WFTW Body: 

ස්වාමීන්වහන්සේගේ වචනය යෝනා වෙතට දෙවෙනි වර පැමිණුනේ යැයි යෝනා 3: 1හි සඳහන් වේ. ප්‍රශංසා වේවා අප එක් වරක් අසමත් වූ විට, ස්වාමින් වහන්සේ අපට දෙවන අවස්ථාවක් ලබා දෙන සේක. එය යෝනාගේ පොතෙන් අපට ලැබෙන ඉමහත් පණිවිඩයන්ගෙන් එකකි. ස්වාමින් වහන්සේ කෙරෙහි ඔබ අසමත් වූවේ ද? දෙවියන් වහන්සේ ඔබට තවත් අවස්ථාවක් ලබා දීමට බලා සිටින සේක. ස්වාමින් වහන්සේ කෙරෙහි ඔබ දෙවන වරටත් අසමත් වූවේ ද? උන්වහන්සේ ඔබට තුන්වන වතාවටත් අවස්ථාවක් ලබා දෙන සේක. උන්වහන්සේ දෙවන අවස්ථාවකට පමණක්ම සීමාවූ දෙවිඳුන් නොව - මක්නිසාදයත් අපගෙන් බොහෝ දෙනෙක් බොහෝ කලකට පෙරම අපගේ දෙවන අවස්ථාවද නිශ්ඵල කරගෙන ඇති බැවිනි. ඔබ කොපමණ වාර ගණනක් අසමත් වුවත් කම් නැත, උන්වහන්සේ තවත් අවස්ථාවක් සපයන්නාවූ දෙවිඳුන් ය! ඔබ මුළු හදවතින්ම පසුතැවිලි වුවහොත්, දැන් පවා ඔබව නැවත ගොඩනගා උන් වහන්සේ උදෙසා දේවසේවයක් ඉටු කිරීමට ස්වාමීන් වහන්සේට හැකිය.

එම මහත් නගරයේ සෑම වීදියක් පාසා ගොස්, නිනිවය තව දින හතළිහකින් විනාශවන බව ප්‍රකාශ කිරීමට, යෝනා හට දින තුනක් ගත විය. විශ්මයට පමුණුවන කරුණක් නම්, නිනිවයේ වැසියන් වහාම පසුතැවිලි විමය. මෙය ලෝකේ මෙතෙක් සිදුවූ විශාලතම හා වේගවත්ම ආත්මික පිබිදීමයි. මෙහි මා දිරිගන්වන එක් කරුණක් නම්, නිනිවය වැනි දුෂ්ඨ නගරයක් වුවද පසුතැවුණු විටදි දෙවියන් වහන්සේ කරුණාව දැක්වූ සේක. වසර කීපයකට පසු උන්වහන්සේට විනාශ කරන තරමට එම නුවර බොහෝ දුෂ්ඨ වන බව දෙවියන් වහන්සේ දැන සිටි සේක. නමුත් දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම සලකන්නේ ඔවුන් දැන් සිටින ආකාරයටමයි - ඔවුන් අතීතයේ සිටි මෙන් හෝ අනාගතයේදී සිටින්ට යන්නාවූ ආකාරයට මෙන් නොවේය. උන්වහන්සේගේ නාමය "මම මමම වෙමි" මිස "මම හිටියා වූ" හෝ " මම සිටින්ට යන්නාවූ තැනැන්වහන්සේ" නොවේය. දෙවියන් වහන්සේ අපට වඩා දයානුකම්පිතය.

