WFTW Body: 

යේසුස් වහන්සේ කුඩා කල සිටම ප්‍රඥාවෙන් වැඩුණ බව අප ලූක් 2: 40, 52 හි කියවන්නෙමු. යෞවනයන්, තරුණ බැවින් අඥාණ දේ කරයි කියා අපි අපේක්ෂා කළත්, එහෙත් යේසුස් වහන්සේ යෞවන වියේ සිටිය දී කිසිදු අඥාණ දෙයක් නොකෙරූ සේක. අපගේ යෞවන වියේදී බොහෝ අඥාණ දේවල් කිරීමෙන් වැළකෙන පිණිස අපි යේසුස් වහන්සේව ආදර්ශය කරගනිමු. ස්වාමින් වහන්සේට බියවීම ප්‍රඥාවේ ආරම්භයයි. ආත්මික මරණයෙන් ගැළවීමට උපකාර ලැබෙන පිණිස යේසුස් වහන්සේ යාච්ඤා කළ සේක - “උන්වහන්සේගේ දේව බිය නිසා, උන්වහන්සේට සවන් දෙන ලදි” ( හෙබ්‍රෙව් 5: 7 ). යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන් දෙවියන් වහන්සේ අපටද ප්‍රේම කරන සේක. එම නිසා යේසුස් වහන්සේ මෙන් අපද දෙවියන් වහන්සේට බිය වන්නේ නම්, අපගේ යාච්ඤා ද අසණු ලබන්නේය.

ආබ්‍රහම් තම එකම දරුවා පූජා කිරීමට සූදානම් වූ විට, “ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන කෙනෙක් බව දැන් මම දනිමියි” කියමින් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට සහතිකයක් දුන් සේක ( උත්පත්ති 22: 12 ). එදින ඒ කඳු මුදුනේදී ආබ්‍රහම් දෙවියන් වහන්සේට තනිවම කීකරු විය. දෙවියන් වහන්සේම පමණක් ඔහුගේ කීකරු කම දැකීමට ඔහුට අවශ්‍ය විය. ආබ්‍රහම් එක් රාත්‍රියක තනිව සිටියදී දෙවියන් වහන්සේ ඔහුට කථා කොට තිබුණි ( උත්පත්ති 22: 1 ). දෙවියන් වහන්සේ ඔහුට කියූ දේ කිසිවෙකු දැන සිටියේ නැත. ආබ්‍රහම් දෙවියන් වහන්සේට රහසින් කීකරු විය. අප රහසින් කරන දේවල දී (අප කරන දේ වෙන කිසිවෙකු නොදන්නා විට) අප දෙවියන් වහන්සේට බිය වන්නේද නැද්ද යන්න සොයා ගත හැක.

යෝබ්, දෙවියන් වහන්සේට බිය ඇත්තෙක් යැයි සාතන් ඉදිරියේ දෙවියන් වහන්සේ යෝබ්ට සහතිකයක් ප්‍රදානය කළ සේක ( යෝබ් 1: 8 ). එවගේම අප ගැනද සාතන් හට උදම් අනින්නට දෙවියන් වහන්සේට හැකි නම් එය හොඳය - මක්නිසාද සාතන් අදටත් ලෝකය පුරා සැරිසරන අතර අපගේ පෞද්ගලික ජීවිතය ගැන සියල්ල දන්නා බැවිණි. යෝබ් කිසි විටෙකත් ස්ත්‍රීයක් කෙරෙහි රාගයෙන් නොබළන ලෙස ඔහුගේ දෑස් සමඟ ගිවිසුමක් කර ගත්තේය ( යෝබ් 31: 1 ). ව්‍යවස්ථාව දීමටත්, නව ගිවිසුම ඇතිවීමට සියවස ගණනාවකටත් පෙර ජීවත් වූ කෙනෙකුට බයිබලයක් නොමැතිව, ශුද්ධාත්මයාණන් නොමැතිව, සහ ඔහුව ධෛර‍්‍යයමත් හෝ අභියෝග කිරීමට වෙනත් සහෝදරයන් නොමැතිව, එවැනි තීරණයක් ගැනීමට හැකිවීම පුදුම සහගතය! විනිශ්චය දවසේදී යෝබ් නැඟිට රාගය හා පාපය උදෙසා මේ පරම්පරාව හෙළා දකිනු ඇත.

