WFTW Body: 

දේව වචනය හා යේසුස් වහන්සේ ඉගැන්වූ දෙයට පටහැනිව උගන්වන අය සමඟ අපට කිසිම සහභාගිකමේ සහෝදරත්වයක් තිබිය නොහැක. දෙවියන් වහන්සේ නොමැතිව සමූහයක් සමඟ සිටගන්නවාට වඩා දෙවියන් වහන්සේ සමඟ තනිව සිටගැනීම හොඳය. කිතුණු සමූහය තුළ පොදුවේ බහුතරය වැරදි බව මතක තබාගන්න. දේව වචනයෙන් අපි එය දකින උදාහරණ පහක් පහත සඳහන් කරමුව :

1 බහුතරය වසු පැටවාට නමස්කාර කරන විට ස්වාමීන් වහන්සේගේ පක්‍ෂයට සිටින්නේ කවුරුන්දැයි මෝසෙස් ඇසුවේය. ඔහු සමඟ එකට සිටියේ එක් ගෝත්‍රයක් (ලෙවී) පමණි. එබැවින් ඔවුන්ට පූජක තනතුර ලබා දෙන ලදි ( නික්මයාම පරිච්ඡේද 32, 33). බහුතරය (ගෝත්‍ර 11) වැරදි ය.

2 දෙවියන් වහන්සේගේ ආළේපය ලත් දාවිත්ට පහර දීමට සාවුල් ගත් තීරණය විනාශයකට (මහත් විපතට) තුඩු දුන්නේ ය. සාවුල් සමඟ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බහුතරයක් සිටියේය. නමුත් දෙවියන් වහන්සේ දාවිත් සමඟ සිටී සේක (1 සාමුවෙල් 16 ). පසුව, අබ්සලොම් ද තම පියා වූ දාවිත් පන්නා දැමූ විට ඉශ්‍රායෙල්වරුන්ගෙන් බහුතරයක් ඔහු සමඟ සිටියේය. නමුත් දෙවියන් වහන්සේ දාවිත් සමඟ සිටී සේක ( 2 සාමුවෙල් 15 ).

3 දෙවියන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ දේශය වන කානාන් දේශ සීමාවේ පිහිටි කාදේෂ්- බර්නේය වෙත ඉශ්‍රායෙල්වරු පැමිණි බව ගණන් කථාවේ 13 වැනි පරිච්ඡේදයෙහි අපට පෙනී යයි. ඔවුන් ඊජිප්තුවෙන් පිටවී දැන් අවුරුදු දෙකක් ගත වී තිබුණි ( ද්වීතීය කථාව 2: 14 ), එවිට ගොස් දේශය අත්පත් කරගන්නා ලෙස දෙවියන් වහන්සේ ඔවුන්ට කීසේක. දේශය මැන බැලීමට ඉශ්‍රායෙල්වරු ඔත්තුකරුවන් දොළොස් දෙනෙකුව යැවුවෝය. ඔවුන් දොළොස් දෙනාම ආපසු පැමිණියේ දේශය ඇත්තෙන්ම පුදුමාකාර දේශයක් බව පවසමිනි. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් දහ දෙනෙක් පැවසුවේ, නමුත් එහි දැවැන්ත යෝධයන් සිටින අතර අපට ඔවුන්ව ජයගත නොහැකි බවයි. එහෙත් ඔවුන්ගෙන් දෙදෙනෙකු වන කාලෙබ් හා යෝෂුවා පිළිතුරු දෙමින්, “එම දැවැන්ත යෝධයන්ව පරාජය කිරීමට ස්වාමින් වහන්සේ අපට උපකාර කරාවි” නමුත් 600,000 ඉශ්‍රායෙල්වරු බහුතරයට සවන් දුනි.

මෙයින් අප ඉගෙන ගන්නේ කුමක්ද? පළමුවෙන්ම, බහුතරය අනුගමනය කිරීම භයානක බවය - මක්නිසාද බහුතරය නිරන්තරයෙන්ම වැරදිය. ජීවනයට මාර්ගය පටුය එය සොයාගන්නන් ඉතා සුළු පිරිසකි යැයි යේසුස් වහන්සේ කීසේක. එහෙත්, බහුතරය පුළුල් මාර්ගයේ විනාශය කරා ගමන් කරති. එබැවින් ඔබ බහුතරය අනුගමනය කරන්නේ නම්, ඔබ ඔවුන් සමඟ සහතික ලෙස පුළුල් මාවතේ විනාශය කරා ගමන් කරණු ඇත. බොහෝ සෙනඟ පිරී සභාවක් ආත්මික සභාවක් යැයි කිසි විටෙකත් නොසිතන්න. යේසුස් වහන්සේගේ සභාවේ සිටියේ සාමාජිකයින් 11 දෙනෙකු පමණි.

