කර්තෘ :   සැක් පූනන් වර්ග :   සභාව
WFTW Body: 

පාවුලුතුමා එපීස කිතුණුවන්ට ලිවූ ලිපියේ කේන්ද්‍රගත වී ඇත්තේ ඇදහිළිවන්තයින් ක්‍රිස්තුස් වහන්සේ තුළ එක ශරීරයක් වීම යන ශ්‍රේෂ්ඨ සත්‍ය වටා ය. ක්‍රිස්තුස් වහන්සේ සභාවෙහි හිස වන අතර සභාව උන්වහන්සේගේ ශරීරය යි (එපීස 1: 22,23). සෑම ඇදහිළීවන්තයෙකු ම මෙම ශරීරයේ අවයවයකි. එපීසයට ලියුන ලද ලිපියේ පළමු භාගය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය පිළිබඳ මූලධර්මය (මත වාදය) හා සම්බන්ධවේ. ලිපියේ දෙවන භාගය මෙම සත්‍යයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳ වේ. දෙවන භාගය ආරම්භ වන්නේ මෙලෙස ය: “එබැවින්........ නුඹලා කැඳවනු ලැබූ කැඳවීමට ඔබින ලෙස සියළු යටහත්කමින් ද මෘදුකමින් ද ප්‍රේමයෙන් එකිනෙකා කෙරෙහි ඉවසිලිවන්තකමින් දරාගෙන ප්‍රේමයේ බැඳීමෙන් ශුද්ධාත්මයාණන් තුළ එක්සිත්කම රැකගන්නට උත්සුක වන්න.... (මන්ද අප සියල්ලෝම) එක් ශරීරයක අවයවයන්‍ ය” (එපීස 4: 1-4). වෙනත් වචනයෙන් කිවහොත්, සභාව, ක්‍රිස්තුස් වහන්සේ තුළ එක් ශරීරයක් ය යන මෙම සත්‍යථාවය, යමෙක් දැන ගත් හා “දුටු කළ,” ඔහු තම සෙසු-සහෝදරයින් සමඟ යටහත්කමින්, මෘදුකමින්, ඉවසිලිමත්කමින්, දරාගෙන යෑමෙන්, ප්‍රේමයෙන්, සහ එක්සිත්භාවයෙන් හා සමඟියෙන් ගමන් කිරීමට උත්සුක විය යුතු ය. කිතුණුවකු මෙළෙස ගමන් නොකරන විට, එයින් ඇඟවෙන්නේ ඔහු ක්‍රිස්තු ශරීරය දැක නැති බව යි.

“දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රඥාවෙහි අප විශ්වාස කරන්නේ නම්, දෙවියන් වහන්සේ අප එක් එක් කෙනාට දිය යුතු වඩාත්ම යෝග්‍ය දීමණාව කුමක් ද කියා දන්නා බව අප හඳුනා ගන්නෙමු.”

කොරින්ති සභාවට පාවුලුතුමා ලියුවේ, “නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන අතර එහි එක් එක් අවයවයන් ය” (1 කොරින්ති 12: 27). අතීත, වර්ථමාන හා අනාගත ඇදහිළිවන්තයින් ගෙන් සමන්විත වූ ලොවපුරා ක්‍රිස්තු ශරීරයෙහි, පළමු සියවසේ කොරින්තියෙහි කිතුණුවන්, සුළු කොටසක් පමණක් වීම සැබෑවකි, නමුත් කෙසේ වෙතත් ඔවුහු කොරින්තියෙහි, එම ශරීරයේ ක්‍රිස්තුස් වහන්සේගේ නියෝජනයක් ලෙස ප්‍රකාශවීමක් විය යුතුව තිබුණි. මෙය සෑම යුගයකම සහ ස්ථානයකම සිටින සෑම ඇදහිළිවන්ත කණ්ඩායමක ගේම කැඳවීම යි. සෑම කිතුණු සහෝදරත්ව සහභාගිකමක් ම, සභාවක් වේවා, සංවිධානයක් හෝ ක්‍රියාකාරිකයින්ගේ ආයතනයක් වේවා ලෝකයට ක්‍රිස්තු ශරීරයේ දෘෂ්‍යමාන ප්‍රකාශවීමක් විය යුතු ය.