උදාහරණයක් ලෙස ආගන්තුක දේශයක දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව සිටි 18-හැවිරිදි යෞවනයෙකු වූ ජෝසෙප් ගැන සිතන්න. ඔහු දේව බියෙන් සන්නද්ධව සිටියේය. එය සාතන්ගේ උගුලෙන් ඔහුව ආරක්‍ෂා කළේය. ජෝසප්ගේ ආදර්ශයෙන් අපට පෙනී යන්නේ 18-හැවිදිරි යෞවනයෙකුට පවා (a) ඔහු ප්‍රමිතීන් නොමැති දුරාචාර සමාජයක් මධ්‍යයේ ජීවත්ව සිටියදීත් (b) කාන්තාවක් විසින් දිනෙන් දින ඔහුව පරික්ෂාවට ලක් කරන ලද විටත් (c) ඔහුගේ දෙමාපියන් සැතපුම් සිය ගණනක් දුරින් සිටී අතර ඔහු මියගොස් ඇතැයි සිතුවත් (d) ඔහුව ධෛර‍්‍යයමත් කිරීමට බයිබලයක් හෝ කිසිදු දේව භක්තික ලිපි නොතිබුණත් (e) ඔහු ශුද්ධාත්ම බලය ලබා නොතිබුණත් (f) ඔහුට සහෝදරත්වයේ සහභාගිකමට කිසිම ඇදහිළිවන්තයෙකු නොසිටියත්. (g) ඔහුට සහභාගි විය හැකි ආත්මික රැස්වීම් නොතිබුණත්, ඔහුට දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටිය හැකි බවයි. නමුත් ඔහු සතුව තිබුණේ ඔහුගේ පියා වන යාකොබ් විසින් ඔහුගේ නිවසේ ගත කළ ජීවිතයේ මුල් අවුරුදු 17 හි ඔහු තුළ රෝපණය කර න ලද දේව බියයි. අදටත් ඕනෑම තරුණයෙකුට පාපයෙන් වැළකී සිටීමට දෙවියන් වහන්සේට බිය වීම ප්‍රමාණවත් ය.

කාම තෘෂ්ණාව හා කාමමිථ්‍යාචාරය යන මේ දරුණු පාපයෙන් අපව වළක්වා ගැනීමට දේව බිය පමණක් ප්‍රමාණවත් බව යෝබ් සහ ජෝසප්ගේ උදාහරණ වලින් අපට පෙනී යයි. දේව බිය ප්‍රඥාවේ හෝඩියයි.


අන්තිම දවස් නෝවාගේ දවස් මෙන් වේ නම්, (යේසුස් වහන්සේ මතෙව් 24 හි කියූ පරිදි) පාපය හා අධර්මිෂ්ඨ කමට විරුද්ධව නැඟී සිට මෙම කුරිරු දුෂ්ඨ කාලයේ දෙවියන් වහන්සේ උදෙසා සැබෑකමින් හා පවිත්‍රථාවයෙන් සිටගන්නා නෝවා වැනි මිනිසුන් මේ අන්තිම දවස්වලදී ද දෙවියන් වහන්සේට සිටිය යුතුය.

පූර්ණ පාරිශුද්ධභාවයට පැමිණෙන තෙක් අප මෙම ලිංගික ක්ෂේත්‍රය තුල දිගින් දිගටම සටන් කළ යුතුය. අපව කෙලෙසිය හැකි පරිදි අපවිත්‍ර කමක්, අප ගැහැණු ළමයෙකු සමඟ කථා කරන ආකාරයේ පවා තිබිය හැකිය. යේසුස් වහන්සේ මේ ක්ෂේත්‍රයේ නිර්මලව සිටී ආකාරයෙන්ම සිටීමට අප ඉතා උත්සුකුව එය කරා හඹා යා යුතුය. යේසුස් වහන්සේ වරක් ස්ත්‍රියක් සමඟ කථා කරමින් සිටි දුටු ගෝලයන් පුදුමයට පත් වූවෝ යයි (යොහාන් 4 : 27) හි සඳහන් වේ. එය උන්වහන්සේගේ සාක්ෂියයි.

