WFTW Body: 

දේවත්වයේ සේවාවන් තුළින් වඩාත්ම අදෘශ්‍යමාන (නොපෙනෙන්නා) වූ සේවාව, ශුද්ධාත්මයාණන්ගේ සේවාව යි. එතුමාණන්ගේ සේවයට පිළිගැනීමකින් හෝ අගය කිරීමකින් (කීර්තියකින්) තොරව, උන්වහන්සේ නිශ්ශබ්ද ව හා නොපෙනෙන්නා සේ ධෛර්යමත් කර උදව් කරයි. මිනිසුන්, පියාණන් වහන්සේ ව සහ යේසුස් වහන්සේ ව පමණක් ප්‍රශංසාව ට පත්කොට, උන්වහන්සේ එයින් (එම සිද්ධියෙන්) නොපෙනී සිටීමෙන් ඉතා සෑහීමට පත්වේ. මොන තරම් අලංකාර සේවාවක් ද. එසේ නම් එවැනි ආත්මයකින් පිරී සිටීමේ අරුථය කුමක්ද? අප උන්වහන්සේ මෙන් අන් අයට කීර්තිය යෑම ගැන සෑහීමට පත්වී, නිශ්‍ශබ්ද ව, නොපෙනී, කීර්තියක් නොලබන, සේවයකට අප සෑහීමට පත්වීම යි, එහි අරුථය විය යුතු වන්නේ. සැබවින්ම අප පිරී සිටින්නේ මෙම ආත්මයෙන් ද? කෙසේ වෙතත් අද දවසේ "ශුද්ධාත්මයෙන් පිරී සිටී යැයි" පවසන බොහෝ දෙනා ක්‍රිස්තියානි වේදිකා මත ඔවුන්ගේ දීමණා භාවිතා කර ඔවුන්ව ම ප්‍රසිද්ධියට පත් කරමින්, ඔවුන්ට ම මුදල් උපයන්න සොයති. මේ සියල්ල ම ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාවක් නොවනමුත් වෙනකක් ය. මේ සෑම ක්‍රියාවක්ම ශුද්ධාත්මයාණන් මෙන් හඟවන වෙනත් ආත්මයන්ගේ ක්‍රියාවන් ය, එනිසා සභාවෙහි අපගේ වගකීම වන්නේ, එවැනි ව්‍යාජ දේ සහ මුළාව නිරාවරණය කිරීම ය.

ඕනෑම සභාවක ඉතාම වටිනා සහෝදරයා හා සහෝදරිය වන්නේ ස්වර්ගී ය වාතාවරණය සභාවක ට ගෙනෙන්න ට හැකි අයවේ.

ස්වර්ගී ය අංගයකින් (ලක්ෂණයකින්) එකක් එළිදරව් 4: 10හි දක්නට ලැබේ. එහිදී "වැඩිමහල්ලන් තම ඔටුණු දෙවියන් වහන්සේ ඉදිරියේ හෙළා දමන ආකාරය" අප කියවන්නෙමු. ස්වර්ගයෙහි යේසුස් වහන්සේ ම පමණක් තම හිස මත ඔටුන්න දරන්නේ මිස, වෙන කෙකු නොව. අපි අන් සෑම දෙනාම එහි සාමාන්‍ය සහෝදර සහෝදරියන්වේ. ස්වර්ගයෙහි විශේෂිත සහෝදරයන් හෝ සහෝදරියන් නැත. සභාවෙහි විශේෂිත සහෝදරයන් හෝ සහෝදරියන් වීමට සොයන අය සභාව තුළට නිරයේ වාතාවරණය (වටපිටාව) ගෙන එන්නේ ය. අප ද, පියාණන් වහන්සේ ඉදිරියේ සිට ගන්නා කළ කිසිවිට කිසි ම දෙයක් ගැන පාරට්ටු කර නොගනිමු. අප සන්තක සියල්ල උන්වහන්සේ ඉදිරියේ හෙළා දමමු. ස්වර්ගයෙහි, තමන්ට ඇති කිසිදෙයක් ගැන, කිසිවිට කිසිවෙකු "මෙය මගේ" යැයි නොපවසයි. (තමන් ලැබූ ඔටුන්න ගැන පවා නොසලකා).

අප සභාවන් තුළ ස්වර්ගී ය වාතාවරණය (ආශ්‍රය) පැතිරෙන්න ට ආරම්භ වනවිට, අපට ඇති දේවල් ගැන අප පවා "මෙය මගේ යැයි" කිසිවිට නොකියන්නේ ය. සියල්ල ම දෙවියන් වහන්සේ ගේ යැයි සලකන අතර දේව රාජ්‍ය පොළොවෙහි නොමිළේ පැතිරීම ට එය ප්‍රයෝජනය සදහා, ලබා දී ඇත.

