WFTW Body: 

ශු: ලූක් ඔහු ලියූ පොත් දෙකෙහි ශුද්ධාත්මයාණන්ගේ සේවය ගැන බොහෝ දේ කතා කරයි. සත්‍යය වශයෙන්ම මෙය ඔහුගේ ප්‍රධාන අවධාරණයන්ගෙන් එකකි. මෙම සුභාරංචිය තුළ මේ උදාහාරණ දෙස බලමු.

යොහාන් බෞතිස්ථ මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය. ( ශු:ලූක්1:15). මරියා කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණෙනසේක ( ශු:ලූක් 1:35). එළිසබෙත් සහ සකරියා ශුද්ධාත්මයෙන් පිරී සිටියෝය ( ශු:ලූක් 1:41,67). සිමියොන් තමන් මත ශුද්ධාත්මය ඇතුව සිටි අතර, ඔහු ශුද්ධාත්මයෙන් එළිදරව්වක් ලැබ ආත්මයාණන්ගේ මග පෙන්වීමෙන් දේවමාළිගාවට යවනු ලැබීය ( ශු:ලූක් 2:25-27). යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරනසේක ( ශු:ලූක්3:16). යේසුස්වහන්සේ තමන්වහන්සේ බෞතිස්මය ලබනවිට යාඤා කරමින් සිටිසේක(නිසැකවම ශුද්ධාත්ම ආලේපය බලාපොරොත්තුවෙන් වියහැක) එවිට ශුද්ධාත්මයාණන් උන්වහන්සේ වෙතට ක්‍ෂණයකින් පතිතවුණි ( ශු:ලූක් 3:21,22). යේසුස්වහන්සේ ශුද්ධාත්මයෙන් පිරීසිටි අතර ආත්මයාණන් කරණකොට ගෙන වනාන්තරයට ගෙනයනු ලැබූසේම ආත්මයාණන්ගේ බලය තුළ නැවත පැමිණුනි(ශු:ලූක් 4:1,14). ශුද්ධාත්මයාණන් තමන් කෙරෙහිවූ බව උන්වහන්සේ ප්‍රකාශ කළසේක( ශු:ලූක් 4:18). ශුද්ධාත්මය ඉල්ලූ සියල්ලන්ට උන්වහන්සේව දෙනු ලැබීය (ශු:ලූක් 11:13). ශුද්ධාත්මයාණන්ගේ බලය උදෙසා රැඳී සිටින ලෙස යේසුස්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට අණ කළ සේක (ශු:ලූක් 24:49).

අපෝස්තුළු වරුන්ගේ ක්‍රියා පොත තුළ, ලූක් තුමා 50 වතාවකට වඩා ශුද්ධාත්මයාණන් ගැන සඳහන් කරයි. ලූක් නිසැකවම ආත්මයෙන් පිරුණු මිනිසෙකු වූ අතර ශුද්ධාත්මයාණන්ගේ දීමනාව තුළින් කළ හැකි මෙම නව ගිවිසුම් ජීවිතය ගැන උද්‍යෝගිමත්ව සිටියේය. ඔහු මෙන් උනන්දුවූ තව කොපමණ කිතුනුවන් සිටී වී දැයි මම කල්පනා කරමි. අලුත් ගිවිසුමේ පළමු පොත් පහ තුළ සෑම එකකම ආරම්භයේදී ශුද්ධාත්මයාණන් තුළ බෞතිස්මය ගැන සඳහන්වේ. මෙය අලුත් ගිවිසුම් යුගය තුළ ශුද්ධාත්මයාණන්ගේ සේවයේ මහත්වූ වැදගත් කම ගැන අපට උගන්වයි. ඉතිං යක්‍ෂයා යම් දෙයක් ව්‍යාජ ලෙස කරන්නට සිටින්නේ නම්, ඒ ශුද්ධාත්මයාණන්ගේ බෞතිස්මය වනු ඇත; එමෙන්ම ඒ බොහෝ ව්‍යාජ දේවල් අද දවසේ අප දකින්නෙමු.

