WFTW Body: 

“පවුරක් ගොඩනඟා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මනුෂ්‍යයෙකු සෙවීමි. නුමුත් කිසිවෙක් මට සම්බනූණේය” ( එසකියෙල් 22: 30 ). ලෝක ඉතිහාසයේ ඉශ්‍රායෙලය සහ සභාව තුළ, දෙවියන් වහන්සේ බොහෝ විට විශේෂිත අවස්ථාවක දී උන්වහන්සෙගේ අරමුණු ඉටු කර ගැනීම පිණිස එක් මනුෂ්‍යයෙක් මත බලාපොරොත්තුව සිටි බවට, අප උදාහරණ කිහිපයක්ම දකින්නෙමු. නමුත් දෙවියන් වහන්සේ සමඟ එක් මනුෂ්‍යයෙක් සැමවිටම බහුතරයක් ය.

නෝවා : නෝවාගේ කාලයේදී දෙවියන් වහන්සේට විරුද්ධව මුළු ලෝකයම දුෂ්ඨකමින් හා කැරළිගැසීමෙන් පිරී තිබූ කළ, දේව-බියැති සෙනඟ අට දෙනෙකු පොළොවෙහි සිටියද​ උන්වහන්සෙගේ සැළැස්ම සම්පූර්ණ කිරීම, නෝවා නම් එක් මනුෂ්‍යයෙකුගේ විශ්වාසවන්තකම මත සම්පූර්ණයෙන්ම​ රඳා පැවතුනේය. එම කාලයේදී දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරිපිට ප්‍රසාදය දිණා ගත් එකම මනුෂ්‍යයා වූවේ නෝවා පමණ ය ( උත්පත්ති 6: 8 ). මෙම මනුෂ්‍යයා දෙවියන් වහන්සේ ට අවිශ්වාසවන්ත වූවේ නම්, මුළු මනුෂ්‍ය වර්ගයාම විනාශ වන්නට තිබුණ හෙයින්, අප කිසි කෙනෙකු අද ජීවත් වන්නට නොතිබුණි!! නෝවා විශ්වාසවන්ත ව රැදී සිටීම ගැන සැබැවින්ම අපට දෙවියන්වහන්සේට ස්තූති කළ හැක. අන්තිම දවස් නෝවාගේ කාලේ මෙන් වන බව යේසුස් වහන්සේ පැවසූ සේක. නෝවාගේ කාලේ තිබුණ ලිංගික දුරාචාරය සහ ප්‍රචණ්ඩත්වය ද අවසාන දින නිරූපණය කෙරේ. අප අද ජීවත් වන්නේ මෙම කාලය තුළ ය. එමනිසා දෙවියන් වහන්සේ ට අද පවා අවශ්‍ය වන්නේ නෝවා වැනි මධ්‍ය ම ප්‍රතිපදාවක් නොදක්වන මනුෂ්‍යයන් ය.

එලියා : ආහබ් රජු සියළු වැසියන්ට බාල් දේවතාව ට නමස්කාර කරන්න පෙළඹු ඉශ්‍රායෙල් ඉතිහාසයේ තව කාලයක් සළකා බලමු. එකළ ඉශ්‍රායෙලයේ බාල් දේවතාව ට නමස්කාර කරන්න විරුද්ධ වූ මිනිසුන් 7000ක් සිටියෝ ය ( 1 රාජාවලිය 19: 18 ). එය නිසැකවම නිර්භීත හා වැදගත් වූ ස්ථාවරයක් විය. එහෙත් එවැනි සාක්ෂියක් වුව ද ඍණාත්මක එකක් වූයේය : ඔවුහු අන්‍ය දෙවිවරු නමස්කාර නොකෙරුවෝ ය. මෙය අද දවසේ බොහෝ ඇදහිළිවන්තයින් ට ඇති ඍණාත්මක සාක්ෂිය මෙන් වේ - ඔවුන් දුම් පානය කරන්නේ නැත, ඔවුන් සූදුවේ නියැලෙන්නේ නැත යනාදි වශයෙන්. නමුත් එම කාලයේදි ඉශ්‍රායෙලයේ උන්වහන්සේ ගේ සැළැස්ම ඉෂ්ඨ කරන්නට දෙවියන් වහන්සේ ට මෙම 7000න් එක්කෙනකුවත් පාවිච්චි කරන්න ට නොහැකි විය. එය උදෙසා දෙවියන් වහන්සේ ට එලියා කෙනෙක් අවශ්‍ය වූවේ ය. ආහබ් මෙම ඇදහිළිවන්තයින් 7000 ට බිය නොවු නමුත් ඔහු එලියා ට බිය විය. මෙම මනුෂ්‍යයින් 7000 අනිවාර්යෙන් ම දෙවියන් වහන්සේ ට යාච්ඤා කළ බවට කිසි සැකයක් නොමැත ; නමුත් ඔවුන්ගේ යාච්ඤාවලට ස්වර්ගයෙන් ගින්න පහළට ගෙනෙන්න බැරි විය. එය කළේ එලියාගේ යාච්ඤාවයි. සියළු ඇදහිළිවතයින්ගේ යාච්ඤාවන් හි බළපෑම දෙවියන් වහන්සේ ඉදිරියේ සමාන නොවේ. එලියා සම්බන්ධයෙන් බයිබලය මෙසේ සඳහන් කරයි, ධර්මිෂ්ඨ මිනිසෙකුගේ ඵළදායි යාච්ඤාව ට බොහෝ දේ ඉටු කළ හැකිය ( යාකොබ් 5: 16, 17 ). එක් මනුෂ්‍යයෙක් තනිවම මුළු දේශයක් නැවත දෙවියන් වහන්සේ වෙතට හරවා, දුෂ්ඨකමේ සේණා පරාජය කොට, බාල් දේවතාවගේ සියළුම ප්‍රපෝතවරු මරා දැමූවේය. අද වුව ද දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ඨ කෙරෙන්නේ එක් විශ්වාසවන්ත මනුෂ්‍යයෙකු තුළින් මිස, බොහෝ සෙනඟක් තුළින් නොව.