යේසුස් වහන්සේ කුඩා කල සිටම ප්‍රඥාවෙන් වැඩුණ බව අප ලූක් 2: 40, 52 හි කියවන්නෙමු. යෞවනයන්, තරුණ බැවින් අඥාණ දේ කරයි කියා අපි අපේක්ෂා කළත්, එහෙත් යේසුස් වහන්සේ යෞවන වියේ සිටිය දී කිසිදු අඥාණ දෙයක් නොකෙරූ සේක. අපගේ යෞවන වියේදී බොහෝ අඥාණ දේවල් කිරීමෙන් වැළකෙන පිණිස අපි යේසුස් වහන්සේව ආදර්ශය කරගනිමු. ස්වාමින් වහන්සේට බියවීම ප්‍රඥාවේ ආරම්භයයි. ආත්මික මරණයෙන් ගැළවීමට උපකාර ලැබෙන පිණිස යේසුස් වහන්සේ යාච්ඤා කළ සේක - “උන්වහන්සේගේ දේව බිය නිසා, උන්වහන්සේට සවන් දෙන ලදි” ( හෙබ්‍රෙව් 5: 7 ). යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන් දෙවියන් වහන්සේ අපටද ප්‍රේම කරන සේක. එම නිසා යේසුස් වහන්සේ මෙන් අපද දෙවියන් වහන්සේට බිය වන්නේ නම්, අපගේ යාච්ඤා ද අසණු ලබන්නේය.

ආබ්‍රහම් තම එකම දරුවා පූජා කිරීමට සූදානම් වූ විට, “ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන කෙනෙක් බව දැන් මම දනිමියි” කියමින් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට සහතිකයක් දුන් සේක ( උත්පත්ති 22: 12). එදින ඒ කඳු මුදුනේදී ආබ්‍රහම් දෙවියන් වහන්සේට තනිවම කීකරු විය. දෙවියන් වහන්සේම පමණක් ඔහුගේ කීකරු කම දැකීමට ඔහුට අවශ්‍ය විය. ආබ්‍රහම් එක් රාත්‍රියක තනිව සිටියදී දෙවියන් වහන්සේ ඔහුට කථා කොට තිබුණි ( උත්පත්ති 22: 1 ). දෙවියන් වහන්සේ ඔහුට කියූ දේ කිසිවෙකු දැන සිටියේ නැත. ආබ්‍රහම් දෙවියන් වහන්සේට රහසින් කීකරු විය. අප රහසින් කරන දේවල දී (අප කරන දේ වෙන කිසිවෙකු නොදන්නා විට) අප දෙවියන් වහන්සේට බිය වන්නේද නැද්ද යන්න සොයා ගත හැක.

යෝබ්, දෙවියන් වහන්සේට බිය ඇත්තෙක් යැයි සාතන් ඉදිරියේ දෙවියන් වහන්සේ යෝබ්ට සහතිකයක් ප්‍රදානය කළ සේක ( යෝබ් 1: 8 ). එවගේම අප ගැනද සාතන් හට උදම් අනින්නට දෙවියන් වහන්සේට හැකි නම් එය හොඳය - මක්නිසාද සාතන් අදටත් ලෝකය පුරා සැරිසරන අතර අපගේ පෞද්ගලික ජීවිතය ගැන සියල්ල දන්නා බැවිණි. යෝබ් කිසි විටෙකත් ස්ත්‍රීයක් කෙරෙහි රාගයෙන් නොබළන ලෙස ඔහුගේ දෑස් සමඟ ගිවිසුමක් කර ගත්තේය ( යෝබ් 31: 1). ව්‍යවස්ථාව දීමටත්, නව ගිවිසුම ඇතිවීමට සියවස ගණනාවකටත් පෙර ජීවත් වූ කෙනෙකුට බයිබලයක් නොමැතිව, ශුද්ධාත්මයාණන් නොමැතිව, සහ ඔහුව ධෛර‍්‍යයමත් හෝ අභියෝග කිරීමට වෙනත් සහෝදරයන් නොමැතිව, එවැනි තීරණයක් ගැනීමට හැකිවීම පුදුම සහගතය! විනිශ්චය දවසේදී යෝබ් නැඟිට රාගය හා පාපය උදෙසා මේ පරම්පරාව හෙළා දකිනු ඇත.

