WFTW Body: 

නිකම්ම හැරුණු තැනැත්තන් නොව - සෑමතැනකදීම ගෝලයන්ව සාදන්න යැයි යේසුස් වහන්සේ අපට පැවසු සේක. එබැවින් පවිත්‍ර සාක්ෂියක් ලබා ගැනීමට නම්, අපගේ සභාවේ සාමාජිකයෙකු වීමට කැමති සැමට පළමුව ගෝලයෙකු වීමේ කොන්දේසි පැහැදිලිව ඉගැන්විය යුතුය ; එසේම ගෝලයෙකු වීම “අපගේ පෞද්ගලික ජීවිතයට, අපගේ පවුල් ජීවිතයට සහ අපගේ සභා-ජීවිතයට” බලපාන්නේ කෙසේද යන්න අප පැහැදිලිව ඉගැන්විය යුතුය.

පළමුව, යේසුස් වහන්සේ තම ගෝලයෙකු වීමේ අත්‍යවශ්‍ය කොන්දේසි තුන ලබා දුන් ලූක් 14: 26 සිට 33 දක්වා ඉගැන්වීමෙන් අපි ආරම්භ කළ යුතු ය :

1. අපගේ පවුලේ සියළුම සාමාජිකයන්, ඥාතීන් හා සහෝදර සහෝදරියන් ට වඩා යේසුස් වහන්සේට අප ප්‍රේම කළ යුතු ය (ලූක් 14: 26). ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන දේ කිරීමෙන් අපට බාධා කිරීමට ඔවුන් ගෙන් කිසිවෙකුට ඉඩ නොදිය යුතුය.

2. අපගේම ස්ව කැමැත්තට වඩා යේසුස් වහන්සේට අප ප්‍රේම කළ යුතු ය (ලූක් 14: 27 ). අප පරික්ෂාවට පමුණුවන කළ, අපගේ ස්ව කැමැත්ත දිනපතා බොහෝ වාරයක් ප්‍රතික්ෂේප කර කුරුසිපත් කළ යුතුය (ලූක් 9: 23).

3. අප සන්තකව ඇති සියළුම භූමික දේවලට වඩා, අපි යේසුස් වහන්සේට ප්‍රේම කළ යුතු ය (ලූක් 14: 33). බොහෝ භෞතික දේ තබාගැණීමට දෙවියන් වහන්සේ අපිට අවසර දෙන නමුත් ඒ කිසිවකට අපව පාලනය කිරීමට ඉඩ නොතැබිය යුතු ය. ඒ සියල්ලම දෙවියන් වහන්සේගේ දේපළ ලෙස - විවෘත අත්ලක තිබිය යුතුය.

දෙවනුව , කන්ද උඩ දේශනාවේ යේසුස් වහන්සේ ඉගැන්වු හා අනතුරු ඇඟවූ සියල්ලම අපි පුළුල්ව හා පැහැදිලිව විස්තර කළ යුතු යි. යේසුස් වහන්සේ එම දේශනය නිදර්ශන තුනකින් අවසන් කළ සේක (මතෙව් 5, 6 සහ7) :

(a) මෙම දේශනාවේ උන්වහන්සේගේ ඉගැන්වීම් සදාකාල ජීවනයට මඟ පෙන්වන පටු මාර්ගය විස්තර කරයි (මතෙව් 7 : 14).

(b) මෙම දේශනාවේ ඉගැන්වීම වලට කීකරු වීමෙන් පමණක් උන්වහන්සේගේ ගෝලයන් දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ඵළදායි වෘක්ෂ බවට පත්වේ (මතෙව් 7: 16-20).

(c) උන්වහන්සේගේ ගෝලයින්ට, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය, ඔවුන්ගේ පවුල් ජීවිතය සහ, ඔවුන්ගේ සභාව සදාකාලිකව නොසෙල්වෙන අත්තිවාරමක ගොඩනගන්න හැකි වන්නේ, මෙම දේශනාවේ යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ලට ම කීකරු වීමෙන් පමණකි (මතෙව් 7 : 24-27).

තෙවනුව , ශුද්ධාත්මයාණන් වහන්සේ ගෙන් පූර්ණ වී සිටින්නට දෙවියන් වහන්සේව සොයන ලෙස සභාවේ සිටින සෑම කෙනෙකුවම අප දිරිමත් කළ යුතුය - මක්නිසාද අපට අපගේ ශක්තියෙන් ඉහත සඳහන් කළ ප්‍රමිතීන් අනුව ජීවත් වන්නට බැරිය. නමුත් ශුද්ධාත්ම වහන්සේගේ බලයෙන් මෙය කළ හැකිය (ක්‍රියා 1: 8, එපීස 5: 18).

සිව්වනුව, අවිනිෂ්චිත හා දුෂ්ඨ ලෝකයක් මධ්‍යයේ උන්වහන්සේ තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් සොයාගන්නා පිණිස, සෑම ඇදහිළිවන්තයෙකුවම , දෙවියන් වහන්සේ තමන්ගේ ම ස්ව ර් ගික පියා ලෙස දැනගැනීමට , අපි යොමු කළ යුතුය.

පස්වනුව , යේසුස් වහන්සේ ගමන් කළ ආකාරයට ම ඔවුන් සියල්ලට ද ගමන් කිරීමට ඇදහිල්ල ඇතිවන පිණිස (1 යොහාන් 2: 6), යේසුස් වහන්සේව “සියළු දේ තුළ අප මෙන් මවන ලදි(හෙබ්‍රෙව් 2: 17) සහ “ සෑම කාරණයකදී ම අප මෙන් සමානව පරික්ෂාවට ලක්විය ” (හෙබ්‍රෙව් 2: 15) යන ශ්‍රේෂ්ඨ සත්‍යථාවය අප මිනිසුන්ට ඉගැන්විය යුතු ය.

අපි අපගේ සේවය ආරම්භ කරන විට ශුද්ධ ලියවිල්ලේ මෙම වැදගත් සත්‍යථාවයන් අධ්‍යයනය කිරීමට මාස ගණනාවක් ගත කළෙමු. ඉන් පසුව එයින් ඇතිවූ විශිෂ්ඨ ප්‍රතිඵළ අප දුටුවෙමු. ස්වාමින් වහන්සේ උදෙසා නිර්මල සාක්ෂියක් ඇති - නව-ගිවිසුම් සභාවක් ගොඩනැඟිය හැකි වන්නේ එළෙස පමණි.