එලීෂා : ඉශ්‍රායෙලයේ යම් දවසක ප්‍රොපේතයන් වන පිණිස සියලු බලාපොරොත්තු ඇතිව ඉගෙන ගනිමින් සිටියා වූ "ශිෂ්‍ය ප්‍රොපේත වරු" (බයිබල්-විද‍්‍යාල සිසුන්) පණහක් එලියාගේ කාලයේ සිටියෝ ය. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ එම සියළු දෙනා ම මගහැර “ප්‍රොපේතයන් ගේ පුත්‍රයෙකු” නොවූ එලීෂා මත පැමිනුණේ ය ( 2 රාජාවලිය 2: 7, 15 ). එලීෂා ව ඉශ්‍රායෙලයේ හැදිණ ගෙන තිබුණේ දාසයකු ලෙස පමණි - එලියාගේ දෝතට වතුර වත්කළාවූ තැනැත්තා ලෙසිනි ( 2 රාජාවලිය 3: 11 ). අරාම්හි (සිරියාවේ) රජුගේ සේණාව ඉශ්‍රායෙලය ට පහර දෙන අවස්ථාවේ මෙම බයිබල්- විද්වතුන් පණස් දෙනාගෙන් කිසිවෙකුට වත් ඉශ්‍රායෙලය ආරක්ෂා කර ගැනීමට බැරි විය - මන්දයත් ඔවුහු මෝසස්ගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ බයිබල්-විද‍්‍යාලවල ඉගෙන ගත්තත් ඔවුහු දෙවියන් වහන්සේව දැනහැදින සිටියේ නැත. සතුරා දේශයට ප්‍රහාර දෙන තැන ගැන හරියටම පෙර අවවාද දුන් ඉශ්‍රායෙලයේ දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධථාවයේ සිටි එකම පුද්ගලයා වූවේ එලීෂා පමණි. අද වුව ද ප්‍රොපේතවරයෙකුගේ මූළික කාර්යය එය හා සමානය : දෙවියන් වහන්සේගේ සෙනඟට සාතන් පහර දෙන ස්ථාන ගැන ඔවුනට පෙර අවවාද දීම ය. එලීෂා වැනි, සභාවක එක් ප්‍රොපේතවරයෙයෙකුට, දෙවියන් වහන්සේගේ සෙනඟ ට සිදුවිය හැකි මහත් ආත්මික විපත්තියෙන් (උවදුරෙන්) අද දවසේ සිටින දේශකයන් පණස් දෙනෙකුට (“ප්‍රොපේතවරයන් ගේ පුත්‍රයන්ට”) වඩා ගළවා ගත හැක. මනුෂ්‍යයෙකු ට ආත්මයාණන් වහන්සේගේ හඬ නොඇසෙන්නේ නම්, බයිබල්-දැණුමෙන් කිසි ඵළක් නැත. සාතන්ගේ කූටෝපවලින් හා ප්‍රහාරවලින් සභාවක් ගළවා ගත හැකි වන්නේ දෙවියන් වහන්සේගේ හඬ ඇසෙණ කෙනෙකුට පමණි. පැරණි අනාගත වක්තෲන්ව “දිවැස් ඇත්තා” (දෙවියන් වහන්සේගෙන්-ලැබූ දර්ශණයෙන් අනාගතය දැකිය හැකි) යනුවෙන් ද ආමන්ත්‍රණය කෙරුණි ( 1 සාමුවෙල් 9: 9 ). ඔවුහු සතුරා පහර දෙන තැන් දැන සිටී අතර විශේෂිත ක්‍රියා මාර්ගයක් ගැනීමේ අනතුර (අවදානම) කල් ඇතුව දැකීමට ඔවුනට පුළුවන් කම තිබුණි. අද සභාව ට මෙවැනි දිවැස් ඇත්තන් මහත් ලෙස අවශ්‍ය ය.

