කර්තෘ :   සැක් පූනන් වර්ග :   ගෝලයෙක්
WFTW Body: 

ලෙවී කථාව දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය ගැන කථා කරන්නාවූ පොතකි. එහි ශුද්ධත්වය මුළු පොත පුරා ප්‍රධාන මාතෘකාව ලෙසින් ඇති පොතකි. බොහෝ ඇඳහිළිවන්තයින් බයවන්නා වූ වචනයකි ශුද්ධත්වය. නමුත් අප නිර්භීත ලෙස දෙවියන් වහන්සේගේ වචනයේ ප්‍රමිථීන් ප්‍රකාශ කළ යුතුය - මන්ද ඒවා සියල්ලම යථාර්තවාදී (ඇත්ත ඇති සැටියෙන් දැක්වෙන) සහ අත්පත් කරගත හැකි දේවල්ය. ශුද්ධත්වය, දෙවියන් වහන්සේගේ ම ස්වභාවයයි. දෙවියන් වහන්සේ අපට දෙන්නා වූ ආත්මය, ශුද්ධ වූ ආත්මයකි. යෙසායා දෙවියන් වහන්සේගේ දර්ශණයක් ළදවිට, ඔහු උන්වහන්සේව, උන්වහන්සේගේ ශුද්ධත්වයෙහි දකින ලදුව, තමාව අපවිත්‍ර මනුෂ්‍යයෙකු ලෙස දුටුවේය.

"හරියටම අපගේ ශරීරවල සියළු රෝගවලින් අපට සම්පූර්ණයෙන් නිදහස් වීමට අවශ්‍ය වන සේම, අපව අපවිත්‍ර කරන සියළු පාපවලින් සම්පූර්ණයෙන්ම නිදහස්වීමට, අපට අවශ්‍යය ම වියයුතුය”

ශුද්ධත්වය, සෞඛ්‍ය වැනිය. ඔබගෙන් කීදෙනෙකු සම්පූර්ණයෙන් සුවයෙන් සිටීම ගැන පණිවිඩ ඇසීමට බය වන්නේද? අප හොඳ ශරීර සෞඛ්‍යයකට බයද? නැත. එසේනම්, අපගේ ශරීරයේ සුවයට වඩා ඉතා වැදගත්වන ආත්මයෙහි සම්පූර්ණ සුවය ගැන, අප බිය වන්නේ මන්ද? පාපය රෝගයක් වැනිය. අප එය ලෙවී කථාවේ දකින්නෙමු. ස්වාමින් වහන්සේ මෙහි, ශුද්ධත්වය පිළිබඳ සහ සෞඛ්‍ය පිළිබඳ නීතිරීති දෙනු ලබයි. මේ දෙකම සමානය - එකක් ආත්මය උදෙසාය අනෙක ශරීරය උදෙසාය. ශරීරය උදෙසා ශුද්ධත්වයට අප සෞඛ්‍ය යයි කියන්නෙමු . ආත්මය සහ ප්‍රාණය උදෙසා සෞඛ්‍යයට අප ශුද්ධත්වය යයි හඳුන්වමු.

එනිසා අපට මෙම ශුද්ධත්වය කෙරෙහි ඇති බිය ඉවත්කර දැමීම අවශ්‍යවේ. එමෙන්ම අප සම්පූර්ණ සෞඛ්‍ය අපේක්ෂා කරනවාට වඩා සම්පූර්ණ ශුද්ධකම ‍අපේක්ෂා කරන ස්ථානය වෙත පැමිණිය යුතුය. "හරියටම අපගේ ශරීරවල සියළු රෝගවලින් අපට සම්පූර්ණයෙන් නිදහස් වීමට අවශ්‍ය වන සේම, අපව අපවිත්‍ර කරන සියළු පාපවලින් සම්පූර්ණයෙන්ම නිදහස්වීමට, අපට අවශ්‍යය ම වියයුතුය” අප රෝග දරාගෙන යන්න ඉඩ නොහරින්නා සේම, පාපවලට කිසිසේත් ම දරාගෙන යන්න ඉඩ නොහැරිය යුතුය. අශුද්ධ සිතිවිලිවලට ඉඩහැරීම ක්ෂය රෝගයට හෝ ළාඳුරු රෝගයට ඉඩහැරීම වැනිවේ. අප, කෝපයට "එය මගේ දුර්වලථාවයක් හෝ එය මගේ චිත්ත ස්වභාවය (හැටි)" යැයි සාධාරණීකරනය කරමින් මෙලෙස එයට අපගේ ජීවිතයෙහි පවතින්නට ඉඩහැරීම අපගේ ශරීරයෙහි ඒඩ්ස් හෝ සමාජ රෝගවලට අවසර දීමක් වැනිවේ. පාපය සහ රෝග ඉතා සමානවේ.

