WFTW Body: 

බියෙහි මුලාරම්භකයා සාතන්ය. යේසුස් වහන්සේ පාපයට විරුද්ධව සිටියාක් මෙන් ම බියට ද විරුද්ධව සිටි සේක. උන්වහන්සේ “පව් නොකරන්න” කී සේම “බිය නොවන්න” යැයි කීප වතාවක් මිනිසුන්ට කීසේක. පාපයෙහි ජීවත්වන මිනිසුන්ට එරෙහිව යේසුස් වහන්සේ සිටියාක් මෙන්, බියෙන් ජීවත් වන මිනිසුන්ට එරෙහිව ද උන්වහන්සේ සිටි සේක. අප ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන (අදහන) හෙයින්, අප කිසි විටක බිය වියයුතු නැත. අප යම් දෙයක් සම්බන්ධයෙන් බැරිවීමකින් බියට පත් වුවහොත් හෝ කණස්සළු වුවහොත් ක්ෂණයකින් එයින් ඉවතට පැමිණ, අපගේ බිය දෙවියන් වහන්සේට පාපොච්චාරණය කර උන්වහන්සේ අප ගැන සැළකිලිමත් වන බවට උන්වහන්සේ ව විශ්වාස කළ යුතුය.

දෙවියන් වහන්සේගේ සේවාව ට නොයෙක් ආකාරයෙන් සාතන් පහර දෙනු ලැබුවත් උන්වහන්සේගේ දරුවන්ගේ යාච්ඤාවලට දෙවියන් වහන්සේ පිළිතුරු දෙන සේක. සමහර අශුද්ධ ආත්ම දුරු කළ හැකි වන්නේ යාච්ඤාවෙන් සහ නිරාහාරව සිටීමෙන් පමණක් යැයි වරක් යේසුස් වහන්සේ පැවසූ සේක. එයින් අදහස් කරන්නේ අප යාච්ඤාවෙන් සහ නිරාහාරව නොසිටීමෙන් සමහර අශුද්ධ ආත්ම ආරක්ෂිත විධිවිධාන යොදාගත් ස්ථානවලම නැවතී දෙවියන් වහන්සේගේ සේවාව ට බාධා පමුණුවන බවය. දෙවියන් වහන්සේගේ පොළොවෙහි සේවය උන්වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන අප මත රදා පවතින ලෙස ට සාදා ඇත. මෙය ඉතා වැදගත් භාග්‍යයක් වන අතර ඉතා මහත් වගකීමක්ද වේ. අන්ධකාරයේ බලධාරීන් ට සභාවට විරුද්ධව නැඟී සිටින්න ට බැරි බව ස්වාමින් වහන්සේ අපට පොරොන්දු වී ඇත.

ලෝකයේ ක්‍රියාකරන බොහෝ අන්ත-ක්‍රිස්තියානි බලවේග ඇත්තේය. නමුත් බියගුලු ආත්මයක් දෙවියන් වහන්සේ අපට දී නැත. උන්වහන්සේ ට ගෞරව කරන අයට උන්වහන්සේ ගෞරව කරන සේක. එමනිසා අපව කිසිවිට බියෙන් සලිත කරවන්නට අප ඉඩ නොදිය යුතුය. එවැනි අවස්ථාවන්හි සාවුල්ගේ යුධ කට්ටළ පැළඳ ගැනීමට ප්‍රතික්ෂේප කළ දාවිත් මෙන් අපද, අපට උදව් ලබන පිණිස මනුෂ්‍යයන් කෙරෙහි හෝ මාංශමය අවිආයුධ කෙරෙහි විශ්වාසය නොතැබිය යුතුය. දාවිත් ගොලියත් සමඟ සටන් කළේ, ස්වාමින් වහන්සේගේ නාමය යන ආත්මික අවිය කරණකොටගෙනය - අපගේ ද අවි ආත්මිකය (2 කොරින්ති 10: 4). එවිට සියළු අව ස්ථාවන්හි දීම අපි අනිවාර්‍යෙන්ම ජයගන්නෙමුව.

“වෘකයන් අතරට බැටළුවන් මෙන්” දූෂිත ලෝකයක ට උන්වහන්සේ අපව යවන බව යේසුස් වහන්සේ අප හට කී සේක. එහෙත් උන්වහන්සේ එම පදයේ ම අපට “සර්පයන් මෙන් නැණවත්” වන ලෙස ද කී සේක (මතෙව් 10: 16). ස්වාමින් වහන්සේ ට ස්වර්ගයේ ද පොළොවේ ද සියළු ආධිපත්‍ය ඇති අතර සියළු දේශයන්හි ගෝලයන් බිහිකිරීමට අප යන්නේ නම්, සැමවිට අප සමඟ සිට එම ආධිපත්‍යය අප වෙනුවෙන් පාවිච්චි කරන්න පොරොන්දු වී ඇත. ( මතෙව් 28: 19-20). උන්වහන්සේ අප සමඟ සිටීම ම අපට සෑහේ. උන්වහන්සේ අප පැත්තේ නම්, මුළු ලෝකයේ ම විරුද්ධතාව ට වුව ද අප හට මුහුණ දෙන්න ට පුළුවන.

