WFTW Body: 

දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සේවාව උදෙසා තමා තුළම-කේන්ද්‍රවූ (ආත්මාර්ථකාමී) ජීවිතයෙහි ආකල්පය නීතිමය ස්වභාවයකින් සංලක්ෂිත වේ. තමාගේම පෞරුෂත්වයෙන් (මමත්වයෙන්) දෙවියන් වහන්සේට සේවය කිරීමට උත්සහ කළ හැකිය. එවැනි සේවාවක් තුළද එය ඉතා ක්‍රියාකාරී විය හැකිය - නමුත් එය සැමවිටම නීතිමය සේවාවකි. එය දෙවියන් වහන්සේට කරන සේවයට විපාකයක් අපේක්ෂා කරයි. වැඩිමහල් පුත්‍රයා පියාට කියණුයේ “මම මේ අවුරුදු ගණනාව පුරාම ඔබට සේවය කර ඇත්තෙමි, නමුත් ඔබ කවදාවත් මට එළු පැටවකුවත් දුන්නේ නැත.” ඔහු තම පියාට දිගටම සේවය කර ඇත්තේ විපාක සඳහා ය, එහෙත් එය මේ දක්වා ප්‍රකට (පැහැදිලි) වී නැත. මෙම පීඩිත මොහොත එම කාරණය හෙළි කළේය.

 

ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයෙන් ගලන උල්පතකින් මෙන් සේවය කිරීම මොන තරම් නිදහසක් හා ප්‍රීතියක් ද !

තමාගේම පෞරුෂත්වයෙන් (මමත්වයෙන්) දෙවියන් වහන්සේට සේවය කරන්නේ - නොමිළේවත්, ප්‍රීතියෙන්වත්, එසැණින්ම කීකරු වීමෙන්වත් නොවේ, නමුත් පටු වාසි බළාපොරොත්තුවෙන් මෙයාකාරව ය. දෙවියන් වහන්සේගෙන් බළාපොරොත්තු වෙන වාසිය යම් ආත්මික ආශිර්වාදයක් හා විපාකයක් වුවද විය හැකිය. එහෙත් එවැනි චේතනාවකින් පවා කරන සේවය නීතිමය ස්වභාවයකින් සංලක්ෂිත වන අතර දෙවියන් වහන්සේට පිළිගත නොහැකිය.


වැඩිමහල් පුත්‍රයා තම පියා සැර හා කෲර යැයි සැළකුවේ ඒ අවුරුදු සියල්ලම තුළ තම සේවයට විපාක ළබා නොදුන් නිසා ය. ඔහු හරියට ගණන් බැළීමේ මොහොතේදී තම ස්වාමියා වෙත පැමිණ මෙසේ පැවසූ එක් තළෙන්තුවක් ළබා දුන් මිනිසා මෙන් ය. “මම ඔබේ තළෙන්තුව සුරක්ෂිතව තබා ගතිමි (එය ළාභය උදෙසා වෙළදාම් නොකර), මන්ද මා බිය වූවේ (ඔබ මාගේ ළාභය ඉල්ලා සිටිණු ඇතැයි කියා) ඔබ සම කටයුතු කිරීමට අසීරු මිනිසෙකු වන නිසා ය”(ලූක් 19: 21 ජීවමාන බයිබලයෙන් පරිවර්ථනයකි). තමාගේම පෞරුෂත්වය (මමත්වය) දෙවියන් වහන්සේ ව සතුටු කළ නොහැකි ඉතා අසීරු කෙනෙකු ලෙස සළකන බැවින්, එය තව තවත් දෙවියන් වහන්සේට සේවය කිරීමට මහත් පරිශ්‍රමයක් දරාත් මෙවැනි කර්කශ (දැඩි) දෙවි කෙනෙක්ගේ ඉල්ලීම් ඉටු කරා ගැනීමට නොහැකිවීම ගැන තමන්ව තවමත් හෙළා දකී.

දෙවියන් වහන්සේ අප කිසි කෙනෙකුගෙන් බළාපොරොත්තු වන සේවය මෙය නොවේ. “දෙවියන් වහන්සේ සතුටු සිතින් දෙන කෙනාට ප්‍රේම කරන සේකැයි” බයිබලය පවසයි (2 කොරින්ති 9: 7). සේවය සම්බන්ධවද දෙවියන් වහන්සේ තෘප්තිමත් වන්නේ සතුටු සිතින් සේවය කරන කෙනෙකු ට මිස අමනාපයෙන් හෝ අවශ්‍යථාවය උදෙසා කරන කෙනෙකුට නොව. අකමැත්තෙන් කරන සේවයට වඩා උන්වහන්සේට කිසිසේත්ම සේවය නොකරනවාට උන්වහන්සේ කැමැති වන සේක. යමෙක් විපාකය සඳහා සේවය කරන විට, ඔහුට ප්‍රමාණවත් ලෙස ආශිර්වාද නොලැබෙන බවට දෙවියන් වහන්සේට පැමිණිලි කිරීමට වැඩි වේලාවක් ගතවන්නේ නැත. ඔහුට වඩා වෙනත් කෙනෙකු ආශිර්වාද ලබන විට කාරණය වඩාත් උග්‍ර අතට හැරේ.