උදාහරණයක් ලෙස ආගන්තුක දේශයක දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව සිටි 18-හැවිරිදි යෞවනයෙකු වූ ජෝසෙප් ගැන සිතන්න. ඔහු දේව බියෙන් සන්නද්ධව සිටියේය. එය සාතන්ගේ උගුලෙන් ඔහුව ආරක්‍ෂා කළේය. ජෝසප්ගේ ආදර්ශයෙන් අපට පෙනී යන්නේ 18-හැවිදිරි යෞවනයෙකුට පවා (a) ඔහු ප්‍රමිතීන් නොමැති දුරාචාර සමාජයක් මධ්‍යයේ ජීවත්ව සිටියදීත් (b) කාන්තාවක් විසින් දිනෙන් දින ඔහුව පරික්ෂාවට ලක් කරන ලද විටත් (c) ඔහුගේ දෙමාපියන් සැතපුම් සිය ගණනක් දුරින් සිටී අතර ඔහු මියගොස් ඇතැයි සිතුවත් (d) ඔහුව ධෛර‍්‍යයමත් කිරීමට බයිබලයක් හෝ කිසිදු දේව භක්තික ලිපි නොතිබුණත් (e) ඔහු ශුද්ධාත්ම බලය ලබා නොතිබුණත් (f) ඔහුට සහෝදරත්වයේ සහභාගිකමට කිසිම ඇදහිළිවන්තයෙකු නොසිටියත්. (g) ඔහුට සහභාගි විය හැකි ආත්මික රැස්වීම් නොතිබුණත්, ඔහුට දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටිය හැකි බවයි. නමුත් ඔහු සතුව තිබුණේ ඔහුගේ පියා වන යාකොබ් විසින් ඔහුගේ නිවසේ ගත කළ ජීවිතයේ මුල් අවුරුදු 17 හි ඔහු තුළ රෝපණය කර න ලද දේව බියයි. අදටත් ඕනෑම තරුණයෙකුට පාපයෙන් වැළකී සිටීමට දෙවියන් වහන්සේට බිය වීම ප්‍රමාණවත් ය.

කාම තෘෂ්ණාව හා කාමමිථ්‍යාචාරය යන මේ දරුණු පාපයෙන් අපව වළක්වා ගැනීමට දේව බිය පමණක් ප්‍රමාණවත් බව යෝබ් සහ ජෝසප්ගේ උදාහරණ වලින් අපට පෙනී යයි. දේව බිය ප්‍රඥාවේ හෝඩියයි.


අන්තිම දවස් නෝවාගේ දවස් මෙන් වේ නම්, (යේසුස් වහන්සේ මතෙව් 24 හි කියූ පරිදි) පාපය හා අධර්මිෂ්ඨ කමට විරුද්ධව නැඟී සිට මෙම කුරිරු දුෂ්ඨ කාලයේ දෙවියන් වහන්සේ උදෙසා සැබෑකමින් හා පවිත්‍රථාවයෙන් සිටගන්නා නෝවා වැනි මිනිසුන් මේ අන්තිම දවස්වලදී ද දෙවියන් වහන්සේට සිටිය යුතුය.

පූර්ණ පාරිශුද්ධභාවයට පැමිණෙන තෙක් අප මෙම ලිංගික ක්ෂේත්‍රය තුල දිගින් දිගටම සටන් කළ යුතුය. අපව කෙලෙසිය හැකි පරිදි අපවිත්‍ර කමක්, අප ගැහැණු ළමයෙකු සමඟ කථා කරන ආකාරයේ පවා තිබිය හැකිය. යේසුස් වහන්සේ මේ ක්ෂේත්‍රයේ නිර්මලව සිටී ආකාරයෙන්ම සිටීමට අප ඉතා උත්සුකුව එය කරා හඹා යා යුතුය. යේසුස් වහන්සේ වරක් ස්ත්‍රියක් සමඟ කථා කරමින් සිටි දුටු ගෝලයන් පුදුමයට පත් වූවෝ යයි ( යොහාන් 4 : 27 ) හි සඳහන් වේ. එය උන්වහන්සේගේ සාක්ෂියයි.