WFTW Body: 

අපගේ ප්‍රාථමික සහ නිත්‍ය අවශ්‍යතාවය වන්නේ අපගේ අතීතයේ පාපවලට කමාව ලබාගැනීම ය. අපගේ පාපවලට යුතු මුළු වන්දිය (දඬුවම) ගෙවීමෙන් තොරව, වෙන කිසිම ක්‍රමයකින් දෙවියන් වහන්සේ ට අපගේ පාපවල වරදකාරිත්වය (වරදකාර භාවය) ඉවත් කිරීමට නොහැක. "ලේ වැගිරීමක් නැතිව, පව් කමා කිරීමක් ද නැත" (හෙබ්‍රෙව් 9: 22).

“ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් දිනපතා අපව පවිත්‍ර වීම අප හට අවශ්‍යය”.

ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කුරුසියේ දී උන්වහන්සේගේ රුධිරය වැගිරෙව් විට, ඕනෑම කෙනෙකු විසින් මෙතෙක් සිදු කළා වූ සියළුම පාපයක ම කමාව මිළ දී ගත්තේ ය. නමුත් එම කමා කිරීම අපේ ම වන්නේ, අප එය ලබා ගන්නා විට දී පමණය. අපි අවංක ලෙස අපේ පව්වලින් හැරී (පසුතැවී), උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන්වහන්සේ පිරිනමන්නා වූ, කමාව පිළිගනිමු නම්, ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරණකොටගෙන දැන් අපට, අපේ සියලු පාපවලට සමාව ලැබී ඇත්තේ ය.

එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය අපව ධර්මිෂ්ඨ කරන්නේ ය (රෝම 5: 9). මෙය නිකම්ම සමාව ලබා ගන්නවාට වඩා වැඩි යමක් වේ. එය නම්, අප ධර්මිෂ්ඨ (නිර්දෝෂ) යයි ප්‍රකාශ කිරීම ය, හරියට අප, අපේ මුළු ජීවිත කාලයේදීම පව් නොකළා වැනිය. දෙවියන් වහන්සේගේ පොරොන්දුව වන්නේ "උන්වහන්සේ අපගේ පව් තවත් සිහි නොකරන සේක" යන්නය ( හෙබ්‍රෙව් 8: 12 ). එහි අර්ථය නම්, උන්වහන්සේ අප දෙස බලන්නේ අපි කිසිම දිනක පව් නොකළ අය හැටියට ය. ධර්මිෂ්ඨ කරනු ලැබීම යන්නෙහි අර්ථය මෙය වේ. ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ බලය එතරම් ය. ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරණකොටගෙන තමන්ව ධර්මිෂ්ඨ කරනු ලැබුවාය යන සත්‍යය සාතන් විසින් ඇඳහිළිවන්තයින් ගෙන් සඟවා ඇති බැවින් බොහෝ කිතුණුවන් ඔවුන්ගේ අතීතයේ ගත කළ ජීවිතය ගැන සදාතන දෝෂාරෝපණයෙන් ජීවත්වෙති.

ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණ කොටගෙන අප මුදණු ලැබීමුව (1 පේඳුරු 1: 18,19 ). එහි අරුථ නම්, අපව පාපයේ-වහල් වෙළෙඳ පොළෙන් මිළයට ගනු ලැබූ බවය. කල්වාරියේ දී ක්‍රිස්තුස් වහන්සේ හෙළුවා වූ රුධිරය වනාහි, අප තවදුරටත් වහලුන් නොවී නිදහස් ව සිටිම ට, දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ව්‍යවස්ථාවේ ඉල්ලීම් සපුරාලීම ට, ගෙවන්න ට සිදු වූ මිදීමේ මිළයයි. අප නිදහස් ව සිටින පිණිස ඉපඳුනෙ මු. සාතන්ට වත් මනුෂ්‍යයන්ට වත් සදාතන දෝෂාරෝපණයට වත්, වරදකාරිත්වයට වත් බියට වත් පාපයට වත් අප තවදුරටත් වහලුන් විය යුතු නැත.

ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණකොටගෙන අපව දෙවියන් වහන්සේගේ අභිමුඛයට ද ගෙන එනු ලැබුවේ ය (එපීස 2: 13). කිසි මනුෂ්‍යයෙකු ට ලඟාවිය නොහැකි ආලෝකයේ දෙවියන් වහන්සේ වාසය කරන සේක. අපගේ ජීවිතයේ අවසාන ය තෙක් ම උන්වහන්සේගේ අභිමුඛයට පැමිණිය හැකි එකම මාර්ගය වන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරණකොටගෙන පමණි. අප කොපමණ අධිභක්තිමත් වූවත්, දෙවියන් වහන්සේගේ අභිමුඛයට පැමිණිය හැකි වන්නේ, සැමවිටම ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරණකොටගෙන පමණි. බොහෝ ඇඳහිළිවන්තයන් ඔවුන්ගේ හෘද සාක්ෂියට සචේතනික (දැනුවත්) වූ පාපවලින් ජය ගත්තායින් පසු, මෙය අමතක කිරීමෙන්, අවසානයේ දී පරිසිවරුන් බවට පත් වෙති.

