WFTW Body: 

ජෝසෙප් දේව-බියැති ගැටවරයෙකු වූ බැවින්, සාතන් විසින් ඔහුට ද්වේශ කළ බව අප උත්පත්ති 37වැනි පරිඡේදයෙහි කියවන්නෙමු. එබැවින් සාතන් ඔහුව විනාශ කරන පිණිස ඔහුගේ වැඩිමහල් සහෝදරයන්ව කුපිත කළේ ය. නමුත් ඔවුන් ජෝසෙප්ගේ ජීවිතය විනාශ නොකරන ලෙසට දෙවියන් වහන්සේ වග බළා ගත්සේක. කෙසේවෙතත්, ඔහුව සමහර ඉෂ්මායෙල් වෙළෙදුන්ට විකුණා දැමීමට ඔවුහු සමත් වූහ. නමුත් ඒ වෙළෙදුන් ජෝසෙප්ව ගෙන ගියේ කොයිබටද දැයි ඔබ දන්නෙහි ද? සැබැවින් ම ඊජිත්තුවට ය! එය දෙවියන් වහන්සේගේ සැළැස්මේ පළමු අදියරයේ සම්පූර්ණ වීමය ! ඊජිප්තුවෙහි, පොතිෆර් විසින් ජෝසෙප්ව මිළදී ගනු ලැබුවේය. මෙයද දෙවියන් වහන්සේ විසින් පිළියෙළ කර තිබූ සේක. පොතිෆර්ගේ බිරිඳ දුෂ්ඨ (නපුරු) ගැහැණියක් වූයේය. ඇය ජෝසෙප් වෙත මනෝරථියක් (අනියම් ආශාවක්) ඇතිකර ගෙන, නැවත නැවතත් ඔහුව පොළඹවා ගැනීමට උත්සාහ කළාය. අවසානයේදී ඇයට සාර්ථක විය නොහැකි බව දැනගත් විට, ඇය ජෝසෙප්ට බොරු චෝදනා කර ඔහුව සිරගත කරන්නට සමත් වූවාය. නමුත් සිර ගෙදරෙහි ජෝසෙප්ට හමුවූයේ කවුරුන් දැයි ඔබ දනී ද? පාරාවෝගේ කුසළානය දරන්නා ! පාරාවෝගේ කුසළානය දරන්නාට ද ජෝසෙප්ව මුණ ගැසෙන පිණිස, එම වෙලාවේදී ම සිරගෙදර සිටින්නට දෙවියන් වහන්සේ පිළියෙළ කර තිබූසේක. එය දෙවියන් වහන්සේගේ සැළැස්මේ දෙවැනි අදියර විය. දෙවියන් වහන්සේගේ සැළැස්මේ තුන්වැනි අදියර වූයේ පාරාවෝගේ කුසළානය දරන්නාට ජෝසෙප් ගැන වසර දෙකකට අමතක වීමට ය. එහෙත් ප්‍රධාන කුසළානය දරන්නාට ජෝසෙප්ව මතක් නොවී, ඔහුව අමතක වීය. සම්පූර්ණ අවුරුදු දෙකක් අවසානයේදී පාරාවෝ සිහිනයක් දුටුවේය... එවිට ප්‍රධාන කුසළානය දරන්නා පාරාවෝට කථා කළේය (උත්පත්ති 40 : 23; 41 : 1, 9). දෙවියන් වහන්සේගේ කාලසටහනට අනුව ජෝසෙප්ව සිරෙන් නිදහස් කළ යුතු කාලය වූයේ එය යි. “උන්වහන්සේගේ වචනය ඉෂ්ඨ වන තුරු, ස්වාමින් වහන්සේගේ වචනය ඔහුව පිරිපහදු කළේ ය”. එවිට රජු මිනිසුන් යවා ඔහුව මුදවා නිදහස් කළේ” යැයි ගීතාවලිය 105 : 19, 20 පවසයි. ජෝසෙප්ට දැන් වසර 30ක් වූවේ ය. දෙවියන් වහන්සේගේ කාලය පැමිණ තිබුණ බැවින් උන්වහන්සේ පාරාවෝට සිහිනයක් දුන් සේක. එලෙසම දෙවියන් වහන්සේ කුසළානය දරන්නාට, තම සිහිනය ද තේරුම් කර දුන්නේ ජෝසෙප් බව මතක්කර දුන්සේක. එහෙයින් ජෝසෙප් පාරාවෝ ඉදිරියට පැමිණ ඊජිප්තුවේ දෙවැනි ආණ්ඩුකාරයා