අප කරන වැඩ සහ ලැබෙන ආශිර්වාදය අන් අය සමඟ කිසිවිට සංසන්දනය කරන්නේ ද? මෙය නීතිමය ස්වභාවයකින් සංලක්ෂිත වූ සේවාවක ප්‍රතිඵලයක් පමණක් ම වන්නේ ය. එක්තරා මිනිසෙකු විසින් දවසේ විවිධ වේලාවන්හි සේවයේ යෙදවූ සමහර කම්කරුවන් ගැන යේසුස් වහන්සේ වරක් උපමාවක් පැවසූ සේක. දවස අවසානයේදී ස්වාමියා ඔවුන් සැමටම තළෙන්තුවක් (කාසියක්) බැගින් ලබා දුන්නේ ය. වැඩිම කාලය සේවය කළ අය ස්වාමියා වෙත පැමිණ “මේ අනෙක් මිනිසුන්ට සමාන ම වැටුපක් ඔබ අපටත් ලබා දෙන්නේ කෙසේදැයි පැමිණිලි කළෝ ය? අපි ඊට වැඩියෙන් ලබන්නට සුදුස්සෝ ය. ඔවුන් සේවය කළේ වැටුප් සඳහා ය, ඔවුහු එකඟ වූ දෙය ලැබුණු කළ, ඔවුන් පැමිණිලි කළේ අන් අයට ඔවුන්ට ලැබුණු තරම් නොදිය යුතු බව යි (මතෙව් 20: 1 -16).

සත්‍ය වශයෙන්ම වැඩිමහල් පුත්‍රයා තුළ අප දකින්නේ මෙය යි, “මගේ බාළම සහෝදරයාට මේ සියල්ල ඔබ ලබා දෙන්නේ කෙසේ ද? ඔබට විශ්වාසවන්තව සේවය කළේ මම යි, ඔහු නොවේ.”


ඉශ්‍රායෙල්වරු දෙවියන් වහන්සේට අකමැත්තෙන් සේවය කළ විට, උන්වහන්සේ ඔවුන්ට කී ලෙස ම ඔවුන්ව වහල්කමට යැව්වෝ ය: “ඔබ, ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රීතියෙන් හා හදවතේ සතුටින් සේවය නොකළේ ය..... එබැවින් ඔබ ඔබේ සතුරන්ට සේවය කරණු ඇත” (ද්වීතීය කථාව 28: 47). නැත. නීතිමය ස්වභාවයකින් සංලක්ෂිත සේවාවට දෙවියන් වහන්සේ කිසිසේත් තෘප්තිමත් නැත.

බොහෝ විට ආත්මික හැඟීමක් අන් අය ඉදිරියේ පවත්වා ගැනීම උදෙසා තමාගේම-පෞරුෂත්වයෙහි (මමත්වයෙහි) ජීවත්වන කිතුණුවන් දෙවියන් වහන්සේට සේවය කරති. ක්‍රියාශීලි කිතුණු සේවයෙහි ඔවුන් ව ගෙනයන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති නිර්මල හා අධිකතර (උද්‍යෝගිමත්) ප්‍රේමය නිසා නොව, නමුත් ඔවුන් කිසිවක් නොකර සිටීමෙන් අන් අය ඔවුන් ව ආත්මික නොවන බවට සළකණු ඇතැයි යන බිය යි. තවද එවැනි මිනිසුන් තමන්ට පහසු, ඔවුනට මූල්‍යමය වාසි ගෙන දෙන මාර්ගයක් තෝරාගන්නා කළ එය දෙවියන් වහන්සේ ඔවුන්ව ඒ ආකාරයට ගෙන ගිය බව සෑම කෙනෙකුටම ඒත්තු ගැන්වීමට ඔවුහු දැඩි උත්සාහයක් දරති ! එවැනි ස්වයං සාධාරණීකරණයක අවශ්‍යථාවයක් කුමකට ද, අන් අය ඔවුන්ගේ ආත්මිකත්වය ගැන අඩුවෙන් සිතණු ඇතැයි යන රහස් බිය නොතිබෙන්නේ නම් ! මේ ආකාරයට පීඩනය හා බන්ධනය තුළ දෙවියන් වහන්සේට සේවය කිරීම මොන තරම් වධයක් ද.

ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයෙන් ගලන උල්පතකින් මෙන් සේවය කිරීම මොන තරම් නිදහසක් හා ප්‍රීතියක් ද ! ප්‍රේමය යනු අපේ ජීවිතයේ යන්ත්‍ර සූත්‍රවල කිරි කිරි හඬ සහ කෙදිරීම් ලිහිසි කරන තෙල් ය. රාඛෙල් ලබාගන්නා පිණිස යාකොබ් අවුරුදු හතක් වෙහෙස වී සේවය කළේ ය. ඇය කෙරෙහි ඔහුගේ ප්‍රේමය නිසා එම අවුරුදු හත ඔහුට දවස් කිහිපයක් ලෙස දැනුණු බව බයිබලය පවසයි (උත්පත්ති 29: 20). දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ සේවය ප්‍රේමයේ උල්පතකින් ගළන්නේ නම්, අප සමඟ ද එය එසේ ම වන්නේ ය. එහි මහත් ආයාසයක් හෝ පීඩනයක් නොවන්නේ ය.

ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේගේ සභාව සමඟ තිබෙන සම්බන්ධථාවය සැමියෙක් සහ බිරිඳක් වාගේ යැයි බයිබලය පවස යි. සැමියෙකු තම බිරිඳගෙන් ප්‍රාථමිකව බළාපොරොත්තු වන්නේ කුමක් ද? ඇයගේ සේවය නොවේ. ඔහු ඇයව විවාහ කරගන්නේ ප්‍රාථමිකවම ඔහුගේ කෑම සැපයීමට හා ඇදුම් සේදීමට නොවේ. ඔහු ප්‍රාථමිකව ඇයගෙන් බළාපොරොත්තු වන්නේ ඇයගේ ප්‍රේමය යි. එය නැතුව අන් සියළු දේම වටින්නේ නැත. දෙවියන් වහන්සේ ද අපෙන් බළාපොරොත්තු වන්නේ එයම ය.