තමන්ගේ ම වාසිය ට හා තමන් වෙනුවෙන් ම ජීවත්වන සෑම මසුරෙකු ම සහ සෑම ආත්මාර්ථකාමි පුද්ගලයෙකු ම සාතන්ගේ පාලනය යටතේ පවතී. දෙවියන් වහන්සේ ගේ, පොළොවේ මිලියන ගණන් දරුවන් අතර සහභාගිත්වයක් නැතිවීම උන්වහන්සේගේ හදවතට මහත් ශෝකය ගෙන දෙන්න කි. බොහෝ අයට, අන්අය කෙරෙහි තික්තකම පවති. අනික් අය, දෙවියන් වහන්සේ අන් අය තෝරා ගන්නේ නැතුව, තමන්ව ම පමණක් තෝරා ඇතැයි සිතේ මවාගනිමින් තමන්ව ධර්මිෂ්ඨ කරගන්නා වූ පරිසිවරු ය. දෙවියන් වහන්සේ මෙම දරුවන් දෙකොටස ගැනම ශෝකයට පත්වේ - මන්ද මේ සියළු දෙනා, උන්වහන්සේගේ සභාව උදෙසා වූ අභිප්‍රාය නිෂඵලභාවයට පත් කරති.

ඕනෑම සභාවක ඉතාම වටිනා සහෝදරයා හා සහෝදරිය වන්නේ ස්වර්ගී ය වාතාවරණය සභාවක ට ගෙනවිත්, එම සභාවේ සහෝදර සහෝදරියන් සමඟ සහෝදරත්වය ගොඩනැඟිය හැකි අයවේ. එමෙන්ම, මෙය අවශ්‍යයෙන් ම වැඩිමහල් සහෝදරයා විය යුතු ම නැත. අප සියළු දෙනාට ම එවැනි වටිනා සහෝදරයන් සහ සහෝදරියන් වීමට අවස්ථාව ඇත.

සභාවක සහෝදරයෙක් හෝ සහෝදරියෙක් ගැන හිතන්න, ඔහු / ඇය නිවසකට හෝ රැස්වීමකට පැමිණෙන ඕනෑම අවස්ථාවක කාමරය පුරා ස්වර්ගයෙන් පැමිණි පිවිතුරු මඳ සුළඟක් හමන්නා මෙන් වන්නේ නම්. එවැනි අයෙක් මොන තරම් අනර්ඝ සහෝදරයෙක්ද / සහෝදරියක්ද! අඩු තරමින් ඔහු විනාඩි පහකට පමණක් ඔබව බැහැ දැකීමට නවතින්නේ නම්, ඔබ ප්‍රබෝධමත් (සිසිල්භාවයකට පත්) වූවේ යයි ඔබට දැනෙන්නේ ය. ස්වර්ගය, විනාඩි පහකට ඔබේ නිවසට පැමිණු ලෙස ඔබට දැනෙනු ඇත! ඔහු දේශනයක් හෝ ශුද්ධ ලියවිල්ලෙන් එළිදරව්වක් ඔබට නොදුන්නා වන්නට පුළුවන. නමුත් ඔහු එතරම් පවිත්‍ර ය. ඔහු අන් අය කෙරෙහි චෝදනා නොමැති වූ, නොසන්සුන් හෝ මළානික (අධෛර්යමත්) නොවූ කෙනෙකි. එවැනි සහෝදරයෙක් කිසිවිට රැස්වීමක ප්‍රථමයෙන් කථා නොකරන්න ට පුළුවන (බොහෝ අය ට ඒ සදහා ඇති තෘෂණාව ලෙස). සමහර විට ඔහු සෑම රැස්වීමක පහළොස්වෙනියා ලෙස කථා කරත්, එය ද විනාඩි තුනක ට පමණ වූවත්, එහෙත් රැස්වීමෙහි එම කාලය ස්වර්ගී ය විනාඩි තුනක් වන්නේ ය!

ලෝකය කොඳුරන්නන්ගෙන් සහ චෝදනා කරන්නන්ගෙන් පිරී ඇති බැවින්, එවැනි සහෝදරයෙකු මුණගැසීම ඉතාමත් ප්‍රබෝධමත් ය. එය උෂ්ණත්වය අධික, ඇලෙන සුළු දවසක ස්නානය කිරීමක් වැනිය! අප සියල්ලෝම ප්‍රිය කළයුතු වන්නේ මෙවැනි සහෝදරයෙක් / සහෝදරියක් වීමට ය. යේසුස් වහන්සේ එවැනි වූ බැවින්, අපව ද ඒ ආකාරයට ම සෑදීමට උන්වහන්සේ ට අවශ්‍ය ය.