දානියෙල් : ඉශ්‍රායෙල් ජනතාව ඊජිප්තුවෙන් කානාන් දේශය ට ගෙන එන්නට දෙවියන් වහන්සේට අවශ්‍ය වූ විට උන්වහන්සේට මනුෂ්‍යයෙකු අවශ්‍ය වූවේ ය. උන්වහන්සේට මෝසස් හමු විය. යුදෙව්වන් බබිලෝනියාවෙන් ජෙරුසලමට ගෙන ඒමට අවශ්‍ය වූ විට, උන්වහන්සේ ට තවත් මනුෂ්‍යයෙකු අවශ්‍ය වූවේ ය. එවිට උන්වහන්සේ ට දානියෙල් හමු විය. දානියෙල් ඔහුගේ තරුණ වියේ සිට ම විශ්වාසවන්ත ව සිටිමින් සෑම පරික්ෂණයක් ම අති විශිෂ්ඨව සමත් වී තිබුණේ ය. බබිලෝනියාවේ තරුණ ගැටවරයෙකු හැටියට ඔහු දෙවියන් වහන්සේ උදෙසා ස්ථිර ස්ථාවරයක් ගත්තේ ය. “ඔහු, තමන්වම දූෂ්‍ය නොකරගන්නා ලෙස ඔහුගේ හදවතෙහි අධිෂ්ඨාන කර ගත්තේ ය” ( දානියෙල් 1: 8 ) - සියළු තරුණයින්ට මතක තබා ගතයුතු යහපත් පදයක් ය. එහෙත් එම දවසේ වෙන තරුණ යුදෙව්වන් මහත් කැමැත්තෙන් රජතුමාට බියෙන් රජතුමාගේ මේසයේ බෙදපු දේ (ලෙවී පොතෙහි දෙවියන් වහන්සේ තහනම් කෙරූ කෑම පවා) අනුභව කළ නමුදු, දානියෙල් පමණක් එය ප්‍රතික්ෂේප කළේ ය. එම මේසයේ දානියෙල් ගත් ස්ථාවරය දුටු තව තරුණයින් තුණ් දෙනෙකු සිට, ඔහු සමඟ එකතු වූවෝ ය. එවිට දානියෙල් හා මෙම තුණ් දෙනා බබිලෝනියාවේදී දෙවියන් වහන්සේ වෙණුවෙන් ඉතා ප්‍රබළ බළපෑමක් වූවෝ ය. වසර 70 කට පසු දානියෙල් අවුරුදු 90ක් පමණ වූ කළ, ඔහුගේ යාච්ඤාවන් බබිලෝනියේ සිට යුදෙව්වරුන් නැවත යෙරුසලමට පැමිණිමේ ගමන දියත් කළේය. අද වුව ද දෙවියන් වහන්සේගේ සෙනඟට ආත්මික බබිලෝනියාවෙන් (ව්‍යාජ සභාවෙන්) නැවත ආත්මික ජෙරුසලමට (ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ට) පැමිණීමේ ගමනක් ඇත. මෙවැනි ව්‍යාපාරයක් (ගමනක්) සඳහා ද දෙවියන් වහන්සේ ට මනුෂ්‍යයින් අවශ්‍ය ය. දානියෙල් ගේ මිතුරන් තිදෙනා වන හනනියා, මිෂායෙල් හා අසරියා වැනි බොහෝ අය සිටිති ( දානියෙල් 1: 11 ). ඔවුන් ස්වාමින් වහන්සේ වෙනුවෙන් නැගී සිටීමට කැමැත්තෙන් සිටින නමුත්, ඔවුන් එසේ කිරීමට ධෛර්‍යමත් නැත. ඔවුන් ට පෙරටුවෙන් ගොස් මඟ පෙන්වන පිණිස දානියෙල් කෙනෙකු ලැබෙන තුරු ඔවුහු බලා සිටිති. එමනිසා දෙවියන් වහන්සේ නැවතත් දානියෙල්ලා සොයන සේක.

සෑම පරම්පරාවක ම දෙවියන් වහන්සේගේ නාමය වෙණුවෙන් උන්වහන්සේ ට පවිත්‍ර සාක්ෂියක් අවශ්‍යය. එළෙසම උන්වහන්සේ අපගේ පරම්පරාවේ වුවද උන්වහන්සේ ට සාක්ෂියක් නොමැතීව නොතබන සේක. දෙවියන් වහන්සේ හට මේ පරම්පරාවේ සම්පූර්ණව ම ප්‍රයෝජනවත් වීමේ මිළය ගෙවීමට ඔබ සූදානම්ද?