වූවේ ය. ජෝසෙප්ගේ ජීවිතයේ සිදුවීම්වලදී දෙවියන් වහන්සේගේ කාලය ගණනය කිරීම් ඊටත් වඩා පරිපූර්ණ විය හැකි නොවී ය! දෙවියන් වහන්සේ දේවල් (සිදුවීම්) සකස් කළ ආකාරයට කිරීමට අප කිසිදා සිතන්නේවත් නැත. ජෝසෙප්ගේ ජීවිතය සැළසුම් කිරීමට අපට බලය තිබුණේ නම්, මිනිසුන් ඔහුට කිසිදු හානියක් කිරීම අප වළක්වාලීමට ඉඩ තිබුණි. නමුත් දෙවියන් වහන්සේ එය කළ ආකාරය වඩාත් යහපත් ය. මිනිසුන් අපට කරන නපුර අප වෙනුවෙන් දෙවියන් වහන්සේගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා හැරවීම ඊටත් වඩා විශාල ප්‍රාතිහාර‍්‍යයකි ! උන්වහන්සේගේ තෝරා ගත්තවුන්ගේ යහපතට සියළු දේවල් එකට ක්‍රියාකරන පිණිස, සාතන් කරන දේවල් නැවත ඌ වෙතටම හරවා යැවීමෙහි දෙවියන් වහන්සේ මහත්සේ ආශ්වාදයක් ලබන සේක.

“සෑමවිටම දෙවියන් වහන්සේ නිහව ප්‍රේමයෙන් අප වෙනුවෙන් සැළසුම් කරන සේක”.

ඉශ්‍රායෙල්වරු වහල්ලුන් වූවත් පාරාවෝ ඔවුන් ගැන කළබල වූ බව නික්මයාම පළමුවන පරිච්ඡේදයෙහි අප කියවන්නෙමු. ඔවුන් බොහෝ දෙනෙකු බවට පත්වෙමින් සිටී බැවින් අවසානයේදී ඔවුහු ඔහුට විරුද්ධව කැරලි ගසා ඔහුට සේවය කිරීම නවත්වනු ඇතැයි ඔහු බිය විය. එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට උපන් සියලු දරුවන් වහාම මරා දැමිය යුතු බවට ඔහු නියෝගයක් දියත් කළේ ය. දැන් එම යෝජනා ක්‍රමය ආරම්භ වූයේ යක්ෂයාගෙනි. මිනිස් ඉතිහාසයේ බොහෝ වරක් සාතන් සෑම විටම යුදෙව්වන් මරා දැමීමට ඔවුන් පසුපස ගියේ ය. මෙය එවැනි බොහෝ අවස්ථාවලින් මුල් එක වූවේ ය. සියළුම පිරිමි ළදරුවන් මරා දැමිය යුතු යැයි පාරාවෝ විසින් නියෝගයක් ලබා දී ඇති නිසා, මෝසෙස්ගේ මව මෝසෙස්ව කුඩා කූඩයකට දමා දෙවියන් වහන්සේට යාච්ඤා කර පාවී යන ලෙස ගඟට දැමුවේ ය. එම දුෂ්ඨ ආඥාව නොවන්නට, ඇය කිසි විටෙකත් එවැනි දෙයක් නොකරන්නට තිබුණි. නමුත් ඇය එසේ කළ නිසා මෝසෙස්ව පාරාවෝගේ දියණිය විසින් තමා වෙත ගනු ලැබූ අතර ඔහු හැදී වැඩුණේ පාරාවෝගේ මාළිගාවේය. එනම්, ඔහුගේ ජීවිතයේ මුල් අවුරුදු 40ට, ඔහු පුහුණු කරණු ලැබීමට දෙවියන් වහන්සේ කැමති ස්ථානය යි. පාරාවෝ එම කෲර දුෂ්ඨ නීතිය සම්මත නොකළේ නම් එය කිසි විටෙකත් සිදු නොවන්නට තිබුණ අතර, එවිට මෝසෙස් තවත් එවැනිම වහළෙකු ව වැඩෙන්නට තිබුණාහ. සාතන් කරන දෙයින් දෙවියන් වහන්සේගේ අරමුණ ඉටු වන ආකාරය ඔබ දකින්නේ ද?