ඇදහිළිවන්තයින් කිසිදා ශුද්ධාත්මයෙන් බෞතිස්මය නොලබන බවට සහතික කිරීමට යක්‍ෂයා ක්‍රියා කරන්නේ කොහොමද? පළමුවෙන්ම, ඔවුන්ගෙන් සමහරෙකුට ශාරීරික හෝ චිත්තවේගීය අත්දැකීමක් ලබා දීමෙන්. ඔවුනට පාපය ජය ගැණීමට සහ දෙවියන්වහන්සේට සේවය කිරීමට බලය නැත. නමුත් ඔවුන් ශුද්ධාත්ම බෞතිස්මය ලබා ඇති බවට සාතන් සහතික ලෙස දැනගැණීමට සලස්වයි. එවැනි ඇදහිලිවන්තයින් නැවත කිසිදා ශුද්ධාත්ම බෞතිමය බලාපොරොත්තු නොවෙයි, මක්නිසාද ඔවුන් දැනටමත් එය ලබා ඇති බවට ඒත්තු ගෙන සිටී. මෙවැනි ක්‍රිස්තියානී අය මිලියන ගණනක් සෑම තැනකම ඇත. ඔවුන් පාපයෙන් පරාජිතව ඇත, මුදල් වලට ආශා වෙමින් ලෝකය උදෙසා ජීවත්වේ. නමුත් ඔවුන් "අන්භාෂා" යැයි කියමින් සමහර නොතේරෙන වචන මාත්‍රාවන් කතා කරන අතර අසාමාන්‍යයවූ භෞතික සහ දර්ෂන අත්දැකීම් ප්‍රකාශ කරයි. දෙවනුව, සාතන්, තවත් ඇදහිලිවන්තයන් කොටසක් (ශුද්ධාත්ම බව්තීස්මය පිළිබඳව මූලධර්ම අතින් ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ සිටින) මෙම පැහැදිලි ව්‍යාජයන්ට එරෙහිව ප්‍රතිචාර දක්වමින් ශුද්ධාත්ම බව්තීස්මයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටීමට සලස්වයි. මෙලෙස ඔහු මෙම කණ්ඩායම් දෙක තුලම(මෙයට ඇදහිලිවන්තයින් අති විශාල බහුතරයක් අඩංගුවේ) සාර්තකවී ඔවුන් කිසිදා අව්‍යාජවූ දේව බලය සහ ශුද්ධාත්මයාණන් තුළ බෞතිස්මය නොලබන බවට සහතික කරගනී. ප්‍රවේසම් වන්න මෙම කණ්ඩායම් දෙකම මගහරින්න.

යොහාන් ඔහුගේ මවගේ ගර්භයේ සිටම ශුද්ධාත්මයෙන් පිරී සිටියේ කොහොමද? ගර්භයේ සිටි දරුවෙකු ලෙස ඔහු ආත්මයාණන් බලාපොරොත්තුවෙන් සිටියේද? යම් අයෙකු ගර්භය ඇතුලත සිටි ඔහුට යාඤා කිරීමට අනුශාසනා කලාද? නැහැ. දෙවියන්වහන්සේ ඔහුව පිරෙව්වා. ඔබව ශුද්ධාත්මයෙන් පිරවීම දෙවියන්වහන්සේගේ කාර්‍යයකි. අප උන්වහන්සේට යටත් වන්නේ නම් උන්වහන්සේ අපව පුරවනු ඇත. මෙන්න ඔබව ඇදහිල්ලෙහි උනන්දු කරන්නාවූ දෙයක් : දෙවියන්වහන්සේට මවකගේ ගර්භය තුළ සිටින අසරණ දරුවෙකු ශුද්ධාත්මයෙන් පිරවීමට හැකිනම් ඇයි ඔබව පිරවීමට උන්වහන්සේට නොහැකි? කිසිදු බාල ව්‍යාජ දෙයකින් සෑහීමට පත් නොවන්න. මම තරුණ මනුශ්‍යයෙකුව සිටියදී මම කිසිදු ව්‍යාජ දෙයකින් සෑහීමට පත් නොවන බව සහ අවශ්‍ය නම් අව්‍යාජ අත්දැකීම ලබා ගැණීම පිණිස අවුරුදු දහයක් ඉවසීමට සූදානම් බව ස්වාමින්වහන්සේට පැවසුවා. එය වටිනා ඉවසීමක්. ඔබ අව්‍යාජව ශුද්ධාත්මයෙන් බෞතිස්ම ලැබූවිට, එය ඔබගේ මුළු ජීවිත ගමනම වෙනස් කරයි. යොහාන් ශුද්ධාත්මයෙන් පිරුණු විට, ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ උත්තමයෙකු බවට පත්විය ( ශු:ලූක් 1:15). අප වෙනුවෙන් ද ආත්මයාණන්ට කිරීමට අවශ්‍ය වන්නේ මෙයයි - මනුශ්‍යයන්ගේ ඇස් හමුවේ නොව දෙවියන්වහන්සේඉදිරියේ උතුම් වීමයි