උදාහාරණයක් ලෙස, ලෙවී කථාවේ, දෙවියන් වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ළාඳුරු හා ඒ සමාන සමේ රෝග ඇති අයෙකු සමඟ ක්‍රියා කළයුතු ආකාරය ගැන වදාලසේක. එය මෙම පොතෙහි පාපයේ ආදර්ශයක් වේ එමෙන්ම මෙහි ඇති නීතීන් පාපය ගැන ක්‍රියා කළයුතු ආකාරයට අදාලවේ. 'ශුද්ධකම' සහ 'ශුද්ධ' යන වචන ආසන්න වශයෙන් 100 වතාවක් මෙම පොතෙහි සඳහන් වන්නේ, එය මෙම පොතෙහි ප්‍රධාන මාතෘකාව බව අවධාරණය කරමිනි. ශුද්ධකම 100 වතාවක් සඳහන්වෙන පරිච්ජේද 27 ක පොතක් සැබවින්ම වැදගත් පොතක් වියයුතුය.

ලෙවී කථාවේ බොහෝ පරිච්ජේද ශුද්ධකම සහ සෞඛ්‍ය ගැන නීති සඳහන් කරනු ලබයි. මේ සියල්ල පෙන්වා දෙන්නේ කෙනෙකුගේ ජීවිතයෙහි ඉතාම කුඩා, සුළු දේවල් ගැන වුවද දෙවියන් වහන්සේගේ අධිකතර සැළකිල්ලයි. අපගේ ජිවිතයේ කුඩා දේවල් ගැන දෙවියන් වහන්සේ සැළකිලිමත් නොවන බවට, අපට අපගේ මනසෙහි මවාගන්න (සිතාගන්න) පුළුවන. නමුත් ලෙවී කථාවෙහි සෑම සුළු කරුණක් ගැන වුවද දෙවියන් වහන්සේ උනන්දු වන බව මට දැනේ. කෑම පිසීමෙදී බඳුනකට හූණෙකු වැටුනවිට පවා කුමක් කළ යුතුද කියා මෙහිදී ඉශ්‍රායෙල්වරුන්ට දෙවියන් වහන්සේ පවසා තිබුණහ. හූණා වැටුණු මැටි බඳුන විනාශ කළ යුතු වූ අතර, ඒ තුළ වූ ආහාර කිසිවක් අනුභව නොකළ යුතුවිය, මන්ද එය විශබීජ බෝකර, මරණය ගෙන ඒමට හැකිය (ලෙවී කථාව 11: 33). දෙවියන් වහන්සේ ස්නානය සඳහා ද උපදෙස් දුන් සේක, යම් ආකාරයකින් ඔවුන් අපවිත්‍ර වූ විට - ඔවුන් ගලායන දියෙන් ස්නානය කළයුතු විය (ලෙවී කථාව 15: 13). ඔවුන් අපවිත්‍ර වූ විට ඔවුන්ගේ වසත්‍ර සෝදා ගැණීමටද උන්වහන්සේ පැවසූ සේක (ලෙවී කථාව 15: 5,7,11 සහ 17 පරිච්ජේදයද). මේවා දෙවියන් වහන්සේ තම සෙනඟ කෙරෙහි ඇති සැළකිල්ල ගැන උදාහරණ දෙකක් පමණි. දෙවියන් වහන්සේ ඔබ අනුභව කරන ආහාර කෙරෙහි එමෙන්ම ඔබේ පවිත්‍රකම - ඔබේ නෑමේ පුරුදු සහ ඔබේ එදිනෙදා ඇඳුම් සේදීම ගැන මෙතරම් සැළකිල්ලක් දැක්වීමට හැකියැයි ඔබ කිසිසේත් සිතුවාද; මම මවිත වෙනවා එවැනිදේ කියවීම ගැන. කවුද කීවේ ලෙවී කථාව කියවීම වෙහෙසකර බව?

මෙම පොතෙහි ලිංගික පවිත්‍රථාවය සහ තවත් සැළකිලිමත් වියයුතු කරුණු ගණනාවක් ගැන ඉගැන්වීම් ඇත. ලෙවී කථාවේ 10: 8 – 11, "සම්මුඛවීමේ මණ්ඩපයට ඇතුල්වන කළ, නුඹවත් නුඹේ පුත්‍රයෝවත් නොනසින පිණිස, මුද්‍රික පානය හෝ සැර මද්‍යසාරය පානය නොකරල්ලා යැයි දෙවියන් වහන්සේ ආරොන්ට පැවසු සේක. නුඹලා විසින් ශුද්ධ දේ සහ අශුද්ධ (දේවාපහාසකාරී) දේ අතරෙහි වෙනස, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ස්වාමින් වහන්සේ පැවසූ සියලු අණපනත් පවත්වන්න ට ඉගැන්විය යුත්තේ" එළෙසට ය. නායකයින්ට ඔවුනගේ ශරීර දූෂණය වන කිසිවක් පරිභෝජනය නොකරන ලෙස දෙවියන් වහන්සේ පැවසූ සේක. නායකයන් වශයෙන්, ඔවුනට තම කල්කිරියාවෙන් (හැසිරීමෙන්) ආදර්ශයක් විය යුතුව තිබුණි.