“ඔබව, වික්ෂිප්තභාවයට හො කැළඹීමට පත්කිරීම නතර කර”, තමන් ව බයාදුකමට හෝ තැතිගැන්වීමට හෝ බියගුලුකමට හෝ කැළඹීමට පත්වන ලෙසට ඉඩ නොදෙනෙන මෙන් යේසුස් වහන්සේ කීසේක ( යොහාන් 14: 27). “බොහෝ අන් අය මෙන් කළබල නොවන ලෙස දේව වචනය අපහට ආඥා කර ඇත. ස්වර්ගීක ස්වාමින් වහන්සේ හැර වෙන කිසි කෙනෙකු හෝ දෙයක ට බිය නොවන්න ! ඔබ දෙවියන් වහන්සේට බිය නම්, වෙන කිසි දෙයකට බිය වියයුතු නැත. උන්වහන්සේ ම නුඹේ ආරක්ෂකයා වන සේක.” (යෙසායා 8: 12-14).

මම කිසිසේත් නුඹෙන් අහක් ව නොයමි, කිසි අයුරකින් නුඹ අත් නොහරිමි” යි’ දෙවියන් වහන්සේ පවසන සේක’ එබැවින් ‘ස්වාමින් වහන්සේ මාගේ සරණය ය. මා බිය නොවන්නෙමි. මිනිසා මා හට කුමක් කරම් දෝ?’ කියා නිසැකව කීමට අපට පිළිවන. ඊයෙත් අදත් සැමදාත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒකාකාරම ය (එක වගේ ය)” (හෙබ්‍රෙව් 13: 5-8). බිය සම්බන්ධයෙන් අප මතක තබා ගත යුතු කරුණු දෙකක් ඇත:

1. අප කිසිවිට බිය කරණකොටගෙන තීරණයක් නොගත යුතුය, නමුත් සැම වේලෙම දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන විය යුතුය.

2. බිය සාතන්ගේ අවියකි. එමනිසා අනුන්ව යම් කිසි විදිහකින් බිය ගැන්වීමට හෝ තර්ජණය කිරීමට උත්සහ කරන සියල්ලෝ ම (ඔවුහු ඒ ගැන නොදැන සිටියත්) සැබැවින් ම සාතන් සමඟ සහභාගිකමේ සිටින්නෝය. එබැවින් අප එම අවිය කිසි කෙනෙකු කෙරෙහි පාවිච්චි නොකළ යුතුය (එපීස 6: 10 සහ 2 තිමෝති 1: 7 බලන්න). උන්වහන්සේගේ වචනයෙහි අලුත් එළිදරව් හා උන්වහන්සේගේ අනුග්‍රහයෙහි අලුත් අත්දැකීම් වෙන කුමණ ආකාරයකින් වත් අපට ලබන්න බැරි වුවද දෙවියන් වහන්සේ අන් අය අපට කරන දුෂ්ඨ ක්‍රියාවන් පාවිච්චි කරමින් එය අපට ලබන්නට සළසන සේක.

දේව වචනය පවසන්නේ අපේ සටන මනුෂ්‍යයන්ට එරෙහිව නොවන බවය. නමුත් “මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය” (එපීස 6:12). යක්ෂ බළකායන්ට විරුද්ධව ඵලදායි ලෙස සටන් කරන්නට මට අවශ්‍යය නම්, මා කිසිවිට මනුශ්‍යයන් සමඟ සටන් නොකළ යුතු බව මෙම පදයෙන් ස්වාමින් වහන්සේ මට ඉගැන් වු සේක​.

පැරණි ගිවිසුමෙහි, ඉශ්‍රායෙල්වරු සටන් කළේ මනුෂ්‍යයන් සමඟය. නමුත් නව ගිවිසුමෙහි මනුෂ්‍යයන් සමඟ අප කිසිවිට සටන් නොකළ යුතුය. සාතන් හා ඌගේ ගෝලයෝ වන පිශාචයන් සමඟ පමණකි. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ආදර්ශයෙන් අපට එය පෙන්වූ සේක. බොහෝ ඇදහිළිවන්තයින්ට සාතන් ජයගන්න බැරි වී ඇත්තේ මක්නිසාදයත් ඔවුහු ඔවුන්ගේ භාර්‍යාවන්, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්, ඔවුන්ගේ අ​සල්වැසියන්, සහ අනෙකුත් ඇදහිළිවන්තයින් යනාදි අය සමඟ සටන් කරන නිසාය.

ඉදිරි අනාගතයේ දි කිසි මනුෂ්‍යයෙකු සමඟ සටන් නොකරන බව අධිෂ්ඨාන කරගන්න, එවිට ඔබ සාතන් ට විරුද්ධව ඔබේ සටනෙහි ඵලදායි වනු ඇත. අප දෙවියන් වහන්සේගේ මාර්ග (ක්‍රම) සම්පූර්ණවම (නිසැකවම) පිළිපදින්නේ නම්, අපි සාතන්ව හා ඌගේ කූටෝපායන් (උපක්‍රම) නිතරම ජයගෙන නිරන්තරයෙන් ම විජයග්‍ර​හණයෙන් ජීවත් වන්නෙමු.