“මම අතක් නොවන නිසා මම ශරීරයේ කොටසක් නොවේ” යැයි පාදය පැවසුවහොත් එය ශරීරයේ නොවැදගත් කොටසක් බවට පත් නොවේ. “මම ඇසක් නොව කණක් පමණක් වූ නිසා මම ශරීරයේ කොටසක් නොවේ” යැයි කණක් පැවසීම ඔබට ඇසුණොත් ඔබ කුමක් සිතන්නේ ද? එය ශරීරයේ නොවැදගත් කොටසක් බවට පත් වේද? මුළු ශරීරය ම ඇසක් වූවේ නම් - එවිට ඔබ අසන්නේ කෙසේ ද? ඔබගේ මුළු ශරීරයම එක් ලොකු කණක් වූවේ නම්, ඔබ ට ඕනෑම දෙයක සුවඳ දැනෙන්නේ කෙසේ ද? නමුත් දෙවියන් වහන්සේ අපව එසේ සෑදුවේ නැත. උන්වහන්සේ අපගේ ශරීරයට බොහෝ අවයවයන් සාදා, එම සෑම අවයවයක් ම උන්වහන්සේට අවශ්‍ය ස්ථානයේ රඳවා තැබූ සේක. මුළු ශරීරයම එක් කොටසක් පමණක් වූවේ නම්, එය මොන තරම් අමුතු දෙයක් වේවි ද! එබැවින් උන්වහන්සේ බොහෝ කොටස් සාදා ඇත, නමුත් තවමත් ඇත්තේ එකම ශරීරය කි” (1 කොරින්ති 12: 15-20 Living Bible).

ක්‍රිස්තු ශරීරයේ සිටින අන් අය සමඟ අපව සංසන්දනය කිරීම සැමවිටම හානිකර ය - යහපත් හෝ අයහපත් වුව ද. එවැනි සැසඳීම් උඬඟුකමට හෝ අධෛර‍්‍යයට හා ඊර්ෂ්‍යාවට පත් කළ හැකිය. පාදය අත සමඟ සැසඳීමට ආරම්භ කරන විට, එය මෙසේ පැවසිය හැක, “අත මෙන් කැපී පෙණෙන කොටසක් මට නැත. සාමාන්‍යයෙන් මම මේස් හා සපත්තුවලින් වැසී පවතී, ශරීරයේ පහත් ම කෙළවරේ පිහිටා, මාගේ පැවැත්තීම කිසිවකු දකින්නේ නැති තරම්. කෙසේ වෙතත් අත සෑම දිනකම අන් අයගේ අවධානයට ලක්වේ. එය බොහෝ විට කුමක් හෝ දෙයක කාර‍්‍යය බහුලව සිටින අතර, බොහෝ විට මා අක්‍රියව පවති.” මෙයාකාරයට සංසන්දනය කිරීමෙන් පසු එය අධෛර‍්‍යයට පත් කිරීමට හා අතක් වෙනුවට පාදයක් බවට පත් කිරීම ගැන දෙවියන් වහන්සේට විරුද්ධව පැමිණිළි කිරීමේ ආත්මයක් වර්ධනය කිරීමට ඇති කෙටි පියවරකි. එවැනි ආත්මයක් බොහෝ ඇදහිළිවන්තයෙකු තම තළෙන්තු වළලා දැමීමට පොළඹවන අතර ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ශක්තිමත් කිරීම හා යහපත සඳහා කිසිවක් නොකරයි. තමන්ට විශිෂ්ඨ (ප්‍රේක්ෂණීය) දීමණාවක් (තළෙන්තුවක්) තිබුණා නම් යයි පතන බොහෝ ඇදහිළිවන්තයින් නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව දුක් විඳී. එවැනි දීමණාවක් නොමැති හෙයින් කිසි දෙයක් නොකරන්නට ඔවුහු තීරණය කරයි.

