WFTW Body: 

ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණ තිබන්නේ ස්‍වර්‍ගය වාතාවරණය අප හදවත් තුළට ගෙන ඒමටය. පැරණි ගිවිසුම යටතේ ඔවුන්ට තිබිය හැකි වූයේ, අනෙක් මනුෂ්‍ය වර්ගයාගේ ජීවිත හා සසඳන විට ඉතා ධර්මිෂ් ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකි, නීති පමණි. නමුත් අපට දැන් අපව මඟ පෙන්වීම පිණිස දිව්‍යමය නීති වලට වඩා දෙයක් තිබේ, අපගේ ක්‍රියාවන් පාලනය කිරීමට දිව්‍යමය ජීවිතයක් අපට තිබේ. ස්වර්ගය ස්වර්ගයමවේ මන්ද දෙවියන්වහන්සේගේ අභිමුඛය එහිවේ. දෙවියන්වහන්සේ සිටිනා තැන, එතැන ස්වර්ගය තිබේ.

ස්වර්ගය තුළ, ආශිර්වාදලත් සහභාගීකමක් තිබේ. එහිදී අන් අයව පාලනය කිරීමක් නැත, සෑම අයෙකුම අනෙක් අයගේ සේවකයෙකි. ස්වර්ගයට සම්පූර්ණ වෙනස් ආත්මයක් ඇත, මක්නිසාදයත් දෙවියන්වහන්සේ එහි පියාණන්ය. උන්වහන්සේ මිනිසුන් පාලනය නොකරයි නමුත් ප්‍රේමයෙන් ඔවුන්ව රැකබලා ගනිමින් මෙහෙ කරයි. අප පංගුකාර වියයුතු ස්වභාවය එයවේ. අප දැන් විශ්වාසවන්ත නම් අපට ස්වර්ගයේ පොරොන්දුවූ ඔටුනු තිබේ. එහි තේරුම කුමක්ද? එයින් අදහස් කෙරෙන්නේ එසේනම් අප මිනිසුන්ව පාලනය කළයුතුයි යන්නද? නැහැ, කිසිසේත් නැහැ. එයින් අදහස් කෙරෙන්නේ පොළොවේදී සහෝදරයන්ට සේවය කිරීමට ආශාවක් තිබුණාවූ අපට නොයෙකුත් අඩුපාඩු නිසා ඒවා නියමාකාරව කිරීමට නොහැකිවුනත්, ස්වර්ගයේදී ඒ සියළු අඩුපාඩු කම් පහව ගොස් ඇති බව දැනගත හැකි බවයි. මෙලෙස අප හදවත්වල ආශාව සම්පූර්ණ වනු ඇත.

ස්වර්ගයේ ශ්‍රේෂඨතම පුද්ගලයා යේසුස්වහන්සේම වන අතර, එනිසා උන්වහන්සේ සියල්ලන් අතර ශ්‍රේෂඨතම සේවකයා වනු ඇත. උන්වහන්සේගේ ආත්මය සදහටම සේවය කිරීමේ ආත්මයක් වනු ඇත. දෙවියන්වහන්සේ සභාව පොළොව මත තබා ඇත්තේ ස්වර්ගයේ කුඩා අනුරුවක්(ආදර්ශයක්) වීම සඳහාත් අන් අයට එය රස බැලීමටත්ය. එය හරියට බිස්කට් සමාගමක් තම බිස්කට් වලින් කුඩා සාම්පලයක් ඔබ වෙත එවා එය රස බලන මෙන් ඔබගෙන් ඉල්ලා ඔබට ඉන් තව ඕනෑදැයි දැනගන්නවා වැනිය. දෙවියන්වහන්සේ අපවද පොළොවට එවා ඇත්තේ ස්වර්ගීය වටිනාකම් අන් අයට ප්‍රදර්ශනය කිරීමටත් ඒ හේතුවෙන් අන් අයවද උන්වහන්සේ වෙතට ආකර්ෂනය වෙතියි යන අදහසින්ය. අන් අය අපෙන් ලබාගන්නා රස මොනවාද? යේසුස්වහන්සේ පොළොවේ ගමන් කරනවිට මිනිසුන් ස්වර්ගයේ ජීවනය ගැන කුඩා සාම්පලයක් දුටුවෝය සහ රස වින්දෝය. ඔවුන් උන්වහන්සේගේ දයානුකම්පාව දුටුවෝය, අන් අය කෙරෙහි උන්වහන්සේගේ සැලකීම, උන්වහන්සේගේ ශුද්ධකම සහ උන්වහන්සේගේ පරාර්ථකාමී ප්‍රේමය සහ යටහත්කම දුටුවෝය. ස්වර්ගය එවැනිවේ. දෙවියන්වහන්සේ එවැනිවේ - පව්කරුවන් උදෙසා සහ ජීවිතයේදී කඩාවැටුනු අය උදෙසාද දයානුකම්පාවෙන් පිරී ඇත.

ඕනෑම සභාවක ඉතා වටිනාම සහෝදරයා සහ සහෝදරිය නම් ස්වර්ගීය වාතාවරණය සභාවකට ගෙන ඒමට හැකි සහ එම සභාව තුළ සහභාගිත්‍වය ගොඩනැඟිය හැකි අයවේ. එබැවින් එම පුද්ගලයා වැඩිමහල් සහෝදරයින් ගෙන් කෙනෙකු වීම අවශ්‍යම නොවේ. අප සියළු දෙනාටම එවැනි වටිනා සහෝදරයෙකු සහෝදරියෙකු වීමට අවස්ථාව ඇත. සභාවේ සහෝදරයෙකු/සහෝදරියෙකු ගැන සිතන්න ඕනෑම වේලාවක ඔහු/ඇය රැස්වීමකට හෝ නිවසකට පැමිණීම හරියට ස්වර්ගයෙන්වූ පිරිසිඳු සුළඟක් කාමරය හරහා හමන්නාසේය. එවැනි පුද්ගලයෙකු මොන තරම් අගනා සහෝදරයෙක්/සහෝදරියක් ද! ඔහු/ඇය විනාඩි පහක නැවතීමකට බැහැ දැකීමකට පැමිණියොත් ඔබව නැවුම් වනු ඇත. ස්වර්ගය ඔබේ නිවසට විනාඩි පහකට පැමිණියාක් මෙන් ඔබට දැනෙනු ඇත! ඔහු/ ඇය ඔබට දේශනයක් හෝ ලියවිල්ලෙන් එළිදරව්වේ වචනයක් නොදුන්නා විය හැකියි. නමුත් ඔහු/ ඇය එතරම් පවිත්‍රය. ඔහු/ඇය නොසන්සුන්වූ හෝ ශෝකාන්විත නොවුන අතර කිසිවෙකුට එරෙහි පැමිණිලිකාර නොවුණි.

එවැනි සහෝදරයෙකු/ සහෝදරියෙකු රැස්වීමක පළමුවෙන් කථා නොකරන්නට පුළුවන. ඔහු/ ඇය සෑම රැස්වීමකම සමහරවිට පහලොස් වෙනියට කථා කරන්නට පුළුවන එයද විනාඩි තුනකට පමණක් විය හැකියි. නමුත් ඒවාද ස්වර්ගයේ විනාඩි තුනක් වාගේ වන අතර - සවන් දීමට බලා සිටීම වටී!