WFTW Body: 

මිහිපිට සිදුවූ මහත්ම සටන ගැන ලෝකයේ ඉතිහාස පොත් වලින් කිසිවක සඳහන්වී නොමැත. එය නම් මේ ලෝකයේ කුමාරයාවූ සාතන්ව තම මරණය තුලින් යේසුස්වහන්සේ විසින් කල්වාරියේදී පරාජය කිරීමයි. ඔබ විසින් ඔබගේ ජීවිත කාලය පුරාවට කිසිසේත් අමතක නොකළ යුතු එක් පදයක් නම් හෙබ්‍රෙව් 2:14, 15. ඔබ මෙම පද දැන ගැනීමට සාතන් අකමැති බව මට විශ්වාසයි. කිසිවෙකු තමන්ගේම පරාජය හෝ අසමත් වීම ඇසීමට අකමැතිය එය සාතන්ටද විශේෂයක් නැත. මෙයයි පදය "එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේත්(යේසුස්වහන්සේ) ඒවාට පංගුකාරයෙක්වූ සේක. එසේ කලේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්‍ෂයාව මරණය කරණ කොටගෙන බල නැතිකොට, ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල් කමට යටත්ව සිටි සියල්ලන් නිදහස් කරන පිණිසය".

යේසුස්වහන්සේ මියගිය මොහොතේ උන්වහන්සේ සාතන්ව බල රහිත කළ සේක. ඇයි? එවිට සාතන්ගෙන් සහ ඌ විසින් අප ජීවිතකාලය පුරාවට අප මත තබා තිබූ භය බන්‍ධනයෙන් සදහටම අප නිදහස් වන්නේය. ලෝකයේ මිනිසුන් තුල නොයෙකුත් ආකාරයේ භය ඇත - රෝග භිය, දුගී කමේ භිය, අසාර්ථකත්‍වයේ භිය, මිනිසුන් කෙරේ භිය, අනාගතය ගැන භිය යනාදිය...කෙසේ වෙතත් මෙම භිය සියල්ලෙන් මහත්ම භිය නම් මරණ භියයි. අන් සියළු භිය මරණ භියට වඩා අඩුය. මරණ භිය, මරණයට පසු සිදුවෙන්නේ කුමක්ද යන භිය වෙත යොමු කරයි. බයිබලය පැහැදිලිව පවසන්නේ පාපයේ ජීවත්වන්නාවූ සියළු දෙනා අවසානයේදී පසුතැවිලි නොවන්නාවූ සියළු දෙනා හට දෙවියන්වහන්සේ විසින් වෙන් කර ඇති නිරයට යන බවයි. යක්‍ෂයාද තමන් විසින් මෙලොවදී රවටන ලද සහ පාපයට පෙළෙඹෙව්වාවූ අය සමඟ සදාකාලය ගිනිවිල තුළ ගත කරනු ඇත. යේසුස්වහන්සේ එම සදාකාලික නිරයෙන් අපව ගලවන පිණිස පොලොවට පැමිණියේ අපගේ පාපයේ දඬුවම දරාගෙනය. එලෙසම උන්වහන්සේ අප මත තිබූ සාතන්ගේ බලය විනාශ කළ සේක එනිසා ඌට නැවත කිසිවිට අපට හානි කළ නොහැකිය.

මම කැමතියි මුළු ජීවිත කාලය පුරාවට ඔබ මෙම සත්‍යතාවය මතක තබා ගැනීම දෙවියන්වහන්සේ සැම විටම සාතන්ට එරෙහිව ඔබේ පැත්ත ගන්නා සේක. එය එතරම් මහිමාන්විත සත්‍යයක් වන අතර එය මට දිරිගැන්වීමක් සහ සැනසීමක් සහ ජයග්‍රහණයක් ගෙන දී ඇති අතර, සෑම තැනකටම ගොස් ලෝකයේ සෑම ඇදහිලිවන්තයෙකුටම ඒ ගැන පැවසීමට මම ප්‍රාර්ථනා කරමි. බයිබලය පවසන්නේ "එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටපල්ලා. නමුත් යක්‍ෂයාට විරුද්ධව සිටපල්ලා එවිට ඔහු නුඹ වෙතින් පලා යනවා ඇත" (යාකොබ් 4:7). සාතන් සැමවිටම පලා යන්නාවූ නාමය වන්නේ යේසුස්වහන්සේගේ නාමයයි. බොහෝ කිතුනුවන්ගේ මනසෙහි ඇති පින්තූරය සාතන් ඔවුන් පසුපස හඹා ඒම සහ ඔවුන් ඔවුන්ගේ ජීවිත උදෙසා ඔහුගෙන් පලා දිවීමයි. නමුත් එය බයිබලය උගන්වන්නාවූ දෙයට හාත්පස විරුද්ධ දෙයයි. ඔබ මොනවද හිතන්නේ? සාතන් යේසුස්වහන්සේට බයවුනාද නැද්ද? අප හැමෝම දන්නවා අපගේ ගැලවුම් කරුවානන් ලඟ සිට ගැනීමට සාතන් බියවූ බව. යේසුස්වහන්සේ ලෝකයේ ආලෝකයයි, එබැවින් අන්ධකාරයේ කුමාරයාට උන්වහන්සේ ඉදිරියෙන් අතුරුදහන් වන්නට සිදුවුනි.