අපට ක්‍රිස්තු ශරීරය කොයි ආකාරයකින් හෝ දැක ගන්නට හැකි නම්, සහතිකවම ඊර්ෂ්‍යාවට කිසිදු ඉඩක් නොමැත. මිනිස් ශරීරය තුළ පාදයට, නිකම් පාදයක් වීමේ ප්‍රශ්ණයක් නැත. එය පාදයක් මිස වෙන කිසිදෙයක් වීමට ආශා නොකරන අතර අතක් වීමට කිසිවිට සිහිණ මවන්නේ නැත. එය පාදයක් වී සිටීමෙන් සෑහීමකට පත්වේ. එය පාදයක් ව මැවීමේදී දෙවියන් වහන්සේට වැරදීමක් නොවූ බව එය දනී. එය පාදයක් වීම ගැන ප්‍රීතිවේ; හස්තයට (අතට) කළ හැකි දේ දැකීමෙන් හා තමන්ට ඒ සමාන දෙයක් කළ නොහැකි බව දැන සිටියත් එය හා සමාන ම ප්‍රීති වේ. ක්‍රිස්තු ශරීරය “දැක ඇති” සියළු දෙනා අතරේ එසේ ම වේ. ඔබ තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන විට, දෙවියන් වහන්සේ විසින් තවත් කෙනෙකුව බොහෝ සේ පාවිච්චි කරනවා දැකීමෙන් මුළු හදවතින් ම ප්‍රීති විය නොහැකි නම්, මෙම සත්‍යථාවය කිසිසේත් ම දැන ගෙන නැති බව ඉතා පැහැදිලි ය. හිස සමඟ සමීපව ජීවත්වන ඕනෑම අවයවයකට ශරීරයේ වෙනත් අවයවයකට ගෞරවය ලැබෙන විට ප්‍රීති වනු ඇත (1 කොරින්ති 12: 26).

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ එක් සාමාජිකයෙකු සහ තවත් සාමාජිකයෙකු අතර තරඟකාරිත්වයට ඉඩක් නොමැත. සහයෝගිථාවය මිස, තරඟකාරිත්වයක් නොවීම ශරීරයේ නීතිය වේ. තව කෙනෙකු දක්ෂ ලෙස යම් සේවාවක් ඉටු කරන බව ඔබ දැක, ඔබට ඒහා සමානව (හෝ ඊටත් වඩා හොඳට) ඒ දේ කිරීමට හැකි බව ඔබ අන් අයට පෙන්වන්නට ඔබ සැළසුම් කරන්නේ නම්, එවිට මමත්වය තවමත් ඔබගේ ජීවිතයේ නිසැකවම පවති. හිසට යටහත්ව (අවනතව) ඔබ ජීවත් වූවේ නම්, ශරීරයේ කිසිම කෙනෙකු සමඟ ඔබ තරඟ නොකරනු ඇත. ඒ වෙනුවට ඔබගේ ම විශේෂිත සේවාව කිරීමට අවධානය යොමු කර - එය හොඳින් කිරීමට බලයි. දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රඥාවෙහි අප විශ්වාස කරන්නේ නම්, දෙවියන් වහන්සේ අප එක් එක් කෙනාට දිය යුතු වඩාත්ම යෝග්‍ය දීමණාව කුමක් ද කියා දන්නා බව අප හඳුනා ගන්නෙමු. එවිට පැමිණිළි කිරීමක් නොමැත, අධෛර‍්‍යයට පත්වීමක් නොමැත සහ තව කෙනෙකුගේ දීමණාව කෙරෙහි ඊර්ෂ්‍යාවීමක් නොමැත.

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ දෙවියන් වහන්සේ-විසින් නියම කරන ලද විවිධත්වයක් ඇත. ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධව සමබර චිත්‍රයක් ලොවට ඉදිරිපත් කිරීම පිණිස දෙවියන් වහන්සේ අපගේ වෙනස් විවිධ ස්වභාවයන් හා තළෙන්තු භාවිතා කරයි. අප විසින් ම, අප සෑම කෙනෙකුට ම හොඳම ලෙස ඉදිරිපත් කළ හැක්කේ ක්‍රිස්තුස් වහන්සේගේ විකෘති හා අසමබර ප්‍රතිරෑපයක් පමණි. ඕනෑම තනි පුද්ගලයෙකුගේ දේව සේවයට තනිවම කළ හැක්කේ අසමබර කිතුණුවන් බිහි කිරීම පමණී. සභාවෙහි විවිධ අවධාරණයන් හා ස්වභාවයන් ඇති අය සිටීම ගැන අප කොතරම් ස්තූතිවන්ත විය යුතු ද.