WFTW Body: 

පැරණි ගිවිසුමෙහි දෙවියන් වහන්සේ එක් එක් ප්‍රොපේතවරයාට සුවිශේෂිත වූ බරක් දෙවියන් වහන්සේ දුන් බව අපට දැකගන්න ට ලැබේ - නමුත් ඔවුන් සියල්ල ම සැළකිලිමත් වූවේ දෙවියන් වහන්සේගේ සෙනඟ අතර ශුද්ධකම නොමැතිකම ගැන ය.

“දෙවියන් වහන්සේ ම ඔබ උදෙසා සැළසුම් කර ඇති බර - උන්වහන්සේ විසින්ම ඔබට දීමට ඉඩ හරින්න.”

දෙවියන් වහන්සේ ඔබ හදවත මත තබන බර සෑමවිටම පාහේ උන්වහන්සේ ඔබ වෙනුවෙන් සැළසුම් කර ඇති දේව සේවාවේ ඇඟවීමකි. එනිසා උන්වහන්සේගෙන් බරක් ලැබීම පිණිස ස්වාමින් වහන්සේ කෙරෙහි ඉවසීමෙන් සිටින්න. ඔබ බරක් නොමැතිව ස්වාමින් වහන්සේට සේවය කරන්නේ නම්, යම් කාලයකට පසු ඔබ ස්වාමින් වහන්සේගේ සේවාව කෙරෙහි මැළි වී (වෙහෙසට පත්වී), අවසානයේ ඔබ බොහෝ විට මුදල් සෙවීමත්, මනුෂ්‍යයින්ගේ ගෞරවය හෝ ලෞකික පහසුව සොයා යනු ඇත. අද දින ස්වාමින් වහන්සේට සේවය කරන බව කියා සිටින බොහෝ දෙනෙකුට තම දේව සේවය සඳහා දී ඇති බරක් නොතිබීම අවාසනාවකි.

දෙවියන් වහන්සේ එක් මනුෂ්‍යයෙකුට ළමුන් අතර සේවය කිරීමට බරක් ද තවත් කෙනෙකුට ඉවැන්ජලිස්ත සේවයක් දිය හැක. ඒත් තවත් අයෙකුට දෙවියන් වහන්සේගේ මිනිසුන්ට ඉගැන්වීමේ බරක් දිය හැක. දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ විවිධ අවයවයන් හට විවිධාකාර බර ලබා දෙයි. අප තවත් අයෙකුගේ සේවාව අනුකරණය කිරීමට තැත් නොකළ යුතු අතර ඔහුගේ බර ගැනීමට උත්සහ නොකළ යුතුය. අන් අයට ඔබගේ බර ගැනීමට බල නොකරන්න; එමෙන්ම කිසිවෙකුට ඔහුගේ බර ඔබට දීමට ඉඩ නොහරින්න. දෙවියන් වහන්සේ ම ඔබ උදෙසා සැළසුම් කර ඇති බර - උන්වහන්සේ විසින්ම ඔබට දීමට ඉඩ හරින්න.

ඔවුන්ගේම විශේෂිත වූ දේව සේවාවට බරක් තබන ලෙස බොහෝ අය මාගෙන් ඉල්ලා ඇත - බොහෝවිට එය ඉවැන්ජලිස්ත සේවාව යි. නමුත් සැමවිටම මම එවැනි පීඩාවන් ප්‍රතික්ෂේප කර ඇත. දෙවියන් වහන්සේ වෙනත් කෙනෙකුට දී ඇති බර දැරීමට මා උනන්දු නොවේ. දෙවියන් වහන්සේ මට නිශ්චිත බරක් දී ඇති අතර මම ඉටු කරන එකම දේව සේවය එය බව මම අධිෂ්ඨාන කරගෙන සිටිමි. ප්‍රොපේතවරුන් කිසිවිට කිසිවෙකුට දෙවියන් වහන්සේ ඔවුනට දුන් සේවාවෙන් සහ බරින් මඟ හැරවීමට ඉඩ හැරියේ නැත.

ඔබට කිසිසේත් කිසිදු බරක් නොමැති නම්, ඔබ දෙවියන් වහන්සේ වෙත ගොස් ඔබට බරක් දෙන මෙන් ඉල්ලා සිටිය යුතුයි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ ඔබ ට ඉටු කිරීමට නිශ්චිත කාර්යයක් ඇති අතර, එය කුමක් දැයි ඔබ දැන සිටිය යුතු ය. බොහෝ දේශකයින් එක් සේවාවකින් තවත් සේවාවකට සැරිසරති - තමන්ට වැඩිම වැටුපක් ගෙවන ඕනෑම ක්‍රිස්තියානි සංවිධානයකට සම්බන්ධ වෙයි.