WFTW Body: 

එළිදරව් පොතේ දී ඇති දර්ෂණ 7 හි සෑම එකකම, ස්වර්ගයේ වැසියන් නොනවත්වා උස් හඬකින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම - සමහර අවස්ථාවල ගිගුරුම් හඬ මෙන් සහ ගංගාවල ගර්ජනාවන් ලෙසින්ද - අප දකින්නෙමු. මෙය කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් නොමැතිව අඛණ්ඩ ප්‍රශංසාවකි- ස්වර්ගයේ වාතාවරණය මෙය වේ. ශුද්ධාත්මයාණන් විසින් අප හදවත් වලට, අප නිවෙස් වලට සහ එලෙසම අප සභාවන් වලටද ගෙන ඒමට අපේක්‍ෂා කරන වාතාවරණය මෙයයි. සාතන්ව මෙම සියළු ස්ථාන වලින් පලවා හැරිය හැකි වන්නේ මෙලෙසයි.

ස්වර්ගයේ ලක්‍ෂණයන්ගෙන් එකක් එළිදරව් 4: 10 දක්නට ලැබේ. එහිදී වැඩිමහල්ලන් "දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුන්ගේ ඔටුනු ගලවා පහත හෙළීම" අප කියවනු ලබන්නෙමු. ස්වර්ගයෙහි යේසුස් වහන්සේ හැර වෙන කිසිවකුගේ හිසමත ඔටුන්නක් නැත. එහිදී ඉතිරි අප සියලු දෙනා සාමාන්‍යය සහෝදර සහෝදරියන් වන්නෙමු. ස්වර්ගයේදී විශේෂ සහෝදරයන් හෝ සහෝදරියන් නැත. සභාව තුළ විශේෂ සහෝදරයන් හෝ සහෝදරියන් වීමට බලාපොරොත්තුවන අය සභාවට නිරයේ වාතාවරණය ගෙන ඒ. අප පියාණන් ඉදිරියේ සිටිනවිට කිසි දෙයක් ගැන පාරට්ටු නොකරන්නෙමු. අප සතුව ඇති සෑම දෙයක්ම අපි උන්වහන්සේ ඉදිරියේ පහත හෙළන්නෙමු. ස්වර්ගයේදී, කිසිවෙකු කිසිවිට ඔහුට අයිති ඕනෑම දෙයක්(ඔහු ලැබූ ඔටුන්න පවා) "මෙය මගේ"යයි නොකියයි. ස්වර්ගීය වාතාවරණය අප සභාවන් තුළ පැතිර යනවිට, අපද යලි කිසිදා අපට අයිතිව ඇති කිසි දෙයක් ගැන "මෙය මගේ"යැයි නොකියනු ඇත. සෑම දෙයක්ම දෙවියන්වහන්සේගේ ලෙසින් සැලකේ, එබැවින් ඒ සියල්ල දේවරාජ්‍යය පොළොවේ පැතිරයාම පිණිස නිදහසේ භාවිතා කිරීම පිණිස ඇත.

ස්වර්ගයේදී දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුවන්නේ කෙසේද? මට කරුණු හතරක් සඳහන් කිරීමට ඉඩ දෙන්න. සියල්ලට පළමුව උන්වහන්සේගේ ආඥාවන් උදෙසා දේවදූතයන් නිරන්තරයෙන් දෙවියන්වහන්සේ කෙරෙහි බලා සිටී. පළමුව දෙවියන්වහන්සේ කථා කරන තුරු ඉවසීමෙන් සිට ඉන්පසු පමණක් ඔවුන්ගේ ක්‍රියාවන් කරන්නෝය. එනිසා අප, "ස්වර්ගයේ මෙන් ඔබගේ කැමැත්ත පොළොවේ ද ඉටු වේවා"(ශු:මතෙව් 6:10) කියා යාඤා කිරීමේ අර්ථය නම්, සියල්ලට පළමුව දෙවියන්වහන්සේට අපට පැවසීමට ඇත්තේ කුමක්දැයි අසා සිටිය යුතු බවයි. දෙවනුව, දෙවියන්වහන්සේ කථා කරනවිට දේවදූතයින් ක්‍ෂණිකව කීකරුවේ. තෙවනුව, දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට යම් දෙයක් ආඥා කරණ විට, එය සම්පූර්ණයෙන් ඉෂඨවේ. අවසානයේ, දේවදූතයන්ගේ කීකරු කම ප්‍රීතියෙන් යුක්තය.