කල්වාරි කුරුසිය මත වැගිරෙව් රුධිරය කරණකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ අප සියල්ල ම දෙවියන් වහන්සේ සමඟ සමඟි කරගත් සේක (කොලොස්සි 1: 20). දැන් දෙවියන් වහන්සේ අපහට සතුරෙක් ව නොසිටින සේක. මෙය අපගේ සිත්වල (මනස්වල) තදින්ම අවධාරණය කරගත යුතු සත්‍යයකි. දෙවියන් වහන්සේ ඔවුන් සමඟ අසතු ටෙන් නිතරම රවාගෙන සිටින්නාක් මෙන් හැඟීමෙන්, බොහෝ ඇඳහිළිවතයින් ජිවත් වෙති. මෙය ඇඳහිළිවතයින් ව දෝෂාරෝපණය ට (දණ්ඩනය ට) ගෙනැවිත් ඔවුන්ගේ ආත්මික වර්ධනයට බාධා කිරීමට සැළසුම් කළ, සාතන්ගේ බොරුව වේ. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණකොටගෙන අප දෙවියන් වහන්සේගේ මිත්‍රයන් වී සිටිමු. අප මෙය විශ්වාස නොකරන්නේ නම්, අපගේ ආත්මික ජීවිතයේ කිසි වර්ධනයක් කිසිවිට නොලබන්නේ මු.

අපි ආලෝකයේ ඇවිඳිණු (හැසිරෙමු) නමි, තව ද ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නිරන්තරයෙන් ම අපගේ සියලු පාපවලින් අප පවිත්‍ර කරන්නේ ය (1 යොහාන් 1: 7). ආලෝකයේ ඇවිදීම යනු හෘද සාක්ෂියට සචේතනික (දැනුවත්) වූ සෑම පාපයක් ම ජයගෙන ජීවත්වීම ය. නමුත් දැනුවත් වූ පාප ජයගෙන අප ජීවත් වුවද අප සෑමදෙනා තුළම තවමත් නොදැනුවත් වූ පාප බොහෝ තිබෙන්නේ ය. "අපට පාපය නැතැයි කියමු නම්, අපි අපවම රවටා ගනිමුව"යි තවදුරටත් යොහාන් තුමා මෙසේ පවසන්නේ ඒ නිසාය. (1 යොහාන් 1: 8).

අප හෘද සාක්ෂියට සචේතනික නොවූ, පාපයේ යෙදෙන්නේ අප හට මාංශයක් තිබෙන නිසා නොව, නමුත් අප බොහෝ වර්ෂ ගණන් අපගේ හෘද සාක්ෂියට සචේතනික (දැනුවත්) වූ, අපගේ හැරවීම (පරිවර්ථනය) ට පෙර හා පසු ජීවත් වූ ආත්මාර්ථකාමී කම නිසාය. අපහට තියෙන්නා වූ, මාංශය ම, යේසුස් වහන්සේට ද තිබුණේ ය. නමුත් උන්වහන්සේ කිසිවිට ආත්මාර්ථකාමී කමෙන් ජීවත් නොවූ බැවින්, උන්වහන්සේ එක් වතාවක් වත් පව් කළේ නැත. උන්වහන්සේ තුළ කිසිදු පාපයක් නොතිබූ සේක (1 යොහාන් 3: 5).

අපගේ හෘද සාක්ෂියට සචේතනික නොවූ පාප (ආරම්භයේ දී, අපගේ සියලුම පාපවලින් 90% පමණ මෙහි අඩංගු වේ) පියාණන් වහන්සේ සමඟ නොකැළැල් සහභාගිකමෙහි, අපට නිරන්තරයෙන් පැවැත්විය හැකි වන පිණිස, ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණකොටගෙන නිරන්තරයෙන් ම පවිත්‍ර කරන්නේ ය.

සාතන් හා ඌගේ චෝදනා ද අප ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණකොටගෙන ජයග්‍රහණය කරන්නේ ය (එළිදරව් 12: 11). සාතන්, අපව දෙවියන් වහන්සේට, අන් මනුෂ්‍යයන්ට හා අපට ද නිරන්තරයෙන් චෝදනා කරන්නේ ය. නමුත් සාතන්ගේ චෝදනා අපට ජයග්‍රහණය කළ හැකි වන්නේ, අප හට පව් කමාව දී ඇති බවත්, ධර්මිෂ්ඨ කර ඇති බවත්, මුදවා ඇති බවත්, දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගෙනැවිත් ඇති බවත්, දෙවියන් වහන්සේ සමඟ සමගිත්වයට ගෙනැවිත් ඇති බවත්, සහ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණකොටගෙන අපව පවිත්‍ර කිරීමෙන් බවත් පාපොච්චාරණය (“අපගේ වචනයේ සාක්ෂිය ප්‍රකාශ”) කිරීමෙන් ය. සාතන් ට තව දුරටත් අප කෙරෙහි බලය පැවැත්විය නොහැක.

ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් දිනපතා අපව පවිත්‍ර වීම අප හට අවශ්‍යය, මන්ද අප සියල්ල ම හෘද සාක්ෂියට සචේතනික නොවූ පව්කරති, තව ද බොහෝ ඇඳහිළිවන්තයින් හෘද සාක්ෂියට සචේතනිකත් (දැනුවත් ව) නිරන්තරයෙන් පව් කරති.