නායකයින් දස දෙනෙක් එක් දෙයක් පවසන විට සහ දෙදෙනෙකු ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දේ පවසන විට, ඔබ ගන්නේ කාගේ පැත්තද? මෙහි දෙවියන් වහන්සේ සිටියේ යෝෂුවා සහ කාලෙබ්ගේ පැත්තේය. අවිශ්වාසය සහ සාතන් අනෙක් දස දෙනාගේ පැත්තේ සිටියහ. එහෙත් ඉශ්‍රායෙලිතයන් මෝඩ ලෙස බහුතරය අනුගමනය කළහ - ඊළග අවුරුදු 38 ටම ඔවුන්ට වනාන්තරයේ සැරිසැරීමට සිදු වූයේ එබැවිනි. දෙවියන් වහන්සේ සිටින්නේ කාගේ පැත්තේ දැයි බැලීමට ඔවුන්ට ආත්ම විමසීමේ දීමනාව (විචාර බුද්ධිය) නොතිබුණි! දෙවියන් වහන්සේ සහ එක් පුද්ගලයෙක් සෑමවිටම බහුතරයක් වන අතර මට සැමවිටම සිට ගැනීමට අවශ්‍ය වන්නේ එතැනිනි. නික්මයාම 32 හි සියලු ඉශ්‍රායෙල්වරු රන් වසු පැටවාට නමස්කාර කරමින් සිටින විට, දෙවියන් වහන්සේ එක් මිනිසෙකු වූ මෝසෙස්ගේ පැත්තේ සිටී බව අපට පෙනේ. නමුත් එකළ ගෝත්‍ර දොළොස් දෙනාගෙන් එය දැකගත හැකි වූවේ ලෙවී ගෝත්‍රයට පමණි. එහෙත් දැන් දෙවියන් වහන්සේ යෝෂුවා සහ කාලෙබ් සමඟ සිටින විට ලෙවී ගෝත්‍රයට පවා එය හඳුනාගත නොහැකි විය.

මේ සියල්ලෙහිම අද අපට පාඩම් තිබේ. පොදුවේ, කිතුණු සමූහය හුදෙක් ලාභය පිණිස සත්‍යය අතපසු කර සමගි සම්මුතියක හා ලෞකිකත්වයෙන් පිරී සිටින්නෝ වෙති. දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍යථාවය වෙනුවෙන් කිසිදු මධ්‍ය ප්‍රතිපදාවක් නොදරන කිහිප දෙනෙකු අතනින් මෙතනින් දෙවියන් වහන්සේ නැඟිටුවන සේක. ඔබට ආත්ම විමසීමේ දීමනාව තිබේ නම්, දෙවියන් වහන්සේ එම ස්වල්ප දෙනා සමඟ සිටින බව ඔබ වටහා ගනු ඇති අතර, ඔබ ඔවුන් සමඟ බහුතරයකට එරෙහිව නැඟී සිටිනු ඇත. ඔබ ඔවුන් සමඟ පොරොන්දු දේශයට ඇතුළු වනු ඇත. දෙවියන් වහන්සේ සමඟ නැඟී සිටින මිනිසා ඔබ හදුනා ගන්නේ කෙසේද? ඔහු කථා කරන්නේ ඇදහිල්ලේ භාෂාව යි. යෝෂුවා හා කාලෙබ් ඇදහිල්ලේ භාෂාව කථා කළෝය : “අපට ජයගත හැකියි.” කෝපය, කාම තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, මැසිවිලි පාද යට පොඩි කරනු ඇත. දෙවියන් වහන්සේ සමඟ නැඟී සිටින මනුෂ්‍යයාගේ භාෂාව එයයි. නැඟීම වැනි යෝධයන් අපට ජයගත හැකිය. අපට සාතන්ව පරාජය කළ හැකිය. දෙවියන් වහන්සේ ඌව අපගේ පාද යට පොඩි කරනු ඇත. දෙවියන් වහන්සේ සමඟ නැඟී සිටින මනුෂ්‍යයාගේ භාෂාව එය යි.

4 යේසුස් වහන්සේ පොළොවට පැමිණි විට උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට යුදෙව්වන් ගත් තීරණය නිසා අවුරුදු 1900 කට ආසන්න කාලයක් ඔවුන් විසිරී සිටියෝය. බහුතරය සිටියේ යුදෙව්වන් හා පරිසිවරුන් සමඟය. නමුත් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සමඟ සිටි අතර උන්වහන්සේව මළවුන්ගෙන් උත්ථාන කළ සේක.

5 පාවුලුතුමාගේ මිතුරන් බහුතරයක් ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී ඔහුව අතහැරියෝය. නමුත් ස්වාමින් වහන්සේ පාවුලුතුමා සමඟ අවසානය දක්වා සිටී සේක ( 2 තිමෝති 1: 15, 4: 16-18 ).