ස්වර්ගයේහි ආශිර්වාද ලත් සහභාගි කමක් ඇත. එහිදී අන් අය කෙරෙහි බලය පැවැත්වීමක් නැත. සෑම අයෙකුම අනෙක් අයගේ සේවකයෙකි. සම්පූර්ණ වෙනස් ආත්මයක් ස්වර්ගයේ ඇත මක්නිසාද දෙවියන්වහන්සේ එහි පියෙකි. උන්වහන්සේ එහිදී ජනතාව ආධිපත්‍යය නොකොට ප්‍රේමයෙන් ඔවුන්ව රැකබලා ගනිමින් ඔවුනට සේවය කරන සේක. අපට පංගුකාර වීමට ඇත්තේ එම ස්වභාවයටයි. අප දැන් විශ්වාස වන්ත වන්නේ නම් ස්වර්ගයේදී අපට ඔටුනු පොරොන්දුවී තිබේ. එහි අර්ථය කුමක්ද? අප එහිදී මිනිසුන්ව පාලනය කරන්නේ යැයි ඉන් අදහස් වන්නේද? නැත, කිසිසේත් නැත. එහි අර්ථය නම් පොළෙවේ සිටින අප සහෝදරයන්ට සේවය කිරීමට අපට ආශාවක් ඇති නමුත් නොයෙකුත් සීමාවන් නිසා එය සම්පූර්ණ ලෙස කිරීමට නොහැකි වූවේ නම් ස්වර්ගයේදී ඒ සීමාවන් සියල්ල පහව ඇති බවත් අපට අන් අයට සම්පූර්ණ ලෙසින් සේවය කළ හැකි බවත් අපට දැනගන්නට ලැබෙනු ඇත. මෙසේ අපගේ හදවතේ ආශාවන් ඉෂ්ඨ වනු ඇත. ස්වර්ගයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා යේසුස්වහන්සේම වනු ඇත, එසේම උන්වහන්සේ සියල්ලන්ගේ ශ්‍රේෂ්ඨතම සේවකයාද වනු ඇත. උන්වහන්සේගේ ආත්මය සදහටම සේවය කිරීමේ ආත්මයක් වනු ඇත. දෙවියන්වහන්සේ විසින් සභාව, ස්වර්ගයේ කුඩා ආදර්ෂයක් ලෙස අන් අයට රසවිඳීම පිණිස පොළොවේ තබා ඇත. ඕනෑම සභාවක ඉතා වටිනාම සහෝදරයා සහ සහෝදරිය නම් ස්වර්ගීය වාතාවරණය සභාවකට ගෙන ඒමට හැකි සහ එම සභාව තුළ සහභාගිත්‍වය ගොඩනැඟිය හැකි අයවේ. එබැවින් එම පුද්ගලයා වැඩිමහල් සහෝදරයින් ගෙන් කෙනෙකු වීම අවශ්‍යම නොවේ. අප සියළු දෙනාටම එවැනි වටිනා සහෝදරයෙකු සහෝදරියෙකු වීමට අවස්ථාව ඇත. සභාවේ සහෝදරයෙකු/ සහෝදරියෙකු ගැන සිතන්න ඕනෑම වේලාවක ඔහු/ ඇය රැස්වීමකට හෝ නිවසකට පැමිණීම හරියට ස්වර්ගයෙන්වූ පිරිසිඳු සුළඟක් කාමරය හරහා හමන්නාසේය. එවැනි පුද්ගලයෙකු මොන තරම් අගනා සහෝදරයෙක්/ සහෝදරියක් ද! ඔහු/ ඇය විනාඩි පහක නැවතීමකට බැහැ දැකීමකට පැමිණියොත් ඔබව නැවුම් වනු ඇත. ස්වර්ගය ඔබේ නිවසට විනාඩි පහකට පැමිණියාක් මෙන් ඔබට දැනෙනු ඇත! ඔහු/ ඇය ඔබට දේශනයක් හෝ ලියවිල්ලෙන් එළිදරව්වේ වචනයක් නොදුන්නා විය හැකියි. නමුත් ඔහු/ ඇය එතරම් පවිත්‍රය. ඔහු/ ඇය නොසන්සුන්වූ හෝ ශෝකාන්විත නොවුන අතර කිසිවෙකුට එරෙහිව කිසි පැමිණිල්ලක්ද නොතිබුණි.