සාතන්ගේ වැටීම ස්වර්ගයේ සිට දුටු ආකාරය ගැන යේසුස්වහන්සේ තම ගෝලයන්ට පැවසීය. එසේම එහිදී දෙවියන්වහන්සේ ඔහුව ඉවත ලෑමේදී සාතන්ගේ වැටීම "විදුලිය මෙන්" වූ බව යේසුස්වහන්සේ පැවසූ සේක. (ශු: ලූක් 10:18). වනන්තරයේදී යේසුස්වහන්සේ "සාතන්, යවයි" කීකළද ඔහු යේසුස්වහන්සේගේ අබිමුඛයෙන් විදුලි වේගයෙන් අතුරුදන් විය. එබැවින් අදද යේසුස්වහන්සේගේ නාමයෙන් අප සාතන්ට එරෙහි වනවිට, ඔහු අප වෙතින්ද විදුලි වේගයෙන් පලා යනු ඇත. ආලෝකය ඉදිරියේ අඳුර පලා යයි. සාතන් යේසුස්වහන්සේගේ නාමයට බයය. ඔහු යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ යන සත්‍ය මතක් කර දීම ගැන බයවේ. යක්‍ෂාවේශවූ මිනිසුන් යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ බව ප්‍රකාශ නොකරති, එසේම සාතන් කුරුසියේදී පරාජයවූ බවද පිලි නොගනී. යේසුස්වහන්සේගේ නාමයෙන් ඕනෑම අශුද්ධ ආත්මයක් දුරු කිරීමටත් ඕනෑම යක්ෂයෙකු විදුලි වේගයෙන් පලවා හැරීමටත් බලය තිබේ. එය කිසිවිට අමතක කරන්න එපා.

ඔබගේ ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඔබ අසීරුතාවයක, හෝ දරාගත නොහැකි ප්‍රශ්නයකට මුහුන දී සිටී නම්, ඔබ මනුශ්‍යාකාර විසඳුමක් නොමැති යැයි පෙනෙන දෙයකට මුහුණ දෙන්නේ නම්, යේසුස්වහන්සේගේ නාමය අමතන්න. උන්වහන්සේට කියන්න "ස්වාමීවූ යේසුස්වහන්ස, ඔබවහන්සේ යක්‍ෂයාට එරෙහිව මගේ පක්‍ෂෙයේය, මට දැන් උදව් කල මැනව". ඉන්පසු සාතන්වෙතට හැරී කියන්න "යේසුස්ගේ නාමයෙන් මම නුඹට විරුද්ධ වෙමි සාතන්". මට අවශ්‍යයයි ඔබට කියන්න ඉක්මනින් සාතන් ඔබ වෙතින් පලා යනු ඇති, මක්නිසාද යේසුස්වහන්සේ කුරුසියේදී ඔහුව පරාජය කළසේක. ඔබ දෙවියන්වහන්සේගේ ආලෝකය තුල ගමන් කරන්නේ නම් සහ යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහුට එරෙහි වන්නේ නම් සාතන් ඔබට එරෙහිව බල රහිත වේ.

නිසැකවම ඔහුගේ පරාජය ගැන ඔබ දැනගන්නවාට සාතන් කැමති නැත. එනිසයි ඒ ගැන බොහෝ කාලයකට ඔබට දැන ගැනීමට ඉඩ නොතබා ඔබව වළක් වන්නේ. බොහෝ දේශකයන්ව ඔහුගේ පරාජය ගැන දේශනා කිරීමෙන් වළක්වා ඇත්තේ එබැවිනි. සාතන්ව ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් කුරුසියේ දී පරාජය කරන ලද බව ඔබ සැවොම පැහැදිලිව දැන ගැනීම මට අවශ්‍යය. නැවත කිසිදා ඔබ සාතන් ගැන බියවිය යුතු නැත. ඔහුට, ඔබට කරදර කළ නොහැකියි. ඔහුට ඔබට අනතුරක් කිරීමට බැරිය. ඔහු ඔබව පරික්‍ෂා කරයි. ඔහු ඔබට පහර දෙන්නට පුලුවන්. නමුත් ඔබ ඔබව යටහත් කරන්නේ නම් දෙවියන්වහන්සේට යටත් වන්නේ නම් උන්වහන්සේගේ ආලෝකය තුල සැම වෙලේම ගමන් කරන්නේ නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සැම විටම ඔහුට එරෙහිව ඔබව ජයග්‍රාහකයෙක් කරවනු ඇත.