙවියන් වහන්සේගේ එම ජීවනය ගැනය. එම ජීවිතයේ බාහිර ප්‍රකාශනය ආලෝකය වේ ( යොහන් 1: 4 ). අභ්යන්තර අන්තර්ගතය තෙල් වේ. බොහෝ දෙනෙක් තමන්ගේ බාහිර සාක්‍ෂිය ගැන පමණක් සැලකිලිමත් වෙති. මෙය ඔවුන්ගේ මෝඩකමයි. කරදර හා පරික්‍ෂා කාලයන්හිදී පිටස්තර ආලෝකය පමණක් ප්‍රමාණවත් නොවන බව අපට පෙනී යයි. මෙහිදී අප ජයග්‍රාහීව ඉදිරියට යන පිණිස අභ්‍යන්තරයෙහි, ඇතුළාන්ත දිව්‍යමය ජීවනය යමෙකුට තිබිය යුතුය.

"ඔබ ඉතා අවදානම් තත්ත්වයකදී දුර්වල නම්, ඔබ යථාර්ථයෙන් දුර්වලය" ( හිතෝපදේශ 24:16 ). ජීවිතයේ අර්බුදයන්, අප කොතරම් ශක්තිමත් හෝ දුර්වල තත්ත්වයක සිටින්නේද යන්න අපට පෙන්වයි. මෙම උපමාවෙහි, අර්බුදය වූවේ මනාලයාගේ පැමිණීම ප්‍රමාද වීමය. කාලය අපගේ ආත්මිකත්වයේ යථාර්ථය ඔප්පු කරයි.

ඇදහිල්ල ඇති තැනැත්තේ අවසානය දක්වා විඳදරාගන්නා අතර ගැලවීමද ලබයි. යමෙකුගේ ජීවිතයේ අභ්‍යන්තර අන්තර්ගතය කවුරුන් හට ඇත්තේද කවුරුන් හට එය නොමැතිද යන්න ඔප්පු කරන්නේද කාලය ම වේ. බොහෝ අය ක්ෂණිකව දළුලාපු බීජය මෙන් වූ නමුදු අභ්‍යන්තර ජීවිතයක් නොමැති අය වැනිය. ඔවුන්ගේ හදවත් තුළ මුල් ඇදීමට තරම් ගැඹුරට පස් නොමැත ( මාර්ක් 4: 5 ).

අලුත් ඇදහිලිවන්තයන්ගේ ආත්මිකත්වය හෝ ඔවුන් මුළු හදවතින් ම කරණු ලබන්නේ ද යන්න තක්සේරු කිරීම දුෂ්කර වන්නේ එබැවිනි. අපිට බලා සිටීමට ඉවසීම ඇත්නම්, කාලය විසින් සෑම දෙයක්ම හෙළි කරනු ඇත. එසේ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සඳහා සූදානම් වීමේ මාර්ගය නම් දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියෙහි ඇතුළාන්ත ජීවිතයේ පවිත්‍රකම හා විශ්වාසවන්තකමයි. එනම් අප වටා සිටින මිනිසුන්ට දැකිය නොහැකි අපගේ සිතුවිලි, ආකල්ප සහ චේතනාවන් ය. මෙය අප සතුව නොමැති නම්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සඳහා සූදානම්ව සිටින බව අප සිතනවා නම් අපම රවටා ගනිමුව.