ලෙවී කථාව 11 හිදි දෙවියන් වහන්සේ ඔවුනට පවිත්‍ර වූ සතුන් සහ අපවිත්‍ර වූ සතුන් ගැන, ඔවුනට කෑමට හැකි වර්ගයේ සතුන් සහ කෑමට නොගත යුතු සතුන් ගැන පැවසූ සේක. මෙම කොටසින් මා ඉගෙන ගන්නේ අපගේ ආහාර පුරුදු ගැන පවා ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ සැළකිලිමත් බවයි - සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු අපහට තිබීමයි. "ඔබ කුමක් කළත්, ඔබ කුමක් කෑවත් බීවත්, සියල්ල දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා සිදු කරන ලෙස"1 කොරින්ති 10: 31 පවසයි. කෑමත් බීමත් ගැන සැළකීමේදී ලෙවී කථාවේ අත්‍යාවශ්‍යම පණිවිඩය නම්: "ඔබේ ශරීරයට අයහපත් වන කිසිදු කෑමක් හෝ බීමක් නොගන්න" යන්නයි. අද දවසේ කන හා බොන නුසුදුසු (සෞඛ්‍යයට අහිතකර) ආහාර ගැන දෙවියන් වහන්සේට තම දරුවන්ට කීමට බොහෝ දේ ඇතැයි මම විශ්වාස කරමි.

සනීපාරක්ෂාව සඳහා ද බොහෝ නීති ඇත, නිදසුනක් ලෙස ලෙවී කථාව 11: 33 : "සතෙකු මැරී මැටි බඳුනකට වැටුණු විට, එම බඳුනෙහි ඇති සියළු දේ අපවිත්‍රය, එම බඳුන විනාශ කළ යුතුය," සහ "කිළිටි වූ යම් දෙයක් පිරිසිදු කිරීමට භාවිතා කළ ජලය යම් ආහාරයක දැවටුනු විට, එම සියළු ආහාර අපවිත්‍රය" (ලෙවී කථාව 11: 34). උන්වහන්සේ ඉශ්‍රායෙල් ජනතාවට මෙතැන පවසනුයේ සනීපාරක්ෂක පුරුදු සහ පිරිසිඳු ජීවන රටාවක් පවත්වා ගන්නා ලෙසයි. සෞඛ්‍ය නීතිවලට කීකරු නොවී අප රෝගී වූ විට "දෙවියන් වහන්ස කරුණාකර මාව සුව කරන්න" කියා යාච්ඤා කිරීමට අපට නොහැක. එය අඥාන කමකි. දෙවියන් වහන්සේ සෑදූ (දුන්) සනීපාරක්ෂක නීතිවලට ඔබ අකීකරු වන්නේ නම් ඔබ රෝගීවූ විට ඔබට දෝෂාරෝපණය කිරීමට ඔබම හැර වෙන කිසිවෙකු නොමැත. නික්මයාම 15: 26 දෙවියන් වහන්සේ පවසනසෙක් " ඔබ මාගේ පණත්වලට කීකරු වන්නේ නම්, එවිට මම නුඹගේ සුවකරන්නා වන්නෙමි". දෙවියන් වහන්සේට සුවකිරීමට වඩා නිරෝගි සුවයේ දීමණාව අපට දීමට අවශ්‍යවේ. නමුත් අපගේ ශරීරට අදාළ, උන්වහන්සේගේ නීතිවලට අප කීකරු විය යුතුය. "මම නුඹගේ ස්වාමී වූ දෙවියන් වහන්සේය, එනිසා නුඹලාව පවිත්‍ර කරගෙන මා ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාත් ශුද්ධව සිටපල්ලා" යයි ලෙවී කථාවේ 11: 44 අප කියවන්නෙමු. මෙය ලෙවී කථාව පොතෙහි ප්‍රධාන තේමාවයි - එමෙන්ම මෙම පදය පොතෙහි හරි මැදටම වැටී තිබේ.

"පේදුරුතුමා මෙම පදය 1 පේදුරු 1: 16 උපුටා ගනී, "අපව කැඳවන්නා වූ තැනැන්වහන්සේ ශුද්ධය, එබැවින් අප ද ශුද්ධ විය යුතුය".

ශුද්ධකම සහ පවිත්‍රථාවය ලෙවී කථාව පොතෙහි ප්‍රධාන තේමාවන් දෙකකි