දෙවියන් වහන්සේ නිනිවයට අනුකම්පා කළ විට යෝනා අතිශයින් සතුටට පත් වේවි කියා යමෙකු ට සිතන්න ට තිබුණි. නමුත් ඔහු එසේ නොවී ය. යෝනාට පාඩමක් උගන්වන පිණිස, ඔහුගේ හිසට උඩින් පැළයක් වැවෙන්නට දෙවියන් වහන්සේ සැළසූ සේක. මෙම ශාඛය නිසා යෝනා බොහෝ සතුටු විය, නමුත් ඊළඟ දවසේ ශාඛය කන පිණිස දෙවියන් වහන්සේ පණුවෙකු සෑදු බැවින් ශාඛය වියළී ගියේ ය. සූර‍්‍යයා ඔහු මත තදින් වැටෙන නිසා යෝනා නැවතත් කෝප වී “මා ජීවත්වනවාට වඩා මැරෙණවා හොද ය” කියා පැවසුවේය. එවිට දෙවියන් වහන්සේ යෝනාට, නුඹ එක් රැයකින් නැඟී එක් රැයකින් විනාශ වූ පැලෑටියක් කෙරෙහි දයානුකම්පාව දැක්වූයේ ය. තමන්ගේ දකුණු හා වමත අතර වෙනස නොදන්නා පුද්ගලයින් 120,000 කට වඩා සිටින හා බොහෝ සතුන් ද සිටින්නාවූ නිනිවය නම් වූ මහත් නගරය කෙරෙහි මට දයානුකම්පාවක් තිබිය යුතු නොවේ දැයි කී සේක”? (යෝනා 4: 11).

මෙම පදයේ යෝනා 4: 11 - පැරණි ගිවිසුමෙහි වෙනත් කිසිම පදයකට වඩා - නැතිවූ ආත්මයන් කෙරෙහි දෙවියන් වහන්සේ දක්වන ඉමහත් අනුකම්පාව අපට පෙනේ. දෙවියන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළාද යත්, කිසිවෙකු විනාශ නොවන පිණිස උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා ව දුන් සේක. යෝනා කෙසේ හෝ මේ කාරණය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ සමඟ සහභාගිකම පැවැත්වුවේ නැත. දේශනාකර පිබිදීම් දකින්නාවූ බොහෝ දේශකයන් අද ද සිටිති (එදා යෝනා මෙන්). නුමුත් ඔවුන් ද එදා යෝනා මෙන්ම දෙවියන් වහන්සේගේ දයානුකම්පිත හදවත සමඟ සහභාගිකම් නො පවත්වති. එවැනි දේශකයන් දෙවියන් වහන්සේට අවශ්‍ය පරිදි ඔවුන්ගේ සේවාව ඉටු නොකරති. ඔබ දේශනා කර මිනිසුන් ගැළවීමට ගෙනෙන්නට පුළුවන : එහෙත් ඒ සියල්ල අවසානයේ, යෝනා මෙන්, ඔබට ද දෙවියන් වහන්සේ සමඟ කිසිඳු සහභාගිකමක් නොතිබීය හැක. එවැන්ජලිස්ත සේවයක් සඳහා සුදුසුම පදනම නම් දෙවියන් වහන්සේගේ හදවත සමග සම්බන්ධතාවයයි. ආලෝකය නැති අය කෙරෙහි දෙවියන් වහන්සේට මහත් අනුකම්පාවක් ඇත. දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ, සියලු මනුෂ්‍යයන් පසුතැවිලි වී ගැලවීම ලබා සත්‍යය දැනගැනීමට පැමිණීම බව, බයිබලය පවසයි. ඒ උදෙසා උන්වහන්සේ මහත් ආශාවෙන් බළා සිටින සේක. දෙවියන් වහන්සේ සමඟ සහභාගිකමට අප වඩ වඩාත් කිට්ටු වන කළ, උන්වහන්සේගේ හදවතේ බරට අප වඩාත් පංඟුකාර වන්නෙමු. දෙවියන් වහන්සේ ඔබ ඉවැන්ජලිස්තවරයෙකු වීමට කැඳවා තිබේ නම්, උන්වහන්සේ, නැතිවූ ප්‍රාණ උදෙසා අනුකම්පාවක් ඔබට ලබා දෙනු ඇත. දෙවියන් වහන්සේ ඔබ ගුරුවරයෙකු ලෙස කැඳවන්නේ නම්, උන්වහන්සේ අන්ධ, මුළාවු, හා ජයග්‍රාහි ජීවිතයකට පිවිසෙන්නේ නැති ඇදහිළිවන්තයින් උදෙසා අනුකම්පාවක් ඔබට ලබා දෙනු ඇත. අපගේ දේවසේවය ඵලදායී ලෙස ඉටු කිරීමට නම් දෙවියන් වහන්සේගේ දයානුකම්පාව බෙදාගැනීමේදී උන්වහන්සේගේ හදවත සමඟ සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ.