WFTW Body: 

ඔබ විවිධාකාර පරීක්‍ෂාවන්ට මුහුණ දෙන විට ඒ සියල්ල ප්‍රීතියක් යැයි සළකන මෙන් අපෝස්තුළු යාකොබ්තුමා, යාකොබ් 1: 2 හිසඳහන් කරන්නේය. ඔබගේ ඇදහිල්ල අව්‍යාජ නම්, පරීක්‍ෂාවන්ට මුහුණ දෙන විට ඔබ ප්‍රීති වනු ඇත - මක්නිසාදයත් එය රුපියල් 5,000 නෝට්ටුවක් ස්කෑනරය යට තබා එය සැබෑද නැද්ද යන්න පරික්ෂා කිරීම වැනිය. ඔබ එයට බිය විය යුතු වන්නේ මන්ද? ඔබගේ ඇදහිල්ල ව්‍යාජ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය-ආසනයේදී දැන ගැනීමට වඩා දැන් දැන ගැනීම වඩාත් යෝග්‍ය නොවේ ද? එම නිසා ඔබගේ ඇදහිල්ල අව්‍යාජ ද නැද්ද යන්න ඔබට නිශ්චිතව දැන ගත හැකි වන පරිදි දෙවියන්වහන්සේ දැන් ඔබව යම් පරීක්‍ෂාවන්ට මුහුණ දීමට සැලැස්වීම හොඳය. එබැවින් ප්‍රීතිවන්න ! ඔබ නිවසක් ඉදිකරන්නේ නම්, ඔබ නිවස නිම කිරීමෙන් පසුව භූමිකම්පාවක් පැමිණෙනවාට වඩා අත්තිවාරම දමමින් සිටින විටදී ම පැමිණුනා නම් එය වඩාත් හොඳ නොවේ ද? අත්තිවාරම දුර්වල නම්, ඔබට එය වහාම නිවැරදි කළ හැකි ය. එමෙන්ම, ඔබගේ කිතුණු ජීවිතයේ ආරම්භයේදීම පීඩා තුළින් යෑම හොඳය. “මම ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරමි” යි කියා ඔබට පැවසිය හැකි ය. නමුත් ඔබ සුළු මුදල් අග හිඟයකට පත් වූ විට, කනස්සලු වී චෝදනා කිරීමට පටන් ගනී. සමහර විට ඔබ අසනීප වී දෙවියන් වහන්සේ ගෙන් ප්‍රශ්ණ කිරීමට පටන් ගනීවි. එසේත් නැතිනම්, මිනිසුන් ගෙන් යම් විරුද්ධත්වයක් ඔබට පැමිණ ඔබ අධෛර‍්‍යයට පත්ව ඔබේ ඇදහිල්ල නැති කර ගනී. මේ සියලු පීඩාවලින් ඔබගේ ඇදහිල්ල සැබැවින් ම අව්‍යාජ නොවන බවට ඔබට සනාථ කර යි.

තවද, පරීක්‍ෂාවන් (පීඩා) අප තුළ ඉවසීමේ ගුණාංගය ද ඇති කර යි. අපගේ ඇදහිල්ල සමඟ සැමවිටම අපට ඉවසීම (විඳදරාගැනීම) අවශ්‍ය වේ. මෙම විඳදරාගැනීමට අප තුළ එහි කාර‍්‍යය ඉටු කිරීමට අප ඉඩ හැරියොත්, එය අපව පරිපූර්ණ හා සම්පූර්ණ, කිසිම දෙයක් තුළ හිඟයක් නොමැතිව සිටීම ට පත් කරණු ඇත (යාකොබ් 1: 4). මෙමඅරමුණ සළකා බලන්න - පරිපූර්ණ හා සම්පූර්ණව කිසිම දෙයක් තුළ හිඟයක් නොමැතිව සිටීම. ඔබට එතැනට පැමිණෙන්නට අවශ්‍ය ද? එතැනට පිවිසීමේ මාර්ගය පීඩා තුළින් පමණක්වේ. වෙනත් කිසිම ක්‍රමයක් නොමැත. අපි තවම එතැනට පැමිණ නැති බැවින්, අප තව බොහෝ පීඩා තුළින් ගමන් කළ යුතු ය. මම මාගේ ජීවිතයේ යම් ආත්මික වටිනාකමක් ලබා ඇත් නම්, එය ස්වාමින් වහන්සේ මාව පීඩා තුළින් ගෙනයාම නිසාවෙන්ය. පරිපූර්ණ හා සම්පූර්ණව කිසිම දෙයක් තුළ හිඟයක් නොමැතිව සිටීමේ අරමුණ කරා ළගාවීමට මට තවත් බොහෝ පීඩා තුළින් යා යුතුය. එය අප සැමකෙරෙහි දෙවියන් වහන්සේගේ අරමුණයි. යම් පරීක්‍ෂාවකින් (පීඩාවකින්) ඔබේ ඇදහිල්ල අව්‍යාජ නොවන බව දැනගතහොත් අධෛර‍්‍යයමත් නොවන්න. එය ඔබට පෙන්වීම ගැන දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වන අතර, ඔබට අව්‍යාජ ඇදහිල්ලක් ලබා දෙන ලෙස උන්වහන්සේ ගෙන් ඉල්ලන්න. දෙවියන් වහන්සේ එය ඔබට දෙනු ඇත.

සියලු පරීක්‍ෂාවන්හි (පීඩාවන්හි) අරමුණ “ගින්නෙන් පවිත්‍ර කරන ලද රත්‍රන්” වැනි ඔබේ ඇදහිල්ලේ අව්‍යාජභාවය ඔප්පු කිරීම යැයි අපෝස්තුළු පේතෘස් තුමා, 1 පේතෘස් 1: 7 හි සඳහන් කරන්නේය. ගැඹුරු පොළොවෙන් රත්‍රන් හාරන විට එය පිරිසිදු නොවේ. එය පවිත්‍ර කිරීමට ඇති එකම ක්‍රමය ගින්නට දැමීම යි. සබන් සහ වතුරෙන් ඇතිල්ලීමෙන් ඔබට රත්‍රන් පිරිසිදු කළ නොහැක. එයින් කුණු පමණක් ඉවත් කර යි. නමුත් රත්‍රන් සමඟ මිශ්‍ර වී ඇති ලෝහ ඉවත් කිරීමට නම්, එය ගින්නට දැමිය යුතු ය. එවිට එහි සියලු ලෝහ දිය වී, පිරිසිදු රත්‍රන් පමණක් ඉතුරුවේ. ඔබ අත්විඳින පීඩා ගිනිමය විය හැකිය. එය වේදනාකාරි වන අතර ඔබ ගින්නෙහි සිටින්නාක් මෙන් ඔබට දැණේ. එහි එකම අරමුණ වන්නේ, ඔබේ ජීවිතයේ අපිරිසිදු දේවල් ඉවත් කිරීමයි.

දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සියළුම දරුවන්ට පීඩාවලට (පරීක්‍ෂාවන්ට) මුහුණ දෙන්නට ඉඩ හරින සේක. ඒවා ඔවුන් වෙත එවන්නේ කොයි වේළේ දැයි, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ප්‍රඥාවෙන් හරියටම දන්නා සේක. අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටින විට, දෙවියන් වහන්සේ අපගේ ජීවිතයේ ඉඩ දී ඇති කිසිම පරීක්‍ෂාවකදී (පීඩාවකදී) එකම වැරැද්දක්වත් නොකළ බව අපට වැටහෙණු ඇත. උන්වහන්සේ අපගේ ජීවිතවල ඉඩ දුන් සෑම පරීක්‍ෂාවක්ම අප රත්‍රන් ලෙස පවිත්‍ර කිරීමට බව අප ඒ දවසේ සොයාගනු ඇත. ඔබ එය විශ්වාස කරන්නේ නම්, සැමවිට ම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරණු ඇත. ඔබගේ පීඩා මධ්‍යයේ ඔබට වචනයකින් කිව නොහැකි ප්‍රීතිය ඇති වන අතර - එය ඔබගේ ප්‍රාණය ගැලවීමේ ප්‍රතිඵළය වන්නේ ය. පුරාණයේදී අනාගතවක්තෘවරුන් උත්සහ කළ නමුත් තේරුම් ගැනීමට නොහැකි වූ ගැළවීම මෙයවේ. දේවදූතයන් පවා මේ ගැන සොයා බැලීමට ප්‍රිය කර යි. ( 1 පේතෘස් 1: 12). නමුත් ස්වර්ග රාජ්‍යයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් වහන්සේ දැන් මෙම සුභ-ආරංචිය දේශනා කරණ මිනිසුන් ව ආලේප කර ඇත. එබැවින් අපට එතරම් ආශ්චර්යමත් සුභ-ආරංචියක් ඇති හෙයින් අපට මෙම පරීක්‍ෂාවන්ට (පීඩාවලට) මුහුණ දීමට සිදුව ඇත්තේ සුළු කාලයක් සඳහා පමණක් බැවින් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් අපගේ මණස තියුණු කර ගත යුතු අතර, අප මුහුණ දෙන පීඩාවලින් නොකැළඹී සිටිය යුතු බව පේතෘස් තුමා පවසයි (1 පේතෘස් 1: 13).