දෙවියන් වහන්සේ යුදෙව්වන් ජාතියක් ලෙස සමූහ ඝාතනය කිරීමෙන් බේරාගත් ආකාරය ගැන එස්තර්ගේ පොතේ අපි කියවන්නෙ මු. නමුත් දෙවියන් වහන්සේ එය කෙරූ ආකාරය දැක ගැනීම විස්මයජනකය - එක් කුඩා සිදුවීමකින් - එය නම්, එක් රාත්‍රියක රජතුමාට නින්ද නොයෑම යි. සියළු යුදෙව්වන් විනාශ කිරීමට පෙර නිමිත්තක් ලෙස උදෑසන මොර්දෙකායි එල්ලුම් ගසක එල්ලා මැරීමට රජුගේ අවසරය ලබාගැනීම සඳහා හාමාන් සහ ඔහුගේ බිරිඳ එම රාත්‍රියේම කුමන්ත්‍රණය කරමින් සිටිය හ. හාමාන් සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දුෂ්ඨ සැළසුම් කරමින් සිටියදී දෙවියන් වහන්සේ ද මොර්දෙකායි වෙනුවෙන් ක්‍රියා කරමින් සිටි සේක. ඉශ්‍රායෙලයේ පාලකයා කිසි විටෙකත් නොනිදන සේක (ගීතාවලිය 121: 4). එදින රාත්‍රියේ රජුතුමාට නිදා ගැනීමට දෙවියන් වහන්සේ බාධා කළේය, “එදින රාත්‍රියේදී රජුතුමාට නිදා ගැනීමට නොහැකි විය. එබැවින් ඔහු වාර්ථා පොත, වංශකථා ගෙන ඒමට නියෝග කළ අතර එය ඔහු ඉදිරියේ කියවන ලදි (එස්තර් 6 : 1). පසුවදා පහවන තුරු රජතුමා තම ජාතියේ ඉතිහාසයට පැය ගණනාවක් සවන් දුන්නේ ය. මොර්දෙකායි වරක් රජතුමාව ඝාතනය කිරීමෙන් බේරාගත් බව කියැවෙන ස්ථානයට කියවීම පැමිණියේය. මේ සඳහා මොර්දෙකායිට ලැබී ඇති ගෞරවය කුමක් දැයි රජතුමා තම සේවකයන්ගෙන් විමසූ අතර ඔවුන් පිළිතුරු දුන්නේ කිසිවක් කර නොමැති බව යි. මෙම සිදුවීම් තුළ දෙවියන් වහන්සේගේ කාල නිර්ණය යළිත් පරිපූර්ණ විය. ඒ මොහොතේ ම හාමාන් මොර්දෙකායි එල්ලා මැරීමට සැළසුම් කරමින් රජතුමාගෙන් අවසර ඉල්ලීමට ඇතුල්වේ. හාමාන් කට ඇරීමට පෙර, රජතුමා ගෞරව කිරීමට කැමති කෙනෙකුට කුමක් කළ යුතු දැයි ඔබ සිතන්නේ ද කියා හාමන්ගෙන් විමසුවේය. මාන්නක්කාර (උද්ධච්ච) මනුෂ්‍යයෙකු වූ හාමාන්, රජතුමා තමා ගැනයි මේ සඳහන් කළේ කියා සිතා, එවැනි මිනිසෙකුට මහත් ගෞරව පෙළපාලියක් යෝජනා කළේ ය. “විගසින් ගොස් මොර්දෙකායිට එය කරපන්නැයි” රජතුමා හාමාන්ට සැළ කළේ ය. සාතන්ගේ දුෂ්ඨ නපුරු දේ කොතෙකුත් ආශ්චර‍්‍යමවත් ආකාරයට අපගේ දෙවියන් වහන්සේට ඌ වෙතට ම හැරවිය හැකිද. හාමාන් ව අවසානයේ මොර්දෙකායි වෙනුවෙන්, ඔහුම සාදන ලද එල්ලුම් ගහේ ම එල්ලුවේ ය. තව කෙනෙකුට වළක් කපන්නා එය තුළට ම වැටෙනු ඇතැයි සහ තව කෙනෙකුට ගලක් පෙරළන්නා එම ගල තමා වෙතටම (ඔහුව පොඩිකරන පිණිස) පෙරළී එන බව බයිබලය පවස යි (හිතෝපදේශ 26: 27). හාමාන් මේ කථාවේ, සෑම විටම අපට විරුද්ධව යම් නපුරක් සැළසුම් කරන සාතන්ගේ වර්ගයකි. දෙවියන් වහන්සේ ඌව වළක්වන්නේ නැත, මක්නිසාද උන්වහන්සේට වඩාත්ම හොඳ සැළැස්මක් ඇති බැවිනි. සාතන්ගේ දුෂ්ඨ නපුරු දේ ඌ වෙතට ම හැරවීමට උන්වහන්සේට අවශ්‍ය ය. සාතන් අපට හාරන වළ අවසානයේ යම් දවසක ඌවම වැටෙන එක වන්නේ ය. සෑමවිටම දෙවියන් වහන්සේ නිහඬව ප්‍රේමයෙන් අප වෙනුවෙන් සැළසුම් කරන බව ශෙපනියා 3: 17 (එක් පරිවර්ථනයක) පවසයි. එදින රාත්‍රියේ මොර්දෙකායි සාමකාමීව, හාමාන් සහ ඔහුගේ බිරිඳ ඔහුට විරුද්ධව කරන සියලුම දුෂ්ඨ සැළසුම් ගැන නොදැන සිටි අතර, දෙවියන් වහන්සේ මොර්දෙකායිව ආරක්ෂා කිරීමටද සැළසුම් කරමින් සිටි සේක. ඒ නිසා මොර්දෙකායිට හාමාන්ගේ දුෂ්ඨ සැළසුම් ගැන දැන සිටියත් සාමකාමීව නිදන්නට පුළුවන් කම තිබුණි. ඇයි නැත්තේ? දෙවියන් වහන්සේ ඔහුගේ පැත්තේ වූවේ නම්, ඔහුට විරුද්ධ විය හැක්කේ කාහට ද?

මෙහි විශිෂ්ඨතම උදාහරණය නම් කල්වාරිය ය - සාතන්, යේසුස් වහන්සේගේ හතුරන් ළවා උන්වහන්සේව කුරුසිපත් කිරීමය. නමුත් එම කුරුසියේ ස්ථානය සාතන්ගේ පරාජයේ ස්ථානය ම වූයේ ය!! සෑම අවස්ථාවකම මෙන්ම - සාතන්ගේ සැළසුම ඌ කෙරෙහිම පැමිණුනේ ය. දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ වෙනුවෙන් සාතන්ගේ දුෂ්ඨ නපුරු ක්‍රියා ඌ කෙරෙහිම හැරවූ සේක. අප පවිත්‍ර හෘද-සාක්ෂියකින් යුතුව නිහතමානීව (යටහත්ව) උන්වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නේ නම්, උන්වහන්සේ අපට ද එසේම කරන සේක. සාතන් සහ ඌගේ නියෝජිතයින් අපට හානි කරන කුමන දෙයක් හෝ වේවා නැවත ඔවුන් කෙරෙහිම හරවනු ලැබේ - එහෙයින් අපගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ අරමුණ සම්පූර්ණ කෙරේ.